ගාල්ල ඵෛතිහාසික කොටු පවුර ඉදිරිපිට සමනල ක්‍රීඩාංගණයේ ශ්‍රීලනිප මැයි රැලිය සඳහා වේදිකා තුනක් ඉදිකර ඇත.
සංස්කෘතික සංදර්ශනය සඳහා දැවැන්ත වේදිකාවක්ද ජනපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු ආරාධිතයන් සඳහා තවත් වේදිකාවක් ද එහි ඇත. යහපත් කාලගුණයක් පවතින අතර කැපී පෙනෙන විශේෂ ලක්ෂණයක් වනුයේ ඒකාබද්ධ විපක්ෂය සමග කිරුළපන රැලියට සහභාගී වන මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ පින්තූරයත් සමනල වේදිකාව ආසන්නයේ කටවුට්වල ප්‍රදර්ශනය කැර තිබීමයි.
සෙසු පක්ෂ නායකයන් සමග ඔහුගේ ඡායාරූපය එහි වේදිකාව ආසන්නයේ කටවුට්වල සවිකර ඇත.
ගාල්ල දෙවටින් හා මහමෝදරින් පස්වරු 1ට මැයි පෙළපාළිය ඇරැඹීමට නියමිතය. ගාල්ල නගරය නිල් පැහැයෙන් සරසා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක් හරි තිලක් කවුරු මොනවා කීවත් යුද්දේ අවසන් කරන්න යුද හමුදාවට අණ දීපු හමුදාපතිගේ පින්තූරෙත් හැම තැනින්ම මකල අන්තිමට යුද හමුදාව ජෙනරල් ෆොන්සේකා කෙනෙක් හිටියේ නෑ කියල තිබ්බ කාලෙකුත් තිබුන අපිට මතකයි ඒ විතරක් නම් කමක් නෑ 2005 ඉදල 2009 වෙනකන් හමුදාව හමුදාපති කෙනෙක් නැතුව තිබිල තියෙන්නේ (බ)
මහින්ද කොහෙන් ඉවත්කළත් ජනතා හදවත් වලින් නම් ඉවත්කරන්න ලෙහෙසි නැහැ (නි)
ඹක්කොම බොරුකාරයෝ. අපිව විනාශ කරනවා. මහින්ද හොඳයි රටට. එහෙත් බලයට කෑදර අය බයයි අායේ එයි කියලා. අතීතය සිංහලයින්ට සිහිනයක් පමණයි (නි)
මේවා දකින අපි කොහෙන් හිනාවෙන්නද කියලා තේරෙන්නෙ නැහැ (නි)
කොහොම වුණත් නැවත මහින්දට රට දීලා යන්න වෙන බව මැයි දිනෙන් පසු ගොඩක් දෙනෙකුට තේරේවි. (නි)
කවුරු මොනවා කිව්වත් ගෙවුනු අතීතය වෙනස් කරන්න බැහැනේ. ඵ් නිසා අකමැත්තෙන් හරි ප්‍රදර්ශනය කිරීමට සිදුවෙනවා. (ර)
මහින්ද කියන්නේ ශ්‍රීලනිප කොඳු නාරටිය. (ර)
‘‘ආණ්ඩුව සමග ඉන්න අය එක්ක කොහොමද ආණ්ඩුව විවේචනය කරන්නේ.....? එහෙම අසන්නේ මහින්දය. මහින්ද ගාල්ලේ මැයි දිනයට සහභාගි නොවිමට දැක්වූ ප්‍රධාන හේතුව එය විය. නමුත් එහි යටින් කිබුණේ මෛත්‍රීපාල සමග සිටින පිරිස බිය ගැන්විමය. මාර්තුවේ පැවති ඒකාබද්ධ විපක්ෂ රැස්විමේ අරමුණ ආණ්ඩු කැඩීම නොවීය. මෛත්‍රීපාල බිය වැද්දීමය. මාර්තු ඒකාබද්ධ විපක්ෂ රැස්විමට පෙර සන්ධාන මහා ලේකම් මහින්ද අමරවීර කීවේ කුමක්ද? ගියෝත් බලා ගන්නවා කියාය. රැස්විමට පසුව ලජ්ජාශීලි හිනාවක් නගා සමගිය ගැන කතා කරන්නට විය. (බ)
අද හැමෝටම බලාගත හැකියි (බ)
අපි ගාල්ලට ආවත් අපි මහින්දට (බ)
මහින්ද තමයි ශ්‍රීලනිප කොඳු නාරටිය කැඩුවේ. (බ)
අපි සන්තෝස වෙන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්තෂෙට ප්රජාතන්ත්රවාදී නිදහස ලැබිල තියන එක ගැන. නිදහස් තීරණ ගන්න පුළුවන්. ඔව්, මහින්ද කියන්නේ හිටපු නායකයා. එයා දැන් අනුශාසක කෙනෙක්. එයාගේ පින්තුරෙත් දන්නා ඕන. එ්ක හරි.(බ)
අනේ මෙහෙමත් බංකොලොත් රැළියක් ?හොදටම තේරෙනවනේ මහින්ද මහත්තය නැතිනම් සෙනගක් නැහැ කියල? (බ)
අපි මහින්දට... (ර)
අන්තිමට ගාල්ලත් මහින්දටද? (ර)
මැයි දිනය දේශපාලනකරණය තරයේ හෙළාදකිනවා සියලුම පක්ෂවලට මැයි දිනය තහනම කරනු. (ර)
විය යුතු වෙනස මෙයයි, විරුද්ධ වූ නිසාවෙන් කිසිවෙකුත් ඉතිහාසයෙන් අතුගාදැමිය යුතු නැත. පෙර සමයේ සරත් ෆොන්සේකාට වූවා මෙන් නොවිම පිළිබඳව සතුටු විය යුතුය. (ර)
ශ්‍රී.නි ප මෙන්ම ලංකාවත් රැකුණේ. මහින්ද නිසයි.කවුරු මොනවා කිවත් මහින්ද රාජපක්ෂ සදා නොමියන නායකයෙක්. අපි අදත් හෙටත් එතුමාට ගරු කරනවා. (ර)
අවස්ථාවක් ආවොත් පනින්න සූදානමින් ඉන්න අය කවුද කියලා පෙනෙනවා.... (නි)
මහින්ද වෙනුවෙන් නම් ගාල්ලට යන එකේ තේරුමක් නැහැ. මොකද ඔය ෆොටෝ එක ගහන්නේ මහින්දට අපි සළකනවා කියලා පෙන්නලා මිනිස්සු නම්මාගන්න වෙන්න පුලුවන්. පණ යනකම් මහින්දට ගහන එකනේ එයාලා කරන්නේ...!!! (නි)
මැයි රැලිය යනු කා වෙනුවෙන් කරන දෙයක්ද? මෝඩ ජනතාව දේශපාලකයෝ කරතියාගෙන යාම කවදාවත් නවත්වන්න බැහැ. මේ පාලකයෝ කම්කරුවිරෝධී බව නොදැනීම ඒ අයගේම අභාග්‍යයට කරුණක් (නි)
කම්කරු දිනය පසෙක තබා ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලකයෙක් ඉස්මතු කිරීමට ගන්නා උත්සාහයක් ලෙසයි මම මෙය දකින්නේ (නි)
තවමත් වහල්බාවයෙන් නොමිදුනු කොටසක් සිටිනවා කියා ප්‍රතිචාර වලින් පෙනෙනවා (නි)
ජන මතයේ ප්‍රභලත්වය විද්‍යමාන වන අවස්ථාවකි. පුද්ගලයෙක් දෙන්නෙක් අකමැති වුවත් සමස්ත ජනතාවම පිළිගනීනම් කුමක් කරම්ද? (බ)
මහින්දගේ කාලේ චන්ද්‍රිකාගේ තියා පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතාගේ හෝ එම මැතිනියගේ ෆොටෝ එකක්වත් දකින්න තිබුනේ නැහැ. ඒ වෙනුවට තිබුනේ මහින්දගේ තාත්තගේ සහ අම්මාගේ ෆොටෝ. අතිතයත් ඒ විදිහට හදන්නයි හිතන් හිටියේ (බ)
යූඑන්පී, ජේවීපී, ශ්‍රි ලන්ක, ටීඑන්ඒ හැමෝම තවමත් අලවිකරන්නෙ මහින්ද තමයි. මහින්දගෙන් තොර ලංකාවක් නෑ වගේ!!! (බ)