හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය ජනාධිපති මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ රුපියල් කෝටි විස්සකට ආසන්න ප්‍රමාණයක් වැය කර ඇති බව සොයා ගත් බව එහි සභාපති , මුදල් අමාත්‍යංශයේ උපදේශිකා ෂර්මිලා පෙරේරා මහත්මිය පැවසුවාය.
“උතුරේ යුද්ධය අළලා සැකසු විඩියෝ චිත්‍රපටිය සහිත ප්‍රචාරක ට්‍රක් රථය වෙනුවෙන් රුපියල් ලක්ෂ 650ක් වැය කර ඇත්තේ ද ජාතික ලොතරැයි මණ්ඩලයයි. මෙම මුදල වැයකර ඇත්තේ දින හතළිහක දිය. හිටපු ජනාධිපතිවරයාගේ විශාල ඡායාරුප සහිත දැන්වීම් පුවරු සඳහා රුපියල් ලක්ෂ 650 ක් ද වැය කර ඇත.”
හම්බන්තොට ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සහ සංගීත සංදර්ශන වෙනුවෙන්ද මණ්ඩලයේ මුදල් වැය කර ඇති බව ඇය කිවාය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රවර්ධන වැය ශිර්ෂයේ සියයට හැත්තෑපහකට වැඩි මුදලක් වැය කර ඇත්තේ පැවැති රජයේ දේශපාලන අරමුණු සඳහා බවත් මණ්ඩලය පසුගිය වසර එකහමාරේ දි පාඩුවට පවත්වාගෙන ගොස් ඇති බවත් සහභාපතිනිය පැවසුවාය.
පටු දේපාලන අරමුණූ වෙනුවෙන් වැය කර ඇති මුදල් සම්බන්ධ සියලු විස්තර ඇතුළත් වාර්තාවක් මුදල් ඇමති රවී කරුණානායක මහතා වෙතට භාර දි ඇතැයි ද ඇය කිවාය.
මෙයට අදාළ වාර්තා දුෂණ විමර්ෂණ කොමිසම හමුවටක්, රාජ්‍ය දේපල අයුතු ලෙස පරිහරණය කිරිම සම්බන්ධව වාර්තාවක් මැතිවරණ කොමසාරිස්වරයාටත් ද භාර දෙන බවත් ඇය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නිකම්ද කියන්නේ "මිනීමරු ප්‍රභාකරන්ලා වගේ 35 දෙනෙකුට අවුරුදු 35 කදී කරන්න බැරි වුන විනාසයක්" රාජපක්ෂවරු අවරුදු 8 කදී රටට කරලා තිබෙනවා කියල. (ස)
අයියෝ රුපියල් කෝටි විස්සක් කියන්නේ රාජපක්ෂලට කජු අැට කොස් අැට වගේනේ. ගැහිලි ගැන හොදින් දන්නා නිසයි මම කියන්නේ (ස)
අහෝ දුප්පතාගේ සල්ලි , මින් ඉදිරියටවත් කාටවත් එසේ කල නොහැකි වන සේ නීති සම්පාදනය කලයුතුය. මෙසේ නාස්තිකල මුදල් දැන් කාගෙන් කොහොම අයකරගන්නද? වගකිව යුත්තා හැම දෙයම බොරු , කියමින් ඔය අගේට ඉන්නේ , නමුත් මේවා සහ ගහන අපරාද, (ස)
දැන් පොදු අපේක්ෂකයාට සල්ලි වියදම් කරපු විදියක් ගැන කතා නෑ නේද? සිංගප්පුරුවේදී ලබාගත් ඩොලර් ඇට්ටි ගැන මොනවාද කියන්නේ. (ස)
කෝ මේ අර ආවඩන කට්ටිය ? කල ගුණ කල ගුණ කියා කියා බෙරිහන් දෙන කට්ටිය . ගැහැනියක් ගිලෙන්න යනකොට බේරා ගත්තට එයාව දුෂණය කරන්න අයිතියක් නැහැ කියලා අපි අහල තිබෙනවා. (ස)
මේවා සත්‍ය නම් හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් බොහෝ දෙනා හඬා වැලපෙන්නේ මෝඩකමටද? (ස)
මේවා අපිට කියලා වැඩක් නැහැ.නීතියෙන් කටයුතු කරලා දාන්න බලන්න ජීවිත කාලෙටම මහගෙදරට. (නි)
තවමත් මොවුන් පස්සේ යන "බත් බැලයෝ" ලංකාවේ ඉන්නවනේ අම්මපා! (නි)
ඔය එක ආයතනයක් පමණයි. ලංකාවේ තිබෙන අනෙකුත් ආයතනත් සුද්දකරලා ඉවරයි. (නි)
මේවා සෑම මාධ්‍යයක් ඔස්සේම ප්‍රචාරයකළ යුතුය. මේ තරම් අපේ මුදල් හොරා කාපු ජනාධිපතිවරයෙක් ලෝකයේවත් නැහැ. (ස)
ඒත් අපේ සමහරු තවමත් එයාලා වෙනුවෙන් කඹුරනවා. (නි)
අහෝ වීරයෙක් වෙනුවෙන් මීට වැඩි දෙයක් වුවත් කළ යුතු නොවේද ? (ස)
හොයාගන්නවා විතරද? මොකුත් නොකරන්නේ මහින්දට බයද? (ස)
දැන් මේ යහපාලන කට්ටියගේ සිදුවෙමින් පවතින දුෂිත වැඩ ගැන ඇයි කතා නැත්තේ.රවී කරගෙන යන මුදල් වංචා ඇයි සොයන්නේ නැත්තේ.බටලන්දේ රනිල්ලාට ලැබුන ඩොලර් කන්දරාව ගැන මොනවාද කියන්නේ.සිරිසේනගේ පුතාව චීන සංචාරයට ගෙනියන්න මුදල් වියදම් කලේ කොහොමද?කවුද? (ස)
ආයිත් ගෙනෙල්ල රටත් විකුනන්නද? (ස)
මහින්ද රට බංකොලොත් කලා. කෝ දැන් කුලියට අඬන අය ? (ස)
හසිත්, සියලු කෙළෙසුන් නැසූ බුදු හාමුදුරුවන්ටත් මීටවැඩිය ලොකු චෝදනා ඇවිල්ලා තිබෙනවා. උන්වහන්සේ ඒවාට නොසැළී මුහුණ දුන්නා. බෞද්ධයෙක් හැටියට හිටපු ජනාධිපතිතුමාත් උන්වහන්සේ ආදර්ශයට ගනිමින් මෙවැනි චෝදනා වලට නොසැළී මුහුණ දෙන්නේ අපිටත් ආදර්ශයක් දෙමිනුයි. (නි)
පන්සල්වල ඇවිද ඇවිද රටයි ආගමයි විකුනනවා.පසුගියකාලේ ප්‍රකෝටි ගණන් හොරකම් කරපුව තවම හරියට මේ රටේ මිනිස්සු දන්නේ නැති නිසා දැන් අලුත් ඡන්ද ව්‍යාපාරයක් පටන් අරගෙන මිනිස්සු රවට්ටන්න. (ස)
"මමනම් ඉතාම සාදාරන විදිහට තමයි මැතිවරණය කෙරුවේ අපේ හාමුදුරුවනේ." (ස)
පුතාව නෙවෙයි ප්‍රකාශ් , නැටුම් කණ්ඩායම් රුපලවන්ය ශිල්පිනියන් , පුද්ගලික ආවතේව කරුවන් කෝකියන් අරන් ගියාද කියල සොයලා බලන්නකෝ. ඒගොල්ලානේ පසුගිය කාලයේ අපේ බදු සල්ලි වලින් සවාරි ගියේ. (ස)
යහපාලනේ කියාගෙන ඇවිල්ලා අපි පිරිසිදුයි කියකියා මේ අය මොනවාද කරන්නේ. ඇයි ආදර්ශවත් වෙන්න බැරි. ඒ වාගේ නින්දිත වැඩවලට රවී කැමතිද? (ස)
එක තැනක විවේකයෙන් ඉන්න බැරිව කඩියා වගේ පන්සල් ,මරණ ගෙවල් ගානේ දුවන්නේ ඕව පලදෙනව කියන එක තමයි. (ස)
ඔය එන්නේ හොඳ හොඳ ප්‍රතිපල. ඔය එක තැනකින්. තව කොච්චරනම් ඇතිද? යන්තම් රට බේරුනා. (ස)
හසිත් මහත්තයෝ එහෙම කියන්න එපා. මේ රටේ හැම පක්ෂයකම දේශපාලන වහලුන් හිතාගෙන ඉන්නේ එහෙම තමයි. තමන් ගැතිකම් කරන නායකයා මල පහ කරත් ඒවා සුවඳයි කියන්න ඒ ගොල්ල සුදානම්. (ර)
බලාගෙන යනකොට මහින්දට නම් මාරෙට ලොතරැයි ඇදිල තියෙනවා නේ. (ර)
ප්‍රකාශ්, නින්දිත වැඩ කියන්නේ සේවාව නිමා කොට ගෙදර ගියාට පසුවත් එතන මෙතන කියව කියවා ඉන්න එක. (ර)
තවත් අවරුදු දෙකක් රට කන්න දුන්න නම් අපේ දරුවන්ට හිමි වෙන්න තිබුනේඉතියෝපියාවක්,සෝමාලියාවක්, උගන්ධාවක්, කෙන්යාවක්, බංගලිදේශයක් පමණයි. (නදී)
ඩුබායි කියන්නේ ලෝක වෙළද මධයස්ථානයක්. ලෝකයේ සිටින මොන දණ කුවේරයත් තමන්ගේ මුදල් විශ්වාසයෙන් යුතුව තැන්පත් කරන්න එන්නේ ඩුබායි රටට. නැවත ගන්න එන්නෙත් ඩුබායි රටට. එ්කනේ යෝශිතව ඇටෝනි බලයක් දීල ඩුබායි එව්වේ. අපේ මෝඩයෝ තවමත් පස්සෙන් යන එක ගැනයි මට දුක/කේන්ති. (නදී)
කම්බා හොරුන්ට ලැජ්ජාවක් කියල දෙයක් නැහැ. ඔවුන් ලජ්ජා නහර කපල ඉවත් කරලයි තියෙන්නේ. නැතිනම් සුනාමියෙන් අන්ත අසරණ මිනිසුන්ට කන්න දෙන මුදල් වලින් රුපියල් කෝටි 8.6ක් ගසා කාවිද? (නදී)
මැතිවරණයක් නැතිව තමන් අගමැති වීම එච්චර හරි මදි නේද ? (නදී)
ඩුබායි තිලක්, කලබල නොවී ටිකක් ඉන්නකෝ. ගිය ආණ්ඩුව යටතේ ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගය ඇතිව අඛණ්ඩව වැඩුණු අපේ රටේ ආර්ථිකය මේ ආණ්ඩුව යටතේ කඩාවැටෙන්න ගත්තට තවම දින සීයවත් ඉවර නෑනේ. අවුරුදු දෙකක් යන්න ඉස්සෙල්ල ඔයා ප්‍රර්ථනා කරන ඔය ඉතියෝපියාව, සෝමාලියාව, උගන්ඩාව, කෙන්යාව හෝ බංගලිදේශය ලක් පොළොව මත ප්‍රාදුර්භූත වේවි. (ස)
ඩුබායි තිලක් බත් බැලයා කියන වචනයේ තේරුමවත් නොදන්නා බව ඒ වචනය පාවිච්චි කරන විදියෙන්ම පෙනෙනවා. ඇත්තටම ඔයා බත් කන කෙනෙක්ද? තරහ ගන්න එපා. නොදන්නා හින්දයි ඇහුවේ. (ස)
ඩුබායි තිලක්, කම්බා හොරු කිව්වේ කොහොම අයටද දන්නෙ නැහැ නේද? (නි)
ලොතරැයි ඇදුනු අය තව ඉන්නවා. (නි)
අපි දන්නා නීතියේ හැටියට නම් චෝදනා ඔප්පු වෙනතුරු කෙනෙක් වැරදිකරුවෙක් හැටියට සළකන්න බැහැ (නි)