IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘මහින්දගේ කුලීහේවායන්ගේ ප්‍රහාරය හෙළා දකිනවා‘

 ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක කිරුළපන පැවති හිටපු ජනපතිගේ කුලී හේවායන්ගේ මැයි දින රැළිය නැරඹීමට ගිය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට එල්ල වූ ප්‍ර්‍රහාරය හෙළා දකින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

‘වාසුදේව නානයක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ වැනි වාමාංශික යයි කියා ගන්නා නායකයින් සමඟ විමල් වීරවංශ වැනි වර්ගවාදීන් විසින් මහින්ද රාජපක්ෂ යළි බල ගැන්වීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස පැවති මෙම මැයි රැළිය නැරඹීමට ගිය දේවසිරි මහතාට පහර දීමෙන් පැහැදිලි වන්නේ පසුගිය ආණ්ඩුව සමයේ හිටපු ජනපතිගේ කුලී හේවායන්ගේ ප්‍රචණ්ඩත්වය තවමත් අත් නොහැර ඇති බවයි. 

පොලිස් නිලධාරීන් විසින් ආචාර්ය නිර්මාල් රංජිත් මැරයින්ගෙන් මුදවාගෙන ජීප් රථයෙන් ගෙන යන අවස්ථාවේ දී ද ප්‍රහාරකයන් වියරු වැටී කටයුතු කොට ඇත. මේ වන විට ආචාර්ය නිර්මාල් රංජිත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර මැරයෝ තවමත් නිදැල්ලේ පසුවෙති.  පැවැති ආණ්ඩුවේ ක්‍රෑර ඒකාධිපතිත්වය තුළ බුද්ධිමතුන්, මාධ්‍යවේදීන් ඇතුළු පුරවැසියන්ට සිදු කරන ලද ප්‍රචණ්ඩ ප්‍රහාරාත්මක පාලනයේ ස්වරූපය ඔහුගේ කුලී හේවායන් තවමත් අමතක කර නැති බව මෙම ප්‍රහාරයෙන් තවදුරටත් පෙන්නුම් කරයි. 

ප්‍රහාරකයන් අත් අඩංගුවට ගැනීමට බල කිරීමටත්, මෙම ප්‍රචණ්ඩ සංස්කෘතිය පරාජය කිරීමටත්, විකල්ප මතධාරීන් බාහු බලයෙන් මර්දනය කිරීම පරාජය කිරීමටත් පෙරට පැමිණෙන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන්ගෙන් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.‘

 



අදහස් (0)

‘මහින්දගේ කුලීහේවායන්ගේ ප්‍රහාරය හෙළා දකිනවා‘

දොන් Saturday, 02 May 2015 05:54 AM

මහින්දට විරුද්ධ මෙයා මොකටද එහෙට ගියේ? (නි)

:       0       0

හාමි Saturday, 02 May 2015 05:56 AM

වසරේ හොඳම විහිළුව.දරුණු පහරවල් වැදුනලු.හැබැයි හිනාවෙවී පයින්ම ගොස් ඇමැතිටත් අතට අත දී , සුදු කමිසයේ කුණු බිදක්වත් නැතුව.මුහුණේ සිරීම් ලකුණක්වත් නැතුව දරුණු ලෙස මැරයන් වටකර පහරදුන්නාද? (නි)

:       0       0

භාතිය ද සිල්වා Saturday, 02 May 2015 06:27 AM

ඇයි දේශපාලනය කර කර ඉන්නේ? (නි)

:       0       0

මහානාම - කඳාන Saturday, 02 May 2015 07:12 AM

පහරදුන්නා නම් එය අනුමත කරන්න බැහැ. (නි)

:       0       0

අනුර Saturday, 02 May 2015 07:21 AM

එයාට කොහේද යන චණ්ඩි වගයක් ගැහුවාට මහින්ද මහතා මොනවා කරන්නද? රටේ කවුුරු කාට ගැහුවත් පැත්තක ඉන්න මහින්ද මහත්තයාට බනිනවා (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Saturday, 02 May 2015 08:34 AM

අනේ අපේ කට්ටිය තාමත් මේවට අහුවෙනවනේ! (නි)

:       0       0

රිතික් Saturday, 02 May 2015 09:40 AM

හොරුන්ට කලින් කෙහෙල්කැන වැට පනිනවා කියන්නේ මේවාටයි. (නි)

:       0       0

ඇසළ Saturday, 02 May 2015 10:03 AM

නයාට වුණත් හෝතඹුවාගේ ගුහාවට රිංගන්න ගියාම වෙන්නේ ඔය ටික තමයි. (නි)

:       0       0

හර්ෂණී Saturday, 02 May 2015 11:17 AM

ගුටිකන්න බලාගෙනද කිරුලපන ගියේ? (නි)

:       0       0

මොහාන් Saturday, 02 May 2015 11:44 AM

එයාගේ ඒ කතාව හරියට මහින්ද කියලා ගැහුවා වගේනේ. (නි)

:       0       0

සුමුදු හේවා Monday, 04 May 2015 03:16 PM

අනේ චානක,ඇමරිකාව ගැන නම් මොකට කියනවාද ? කවුරුහරි ගිනි අවියක් අරගෙන ප්‍රසිද්ධ ස්ථානයකදී නන්නාඳුන අයට දිගට හරහට වෙඩි තියන එකයි පාරේ යන කල්ලන්ට පොලිස්කාරයෝ විනෝදෙට වෙඩි තියන එකයි තිබුණත් ඉතින් ප්‍රසිද්ධියේ කාටවත් මුවෙන්වත් අරියාදුවට කෙළ පොදක්වත් ගහන්නේ නම් නැහැ තමයි. (නි)

:       0       0

තිළිණ Saturday, 02 May 2015 01:09 PM

අනුන්ගේ දේවල් මොනවට හොයන්න යනවද? (නි)

:       0       0

අනුර පනාගොඩ Saturday, 02 May 2015 01:47 PM

අනුන්ගේ දේවල් බලන්න ගියාම ඉල්ලන් කන්න වෙනවා (නි)

:       0       0

පෙරේරා Saturday, 02 May 2015 01:48 PM

මැයි 1 වෙනිදා කියන්නේ කම්කරු දිනයකි. එය දේශපාලනයට හරවාගැනීම බලවත් වරදකි. එවැනි ස්ථානයක ලංකාවේ මිනිස්සු යහපාලනයක් ගැන හිතන්නේ නැහැ. (නි)

:       0       0

කෝලිත Saturday, 02 May 2015 02:52 PM

කා ළඟවත් පොරොවක් හරි උදැල්ලක් හරි තිබිලා නැද්ද? (නි)

:       0       0

සම්පත් Saturday, 02 May 2015 03:07 PM

සමහරුන්ට උගත්කම තිබුණට බුද්ධිය නැති බව මෙම සිද්ධියෙන් පැහැදිලි වෙනවා. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 02 May 2015 03:14 PM

කිසිම පුරවැසියෙක් ඉදිරියට එන්න ඕනෑ නැහැනේ.රටේ නීතියක් තිබෙනවා. නීතිය ක්‍රියාවේ යොදවන පුද්ගලයන් ඉන්නවා.නීතිය හරියට ක්‍රියාත්මකවෙලා මේ ප්‍රහාරකයන්ට නිසි දඬුවම් දීම කළයුතුමයි. මේවා යටගහන්න ගියොත් යහපාලනයටත් දෙවියන්ගේ පිහිටයි. (නි)

:       0       0

රිතික් Tuesday, 05 May 2015 12:30 AM

හරි පුදුමයිනේ ඇසළ. ඔයාට දැන් පෙනෙන්නෙ එහෙමද? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලීස් Saturday, 02 May 2015 03:45 PM

අප රටේ සිදුකරන මෙවැනි ක්‍රියාවන් පිළිබඳව කණගාටුවන අතර අපේ ඇස් පින් කරලා තිබෙනවා තව පැත්තකින් සතුටුවන්නට.කුමක්ද යත් මිලියන ගණනක් ජීවත්වන මෙම රටේ කොහේ ඇවිද බැලුවත් ප්‍රසිද්ධියේ තව කෙනෙකුට පහරදීමක් තබා මුවෙන්වත් අරියාදුවක් කෙරෙනවා දකින්න ලැබෙන්නෙම නැතිතරම්.එම තත්වයට රටේ නීතිය ක්‍රියාවට නංවා තිබෙනවා. (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Saturday, 02 May 2015 04:33 PM

අනේ අපි කවුරු කවුරු ගැනත් දන්නවා (නි)

:       0       0

අවන්ත Saturday, 02 May 2015 03:39 AM

අනේ දෙවියනේ! පවු නේද? (නි)

:       0       0

පොඩිසේන Saturday, 02 May 2015 03:47 AM

ඔවුන් මහින්දගේ කුලී හේවායෝ. එතකොට නුඹලා? (නි)

:       0       0

පසිඳු Saturday, 02 May 2015 03:55 AM

හරි. දැන් මට මේක කියන්න.නිර්මාල් රන්ජිත් කියන්නේ යූඑන්පී එකේ එක්කෙනෙක්.එයා මොකටද කිරුලපන රැලිය බලන්න ගියේ? (නි)

:       0       0

නාරද Saturday, 02 May 2015 03:58 AM

ඉල්ලගෙන කනවට අපි මොනවා කරන්නද? (නි)

:       0       0

විපුල Saturday, 02 May 2015 04:41 AM

එයාට බලන්න යන්න තිබුණේ මේක විතරද? (නි)

:       0       0

කුමාර Saturday, 02 May 2015 04:42 AM

මේවා නිකන් බොරු වැඩ (නි)

:       0       0

දුමින්ද Saturday, 02 May 2015 04:44 AM

අද දේශපාලනයේ කුලී කොන්ත්‍රාත්තු තමයි වැඩි (නි)

:       0       0

වික්ටර් Saturday, 02 May 2015 04:55 AM

දැන් රටම කන්නද යන්නේ මේ සමහරු? (නි)

:       0       0

කුලරත්න Saturday, 02 May 2015 05:08 AM

අනික් අය කුලී හේවායො. හැබැයි කොටි ඉන්න කාලේ සමහරු මුලතිවු ගියේ නිකක් කියලා හැමෝම දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site