IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහින්දගේ නාමයෝජනා ගැන චන්ද්‍රිකා මෛත්‍රීගෙන් අහයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර අද කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවැති බව දේශපාලන ආරංචි කියයි.

එම සාකච්ඡාවට වෙනත් කිසිවකු සහභාගී වී නැති බවත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට නාමයෝජනා දීම ගැන එහි දී සාකච්ඡා වන්නට ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර හිටපු ජනපතිනියගේ උපන් දිනය වෙනුවෙන් අද සවස පහට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ උත්සවයක් පැවැත්වෙන බවත්, ඊට මෛත්‍රීපාල සිරිසේන ජනපති ද ඇරැයුම් ලබා ඇති බවත් කියති.

පසුගිය සිකුරාදා රාත්‍රී මංගල සමරවීර මහතා සංවිධානය කළ සාදයට ජනපති සිරිසේන පැමිණියේ නැත.



අදහස් (0)

මහින්දගේ නාමයෝජනා ගැන චන්ද්‍රිකා මෛත්‍රීගෙන් අහයි?

දුමින්ද Monday, 06 July 2015 05:44 AM

ජනපති ගල් ලෙන බිඳ ඇත. (ර)

:       0       0

සිරා Monday, 06 July 2015 05:53 AM

චන්ද්‍රිකා කවුද? එයා කවුද තීරණ වලට බලපෑම් කරන්න.(නදී)

:       0       0

විජේසුන්දර Sunday, 05 July 2015 03:54 PM

දැන් ඉතින් මොනවා අහන්නද? (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 06 July 2015 06:19 AM

සත්‍ය මහත්තයත් එක්ක මං එදා ඉදල වාද කරනවා. මතවාදීව මිසක් වෙන තරහකින් නොවන බව ඔබ තුමා දන්නවා. (ර)

:       0       0

එරික් Sunday, 05 July 2015 05:14 PM

නෝනා,ඔයා මොනවා අහන්නද? (නි)

:       0       0

ඇසල Monday, 06 July 2015 07:35 AM

අපි බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා. (ර)

:       0       0

චාමර Sunday, 05 July 2015 09:17 PM

දැන් කලබලවෙලා වැඩක් නැහැ (නි)

:       0       0

සත්‍යයා Sunday, 05 July 2015 09:55 PM

නාමයෝජනා ගැන කවුරුත් ඔතරම් කලබල වෙන්න දෙයක් නැහැ.ජනවාරි 8 වෙනිදා අවශ්‍ය සුදුසුකම් ලැබුන නිසා ඒ යන ගමන අසීරුවෙයි කියලා හිතන්න අමාරුයි. (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Monday, 06 July 2015 05:03 PM

ආ! මේ අර අරයා නේද? (නි)

:       0       0

සත්‍යයා Sunday, 05 July 2015 12:09 PM

මට හැඟෙන අන්දමට රට පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ජනතාව පෙන්වන බුද්ධිමත් බව දේශපාලනඥයින්ට නැති බවයි. මැතිවරණයකදී ජනතාව කෙසේ හෝ දේශපාලකයින්ව මඩ ගොහොරුවෙන් එළියට ගෙන සෝදා පවිත්‍ර කළත් දින කිහිපයක් තුළ ඔවුන් සැමදෙනාම සුපුරුදු මඩ වළටම පනිනවා. ඒ අතින් බලනකොට ශ්‍රී ලංකාවේ ඡන්දදායකයෝ තරම් අවාසනාවන්ත පිරිසක් ලෝකයේම නැතිතරම් (නි)

:       0       0

කමල් රාජපක්ෂ Sunday, 05 July 2015 12:25 PM

රජයේ ඉඩම්වල නීති විරෝදී ලෙස සමහරුන්ව පදිංචි කළා නේද ? (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 06 July 2015 02:56 AM

ගිය සැරේ ලක්ෂ 58 ක් ඡන්ද ගත්තේ කොහොමද කියලා අපි දන්නවනේ. මෙදා මොනවද දෙන්නේ? හැබැයි නොදුන්නොත් ඡන්දත් අඩුවේවි. (නි)

:       0       0

සඳුන් Monday, 06 July 2015 03:02 AM

අහලා අපිටත් කියන්නකෝ. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ. (නදී)

:       0       0

විතාන Wednesday, 15 July 2015 11:20 AM

ඡන්දය ඉල්ලනවිටදී මහින්දට විශ්‍රාම ජනපති වරප්‍රසාද තවදුරටත් හිමිවෙනවාද? (නි)

:       0       0

චින්තක Monday, 06 July 2015 04:03 AM

බලයට එන්න අදහසක් නැහැ කිය කියා නැති බලයක් පෙන්නන්න හදනවා. පහුගිය කාලේ මෙයා කොහෙද හිටියේ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site