2017 වසරේ දී ආණ්ඩු පෙරළීම තම අපේක්ෂාව බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය විකාර කතාවක් බව රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
පස්සරදී අද පැවැති රැස්වීමක් අමතමින් රාජ්‍ය ඇමැතිවරයා කීවේ 2020 වන තුරු මහ මැතිවරණයක් නැති නිසා ආණ්ඩු පෙරළීමට නොහැකි බවයි.
‘හිටපු ජනාධිපතිවරුන්ට 2017 ආණ්ඩු පෙරළන්න බෑ. හැබැයි දැන් ඉන්න ජනාධිපතිට අගමැති සහ ඇමැති මණ්ඩලයේ වෙනසක් කරන්න හිතන්න පුළුවන්.‘ යැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියවන ඇමතිතුමන්ලාත් කටින්ද කතාකරන්නේ කියලා තමා අහන්න වෙන්නේ (නි)
මෙයාලා ඕනෑදේටයි ඕනෑ නැතිදේටයි ඔක්කොටම කට දානවා. ඊටපස්සේ ඇටිකෙහෙල් කාපු උගුඩුවො වාගේ උඩ පනිනවා. ඇමති කෙනෙකුගේ වැටුපට සරිලන මොකක් හෝ වැඩක් කළොත් මීටවැඩිය නරකද? (නි)
විකාර කරන්නේ කවුද කියලා අපි දන්නවා. පුළුවන් නම් ඡන්දයක් දිනලා පෙන්නන්නකො (නි)
මෙයාලා හිතාගෙන ඉන්නේ ආණ්ඩුව කියන්නේ හිස් බාල්දියක් කියලා. එහෙම ආණ්ඩු තියෙන යුගත් ලංකාවේ නොතිබුනා නොවෙයි. පෙරළලා පුරුද්දක් නැති වුණත් හිතේ අමාරුවට ඕවා නොකියත් බැහැ. රජෙකුට ගිය කල! (නි)
ඔබ ජන පදනමක් තියෙන කෙනෙක්ද? ඉල්ලලා බලන්නකෝ ඊළඟ සැරේ අපි ලස්සනට ඔයා ගැන බලා ගන්නම්. (නි)
දැන් කියනවා මහින්ද කියන්නේ විකාර කියලා. කාට කඩේ යනවද දන්නේ නැහැ (නි)
මට හිතාගන්න බැහැ. නමුත් සත්‍යයා කියන දේ හරි. (නි)
විකාර කරන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
මෙයත් එදා අත උස්සපු එක්කෙනෙක් නේද? (නි)
මහින්ද කවදාවත් විකාරයක් වුණෙත් නැහැ, විකාර කරලත් නැහැ (නි)
මම හිතුවේ මෙයා විකාර කියවන්නේ කාපු බීපු වෙලාවල් වලට විතරයි කියලා. බලාගෙන ගියහම හොඳටම විකාර වෙලා (නි)
ඔබට විකාරයක්, රටට අවශ්‍යතාවයක් (නි)
කාපු මිනිහනේ ඒකෙ රස දන්නේ. අනිත් කට්ටිය කනකොට තලු මර මරා ඉන්න පුලුවන්ද? නේද? මෛත්‍රී මහත්තයා රට භාරගත් දා ඉඳලා ඔය කට්ටිය කළේ ඕක උදුරාගන්න විදියක් ගැන කටයුතු කරන එක විතරනේ. (නි)
මහජන ඡන්දයකින් පත්වුණු ආණ්ඩුවක් පෙරළන්න හදන ඕනෑම කෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකියි. ඔය දඟලන්නේ එහෙම කරගන්නද කොහෙද? (නි)
සත්‍යා, රජෙක් රටක් පාලනය කරනවා නම් එම පාලනය ඒකාධිපති පාලනයක් .... (නි)
බමුණුසේන හොඳ කඩේ යන්නම තමයි (නි)
ලැජ්ජා නැති පනින ගෙම්බන්ට නම් විකාරයක් තමයි. (නි)
දෙන්නගේම කතා විකාර. මහින්ද බලයේ ඉන්නතුරු රට අයාලේ ඇරලා දැන් බණ කියනවා. ඩිලාන්ලා ඒ කාලේ හුරේ තිබ්බනේ ඒවාට (නි)
කොහොමත් ඔහු විකාරයක් වෙලා ඉවරයි .... (නි)
දැන්නම් වෙන්න යන දේ අපිටත් තේරෙනවා (නි)
උවමනාව තියනවා නම් බැරි වැඩක් නැහැ. මොකද හොඳට හිටිය අය ගෙදර යැවුවට පස්සේ ආයෙත් වළං පිඟන් හෝදන්න ගත්තේ. ඊටපස්සේ හතර අතේ විකාර දොඩවනවා. මතක තියගත්තොත් හොදයි ඊළඟ සැරේ නම් හතර මායිමේ පස් පාගන්න දෙන්නේ නැහැ. (නි)
විකාරවෙලා තියෙන්නෙ ඩිලාන්ට බව පේනවා (නි)
ඒක අහපු සමහර අයගේ නම් ඔළුව විකාරවෙලා ඇති (නි)
මහින්දගේ කතා නම් හැමදාම විකාර තමා. (නි)
කවුරු කොහොම කිවුවත් වෙනසක් වෙනවාමයි. ඔය නැට්ටුවන්ට ඒවා නතර කරන්න බැහැ. (නි)
අපිට යූඑන්පීත් එපා. මෙදා පාර ජවිපෙට! (නි)
අහකදාපු කෑම ආයෙත් කන්නේ නැහැ රාජපක්ෂ මහත්තයෝ. (නි)
හොඳට බැලුවහම විකාර කාටද කියලා පෙනෙනවා. (නි)
හැබැයි මහත්තයෝ අන්තිම මොහොතේ මහින්දගේ කරේ එල්ලෙන්න නම් එන්න එපා. එල්ලුනත් ඔයාලට ආයේ අපේ ඡන්දෙ නම් නැහැ (නි)
විකාර කතා කියපු නිසානේ ආසනෙත් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් එන්න වුණේ එක පාරක්. මතකද? (නි)
මහින්ද හැරෙන්න අනෙක් සියල්ලෝම අපිට නම් විකාරයක් (නි)
සත්‍යා, රජෙක් පමණක් නොව රට බේරාගත් වීරයෙක් රජ කාලෙන් පසු බිහිවුණා. කරුණාකර රට ගැන හිතන්න, මිනිසුන්ට නිග්‍රහ කරන්න එපා. ඔයා මොනවාද කරලා තියෙන්නේ? (නි)
ඩිලාන්ලට ඕනෑ එයාලගේ ඇමතිකම බේරිලා අගමැතිකම වෙනස්වෙන්න. රටට මොනවා වුණත් කමක් නැහැ, තමුන්ගේ මඩිය තරවුණොත් ඇති (නි)
ඔබට විකාරයක්, ඒත් රටට කාලීන අවශ්‍යතාවයක්. බයවෙන්න දෙයක් නැහැ, කවුරු අගමැති වුණත් ඔබ ඇමතිවරයෙක්. (නි)
අායෙත් ඡන්දයක් එන්නේ 2020දිනේ. (මහමැතිවරණය ) (නි)
අගමැති වෙනස් වෙනවා කියන්නේ ආණ්ඩුව වෙනස් වෙනවා කියන එක නෙමෙයිද? (නි)
අපිට නම් මහින්දගේ කතාව කණට මී පැණි වත්කරනවා වගෙයි (නි)
අැයි එතකොට ඔයාගේ කතාව? (නි)
ඩිලාන්ලට ඊළඟ පාර ඇපත් නැහැ (නි)
මේ ආණ්ඩුව මිනිසුන්ට එපාවෙලා. ලක්ෂ 63 ඡන්ද ප්‍රමාණය ලක්ෂ 40 ත් වැඩිය අඩුවී ඇත. ඒ නිසා තමයි ප්‍රාදේශීය සභා ඡන්දය දවසින් දවස කල් දමන්නේ. මෙම ප්‍රාදේශීය සභා ඡන්දෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් හිමිවෙනවා. ඔන්න ඔතනදි ආණ්ඩුව කඩා වැටෙනවා (නි)
ඔයාලට වගේ නොවෙයි මහින්ද මහතාට අරමුණක් තිබෙනවා. ඒ අරමුණ ඉටුකරගන්න මිනිසුන් එකතු කරගන්නවා. මේක තමයි හොඳම වෙලාව. මිනිසුන්ට මේ ආණ්ඩුවයි ඕගොල්ලොයි එපාවෙලා තිබෙන වෙලාව. (නි)
ලෝකයේ උසම නත්තල් ගහ වාර්තාව ලංකාවෙන්...! අපූර්ව දේශයක්...!!! හැබැයි මේ අය පත්කරන්නෙත් ඒ රටේ මිනිස්සුමයි. ඒකයි වෙනස...!!!! (නි)
ආණ්ඩුව පෙරළෙනවා කියනකොටත් පරාජිත අපේක්ෂකයින්ගේ කකුල් වෙව්ලනවා. කමක් ඇහැ, ඇමතිතුමා හිත හදාගන්න බලන්න. (නි)
ජනාධිපතිවරණයට කලින් මෙයාලා කිවුවේ ඔය කතාවේම අනිත් පැත්ත (නි)
දැන් මෙයාලා කරන හැම කතාවක්ම විකාර තමා. (නි)
මහින්ද මැතිතුමත් කිව්වේ එයම යැයි මගේ හැඟීමයි. ඔබතුමාගේ කතාවල පවා කිසිම වැදගත්කමක් නැති බව අපට (පොදු ජනයාට) පෙනෙන්න පටන් අරන් තියෙනවා. (නි)
කවුරු කොහොම කිවුවත් වෙනසක් වෙනවාමයි. (නි)
මහින්දගේ කතාවටත් වැඩිය විකාර කතාවක්නේ මෙයා කියලා තියෙන්නේ! (නි)
ඔබට විකාරයක් රටට අවශ්‍යතාවයක් (නි)
ඒ කියන්නේ 2020දී ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නැහැ (නි)
මෙයාලගේ කතා නම් අපිට අහලාම ඇතිවෙලා (නි)
අනේ! බැලුවහම ඔය ඔක්කොම විකාරකාරයො. ඒගොල්ලන්ව පාර්ලිමේන්තු යවපු අපි ඔල්මාදකාරයො. (නි)
මෙතුමලා කාපු බීපු වෙලාවට කියන දේවල් වලට එච්චර කලබල වෙන්න හොඳ නැහැ. මිනිසුන්ට මීටවඩා වැඩ තියෙනවා කරන්න. (නි)
විකාර කථා දොඩවන්නේ කවුද කියලා කවුරුත් දන්නවා. (නි)