මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබල පුද්ගලයකු බදාදාට පෙර අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි කියයි.
ඔහුගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ රහස් පොලිසිය කිහිප වරක්ම ප්‍රශ්න කර ඇතැයි ද, ඔහු දේශපාලනඥයකු නොවන බව ද පොලිස් ආරංචි සඳහන් කරයි.
මේ අතර පසුගිය ආණ්ඩු කාලයේ සිදුවීයැයි කියන වංචා කිහිපයක් සම්බන්ධයෙන් තවත් ප්‍රභල දේශපාලකයන් කිහිපදෙනකු ඉදිරි සති කිහිපයේ දී අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇතැයි ද දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන් කියන විදියට මේ ඔක්කොම රට බේරාගත් වීරයෝ. නීතිය හරියට ක්‍රියාත්මක කරන මිනිස්සු තමයි දේශද්‍රෝහියෝ. මේවාට තවදුරත් අදහස් ලියනවට වැඩිය කට බිම උලාගන්න එක හොඳයි. (නි)
ගිහාන්,ගිහින් ඔයා කට බිම උලාගන්න. අපිට වෙන කියන්න දෙයක් නැහැ ඔයාට! (නි)
හොඳයි අපි බලමුකෝ... (නි)
මේ කවුද දන්නෙ නැහැ (නි)
වරදකරුවනට නියත දඩුවම් දිය යුතුය.ඒ දවස් වල කිව මෙගා හොරකන් ගැන අද කතා කරනේ නැ (කේ)
ජයවේවා! (නි)
ගිහාන්, අතින් කරන්න තියෙන වැඩ කටින් කරන්න යන්න එපා. දැන් වෙන්නේ නම් ඒවා තමා. (නි)
පස්සෙන් එළව එළවා පහර දෙන්නේ රටට ආදරේට දුෂණ වංචා හොයන්නද? ඇත්තටම සමහරු රාජපක්ෂ නමටත් බයයි.ජනතාව ගොනාට ඇන්දවීමට බැරි බව කවුරු කවුරුත් දැනගත යුතුයි (නි)
මෙතන තිබෙන ප්‍රශ්නය දුෂිතයෝ අත්අඩංගුවට ගැනීම නෙමෙයි. ඔවුන්ට ඉදිරිපත් කරන චෝදනා වල ඇති විසුළු මුහුණුවරයි. ජනතාව ඇත්ත අවබෝධ කරගත යුතුයි (නි)
මේ අයගේ සැබෑ ඉලක්කය හිටපු ජනපති තුමා සහ හිටපු ආරක්ෂක ලේකම්තුමා තමයි සුමේද. එතකොට එන ජනතා විරෝධයට මුහුණ දෙන්නේ කොහොමද කියලා මුට්ටිය දාලා බලන එකත් මේ අතරම කෙරෙනවා. මේ ඉතින් දුන්නු ජනපති පදවිය වෙනුවෙන් විසිරුණු දෙමළ ජනයාගේත් රටට සතුරු විදෙස් බලවේග වලත් මන දොළ පුරවන්න කරන දේවල් තමයි. (අ)
සිල්වා කියන්නා වගේ බටලන්දේ ඉඳලා අතුරුගිරියේ මිලේනියම් සිටි හරහා සිත් සතොසින් සතොස ගිලපුවා දක්වාත් හොඳට හොයලා බලලා ඊයේ පෙරෙයිදා වෙච්චි මහා බැංකුවේ මහා වංචාවෙන් තමයි සුද්ද කිරීම හමාර කරන්න ඕනා.(අ)
මහින්ද මහත්තයව ගන්න තමයි මේගොල්ලෝ කුරුමා නම් අල්ලන්නේ සුමේද. මේ තාම මුට්ටිය දාල බලනවා විතරයි. (අ)
මට නම් හිතාගන්න පුලුවන් (නි)
දුෂිතයන්ට කොහොමත් බුරුලක් දෙන්නට ඕනෑ නැහැ. අපිට ඕනෑ දුෂණයෙන් තොර මහජන මුදල් හොරකම් නොකරන මැති ඇමතිවරුන් සහ රජයේ සේවකයින් ඉන්න රටක්. ඕවාට අකමැති හොරු තමයි එහෙන් මෙහෙන් සද්දේ දාන්නෙ. බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැනේ. අපි ඔහොම යං. (නි)
ගිහාන්, තනිකරම මේවා දේශපාලන පළිගැනීම්.සිවිල් නඩුවලට අපරාධ නඩු පවරනවා. රට බේරාගත්, අපිට නිදහසේ පාරේ බැහැලා යන්න රට නිදහස් කරලා දුන්න වීරයන් ඔයාට කොහොම වෙතත් අපිට නම් සදාකාලික වීරයන්. (නි)
ලේ නෑයෙක්වද්ද? (නි)
මට නම් හිතාගන්න අමාරුයි (නි)
දැන් රට බේරාගත් අය හොරුද? (නි)
මේ ඔක්කොම හිරේ දාන්නකෝ. නැත්තම් අපිට හරියට නින්ද යන්නේ නැහැ. (නි)
ගිහාන්, ඉතින් කට බිම උලාගන්නකෝ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ චෝදනා කර කර රිමාන්ඩ් කරන එක ගැන. එකක්වත් ඔප්පු කරලා නැහැ. නමුත් චෝදනා කළ ගමන් රිමාන්ඩ්. (නි)
HARIYATA NEETHIYA KRIYATHMAKA KIREEMA KIYANNE. PRASHNA KARA WERADI ETHNAM PAMANAK SIRAGATHA KIREEMAYA. SIDU KARANA LADA WERADI SAKSHI SAHITHAWA PRASIDDA KIREEMAYA (K)
නිතිය සැමට සමාන වී නැති එක තමයි ප්‍රශ්ණය (නදී)
දැන් තමයි හරි විදියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ.(හේ)
තව කී දෙනෙක් අල්ලන්න ඉන්නවද?(හේ)
රට බේරගත්තට ගරු කරන අතරම රටට පාඩුවක් වෙන දෙයක් කරලා තියෙනවා නම් ඒවාට දඩුවම් දෙන්නත් ඕන. (හේ)
දැන් හෙළිවන කරුණු සත්‍ය නම් මේ ගොල්ලන්ට රට බේර ගත් වීරයන් කියන්න බැහැ. එහෙත් මහා මිනිස් ගාතක බෙදුම් වාදියා මරා දැමීමට දේශපාලන සවිය රණවිරුවන්ට ලබා දුන් දේශපාලකයන් කියල නම් කියන්න පුළුවන්. රටේ වීරයන් මෙන් අවසානය දක්වා විසිය හැකිව තිබු කන්ඩායමකට දේශපාලන බල ලෝභය සහ අදික තන්හාව නිසා සිදු වූ දෙයක්. එහෙත් කේ.පි වැනි යුද්දයේ මහ කොටි නායකයන් ගැන තාමත් රජය නිහඬ වන්නේත් එක පිරිසක් පමණක් නිතිය ඉදිරියට ගේන්නෙත් දේශපාලන වාසි ලබා ගැනීමටද ? (නදී)
ද්‍රෝහීන් සහ වීරයන් තීරණය කරන්නේ ඉතිහාසයවේ (නදී)
මුල සිට අගට රටම සුද්ද කරන්න ඕනි නිතිය හරියට ක්‍රියාත්මක උනොත් තමයි රට හැදෙන්නේ. ජනතාවට හරි මග යන්න දැඩි දඩුවම් දෙන්න ඕනි.(නදී)
මහින්දත් ගනී ද ? (නදී)
ගිහාන්, මම අසංකගෙයි දයාන්ගෙයි යෝජනා දෙකම ස්ථිර කරනවා. ඔයා ඉක්මනට ගිහින් කටයි අතයි දෙකම බිම උලාගන්න. කැමති නම් ගලක උලාගත්තත් කමක් නැහැ. (නි)
නිමල් ලලිත, කේපීට සහ කරුණාට සමාවක් දුන්නේ ඒ අයගෙන් රටට ප්‍රයෝජනවත් රහස් තොරතුරු සම්භාරයක් ලබා ගැනීමට හිලව්වටයි. මෙය කවර රටක වුවද යුධමය තත්ත්වයකදී සිදුකෙරෙන සාමාන්‍ය ක්‍රියාපිළිවෙතකි. හැරත් යටගිය දේ කෙසේවුවත් ඉදිරියේදී රටට ප්‍රයෝජනවත් පුරවැසියන් වීමට පිළිණ දුන් ඔවුන්ව පෙර වැරදි නිසා වනසා දැමිය යුතුයැයි සිතන ඔබට අංගුලිමාල කතාව එහෙම නුපුරුදු නැහැ නොවේද? (නි)
දුමින්ද හරි. රටේ වීරයෝ කවුද ද්‍රෝහීන් කවුද කියලා තීරණය කරන්නේ ඉතිහාසය මිසක් ගිහාන්ලා නිමල්ලා ලලිතලා වගේ අය නෙමෙයි. (නි)
මහින්ද මහත්මා සහ ගෝඨාභය මහත්මා එකතුවී රණවිරුවන්ට ජීවය දුන්නා. දැන්වත් කුහකකම නැතුව සැබෑ වීරයින් කවුදැයි කියා තේරුම්ගන්න. (නි)