හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිඥවරු දෙදෙනෙක් අද (22) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණියහ.
මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට පැමිණියේ නම් එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට අපකීර්තියක් බව ඔවුහු පැවසූහ. වර්තමාන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරියගේ පත්වීමද අනුමත කළ නොහැකි බවත් ජනපතිවරණය කැඳවා තිබියදී තිස්ස අත්තනායක මහතාට සෞඛ්‍ය ඇමැති ධූරය ලබාදීම ජනපති බලතල යටතේ සිදුකළ බවත් ඔවුහු එහිදී පැවසූහ.
නීතිඥ ඇන්ටන් සේනානායක ඇතුළු මහත්වරු එහිදී මාධ්‍යයට අදහස් දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මොනවා කිවුවත් ශාන් කියන දේ හරි (නි)
මහිනද මහත්තයා කළ දේ වැරදියි කියලා කියන්නෙ ජනාධිපතිවරණ පනත අනුවයි. මැතිවරණයෙදි තමන්ට වාසිවෙන විදියටත්, වෙනත් අපේක්ෂකයෙකුට අවාසි වෙන විදියටත් කරන දේවල් වැරදි විදියට සළකන්න පුළුවන්. නැතුව ජනාධිපති ඇමතිකමක් දීම වරදක් කියලා නෙමෙයි චෝදනා කරලා තියෙන්නෙ (නි)
පාලකයෝ හිතන තරම් ජනතාව මෝඩ නැහැ කියලා පාලකයින්ටම අවබෝධ වුණ දිනක, පාලකයින්ටයි ජනතාවටයි දෙගොල්ලන්ටම එකවර සතුටුවිය හැකි සමයක් උදාවේවි. (නි)
රවිඳුගේ කතාවේ භාගයක් හරි භාගයක් වැරදි. කුමන තරාතිරමක කෙනෙක් හෝ මේ රටේ නීතියට හෝ ව්‍යවස්ථාවට හෝ අනුව කටයුතු නොකරනවා නම්, ඒක බරපතල වැරැද්දක් තමයි. හැබැයි මෙතන වැරැද්ද කරලා තියෙන්නේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළ අල්ලස් කොමසාරිස්වරිය මිසක් හිටපු ජනපතිතුමා නොවෙයි. (ස)
මහින්දට හිතවත් උදවිය ඔහුට කුමන තත්වයක් යටතේ හෝ විශේෂ වරප්‍රසාද ලැබිය යුතුයි කියලා හිතන එක නවත්තන්න අපිට බැහැ. හැබැයි හරියට ආණ්ඩුක්‍රම සහ ව්‍යවස්ථා නීතිය දැනගෙන ඔය තර්ක කරනවා නම් බොහොම හොඳයි. (ර)
රවිඳු සහ ශාන්, මෙතන අල්ලස් කොමසාරිස්ගේ වරද නෙවෙයි වැරදි කියලා බහු වචනයෙන් කතා කළ යුතුයි. ඇය පුරවැසියෙක් හැටියට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම වැරදියි, අල්ලස් කොමසාරිස් හැටියට ඇයට අදාළ පනත යටතේ පැවරී ඇති බලතල ඉක්මවා කටයුතු කිරීම වැරදියි එමෙන් ම තමන්ට ලබා දුන්නු තනතුර ලබා දීමට හිලව්වට ඊට මුල් වුණු අයගේ අවශ්‍යතාවයක් ඉටු කිරීමක් හැටියට ඔහුගේ දේශපාලන සතුරන් දඩයම් කිරීමට තනතුරෙහි බලය අයුතු ලෙස පාවිච්චි කිරීම වැරදියි. පසුව කියූ වරද ඇයගේ ම නිර්වචනය පරිදි පමණක් නොව රටේ නීතියේ හැටියට ද අල්ලස් ලබා ගැනීමක් වෙයි. මේ සියල්ලටම වඩා ඇය එකම වෙලාවේදී පූර්ණ කාලීන රැකියා දෙකක් සඳහා රජයෙන් වැටුප් ලබාගනිමින් කර ඇති වංචාවක් පිළිබඳව පැමිණිල්ලක් ඇය යටතේ ඇති අල්ලස් කොමිසම හමුවේ ඇති බව සැළකු විට මෙම ධුරයෙහි තවදුරටත් රැඳී සිටීමට ඇයට සදාචාරාත්මක අයිතියක් ද නොමැත. (ස)
ඔබ කැමති වුණත් නැතත් අපේ රටේ දැනට බලාත්මකව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකුට ජනාධිපති තනතුරෙහි සිටිමින් ම ජනාධිපති අපෙක්ෂකයකු ලෙසද කටයුතු කිරීමට හැකි ය. එය රටේ නීතියට එකඟ හෙයින් ඔබට එය ප්‍රශ්න කිරීමට නොහැකිය. නාමයෝජනා භාරදුන් දින සිට නව ජනාධිපතිවරයකු පත් වන තෙක් කාලයෙහිදී රට අරාජික වීම වැලැක්වීම මෙමගින් අපේක්ෂා කෙරෙතැයි සිතමි. මෛත්‍රිපාල සෞඛ්‍ය ඇමතිව සිට පක්ෂයේ ව්‍යවස්ථාවට ද පටහැනිව සදාචාර සම්මත වලට ද පටහැනිව තම පක්ෂයට එරෙහිව වෙනත් පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු විට සෞඛ්‍ය ඇමති ධුරය පුරප්පාඩු විය. එම පුරප්පාඩුව පිරවීම ජනපති ධුරය දරන්නා විසින් එම අවස්ථාවේ ඔහුගේ රාජකාරිය ඉටුකිරීමක් පමණි. එබැවින් එය අල්ලසක් හැටියට නිර්වචනය කළ නොහැකිය. එබැවින් මෙහිදී අල්ලස් කොමසාරිස්වරිය කටයුතු කර ඇති ආකාරය සාවද්‍ය වෙයි. (ස)
මෙතන මොකක්ද අල්ලස් කොමසාරිස්ගේ කාර්ය හා වරද? දැන් වරද හොරු අල්ලන එකද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර වෙන්නේ හොර මැර හොයන වෙලාවට විතරද සුමුදු? රටේ නීතිය වනසලා තමන්ගේ බඩ වඩාගන්න කටයුතු කල උන්ව අල්ලා මහජන දේපල හා ධනය ආරක්ෂා කරලා වැරදි කල උන්ට දඩුවම් කරන එක තමයි අල්ලස් කොමසාරිස්ගේ කාර්යය. නැතිව හොරු පරිස්සම් කරලා උන්ට කත් ඇදලා ජනතාව මහමගට දාන එක නෙවේ. ඡන්දෙ කලේ මහින්දගේ ආණ්ඩුවෙන් මිස අල්ලස් කොමසාරිස් නොවේනේ එකට වගකියන්න ඕනේ හිටපු ජනදිපති හා ඡන්ද කොමසාරිස්. රටක ඡන්දයක් පවත්වන විට පාලන බලය අයිති ඡන්ද කොමසාරිස්ට. බලයේ ඉන්න කෙනෙක් අපේක්ෂකයෙක් උනොත් එවලේ ඉඳලා එයට බලයක් නෑ. පත්වීම් දෙන එක එහෙනම් කරන්න ඕනේ ඊට කලින්. තව දෙයක් මෛත්‍රීපාල මහතා ඇමති ධූරයේ ඉද්දි දුන්න පත්වීම් ජනාදිපති අපේක්ෂක උනගමන් අවලංගු කලේ කොහොමද? එතකොට ඒවත් උත්තරීතරද ? කුමන තරාතිරමක කෙනෙක් හෝ මේ රටේ නීතියට හෝ ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකරනවා නම්, ඒක බරපතල වැරැද්දක්. වරද වහගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර කරලා අනෙක් වෙලාවට බලු කරන රටක් ලංකාව මිස වෙන කොහෙවත් නෑ. එකට හේතුව ලංකාවේ ඉන්න ඡන්ද දායකයන්ගේ මෝඩකම. අපි රටේ පුරවැසියෝ විදිහට ජනතවගේ පැත්තෙන් බලන්න පුරුදු වෙමු. (ස)
රවිඳු, පක්ෂ විනය කඩ කරමින් පක්ෂයේ සාමාජිකත්වයේ සිටිමින් ම පක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු අප්ක්ෂකයාට එරෙහිව තරග වැදීම පිණිස පක්ෂයේ සතුරන් සමග එක් වුණු, ජනාධිපතිවරණයෙන් දිනූ පසු ජනාධිපති බලතල පාවිච්චි කර සදාචාර විරෝධිව පක්ෂයේ නායකකම පොකට් ගැසූ එමෙන් ම ඡන්දයෙන් පත් වුණු බහුතරයේ රජයක් තිබියදී සම්ප්‍රදාය විරෝධිව සුළුතරයේ ආණ්ඩුවක් පත් කර ගත් පුද්ගලයෙකුට මේ සියල්ල කරන්නට හැකි වී ඇත්තේ ඔබ වැනි ඡන්ද දායකයන්ගේ මෝඩකම නිසාය කියා ඔබ ම කියන එක නම් අගෙයි. (ස)
ශාන්ටත් රවිඳුටත් නොතේරුණාට මේ දින සීයේදී බොහෝ දේ සිදුවුණා (නි)
ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකුට කොහෙන්ද බලතල තියෙන්නේ එහෙනම් අපේක්ෂකයෙක් වෙන්න බැහැනේ අනෙක් අය විතරද අපේක්ෂකයෝ මේක මොන නීතියක්ද ? විසිරෙව්වානම් කොහෙද බලතල තියෙන්න ඕනේ ඡන්ද කොමසාරිස් ළග එ්ක එහෙමනම් මෙයා කොහොමද පත්වීම් දෙන්නේ එහෙනම් මෛත්‍රී සෞඛ්‍ය ඇමැති ධූරය නැති වෙන්න බැහැනේ (බ)
රවිඳු සහ ශාන්, අපේ රටේ විතරක් නෙමෙයි, ඕනෑම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර වෙන්නේ එය රටේ මූලික නීතිය වන නිසාත්, හැමවිටම එරට අනෙකුත් සියලු නීතිරීති පරදා ප්‍රමුඛත්වය ලබන නිසාත්ය. එබැවින් ඔබ කරන සඳහන අර්ථවිරහිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන පුද්ගලයන්ට විවේචන තිබිය හැකි අතරම එවැනි ඇතැම් විවේචන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලට මුල්වෙන්නත් පුළුවන්. එහෙත් විවේචන තිබුණත් නැතත් යම් අවස්ථාවක බලාත්මකව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය වන හෙයින් එය බලාත්මකව පවත්නාතාක් අපි හැම පුරවැසියන් හැටියට එයට ගරුකිරීමටත් එයට පටහැනිව කටයුතු නොකිරීමටත් බැඳීසිටිමු. එය උල්ලංඝනය කිරීම දඬුවම් ලැබිය යුතු වරදකි. (නි)
මේකත් බලය වැරදි ලෙස භාවිතයක්. මේ රටේ ඉස්සර නීතියක් තිබුනේ නැහැනෙ (නි)
දිනූ කෙනා දිවුරුම් දෙනතුරු මහින්ද මහත්මයාට බලය තිබෙනවා නේද? මොකද තව වසර දෙකක් තිබුනනේ (නි)
කටඋත්තරයක් ගන්නවා කියෙන්නේ වැරදිකාරයා කියලා තීරණය කරන එක නෙමෙයි. මොකටද කලබල වෙන්නේ? (නි)
ශාන්ගේ දැනුම නම් මාරයි. හරි දක්ෂයි ඔයා නම්. (නි)
ශාන් කතාකරන්නේ මොන නීතිය ගැනද. මේ ශ්‍රී ලංකාව. (නි)
රටේ ඇමතිවරු පත්කරන්න බලය තිබෙන්නේ ජනාධිපතිට විතරයි. කොමසාරිස් ඉන්නේ විධායකයට පහළින්. එහෙම නේද? (නි)
මොකද මේ පොඩිදේකට මෙච්චර කලබල වෙලා? (නි)
රටේ නීතිය දැන් හරියට ක්‍රියාකරනවා. ඒකතමයි මේ අයට තිබෙන ලොකුම ප්‍රශ්නය. හිටපු ජනපති අවංක නම් කොමිසමට යන්න ඕනෑ මේ අය නැතුවයි. මේ අය කරන්නේ එතුමාව තව ටිකක් නැතිකරලා දාන එක. (නි)
ඇසළ, ඔබ හරි (නි)
නීතිය දැනගන්න ශාන් චුට්ටක් ඉන්න.මීළඟ ඡන්දෙදි ඔයාට පෙන්නන්නම්. (නි)
ජාලිය දන්නා තරම....! (නි)
ශාන්, ඔයා එක එක නම් වලින් අදහස් දැම්මට අපි අහුවෙන්නේ නැහැ (නි)
ශාන් සෞදිනේ ඉන්නේ. මේක ලංකාව (නි)
රවිඳු සහ ශාන්, අල්ලස් කොමසාරිස්ට හිතුණු දේ කරන්නට බැහැ. වෙනත් ඕනෑම පුරවැසියෙක් මෙන්ම ඇයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමට බැඳීසිටියි. එමෙන්ම අල්ලස් කොමසාරිස් වූ පමණින් කැමැති කැමැති පරිදි අල්ලසට නිර්වචන සපයා පුද්ගල දඩයමෙහි යෙදීමට ඇයට බලයක් නැහැ.අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම පිහිටුවා ඇත්තේ 1994 අංක 19 දරන පනත යටතේයි. එබැවින් ඇයගේ බලතලත් කාර්යභාරයත් පිළිබඳව එකී පනතෙන් දක්වා ඇති සීමාවන්ට යටත්ව ඇය ක්‍රියාකළ යුතුයි. එපමණක් නොව විමර්ශන කටයුතු වලදී අදාළ වන තවත් නීති ඇති අතර ඇය ඒවාටද අනුකූලව කටයුතු කළයුතුය. කොමිසමෙහි නිල වෙබ් අඩවියෙන් ඔබට මේ ගැන වැඩිදුර විස්තර දැනගත හැකිය. නීතිමය කරුණක් පිළිබඳව පසුබිම් තොරතුරු නොදැන අදහස් දැක්වීමට වඩා කරුණු දැන සංවාදයකට එළැඹීමෙන් අපට වඩාත් හරවත් සංවාදයක යෙදීමේ අවස්ථාව ලැබෙනු ඇත. (නි)
ශාන් නොදන්නා දේශපාලනය හොට නොදා හිටියා නම් හොඳයි (නි)
ශාන් වගේ ව්‍යවස්ථාව අකුරටම දන්න අයත් ඉන්නවානේ? (නි)
මේ උගත් නීතීඥ මහතා දේශපාලන කතා කියමින් ප්‍රතිඋත්තර බැඳීමක් කරනවා මිස මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හා දූෂණ කොමිසමට නොපැමිණීමට ඇති අයිතිය පිළිබඳ නීතිමය කාරණා කිසිත් කියන්නේ නැහැ නේද? ජනතාව ගොඩාක් බුද්ධිමත් මහත්තයෝ. (නි)
ශාන්, නොදන්නා දේශපාලනය කතානොකර හිටියා නම් තමයි හොඳ (නි)
නාලනී , ඔව් ඔව් පෙන්වන්නකො බලන්න. දවල් හීන බල බලා ඉන්න ඉතින් (නි)
ශාන්, එතකොට ඒ කාලේ රට අරාජිකයිද? (නි)
ශාන්,බලයේ සිටින ජනාධිපතිවරයෙකුට මැතිවරණයට තරඟ කරන්න පුළුවන් විදියටයි, එවකට 78 දී රජය මේ ව්‍යවස්ථාව සම්මත කරගත්තේ. තර්ක තිබුනත් ඇත්ත ඒකයි. (නි)
අනේ ශාන්,නව ජනපති දිවුරුම් දෙනතෙක්ම හිටපු ජනපතිවරයෙකුගෙ ධූරය අහෝසි වෙන්නෙ නැහැ. සෞඛ්‍ය ඇමතිධූරය හිස්ව තියන්න බැහැ. ඒකට තව කෙනෙක් දාන්න කිසිම බාධාවක් නැහැ. (නි)
ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකුට කොහෙන්ද බලතල තියෙන්නේ? එහෙනම් අපේක්ෂකයෙක් වෙන්න බැහැනේ. අනෙක් අය විතරද අපේක්ෂකයෝ? මේක මොන නීතියක්ද? විසිරෙව්වා නම් කොහෙද බලතල තියෙන්න ඕනෑ? ඡන්ද කොමසාරිස් ළඟ. එ්ක එහෙමනම් මෙහෙම කොහොමද පත්වීම් දෙන්නේ? (නි)
මේ ප්‍රශ්නය දුරදිග යනවා වැඩියි (නි)
කුමන තරාතිරමක කෙනෙක් හෝ මේ රටේ නීතියට හෝ ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකරනවා නම්, ඒක බරපතල වැරැද්දක්. ශාන් කියලා තියනවා නිවැරදි දෙය. ඒක තේරුම්ගන්න බැරි අයට මොළය දෙන්න නම් අපිට පුළුවන්කමක් නැහැ. (නි)
මැතිවරණයක් ප්‍රකාශ කළාට පසු ඡන්ද අපේක්ෂකයෙක් කාව හෝ තනතුරකට පත්කළා නම්, ඒ ගැන අමුතුවෙන් තර්ක කරන්න අවශ්‍ය නැහැ. (නි)
අල්ලස්දීම හෝ ගැනීම බරපතල වරදක්. දෙදෙනාම වැරදිකරුවෝ. සමහරුන්ට වැරදි කරනකොට හොඳයි වැරද්දක් කළා කියලා පිළිගන්න ලැජ්ජයි. මේවා අහලා අපිට ලැජ්ජයි!! (නි)
අල්ලස්, දූෂණ, චංචා... හැමතැනම. අහලා එපාවෙලා (නි)
අපි නම් මැතිවරණය කාලෙම ඕක දැනගෙන හිටියා. ශාන් කියලා තියනවා නිවැරදි දේ. (නි)
අපිට ඉතින් තියෙන්නේ බලාගෙන ඉන්න තමයි (නි)
මේ ඊයේ පෙරෙයිද ඉඳලා සමහර ටිකිරි මොළ වලින් හිතන්න පෙළඹිලා තියනවා, මහින්ද රාජපක්ෂ මහත්තයා වටේ විශාල රැල්ලක් බිහිවෙලා තියනවා කියලා. ඕක අර ඡන්දෙ කාලෙත් අපි දැක්කනේ. ඒ රැල්ල එහෙම තමයි. සද්දේ වැඩියි. රැල්ල උසයි. හැබැයි බුද්ධිමත් රැල්ල නිහඬයි. හරියට ගැඹුරු මුහුද වගේ.... (නි)
බලාගෙන ගියාම මැතිවරණ නීතිය අමුඅමුවේම උල්ලංඝනය කරලනේ. හැබැයි ඒ කාලේ, මැතිවරණ නීතිය නෙමෙයි මොන නීතියක්වත් රටේ ක්‍රියාත්මක වුණේ නැහැනේ. (නි)
මම නම් කියන්නේ හිටපු ජනාධිපතිතුමා වැරැද්ද පිළිගන්නවා නම්, මේ අල්ලස් චෝදනාවෙන් නිදහස් කරන්න ඕනෑ. කොහොමත් එතුමා හිටපු ජනාධිපතිතුමානේ. මැතිවරණ ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකිරීම ගැන එතුමා මෙන්ම ජනතාවත් දැනුවත් කිරීම අනාගත දේශපාලකයින්ටත් හොඳ ආදර්ශයක්. (නි)
කතාකිරීමේ නිදහස ඕනෑම කෙනෙකුට තිබුනත් නීති ප්‍රශ්න ගැන කතා කළයුත්තේ ඒ විෂය දන්නා අය පමණයි. ජනාධිපති කෙනක් තමන්ගේ සේවා කාලය නියමිත දිනයට කලින් අවසන් කර අලුතින් ජනාධිපති වෙන්න තරඟ කරනවා කියන්නේ නීතියට අනුව පමණක් නොව සදාචාරයට අනුවත් තනතුර තිබුනත් බලය රහිත පුද්ගලයෙක්. ඒ නිසයි තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් රාජ්‍ය බලය හා සම්පත් යොදාගැනීම තහනම් වන්නේ. ඒ තුළින් අනික් අපේක්ෂකයින්ට වන අසාධාරණය වළක්වන්නයි මැතිවරණ නීති ඒ ආකාරයට සකස් කරලා තියෙන්නේ. (නි)
අල්ලස්දීම දෙයාකාරය. 1. වැඩක් කරගන්න කලින් දෙන අල්ලස 2. වැඩේ කරගත්තාට පස්සෙ දෙන අල්ලස (නි)
ඕවා ඉතින් අපිට කියලා වැඩක් නැහැ (නි)
කොයි දේශපාලකයාද කිව්වේ ඔහු වරදක් කරලා තියෙනවා කියලා? (නි)