මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලබන මහ මැතිවරණය තරග කිරීමට සන්ධානයෙන් නාම යෝජනා දෙන්නේද නැද්ද යන්න ගැන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ඇමැති මණ්ඩල ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා පෙරදින නාම යෝජනා පත්‍ර අත්සන් කළා නේදැයි මාධ්‍යවේදින් ඇසූ විට ඇමැතිවරයා පැවසූයේ ජනපති අනුමැතිය දී නැත්නම් නාම යෝජනා අත්සන් කරන්නේ කෙසේද යන්නයි.
ඔහු අත්සන් කළේ නාම යෝජනා බව කියන්නේ කෙසේදැයි ඔහු පෙරළා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළේය. එසේ අත්සන් කරන නාම යෝජනා මැතිවරණ කොමසාරිස්ට බාරනොදී සිටිය නොහැකිද යන ප්‍රශ්නයත් ඔහු මතු කළේය.
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්දගේ නාම යෝජනා ප්‍රශ්නය හතරබීරි කථාවක් වෙයි
විපුල Thursday, 09 July 2015 02:00 PM
දැන් නායකයෝ වැඩිවෙලා (නි)
ලතා Friday, 10 July 2015 04:35 PM
අද දේශපාලකයෝ ජනතාවට විහිළු සපයන්නන් වෙලා (නි)
සිරිපාල Friday, 10 July 2015 06:07 PM
කියනවා නොවෙයි අනේ බයට කියවෙනවා.ඔය කථාවටත් සමහරු සැනසෙනවා. (නි)
මංගලනාත් ලියනආරච්චි Friday, 10 July 2015 12:14 PM
පිස්සුම තමයි.(හේ)
විපුල Friday, 10 July 2015 12:42 PM
මේ අය ගැන අපි බලාගන්නම් (නි)
අබේරත්න-ටෝකියෝ Thursday, 09 July 2015 04:57 PM
සමහරුන්ට තියෙන්නේ මහින්ද භීතිකාව (නි)
ගාල්ලගේ නිසංක Thursday, 09 July 2015 11:14 AM
මේ සේරම අංගොඩ යවන්න ඕනෙ. දොරටුපාලයාට රජකම දීපු අපිට අපිම ගහා ගන්න ඔනෙ.(අ)
අනිල් රෝහණ Thursday, 09 July 2015 11:26 AM
ඔය මොන මොන ප්‍රකාෂෙටත් තව දවස් තුනයි නේද මහත්තයෝ පන තියෙන්නේ (අ)
සුරේන් Friday, 10 July 2015 11:20 PM
දැන්නම් මට මේ ගැන කතාකරන්නත් එපාවෙලා (නි)
රත්නපාල Thursday, 09 July 2015 12:08 PM
අනේ!දැන් ජනතාවට පිස්සු වගෙයි. කොහොමහරි ඡන්දය දීමට නුසුදුසු පුද්ගලයින්ට නාමයෝජනා නොදීම පක්ෂ ලේකම්ලාගේ වගකීමක්. ඒ වගකීම ජනතාවට පවරන්න එපා (නි)
ධම්මික Thursday, 09 July 2015 12:57 PM
මේක පුදුම කතාවක්නේ.අපිට ඇත්ත කියන්නකෝ (නි)
තුෂාර Thursday, 09 July 2015 01:14 PM
මේවා අහලා දැන් මටත් පිස්සු වගේ (නි)
කොඩිකාර Thursday, 09 July 2015 01:16 PM
මොකක්හරි එකක් කියන්නකෝ ඉතින් (නි)
සෙනරත් Friday, 10 July 2015 09:56 AM
ප්‍රභාකරන් හමුදාව අතින් මියගියවෙලාවෙත්, ඔහු තවම හැංගිලා ඉන්නවය, මිය ගියේ ඒ වගේ ආදේශක ප්‍රභාකරන් කෙනෙක්ය කියමින් හිත හදා ගන්නට උත්සාහ කළ ඊළාම්වාදී පිරිසක් ඒ දවස්වලත් හිටියා. නාම යෝජනා අත්සන් කළ හිතේ අමාරුවට ලොක්කෝ කීප දෙනෙක් එල්ලිලා මැරෙයිද දන්නෙත් නැහැ. (ස)
කාරියවසම් Thursday, 09 July 2015 01:36 PM
අපිට නම් දැන් එපාවෙලා මේක. හැමෝම අපිවනේ රවට්ටන්නේ (නි)
නන්දලාල් Friday, 10 July 2015 10:39 AM
හරිම හතර බීරි කතාවක්. මේවා කියවන්නේ අංගොඩ ඉඳල අපු අයද ? මුල්ලේරියාවේ ඉඳල ආපු අයද ? (ස)