ශ්‍රි ලංකාවේ හිටපු ජනාධිපතිවරයකුගෙන් ප්‍රශ්න කර කටඋත්තරයක් ලියා ගත් ප්‍රථම අවස්ථාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මුහුණ දුන් බව බරපතල වංචා දුෂණ විමර්ශන කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසුවේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ළඟට කොමිසමේ නිලධාරින් යවා ප්‍රකාශයක් ලබා ගැනීම ද බරපතල වංචා දුෂණ සෙවීමේ විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිසම ලැබු විශිෂ්ට ජයග්‍රහණයක් බවද ඔහු කීවේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධින රූපවාහිනි සේවය ඔස්සේ ප්‍රචාරය කිරිමට ගිවිසගත් දැන්වීම් වලට වඩා රුපියල් කෝටියකට අධික දැන්වීම් ප්‍රචාරය කොට ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නොගෙවීමත් ස්වාධින රූපවාහිනි සේවයට පාඩු කිරිමේ සිද්ධිය ගැන ඔහුගේ ළඟටම ගොස් ප්‍රකාශයක් ලබා ගැනීම පිළිබඳව කළ විමසිමකට පිළීතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේය.
තම නිලධාරින්ට අවශ්‍ය වී ඇත්තේ හැකි ඉක්මණින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කිරිම යැයි කී ලේකම් ලැසිල් ද සිල්වා මහතා මේ තත්ත්වය හේතුවෙන් කොමිසමේ නිලධාරින් නම්‍යශිලි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගත්තේ ගත් බව සිල්වා මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු යහපාල මහත්මයා ඉඳහිටවත් නිවැරදි දෙයක් ප්‍රකාශ කරන එක සතුටට කරුණකි. (අ)
හරියටම බලනවා නම් 1977 සිට බැලිය යුතුයි. (නි)
දැන් ඉන්න ගොඩාක් කාලකන්නින්ට මෙතුමගේ අගේ තෙරෙන් නෑ. මුන්ව බස් බෝම්බෙකටවත් අහුවෙල පවුල් පිටින් මැරිලා යන්න තිබුනේ (බ)
දෙකට නැමිලද ගියේ (ම)
මේ ගෙවෙන්නේ රාජපක්ෂවරුන් දඩයම් කරනා යුගයයි.(ම)
රජයේ දේපොළ අවභාවිතයට දඩුවම් ලබා දිය යුතුයි (අ)
ගුරුතුමා හිටගෙන සුළුදිය බාන් විට ගෝලයෝ දුවමින් ඒ වාදය කරන බව කවුරුත් දන්නා දෙයක්. මෙවැනි වැරදි නිවැරදි කර ගැනීම අනාගතයට හොඳ ආයෝජනයක්. (අ)
ජයලත්, ඔබ නීතිය වරදවා තේරුම් අරන්. ලංකාවේ ජනාධිපතිවරයෙකුට සේවයේ සිටිද්දී නඩු දමා අධිකරණයකට කැඳවිය නොහැකි නමුත් සේවයෙන් පහවීමෙන් පසුව සේවා කාලය තුළ සිදූ වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් නඩු දමා දඬුවම් දීමට පුළුවන්. (නි)
හිටපු විධායක ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රී කෙනෙක් වුණේ ලෝකයෙන්ම පළමු වතාවට නේද? (නි)
නීතිය සියල්ලන්ටම පොදු වියයුතුයි (නි)
මෙහෙමත් විහිළු මේ රටේම විතරයි (බ)
මේවා කියන්නේ කවුද (බ)
ජයලත්, 19 වන සංශෝධනයෙන් පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණානේ (නි)
වැරදිකාරයා උනොත් සිරගෙයත් ගෙදරටම ගෙනියමු ආයුබෝවන් (ම)
ඔය වගේ වංචාවලට සම්බන්ධයි කියන, ඒ වගේම විවිධ ආයතනවලට පොලු තිබ්බයි කියන අයගේ තරාතිරම නොබලා වහාම විමසා, වරදකරු නම් සුදුසු දඬුවම් දීම නීති ගරුක රටක පාලකයන් විසින් කළ යුතුමයි. කොහොම උනත් එයා කොමිසමට නොපැමිණ, කොමිසම එයා ලඟට ගිය එක නම් "විමර්ශන කොමිසමට" කරපු අපහාසයක්, නින්දාවක් ලෙස සියලුම නීති ගරුක ජනතාව විසින් හෙළා දකින බව නොකියාම බැරිය.... (බ)
මෙයා කරපු එක රටේ නීතියට එකගද, පටහැනිද කියා අධිකරණය විසින් විමසා බැලිය යුතු වෙනවා !! (බ)
ජයලත් මහත්තයා, නීතිය දන්නේ නැහැ වගේ. ඔය කියන දේ වලංගු තනතුරේ ඉන්නතුරු පමණි. (නි)
නීතිපති මොනවා කියයිද දන්නේ නැහැ (බ)
බොරු ආඩම්බරයට සමහරු රැවටුනාට යහපාලනයක් මෙවැනි අය ඉදිරියේ දණගැසිය යුතු නැහැ. (නි)
ජයලත් මහත්මයා,දැන් එයා මන්ත්‍රී කෙනෙක්! (නි)
ජයලත්, දැන් එයා හිටපු ජනාධිපති නෙමෙයිනේ (නි)
ගෙදරට ගිහින් කට උත්තරය ගැනීමම නීතිය බාල්දු කිරීමක්,ඕව කළා කියල ඇති වැඩක් නැනේ,අවසානය අමු වැරදි කාරයෝ නිවැරදි වීමයි,මේ ආණ්ඩුවත් ලොකු බොරුවක් තමා මේ ජනතාව රවටමින් කරන්නේ. මහින්ද ඇතුළු හොරු 40 යහතින් වැජඹෙයි,හැමදාම.එයි අවසානය, (බ)
හිටපු ජනාධිපතිවරයෙකුට ධූර කාලයේදී කළ කිසිම දෙයකට නඩු පැවරිය නොහැකි බව ව්‍යවස්ථාවේ තිබෙනවා නේද? (නි)
මේ වැඩ ගැන දැන් හැමෝම දන්නවා. (නි)
අප රටේ ගැළවුම්කරුවා එතුමාය (නි)
සමහර අයට හරි අමාරුයි නේද මහින්ද නීතියට අනුව ප්‍රභාකරන් මැතිතුමාව ඝාතනය නොකරපු එකට. (බ)
ඉදිරියේදී නඩුකාරයොත් ගෙදරට ගිහින් නඩුව අහයිද?වැරදිකාරයා උනොත් හිරගෙදරත් ගෙදරමද? (බ)
මේවා ගොන් පාර්ට්, මොකද ඔය දැන්වීම් මහින්ද කියල දාපුව නෙමේ. (අ)
පොඩ්ඩක් හිතන්න මහත්තයෝ . මහින්ද මහත්තය මේ සල්ලි ගෙවල දැම්මොත් ඊට පස්සේ ඒ ගෙවපු සල්ලි ආවේ කොහෙන්ද කියල හොයන්න ගන්නවනේ. නැත්තන් මහින්ද මහත්තයට මේක ගෙවන එක මම හිතන්නේ බොහොම සුළු දෙයක් කියල. (අ)
රනිල්ගේ දැන්වීම්වලට සල්ලි ගෙවල නැත්නම් එයාද වගකිවයුතු. නැත්නම් සිරිකොතද. (බ)
අයිසෙ කොමසාරිස්, මගෙනුත් කටඋත්තරයක් ඕනනම් කලින් දන්වල ගෙදරට එනවලා (බ)
මේ අය රෙදි ඇඳගෙනද දන් නෑ ගියේ (අ)
කුමාර්, ඔබ හරි (නි)