(විනීතා එම් ගමගේ)
මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු වේතනයෙන් රුපියල් 3000 ක් මාසිකව අඩුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුදලට යන බවත් ඔහු වෙනත් පක්ෂයක සාමාජිකයකු නම් එසේ නිදහස් පක්ෂයට මුදල් යවන්නේ කුමකට දැයි විමසිය යුතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
තමන් දේශපාලනයට පැමිණි පක්ෂයේ සාමාජිකත්වය ආරක්ෂා කරගනිමින් ඕනෑම කෙනෙකුට තවත් දේශපාලන සංවිධාන හා ගනුදෙනු කළ හැකි යැයි පැවසූ සෙනෙවිරත්න මහතා ඊට නීතියෙන් කිසිම අවහිරයක් බාධාවක් නැතැයි ද පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ආ ඔහු තවමත් එහි මන්ත්‍රීවරයෙක් යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාමුසකවරයා ඔහු බවත් සෙනෙවිරත්න මහතා කීය.
පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේ ආණ්ඩු පක්ෂයට තිබෙන වටිනාකම නැතිවී යන ආකාරයෙන් යැයි කී සෙනෙවිරත්න මහතා මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා ලෙස කථානායකවරයා විසින් පිළිගැනීමෙන් පසුවත් සභානායකවරයා විසින් කිසි වැඩකට නැති යෝජනාවක් ගෙන ආ බවත් සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයට ඡන්දයක් ඉල්ලිය නොහැකි නම් එහි හොරණෑව වූ ජනතා විමුක්ති පෙරමුණට හෝ කියා ඡන්දයක් ඉල්ලන්නැයි තමන් යෝජනා කරන බවද සෙනෙවිරත්න මහතා කීය.
ජෝන් සෙනෙවිරත්න මහතා මේ අදහස් පළ කළේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා මධ්‍යස්ථානයේ අද (19) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්රීලනිපය කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත නොවන බවත් ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට එකතුවන කිසිවෙකුටත් තනතුරු නොදෙන බවත් ජනාධිපතිවරයා කියා ඇති බවත් කී අලූත්ගමගේ මහතා එජාපයට සහය දෙන සියලූ දෙනා මේ අවස්ථාවේ කරන්නේ මහා පාවාදීමක් යැයි ද පැවැසීය.
අලූත් ව්‍යවස්ථාවක් ගෙන එන්නට, ඉඩම් පනත සම්මත කරගන්නට, බරපතල ගිවිසුම් ගෙන එන්නට සුදානම් වන රනිල් වික්‍රමසිංහ මහතාට මෙයින් ලැබෙන්නේ සහයක් යැයි පැවසූ මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ධුරයට පැමිණෙනවාට බියෙන් සිටින්නේ හකීම් සම්බන්ධන් හා කිරිඇල්ල යන මහත්වරු යැයි ද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා සිතන හැටියට වෙන පක්ෂයක සාමාජිකත්වය ගත් පසු, ඔහුට ශ්‍රීලනිපයේ සමාජිකත්වය අහිමි වේ. ඒ හැර, ඕනෙම කෙනෙකුට පක්ෂයක සාමාජිකත්වය නොගෙන, ඕනෙම දේශපාලන පක්ෂයට මුදල් පරිත්‍යාග කල හැකියි.
ඒ කාපු ණය ගෙවන්න...
හිටපු ජනපතිගේ පඩි ගෙවන්නේ මෙයාද? පඩි පත යනු අතිශය පුද්ගලික දෙයක් බවවත් නොදැනද මේ කතා කියන්නේ? අනුන්ගේ පඩි පත ගැන නොකියා තමන්ගේ පඩි පත ගැන කතා කළොත් නේද හොඳ?
මේ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සනින් කතානායකතුමා වෙත අද යෝජනාවක් බාරදී තිබෙනවා. මහින්ද නොවැ 11 දා ශ්‍රීලනිපයෙන් ඉවත් වී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් බවට එදා මහින්ද හිතවාදී මාධ්‍ය සියල්ලගේම මුල් පුවත හැටියට ප්‍රචාරය වූ ආකාරය ඔබතුමාලා දකින්න ඇති. මොකද ඒ උත්සවයට ඔබ සියල්ලම සහභාගි වුණා. ව්‍යවස්ථාවේ 99 (13) (a) වගන්තිය අනුව මේ වනවිට මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් පිරිසේ මන්ත්‍රීධුර පවා අහෝසි වී තිබිය යුතුයි. එකී වගන්තිය මෙසේය. "99 (13) (අ) යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ඔහු එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අවස්ථාවේ දී ඔහුගේ නම ඇතුළත් වූයේ යම් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පත්‍රයේ ද ඒ දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ හෝ සාමාජිකයකුව සිටීම, ඉල්ලා අස්වීමෙන් හෝ පහ කිරීමෙන් හෝ අන් හේතුවක් නිසා හෝ නතර වූ අවස්ථාවක, ඔහු එසේ සාමාජිකයකුවසිටීම නතර වූ දින සිට එක් මාසයක කාල සීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස් වන්නේය."ඔබතුමාලා මේක නොදැන කතා කරනවා වෙන්නට බැහැ.
එතුමට පඩිජාති කීයක් ලැබෙනවද?
මේක හරියට කතරගම දේවාලේ පිං කැටේට රුපියල් 3000ක් දාලා කට්ටියම එකතුවෙලා "මේ මිනිස්සු අපේ කෙනාට කපු තනතුර දෙන්නේ නැහැනේ" කියලා නහයෙන් අඬනවා වගේ වැඩක්...
අනේ පව්, අසරණ මහින්ද... කන්න බොන්න වත් සල්ලි තියෙනවද දන්නේ නෑ.
එහෙනම් විපක්ෂ නායකකමටත් කෙලවෙන්නයි යන්නේ වගේ...
මහින්දගේ මන්ත්‍රීධූරයත් ගහලා යන හැඩයි, තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවක් එයි..! ප්‍රීතියි ප්‍රීතියි ප්‍රීතියි ......... දැන් වේත්‍රධාරී කමටවත් ඉල්ලන්න කියන්න.
එයාල උලෙයි පිලෙයි දෙකේම මන්ත්‍රීලා. පොහොට්ටුවේ සාමාජිකයෝ අපිද? ජනතාව රවට්ටන එක ලේසි නෑ.
3000 කියන්නේ සාමාජික මුදල
එහෙනම් ඒක තමයි නීතිය . මේගොල්ලන්ගේ වාසියට තියෙන දේවල් තමයි ලංකාවේ නීතිය .
පුදුමයි මගේ යාලු අනිත් බමුණා මේකට හොම්බ නොදා හිටපු එක.