යුද හමුදාවෙන් විශ්‍රාම ගිය සෙබළුන්ගෙන් සමන්විත රක්නා ලංකා සමාගමේ ලංකා බැංකු ටොරින්ටන් ශාඛාවේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට රහස් පොලිසියට අවසර දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා බැංකු කලමනාකරුට අද නියෝග කළේය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ පිං පොත් මුද්‍රණය කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම ද හවුල් වී රුපියල් ලක්ෂ 25ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් අතට ලාල් "මහින්ද රාජපක්ෂ ලා" පුද්ගලිකව කරපු එක හොරකමක් වත් තවම පෙන්නලා නැහැනේ. (ර)
තමුන්ගේ මට්ටම තම්මැට්ටම් කියනවනේ, දැන්වත් පක්ෂක්ග්‍රාහී නොවී නෙත් විවර කර හරි දේ තේරුම් නොගත්තොත්... (ර)
ලංකාවේ සිංහල ජනයා අවබෝධ කර ගතයුතු කරුණක් තිබෙනවා. අපේ මිනිසුන් අතීතය සහ වර්තමානය ගැන සිතන්නේ නැහැ. එහෙත් සිතන මිනිසුන් කොට්ඨාශයකුත් ඉන්නවා. ඒ උගත් ඉගෙනගත් මිනිසුන් මේ වගේ සොරකම් ගැන සිතන්නේ නැත. අපි ඡන්දය දෙනවිට සිතිය යුතු එක් කරුණක් තිබේ. අපිට එක් නායකයෙක් අවුරුදු 15කට 20කට අවශ්‍ය නැහැ. කවුද සොරකම් නැතුව රටට වැඩ කරන්නේ කියා බලා අපේ මිනිසුන් ඡන්දය දිය යුතු බව අපේ ජනතාව සිතිය යුතුය (නි)
හොරකම් කරලා තියෙන ඒවා ක්‍රමානුකුලව කරලා තියෙන්නේ .ඕනෙම හොරෙක් අහුවෙන්න කරන්නේ නැහැනේ ..(හේ)
සිල් රෙදි වලිනුත් ගහපු අයට ඕවත් වැඩද? (නි)
පින් පොත් වලිනුත් ගහපු කට්ටියනේ අද රටේ ඉන්නේ? (නි)
මේ වගේ සාමන්‍යයෙන් පුංචියි කියලා කියන්න පුළුවන් වංචා හා දුෂණ ගැන පමණක් හොයන්නේ ඇයි කියලා හිතෙනවා. දැන් මේ දෙන්නේ නැහැ කියලා කියපු ඡන්දෙට නාමයෝජනාත් ලැබුනයි කියලා කියනවනේ. මේ රටේ වෙන දේවල් නම් තේරුම් ගන්න හුඟක් අමාරුයි. (නි)
සමහරු වැරැද්ද ඇස් පනාපිටම තියෙද්දී පිළිගන්න කැමති නැහැ (නි)
කව්රු කරත් මේවා අපේ සල්ලි. දෙගොල්ලටම පාඩමක් උගැන්විය යුතු කාලය පැමිණ තිබේ. (ර)
සෙලිනා, නිමාෂා, අනේ ඔයාලා බබාලා! මොකුත්ම නොදන්නා කිරිබොන දරුවෝ වගේ කතා කරන්න එපා. මුළු රටම දන්නා දේවල් ඔයාලා විතරක් දන්නේ නැහැ? හොරු ඇල්ලුවද කියලා කෑගැහුවට , හොරකම් ගැන හොයන්න සාක්කි දෙන්න එන්න කිව්වහම මුළු රටම කුලප්පු කරලා හැංගෙනවා. තමන් නිවැරදි නම් මොකටද සාක්කි දෙන්න බයවෙන්නේ. ඒ නිසා යථාර්ථය පිළිගන්න. කවුරු හොරකම් කළත් ඒක වැරදියි කියලා කියන්න කොන්ද කෙළින් තියාගන්න. (නි)
මේකයි ලාල්, මොන චෝදනා ආවත් තවම එකක්වත් ඔප්පුවෙලා නැහැනේ ඔප්පු කරගන්නයි දඟලන්නේ. තව ටික දවසක් යද්දී තවත් චෝදනා එයි (නි)