මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර අද කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවැති බව දේශපාලන ආරංචි කියයි.
එම සාකච්ඡාවට වෙනත් කිසිවකු සහභාගී වී නැති බවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට නාමයෝජනා දීම ගැන එහි දී සාකච්ඡා වන්නට ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර හිටපු ජනපතිනියගේ උපන් දිනය වෙනුවෙන් අද සවස පහට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ උත්සවයක් පැවැත්වෙන බවත්, ඊට මෛත්‍රීපාල සිරිසේන ජනපති ද ඇරැයුම් ලබා ඇති බවත් කියති.
පසුගිය සිකුරාදා රාත්‍රී මංගල සමරවීර මහතා සංවිධානය කළ සාදයට ජනපති සිරිසේන පැමිණියේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපති ගල් ලෙන බිඳ ඇත. (ර)
චන්ද්‍රිකා කවුද? එයා කවුද තීරණ වලට බලපෑම් කරන්න.(නදී)
දැන් ඉතින් මොනවා අහන්නද? (නි)
සත්‍ය මහත්තයත් එක්ක මං එදා ඉදල වාද කරනවා. මතවාදීව මිසක් වෙන තරහකින් නොවන බව ඔබ තුමා දන්නවා. (ර)
නෝනා,ඔයා මොනවා අහන්නද? (නි)
අපි බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා. (ර)
දැන් කලබලවෙලා වැඩක් නැහැ (නි)
නාමයෝජනා ගැන කවුරුත් ඔතරම් කලබල වෙන්න දෙයක් නැහැ.ජනවාරි 8 වෙනිදා අවශ්‍ය සුදුසුකම් ලැබුන නිසා ඒ යන ගමන අසීරුවෙයි කියලා හිතන්න අමාරුයි. (නි)
ආ! මේ අර අරයා නේද? (නි)
මට හැඟෙන අන්දමට රට පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ජනතාව පෙන්වන බුද්ධිමත් බව දේශපාලනඥයින්ට නැති බවයි. මැතිවරණයකදී ජනතාව කෙසේ හෝ දේශපාලකයින්ව මඩ ගොහොරුවෙන් එළියට ගෙන සෝදා පවිත්‍ර කළත් දින කිහිපයක් තුළ ඔවුන් සැමදෙනාම සුපුරුදු මඩ වළටම පනිනවා. ඒ අතින් බලනකොට ශ්‍රී ලංකාවේ ඡන්දදායකයෝ තරම් අවාසනාවන්ත පිරිසක් ලෝකයේම නැතිතරම් (නි)
රජයේ ඉඩම්වල නීති විරෝදී ලෙස සමහරුන්ව පදිංචි කළා නේද ? (නදී)
ගිය සැරේ ලක්ෂ 58 ක් ඡන්ද ගත්තේ කොහොමද කියලා අපි දන්නවනේ. මෙදා මොනවද දෙන්නේ? හැබැයි නොදුන්නොත් ඡන්දත් අඩුවේවි. (නි)
අහලා අපිටත් කියන්නකෝ. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ. (නදී)
ඡන්දය ඉල්ලනවිටදී මහින්දට විශ්‍රාම ජනපති වරප්‍රසාද තවදුරටත් හිමිවෙනවාද? (නි)
බලයට එන්න අදහසක් නැහැ කිය කියා නැති බලයක් පෙන්නන්න හදනවා. පහුගිය කාලේ මෙයා කොහෙද හිටියේ? (නදී)