ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක කිරුළපන පැවති හිටපු ජනපතිගේ කුලී හේවායන්ගේ මැයි දින රැළිය නැරඹීමට ගිය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට එල්ල වූ ප්‍ර්‍රහාරය හෙළා දකින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
‘වාසුදේව නානයක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ වැනි වාමාංශික යයි කියා ගන්නා නායකයින් සමඟ විමල් වීරවංශ වැනි වර්ගවාදීන් විසින් මහින්ද රාජපක්ෂ යළි බල ගැන්වීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස පැවති මෙම මැයි රැළිය නැරඹීමට ගිය දේවසිරි මහතාට පහර දීමෙන් පැහැදිලි වන්නේ පසුගිය ආණ්ඩුව සමයේ හිටපු ජනපතිගේ කුලී හේවායන්ගේ ප්‍රචණ්ඩත්වය තවමත් අත් නොහැර ඇති බවයි.
පොලිස් නිලධාරීන් විසින් ආචාර්ය නිර්මාල් රංජිත් මැරයින්ගෙන් මුදවාගෙන ජීප් රථයෙන් ගෙන යන අවස්ථාවේ දී ද ප්‍රහාරකයන් වියරු වැටී කටයුතු කොට ඇත. මේ වන විට ආචාර්ය නිර්මාල් රංජිත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර මැරයෝ තවමත් නිදැල්ලේ පසුවෙති. පැවැති ආණ්ඩුවේ ක්‍රෑර ඒකාධිපතිත්වය තුළ බුද්ධිමතුන්, මාධ්‍යවේදීන් ඇතුළු පුරවැසියන්ට සිදු කරන ලද ප්‍රචණ්ඩ ප්‍රහාරාත්මක පාලනයේ ස්වරූපය ඔහුගේ කුලී හේවායන් තවමත් අමතක කර නැති බව මෙම ප්‍රහාරයෙන් තවදුරටත් පෙන්නුම් කරයි.
ප්‍රහාරකයන් අත් අඩංගුවට ගැනීමට බල කිරීමටත්, මෙම ප්‍රචණ්ඩ සංස්කෘතිය පරාජය කිරීමටත්, විකල්ප මතධාරීන් බාහු බලයෙන් මර්දනය කිරීම පරාජය කිරීමටත් පෙරට පැමිණෙන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන්ගෙන් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දට විරුද්ධ මෙයා මොකටද එහෙට ගියේ? (නි)
වසරේ හොඳම විහිළුව.දරුණු පහරවල් වැදුනලු.හැබැයි හිනාවෙවී පයින්ම ගොස් ඇමැතිටත් අතට අත දී , සුදු කමිසයේ කුණු බිදක්වත් නැතුව.මුහුණේ සිරීම් ලකුණක්වත් නැතුව දරුණු ලෙස මැරයන් වටකර පහරදුන්නාද? (නි)
ඇයි දේශපාලනය කර කර ඉන්නේ? (නි)
පහරදුන්නා නම් එය අනුමත කරන්න බැහැ. (නි)
එයාට කොහේද යන චණ්ඩි වගයක් ගැහුවාට මහින්ද මහතා මොනවා කරන්නද? රටේ කවුුරු කාට ගැහුවත් පැත්තක ඉන්න මහින්ද මහත්තයාට බනිනවා (නි)
අනේ අපේ කට්ටිය තාමත් මේවට අහුවෙනවනේ! (නි)
හොරුන්ට කලින් කෙහෙල්කැන වැට පනිනවා කියන්නේ මේවාටයි. (නි)
නයාට වුණත් හෝතඹුවාගේ ගුහාවට රිංගන්න ගියාම වෙන්නේ ඔය ටික තමයි. (නි)
ගුටිකන්න බලාගෙනද කිරුලපන ගියේ? (නි)
එයාගේ ඒ කතාව හරියට මහින්ද කියලා ගැහුවා වගේනේ. (නි)
අනේ චානක,ඇමරිකාව ගැන නම් මොකට කියනවාද ? කවුරුහරි ගිනි අවියක් අරගෙන ප්‍රසිද්ධ ස්ථානයකදී නන්නාඳුන අයට දිගට හරහට වෙඩි තියන එකයි පාරේ යන කල්ලන්ට පොලිස්කාරයෝ විනෝදෙට වෙඩි තියන එකයි තිබුණත් ඉතින් ප්‍රසිද්ධියේ කාටවත් මුවෙන්වත් අරියාදුවට කෙළ පොදක්වත් ගහන්නේ නම් නැහැ තමයි. (නි)
අනුන්ගේ දේවල් මොනවට හොයන්න යනවද? (නි)
අනුන්ගේ දේවල් බලන්න ගියාම ඉල්ලන් කන්න වෙනවා (නි)
මැයි 1 වෙනිදා කියන්නේ කම්කරු දිනයකි. එය දේශපාලනයට හරවාගැනීම බලවත් වරදකි. එවැනි ස්ථානයක ලංකාවේ මිනිස්සු යහපාලනයක් ගැන හිතන්නේ නැහැ. (නි)
කා ළඟවත් පොරොවක් හරි උදැල්ලක් හරි තිබිලා නැද්ද? (නි)
සමහරුන්ට උගත්කම තිබුණට බුද්ධිය නැති බව මෙම සිද්ධියෙන් පැහැදිලි වෙනවා. (නි)
කිසිම පුරවැසියෙක් ඉදිරියට එන්න ඕනෑ නැහැනේ.රටේ නීතියක් තිබෙනවා. නීතිය ක්‍රියාවේ යොදවන පුද්ගලයන් ඉන්නවා.නීතිය හරියට ක්‍රියාත්මකවෙලා මේ ප්‍රහාරකයන්ට නිසි දඬුවම් දීම කළයුතුමයි. මේවා යටගහන්න ගියොත් යහපාලනයටත් දෙවියන්ගේ පිහිටයි. (නි)
හරි පුදුමයිනේ ඇසළ. ඔයාට දැන් පෙනෙන්නෙ එහෙමද? (නි)
අප රටේ සිදුකරන මෙවැනි ක්‍රියාවන් පිළිබඳව කණගාටුවන අතර අපේ ඇස් පින් කරලා තිබෙනවා තව පැත්තකින් සතුටුවන්නට.කුමක්ද යත් මිලියන ගණනක් ජීවත්වන මෙම රටේ කොහේ ඇවිද බැලුවත් ප්‍රසිද්ධියේ තව කෙනෙකුට පහරදීමක් තබා මුවෙන්වත් අරියාදුවක් කෙරෙනවා දකින්න ලැබෙන්නෙම නැතිතරම්.එම තත්වයට රටේ නීතිය ක්‍රියාවට නංවා තිබෙනවා. (නි)
අනේ අපි කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
අනේ දෙවියනේ! පවු නේද? (නි)
ඔවුන් මහින්දගේ කුලී හේවායෝ. එතකොට නුඹලා? (නි)
හරි. දැන් මට මේක කියන්න.නිර්මාල් රන්ජිත් කියන්නේ යූඑන්පී එකේ එක්කෙනෙක්.එයා මොකටද කිරුලපන රැලිය බලන්න ගියේ? (නි)
ඉල්ලගෙන කනවට අපි මොනවා කරන්නද? (නි)
එයාට බලන්න යන්න තිබුණේ මේක විතරද? (නි)
මේවා නිකන් බොරු වැඩ (නි)
අද දේශපාලනයේ කුලී කොන්ත්‍රාත්තු තමයි වැඩි (නි)
දැන් රටම කන්නද යන්නේ මේ සමහරු? (නි)
අනික් අය කුලී හේවායො. හැබැයි කොටි ඉන්න කාලේ සමහරු මුලතිවු ගියේ නිකක් කියලා හැමෝම දන්නවා (නි)