තමන්ගේ පාලන සමය තුළ වැරදිකරුවන්ට දඬුවම් නොදුන් බවටත් වැරදිකරුවන් නිවැරදි කිරීමට හා වැරදි වසන් කිරීමට කටයුතු කළ බවටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති නිසා එම වරදකරුවන් හා වැරදි පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතාගෙන්ම හෙළි කරගැනීමට පරීක්ෂණ ආරම්භ කළ හැකි යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.
රාජපක්ෂ මහතා ආරක්ෂාකළ වැරදිකරුවන් කවුද? එසේ කළේ ඇයිද? යන්න ප්‍රශ්න කිරීමට ඔහුට ඡන්දය දුන් ලක්ෂ 58 ක ජනතාවටද අයිතිය ඇතැයි නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
හිටපු ජනපති නීතිඥවරයකු සමග හෝ අල්ලස් කොමිසමට ප්‍රකාශයක් දීමට නොයන්නේ මේ ගැන ප්‍රශ්න කරන බව දන්නා නිසා යැයි කී අජිත් පී.පෙරේරා මහතා මෙම ප්‍රකාශය නිසා හිටපු ජනපතිට තිබූ ඡන්ද ලක්ෂ 58 න් ලක්ෂ 20 ක් පමණ අඩුවී ඇතැයිද ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතා ධූරයේ සිටි කාලයේ මේ ප්‍රකාශය කළා නම් දෝෂාභියෝගයක් ගෙනැවිත් දඬුවම් ලබාදීමට හැකියාව තිබූ බවද ඔහු පැවසීය.
හිටපු ජනපතිගේ කටට මේ වන විට බ්‍රේක් නැතිවී තිබෙන නිසා ඔහු අල්ලස් කොමිසම හමුවේ මොනවා කියාවිද බියේ වැරදි කළ මන්ත්‍රීවරු ඔහු අල්ලස් කොමිසමට යාම වැළැක්වීමට උත්සාහ කරමින් සිටින බවද අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේය. විදුලි පුටු දහසකට වුවත් යාහැකි යැයි වීරයකු සේ කීවද මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට නොයා සිටීම සඳහා විවිධ උපක්‍රම යොදමින් සිටීම හාස්‍යයට කරුණක් බවද ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලක්ෂ 58 අතරේ තව තව කතා තිබෙනවා (නි)
කියන එක්කෙනාගේ බ්රේක් අපි දැක්ක ටි වී එකේ. (ස)
රාජපක්ෂ මෙහිදී දන හෝ නොදැන අවංකව කතා කල නිසා ඔහුට දොස් නැගීම වැරදි ඔහු කොමිසන් වලට යනවට වටේ ඉන්න හොරු එක වළක්වන්න හදන කතාව ඇත්ත (ම)
මහින්ද එයා කරපු වැරදි කියන්නේ හිනහවේවි එයාට තවමත් සෙල්ලන් බලය නැවත ලබා ගන්න යන්නේ අසිහියෙන් තමන් තමන්වම පවා දෙනවා ,මේවයින් පෙන්නේ එයාට දේව කෝප ,තමන්ම කියගන්නවා තමන් කරපු වැරදි මාද්‍යවේදීනි නැවත මොහුගෙන් අහන්න එපා නැවත බලයට එනවද කියා එය ඔබගේ තත්වයට මදිකමක් අහන්න කුඩා අයට. ආදර්ශයක් විදියට නීතියට පෙනිසිටිනවද කියනඑක ,දැන් මෙය කියවලා කට්ටඩි ටික දුම්මල අතට ගනී මහින්දගේ (බ)
මෙයා නැවත ආවත් කරන්නේ ඔය ටිකම නේද ,කරුණාකර ජනතාවට කියන්න ඔබ රැකපු හොරු ගේ නම් හෙළිකිරීම ඔබගේ වගකීමක් මොකද ,සමාවෙන්න කියලා බේරෙන්න බැහැ,ඔබ මේ රටේ ජනතාවගේ අරක්ෂකයා , ඔබ හොරුන් රැක ගැනීම හා අනුබල දීම බරපතල වරදක් කොහොම නමුත් ඔබගේ රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවට වැරදිකරු එය ජනතා අධිකරණය තීන්දු කර අවසන් (බ)
මස් කටුවක් හම්බවෙලා (බ)
මහින්ද ඊයේ. පන්සලකට ගියා බෝධියක් විවෘත කිරීමට එය සුදු රෙද්දකින් වසා නුලක් දමා තිබුන පහළට. මහින්ද එය කරන වෙලාවේ ලනුව තුන්පාරක් අැද්දා නමුත් රෙදි කෑල්ල අයින් වුනේ. නැහැ මහින්දගේ මුණ වෙනස් වුණා ඊට පසුව. තමයි මේ කතාව කිව්වේ දැන් මහින්දට නැවත සුමනදාසව ගේන්න වෙනවා දෙවියෝ දනී අපි නොදනී (බ)
ආ! මේ අපේ අජිත් මහත්තයනේ.... (නි)
මහින්ද මහත්තයා ගැන එතුමාට ඡන්දය දීපු ලක්ෂ 58 බලාගනීවි. අනෙක් අය තමන්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන හිතුවා නම් වඩා හොඳයි.මහින්ද මහත්තයා සුනාමියක් වගේ ළඟ ළඟ එනවා.බය හිතෙනවා නේද? අනෙක මේ අදහස් දාන ආමෙරිකාවේ චතුරි නංගිට ඇමෙරිකාව තිබුනට අපිට තියෙන්නේ මේ සිරිලක් බිම පමණයි.මේ රටේ මිනිසුන්ගේ හිත්වල තිබුණු මරබිය ඉවත් කරලා මේ රටේ මිනිසුන්ට නිදහසේ හුස්ම ගන්න ඉඩකඩ හදලා දීපු මහින්ද මහත්තයාට මිනිසුන්ගේ තිබෙන බැඳීම තේරුම් ගන්න ඔයාලට බැහැ නගෝ. (නි)
කියන කට්ටිය ගැනත් අපි විතරක් නෙමෙයි රටම දන්නවා. (නි)
ඇමරිකාවේ චතුරි, ලෝකේ දියුණුම රටකට ගියත් , මෝඩයා මෝඩයාමයි කියන්න හොඳම උදාහරණය ඔයා (නි)
පොරකන්නේ කුමට, සාප නොකරවූ එකිනෙකා හට.... වාදවිවාද කුමට ගිය හකුරට.... නමුදු...ඔල්වරසන් දෙවු 19 ට....... ජාතියේ පිනට.... ලැබුණු තැන හිමිකරුට ... හිස නමනුව ජන වරමට.... නැත්නම් බුදු සරණයි නුඹලට.... (නි)
චතුරි,මහින්ද කියන්නේ රට පාවා නොදී ජාතිය ගළවාගත් වීරයා. දේශපාලන වශයෙන් මොනවා වුණත් අපි සළකන්නේ ඒකට. අනිත් හිටපු අය කළේ අවුරුදු 25 ක් තිස්සේ වවාගෙන කෑ එක බිලි පූජා තිය තියා. (නි)
මහින්දට බය වෙලාද? අප්පච්චි මළේ නැහැ. ළඟදිම එනවා (නි)
ඕක කියන්න තිබුණේ කණ්ණාඩියක් ගාවට ගිහින්. ඔයාලා මොළ හෝදාගෙන මේ ළණු කෑවාට අපි කන්නේ තවම බත්. (නි)
කරපු වැරදි පිළිගන්න එකයි මනුස්සකම. නිදහසින් පසු කොයි දේශපාලකයාද වැරදි පිළිගෙන තියෙන්නේ. (නි)
පිවිතුරු යහපාල මහත්මයාට මමත් එකඟවෙමි. ඔබේ වචන ටික හරිම අගෙයි.ඔබට සුබ දවසක්! (නි)
බලනු පිතු ස්නේහය.... කළ වැරදි පාපොච්චාරණය... මානෙල් මල් සුගන්ධය... නොවේ නාමල් පිපුණු ලන්තය.... (නි)
හේවා,ඔබ ආණ්ඩුවේ රැකියාවක් කරනවා නම් වහාම ඉල්ලා අස්වෙන්න තමාට පෙර රට කියලා. ඒක මතක තියාගන්න. (නි)
මිනිසුන් මහින්දට වැඩියෙන් ආදරේ කරන්න හේතුවුණ අයත් යහපාලනයට එකතුවෙලා ඉන්න එකයි අපිට දුකට ඇති කාරණය (නි)
රාජු, ඔබ මෝඩයෙක් නිසා අනිත් අයට මෝඩයා කියනවාද? ඔබ දන්නවද? මෝඩකමට බෙහෙත් නැහැ. (නි)
මිස්ටර් ප්‍රභාකරන් රජකළ කාලයේ ත්‍රස්තවාදයට තියා බෙදුම්වාදයටවත් එරෙහිව මොවුන් කතාකරනවා අහලා නැහැ. (නි)
ප්‍රථමව තමාගේ කටේ බ්‍ර්කේ තිබේද කියා බැලියයුතුය. කොහොමද දන්නේ නැහැ ගණන් බැලුවේ ලක්ෂ 20 ගැන? (නි)
රත්තරන් පිහිය කියලා ඇන ගත්තහම මැරෙනවා (නි)
අවුරුදු 22ක් විතර මෙයාලගේ කටවල් වලට බ්රේක් වැටිලා තිබුනේ.ලක්ෂ 58ක් නෙමෙයි දැන් ඊටත් වැඩියි.මොන දේ කොහොම වුණත් මොන අතට පෙරලුනත් අපිට හිටපු ජනපතිතුමා දෙවි කෙනෙක්. (නි)
චතුරි මෙහෙ ඉඳලත් හැදිලා නැහැ, කොහොමද මෙහාට ආවේ? (නි)
චතුරිට මාත් එකඟයි (නි)
චතුරි නංගි ආපසු පාසල් ගියා නම් තමයි හොඳ (නි)