සීඑස්එන් නාලිකාවේ හිටපු සභාපති හා හිටපු ජනපතිගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට සිංගප්පුරු ගුවන් තොටුපළින් පිටුවහල් කර ඇතැයි එකාබද්ධ විපක්ෂය කියයි.
ආසියා රූපවාහිනි විකාශනය සඳහා සහභාගී විමට ඔහු සිංගප්පුරුවට ගිය බව කියති. අඟහරුවාද (31) සිංගප්පුරුවට ගිය ඔහු පැය තුනක් තිස්සේ ගුවන් තොටේ රඳවා ප්‍රශ්න කිරිමෙන් පසු පිටුවහල් කර ඇති බව වාර්තා වෙයි.
ඔහු පිටුවහල් කිරිමට හේතුවක් දක්වා නැත. සිඑස්එන් නාලිකාවේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඔහුට ද එරෙහි පරික්ෂණයක් පැවැත්වෙන නමුත් අධිකරණය ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කර නැතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ සැළකිල්ල පේනවා නේද? (නි)
නුඹලාට මතක නැද්ද ඔය කියන යූඑන්පී ආණ්ඩු කාලේ සිදුවූ දේවල්? මහින්ද නොහිටියා නම් මේ කවුරුත් නැහැ. (නි)
සිංගප්පූරුව කියන්නේ ගුවන් තොටුපළවල් අතරින් ලෝකයේ සියලුම ගනයේ ජාවාරම්කරුවන්ට පනින්න ලෙහෙසි පහසු තැනක් නොවේ. අපි නොදන්නා වෙන මොනවාහරි තියෙන්නත් පුළුවන්. (නි)
උපාසක බළල්ලු තමයි මීයෝ දෙන්න ගානේ අල්ලන්නේ. මහින්ද ළඟ හිටිය නිසා ඉතුරුහරිය තේරෙනවා. රටකින් නිකම්ම කෙනෙක් පිටුවහල් කරන්න බැහැ හේතුවක් නැතුව. (නි)
“කරන කලට පව් මීරිය මී සේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ (ම)
පුද්ගලයෙක් වශයෙන් ගතහොත් රොහාන් ඉතා යහපත් මනුෂ්‍යයෙක්. හොඳ මිත්‍රයෙක්. නමුත් මහින්දලා ට සහ තක්කඩි පුතුන් ට ලංව සිටීමේ විපාක මේ දක්ෂ විද්‍යුත් මාධ්‍යය වේදියාට තනියෙන් ගෙවීමට සිදුව තිබෙනවා. (බ)
ලංකාවේ කි දෙනකුගේ රැකියා අහිමි වුනාද . රටෙන් බාගයක්ම හොරකමින් තමයි වැජඹිල තියෙන්නේ දැන් කියනවා මහජනතාව වෙනුවෙන් හිරගෙදරට යන්නත් සුදානම්ලු (බ)