මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලබන මහ මැතිවරණය තරග කිරීමට සන්ධානයෙන් නාම යෝජනා දෙන්නේද නැද්ද යන්න ගැන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ඇමැති මණ්ඩල ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා පෙරදින නාම යෝජනා පත්‍ර අත්සන් කළා නේදැයි මාධ්‍යවේදින් ඇසූ විට ඇමැතිවරයා පැවසූයේ ජනපති අනුමැතිය දී නැත්නම් නාම යෝජනා අත්සන් කරන්නේ කෙසේද යන්නයි.
ඔහු අත්සන් කළේ නාම යෝජනා බව කියන්නේ කෙසේදැයි ඔහු පෙරළා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළේය. එසේ අත්සන් කරන නාම යෝජනා මැතිවරණ කොමසාරිස්ට බාරනොදී සිටිය නොහැකිද යන ප්‍රශ්නයත් ඔහු මතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නායකයෝ වැඩිවෙලා (නි)
අද දේශපාලකයෝ ජනතාවට විහිළු සපයන්නන් වෙලා (නි)
කියනවා නොවෙයි අනේ බයට කියවෙනවා.ඔය කථාවටත් සමහරු සැනසෙනවා. (නි)
පිස්සුම තමයි.(හේ)
මේ අය ගැන අපි බලාගන්නම් (නි)
සමහරුන්ට තියෙන්නේ මහින්ද භීතිකාව (නි)
මේ සේරම අංගොඩ යවන්න ඕනෙ. දොරටුපාලයාට රජකම දීපු අපිට අපිම ගහා ගන්න ඔනෙ.(අ)
ඔය මොන මොන ප්‍රකාෂෙටත් තව දවස් තුනයි නේද මහත්තයෝ පන තියෙන්නේ (අ)
දැන්නම් මට මේ ගැන කතාකරන්නත් එපාවෙලා (නි)
අනේ!දැන් ජනතාවට පිස්සු වගෙයි. කොහොමහරි ඡන්දය දීමට නුසුදුසු පුද්ගලයින්ට නාමයෝජනා නොදීම පක්ෂ ලේකම්ලාගේ වගකීමක්. ඒ වගකීම ජනතාවට පවරන්න එපා (නි)
මේක පුදුම කතාවක්නේ.අපිට ඇත්ත කියන්නකෝ (නි)
මේවා අහලා දැන් මටත් පිස්සු වගේ (නි)
මොකක්හරි එකක් කියන්නකෝ ඉතින් (නි)
ප්‍රභාකරන් හමුදාව අතින් මියගියවෙලාවෙත්, ඔහු තවම හැංගිලා ඉන්නවය, මිය ගියේ ඒ වගේ ආදේශක ප්‍රභාකරන් කෙනෙක්ය කියමින් හිත හදා ගන්නට උත්සාහ කළ ඊළාම්වාදී පිරිසක් ඒ දවස්වලත් හිටියා. නාම යෝජනා අත්සන් කළ හිතේ අමාරුවට ලොක්කෝ කීප දෙනෙක් එල්ලිලා මැරෙයිද දන්නෙත් නැහැ. (ස)
අපිට නම් දැන් එපාවෙලා මේක. හැමෝම අපිවනේ රවට්ටන්නේ (නි)
හරිම හතර බීරි කතාවක්. මේවා කියවන්නේ අංගොඩ ඉඳල අපු අයද ? මුල්ලේරියාවේ ඉඳල ආපු අයද ? (ස)