‘රහස් පොලිසිය මගේ බඩු හොයන්න අද වෙනත් ගෙවල්වලට ගිහිල්ලා. මගේ බඩු තියෙන්නේ මගේ ගෙදර. වෙනත් අයගේ ගෙවල්වල මගේ බඩු නැහැ‘ අද (1) කොරතොට පුරාණ පත්තිනි දේවාලයේ බෝධියේ රන්වැට විවෘත කිරීමේ උත්සවයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති එසේ කීවේය.
ඔහු පැය බාගයක් පමණ පමාවී එහි පැමිණියේය. පමාවට හේතුව ලෙස රාජපක්ෂ මහතා පැවසූයේ රහස් පොලිසිය තමන්ගේ බඩු සෙවීමට වෙනත් ගෙවල්වලට යාම ගැන සොයා බැලීමට සිදුවීම බවයි.
‘මට ඕනෑතරම් නින්දා කරන්න. අපහාස කරන්න. හැබැයි රටේ ආරක්ෂාව අනතුරකට පත් කරන්න එපා. හානියක් කරන්න එපා.‘







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි කල් නොගිහින් අපිට මහින්ද රාජපක්ෂ මහත්තයා ඕනෑ වේවි.දැන් රට යන විදිය හරිම භයානකයි. යහපාලනය නිසා අපිට රට නැති වේවි ජය වේවා (දිල්)
දැන් මිනිස්සු කතාකරන්නේ අද ඊයේ ඉපදිලා වගේ. නුඹලාට මතක නැද්ද අවුරුදු තිහක් ප්‍රභාකරන්ට බයේ හිටපු හැටි. මහින්ද රාජපක්ෂ මහත්යා නැත්නම් අද ඉන්න හැටි මට මැවිලා පේනවා. (නි)
දැන් හිතෙනවා අපරාදේ කියලා යුද්ධය අවසන් කළේ (නි)
දැන් මිනිස්සු කතාකරන්නේ අද ඊයේ ඉපදිලා වගේ. නුඹලාට මතක නැද්ද අවුරුදු තිහක් ප්‍රභාකරන්ට බයේ හිටපු හැටි. මහින්ද රාජපක්ෂ මහත්තයා නැත්නම් අද ඉන්න හැටි මට මැවිලා පේනවා.ගරු හිටපු ජනාධිපතිතුමනි, . ඔබතුමාට තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබෙනවා.(දිල්)
දේශපාලනය කරද්දී ඔහොම තමයි මහත්තයෝ. ඔය න්‍යාය ඔබට විතරක් නෙමෙයි සියලුම දෙනාට පොදුයි, දේශපාලනය කරන. (ස)
ඔබතුමා විවේක ගන්නවා කියලා කිවුවා නේද?(නි)
ප්‍රකාෂ්ගේ ප්‍රකාශය හරි . (ස)
මහින්දගේ ජනප්‍රියතාවයට පුදුම බයක්නේ තියෙන්නේ .පව් කියල හිතෙනවා . (ස)
මෙන්න කියලා ඉතුරු කරලා ඇති සාක්ෂි. (නි)
හෙහ් ...හෙහ්...! ඉතින් ලැබිලද? (නි)
අනේ ඇත්තටම එතුමාට පාඩුවේ ඉන්න නොදෙන හැටි! (නි)
මෙහෙම යනකොට කුස්සි අම්මගෙන් අසාවි වලන් කීයක් තිබුනාද?තුනපහ කොච්චර පාවිච්චි කලාද?කී දෙනෙක් කෑමට හිටියාද?කී පාරක් වැසිකිලි ගියාද?ඒවායේ බර කොහොමද?ලැජ්ජයි රනිල්,ලැජ්ජයි සිරිසේන. (ස)
අනේ රටේ සල්ලි කාපු කෙනා බලන්න ඉන්න සෙනග. මෙහෙමත් පිස්සෝ රැලක්. (ස)
යහපාල ඔයාගේ ඔය මහලොකු පර්සි මහත්තය හරි කෙනෙක් නම් කරන්න ඕනේ සාක්ෂි නැති කරන එක නෙමෙයි වැරදි නොකර ඉන්න එක. (ස)
එතුමාට කරන සියලුම නින්දා අපහාසවලට හේතුව මහින්ද භීතිකාවයි. ඔයාලා ඒවායින් හිත කරදර කරගන්නේ නැතුව අනුකම්පා කරන්න. (නි)
ෂෙහාන්, ඉතියෝපියාවේ, ඩුබායි වල ඉන්නව කිව්ව රත්‍රන් අශ්වයෝ පැනල ගිහින්ද -බොරු චෝදනා විතරක්ද? (ස)
එක එක විදිහේ කට කතා ගියා. ලන්බෝහිනි සතියකට කලින් පිටරට පැටෙව්වලු. අරාබියේ පිලිපීනයේ ඩොලර් බිලියන ගණනාවක් පිල්ලි ගැහුවලු. ඕව කරත් අහුවෙන්න කරාවිද? කවදාහරි යන්න වෙන විත්තිය දන්නවනේ. මමනම් හිතන්නේ නැහැ යහපාල මහත්තය කියනවා වගේ කිසිම සාක්ෂියක් ඉතුරු කරලා ඇති කියල. (ස)
පර්සි මහත්තය හොද මොළකාරයෙක්. මම නම් හිත්තන්නේ නැහැ කිසිම දෙයක් හොයාගන්න පුළුවන් විදිහට කරලා ඇති කියල. (ස)
ශෙහාන්ට විතරයි රටේ පිස්සු නැත්තේ. කොහොමත් එතුමාගේ ගුණ කියනකොට විරුද්ධ වාදීන්ට රුස්සන්නේ නැහැ.කොහොමත් පිස්සෝ තමන්ට පිස්සු කියල පිළිගන්නේ නැහැනේ. (ස)
තණ්හාය ජායතිය සෝකෝ. (ම)
ජනාදිපති මහින්දට වඩා දැන් එතුමාට ජනතාව ආදරය කරනවා. එතුමාගේ අගය තේරුම් අරගෙන ජනතාව යහපාලනයේ නීච බොරු වලට රැවටුණු බව තේරුම් අරගෙන අවසන්. ඔබතුමාට තුනුරුවනේ සරණ සහ සියලු දෙවි රැකවරණ ලැබේවා රට වෙනුවෙන්. (ස)
ඇයි දන්නෑ නේ මේතරම් තණ්හාව (ම)
මෙන්න මේ පර්සි ගොයියට දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න දෙන්න . විමල්ටයි , එයාගේ කට්ටියටයි පිස්සු. (ස)
හොරා කවද්ද අහුවෙන්න හොරකම් කරන්නේ. අර වශීබෝලේ මිරිකන එක තාම අත ඇරලා නැහැ වගේ නේද? (ස)
ගරු හිටපු ජනාධිපතිතුමනි, . ඔබතුමාට තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබෙනවා. තිබු අඩුපාඩු හදාගන්න. (ස)
ආරක්ෂාව මදි කියා කියා රට හැමතැනම යන එක නම් ආරක්ෂාවට හොඳ මදි නේද? (ස)
දැන් තමයි නියම ආරක්ෂාව තියෙන්නේ . ඉල්ලන දේ දෙනවනේ. (ම)
හොරා හොරා කියල නින්දා කරන්නේ මේ රට බේර ගත්ත නායකයටයි. හරි හොරකම් කලාම කියමු, රට සංවර්ධනය කලා, අද කාටත් හුස්ම ගන්න පුළුවන් රටක් ඉතුරු කරලා තියෙනවා. දැන් කාටත් අමතක වෙලා රට කලින් තිබුණ විදිහ. යහපලනේ දැන් කාටත් හොඳට තේරෙනවා. (ස)
ඇත්තටම මිනිසුනේ නුඹලාට වැඩ නැතිද මේ ලෙසින් කාලය කාදමන්නේ. (ස)
අපිට නම් තවමත් මහින්ද මහත්තය තමයි ජනාදිපති. කියන දේ මුනටම කියනවා. අපිට යහපාලනය ගැන දැන් ටිකක් මොකද මොකද වගේ.....!! අපි පතන්නේ ඔබතුමා පමණමයි. (ස)
පොදු අපේක්ෂක නඩේ ඉදිරිපත් වුනේ ජනාදිපති ඡන්දෙට. ඒ වුනාට පැරදිච්ච රනිල්ව අගමැති කරලා ආණ්ඩුවක් දුන්න. අන්න එ්ක තමයි යහපාලන කුමන්ත්‍රණය සහ තන්හාව කියන්නේ. (ස)
යහපාලන බයියන්ට නම් මේවා දකිනකොට තමන් ඉන්නේ කොහෙද කරන්නේ මොනවද කියල අමතක වෙනවා .ඉතින් නැට්ට ගිනි ගත්ත වඳුරෝ වගේ දඟලනවා.මහින්ද මහත්තයට හොරු කියන අයට අමතක උනාද දන්නේ නැ පංගුවක් අය ජනධිපති මන්දිරයෙන් යනකොට එකත් හූරගෙන ගිහිල්ල තිබුනා. මන්දිරයේ තිබුණ පංගුවක් පොටෝ හම්බඋනේ ලන්ඩන් වල වෙන්දේසි වලින්. එතකොට හිතා ගන්න පුලුවන් රට කොහම හූරන් කන්න ඇතිද කියලා. (ස)
මහින්ද මහත්තයෝ ඔබගේ වටිනාකම අදට වඩා හෙට වැඩියි. ඔබට තෙරුවන් සරණයි. (ස)
මේ මනුස්සය කරලා තියෙන හොරකම් ටික හෙලිකරගන්න අවුරුද්දක් වත් යයි. මෙයත් එක්ක මෙයාගේ වටේ හිටපු ඔක්කොම හොරු ටිකක්. හැබැයි මෙයාගේ කාලේ වගේ කියන කියන සැරේට නීතියට පිටින් ගිහිල්ල මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්නේ නම් නැති විත්තිය ඇත්ත. මෙයා හිතන් හිටියේ මහරජු කියලනේ. එකම තමා පරදින්න හේතුවුනේ. යුද්දේ ඉවර කරන්න මෙයා විතරක් නෙමේ තව ගොඩක් පාර්ශව දායක වුණා. ඉන්දියාව අපිට කොච්චර උදව් කලාද ප්‍රභාකරන්ව මරල දන්න. අපේ මිනිස්සුන්ට ඒ කිසිම දෙයක් ගැන හැඟීමක් නැතිව මේ මනුස්සයගේ වටේ ඉන්නවා. අධිවේගී මාර්ග හැදුවේ එයාර්පෝර්ට්, වරාය හැදුවේ ණය අරගෙන මිසක් ඉන්වෙස්ට්මන්ට් වලින් නෙමේ. එ්කේ ප්‍රතිපලයක් හැටියට අද ලංකාව චීනෙට විතරක් රුපියල් කොටි 63000ක් ණයවෙලා තියෙනවා. (ස)
මහින්ද මහත්තයෝ, ඔබතුමාට චෝදනා කරන කට්ටියගේ හැටි තේරෙනවා අර 8 ශ්‍රී, 9 ශ්‍රී වාහන හොරකම ගැන කියද්දී, රනිල් අගමැති හැටියට ඉන්දෙද්දී වුන රවී වෙත්තසිංහ බස් හොරකන් කරපුව අහද්දී! සාමාන්‍ය ජනතාව වෙද්දී අපි හදවතින්ම ඔබ සමගයි! (ස)
ගරු හිටපු ජනාධිපතිතුමනි, මෙතෙක් ඉවසුවා වගේ තව ඉවසන්න. ඔබතුමාට තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබෙනවා. තිබු අඩුපාඩු හදාගන්න. (නි)