‘අපිට ප්‍රශ්න තිබෙන බව ඇත්ත. ජා ඇල ආසනේ, කටාන ආසනේ, මිනුවන්ගොඩ ආසනේ හැමතැනම අපේ පක්ෂය තුළ යම් යම් ප්‍රශ්න තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයේ අඩුම තරමේ මයිල් ගහක්වත් හොල්ලන්න කිසිම කෙනෙක් බිහිවෙලා නැහැ‘ යැයි වැඩ බලන ධීවර ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා කීවේය.
ඔහු එසේ පැවසුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසින් සංවිධානය කළ රැස්වීමක් අමතමිනි. එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දීම මෙහි අරමුණ විය.
පස්වරු 2.30 ට පමණ පමණ ඇරඹි මෙම රැස්වීමට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාබති ප්‍රසන්න වික්‍රමසුරිය මහතා ඇතුලු කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කේටරින් අංශයේ සේවක සේවිකාවෝ රැසක් පැමිණ සිටියහ.
මෙහිදී ගුවන්තොටුපොළ නිදහස් සේවක සංගමයේ සභාපති එම්.ඩබ්ලිව්.බී මුහන්දිරම්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, පදනම් ආයතනයේ සභාපති මහාචාර්ය රංජිත් බංඩාර, මිනුවන්ගොඩ නගරාධිපති අලහාකෝන් යන මහත්ම මහත්මීහු සභාව ඇමතූහ.
වැඩිදුරටත් අදහස් පැවසු වැඩබලන අමාත්‍යවරයා මෙසේද පැවසීය.
‘මම කනගාටුවෙනවා මෛත්‍රීපාල සිරිසේන අපේ හිටපු ලේකම්තුමා ගැන. ඔහු මම ආදරය කරපු චරිතයක්. එතුමා අපි දැක්කේ රෙද්ද බැනියම අදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආදරණීය කෙනෙක් හැටියට. ‘
‘චන්ද්‍රිකා බණ්ඩාරණායක කියන්නේ කව්ද කියලා අපි දන්නවා. බණ්ඩාරනායක නාමය විතරක් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දීලා ෆොන්සේකට අත දුන්න අපේ ආදරණීය නායිකාව ඇයයි. ඇගේ වෛරය කියන්නේ එයයි. එදා බණ්ඩාරනායක සමාධිය ළගට ගිහින් මෛත්‍රීලා චන්ද්‍රකාලා මල් පොකුරු තියනවා අපි බලාගෙන හිටියා. මම හිතුවා සිරිමාවෝ මැතිනියයි, බණ්ඩාරකායක මහත්තයයි නැගිටලා මේ කට්ටියට පයින් ගහයි කියලා තොපි තමයි මේ පක්ෂය පාවාදුන්නේ කියා. ‘
‘බණ්ඩාරනායකලා පක්ෂය පාවා දෙනකොට අපේ ජනාධිපතිතුමා කෙලින් හිටියා.‘






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති තුමනි, අපේ දෙමව්පියන්ගේ ස්මාරකය ලඟට අපි කැමති කෙනෙක් මිසක් ඔබතුමා කැමති කෙනෙක් ද එක්ක යන්න ඕන ? (නදී)
ගඩාපි වටේ හිටපු අයත් ඔය වගේ තමයි (නදී)
දැන්ද පක්ෂයේ නිර්මාතෘ මතක් වෙලා තියෙන්නේ ? මෙච්චරකල් ඔය වැදගත් නම තමුන්නාන්සේලාගේ ප්‍රධාන පක්ෂ රැස්වීම් වලවත් ජනතාව ඇමතිමේදිවත් කියවුනේ නැහැ නේද ? පක්ෂ ඉතිහාසය සම්බන්ධව කියවුනේ වෙනින් නම් . දැන් හිටි ගමන් මොකද්ද මේ හැදිච්ච කැක්කුම ? (හේ)
අධිතක්සේරුවත් ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. කරට කර සටනක් ඇති බව පිළිගන්න වෙනවා.(හේ)
කතා කරන්න දෙයක් නැත්නම් කට වහගෙන ඉන්න ඕනේ. නැත්නම් මෝඩ කම පේනවා.(හේ)
දැන්ද පක්ෂයේ සැබෑ නිර්මාතෘ මතක් වෙලා තියෙන්නේ. ? මෙච්චර කල් නිදාගෙනද හිටියේ ඇමතිතුමෝ ? (හේ)
බණඩාරනායක මහත්තයා චන්ද්‍රිකාට ගහන්න තිබුනේ මීට කලින්. ඒ 2005 දී ජනාධිපති අපේක්ෂක කම අනුරට නොදී හිටපු වෙලාවේ. ඒ වෙලාවේ ගහපු නැති කෙනා දැන් ගහවිද ? චන්ද්‍රිකා නෝනට මේවා හොද පාඩම්. (හේ)
පසුගිය කාලයේ ශ්‍රී ල නි ප ය නිර්මාතෘ මැතිඳුන්ට, මේ අයගේ ප්‍රසිද්ධ කතාවක වත් නොතිබුන තැනක් දැන් මොකද මේ ඡන්දෙ කිට්ටුව ලැබිලා තියෙන්නේ. (හේ)
ඡන්දෙන් වෙනසක් විය යුතුයි (නදී)
මොකුත් කියන්න එපා අට වෙනිදාට බලාගනිමු (දී)
කවුරු මොනවා කිවුවත් අතිගරු ජනාධිපතිතුමා දිනනවා. එක වලක්වන්න කාටවත් බැහැ. (ර)
ඇමතිතුමා ඇත්ත කීෆව් මහින්ද මහත්තයගෙ මයිලක්වත් හොලවන්න බයයි කියල (බ)
මතක තියා ගන්න මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් (දී)
අට වෙනිදා බලමු (දී)
මේ අයට මෛත්‍රී ගියාට පස්සේ තමයි පක්ෂයේ නිර්මාතෘ මතක් වුනේ.(හේ)
රට කන්න හොරුත් එක්ක එකතුවෙන්න මට තේරෙන්නේ නැහැ. (නදී)
දැන් කාලේ මයිල් වලින් නෙමේ වැඩ කරන්නේ. මෙට්‍රික් ක්‍රමයට. කට වුට් වලිනුත් දුර කියන්න පුළුවන්. කටුනායක කොළඹ දුර කටඅවුට් 165 කි. (හේ)
බණ්ඩාරනායක මහත්තයා පක්ෂය හැදුවට ඡන්දෙ දුන්නේ රටේ මිනිස්සු .පක්ෂයකට ඔප්පුවක් නෑ.ඕනේ කෙනෙක්ට ඉන්න පුළුවන්. (හේ)
ඔබ තුමාලා කියන දේවල් අහපුවම හරිම පුදුම හිතෙනවා. ඔය කඩේ යන ගමන් කියවෙන දේවල්. හොදට ඇස් ඇරලා ලෝකය දිහා බලල කතා කරන්න. (නදී)
මහින්දගෙ මවිල් හොල්ලන්න කාටවත් උවමනාවක් නැහැ ගුණරත්න මත්තයෝ, මේ පවතින පාලනයි වෙනස් වෙන්න ඕනේ, අන්න එක තේරුම් ගන්න බැරි ඔබතුමා තනතුරු වලට මුල අමතක කිරීම ගැන හරිම දුකක්. (ස)
මට නං මේවට හිනා. මෙයාට අපහු ගෝඩ් ෆාදර්ව දාල ටොක්කක් අන්නමුද ? එතකොට ජනපතිව ආපහු මතක් වෙයි (නදී)
අපිත් රැස්වීමට නම් හිටියා. ඒත් අපි ඡන්දෙ දෙන්නේ මෛත්‍රී මහත්තයාට. (නි)
ඔබ තුමාව අපි දැක්කේ මුලින්ම ආණ්ඩුව අත හැර පයින තත්වයෙන්. දැන් මොකද වුණේ ඔබ තුමාගේ ෆයිලුත් තියෙනවද ජනාදිපතිතුමා ගාව (නදී)
ජයවේවා! ජයවේවා! (නි)
පස්වරු 2.30 කියන්නේ රාජකාරි වේලාවේද මේ රැස්වීමට සහභාගී වුනේ ? අනේ අනිච්චන්. තව මොන කතාද. (නදී)
කට්ටිය සන්සුන් වෙන්න මේ අය කියන එ්වා ගණන් ගන්න එපා. (නදී)
මෙයාටත් ලොකු ෆයිල් එකක් ඇති. (නදී)
මුලින්ම තමන්ට වුන දේ ගැන දුක් වෙලා ඉන්න.අනිත් අය ගැන දුක් වෙන්න පුළුවන් ඊට පස්සේ.(හේ)
සද්දේ දාන්න.සද්ද වැඩි තරමට වාසියි. (නි)
මේ පිරිස නම් කලකිරුණු ගතියෙන් ඉන්නේ. බොහොමයකට කටවල් වල බ්රේක් නැහැ. (හේ)
මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට එන්නේ කාගෙවත් මයිල් හොලවන්න නොවෙයි. (ර)
කට්ටියට කෙන්ති ගිහින් (නදී)
බමුණු හරි. මෛත්‍රී මහත්මයා ආවහම මේ අයගේ මයිල් නොනැවතී සෙලවෙයි. (නදී)
තරිදු, අන්න එහෙම එන්නකෝ. ඔයා ලග හිටියනම් සීනි බෝල අහුරක් දානවා කටට. (ර)