හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයට දින දෙකකට පෙර අත්සන් කළ ඉඩම් ප්‍රදාන පත්‍ර තොගයක් නව රජයේ නියමයෙන් අඟහරුවාදා (24) යාපන කච්චේරියේ දී බෙදා දුන් බව යාපනය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා කියයි.
දින සියයේ ජාතික වැඩසටහන යටතේ යාපනයේ ජනතාවට ඉඩම් අයිතිය පිරිනැමීම සංකේතවත් කරමින් ඉඩම් අක්කර 425ක අයිතිය පසුගිය සඳුදා (23) නව රජයේ නායකයෝ යාපනයේ දී ඊට පෙර දින (23) උතුරු වැසියනට පිරි නැමූහ. අධි ආරක්ෂක කළාපයෙන් නිදහස් කළ අක්කර 1000ක් එමේ ඔවුනට බාර දුන්හ.
මෙම උත්සවයට රජයේ ඉහළම පෙළේ නියෝජිතයෝ සහභාගී වූහ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරංතු ඔවුහුය. එවැනි නියෝජිත පිරිසක් යාපනයට ගිය පළමු අවස්ථාව මෙයයි.
රන්බිම ඔප්පු එහි දී ප්‍රදානය කැරිණි.
මාර්තු 23 වැනි දා දුන් රන්බිම ඔප්පු ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරිය සහ යාපනය දිසාපති අත්සන් තබා තිබිණි. එම ඔප්පු සමඟ ජනපතිගේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඉඩම් ඇමැති එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතාගේ සුබපැතුම් පණිවිඩ ද විය.
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ප්‍රදාන පත්‍ර ලෙස හැඳින්වූ ඔප්පු තොගයක් 24 වැනි දා කච්චේරියේ දී බෙදා දුන්හ. එහි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ අත්සන තබා තිබිණි. ඒ සමඟම හිටපු ජනපතිගේ හා හිටපු ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ පණිවුඩ ද එහි ඇතුළු කර තිබිණි.
හිටපු ජනපති ඉඩම් ප්‍රදාන පත්‍රවලට අත්සන් කර ඇත්තේ 2015 ජනවාරි හය වැනි දා ය. එනම් ජනාධිපතිවරණයට දින දෙකකට පෙර ය. යාපන ඉඩම් ලේකම් කාර්යාලයයේ එම ප්‍රදාන පත්‍ර ලියාපදිංචි කර ඇත්තේ 2015 පෙබරවාරි 11 වැනි දාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ සල්ලි (බ)
රටේ දේපල ඉඩම් සහ මුදල් තමන්ගේ කියල හිතන මෝඩ දේසපළුවන් ඉන්න එකම රට ලංකාව. (ස)
අනේ මන්දා මේ මොන අපබ්බ්‍රන්ෂද කියලා.(හේ)
මේවා ඉඩම් වල නියම අයිතිකරුවන්ටම ලබාදීමට පිළියෙළ කළ ඔප්පුද? බලාගෙන ගියාම මෙතුමා ෆයිල් වගේම ඉඩම් ඔප්පුත් තියාගෙනනේ ඉඳලා තියෙන්නේ? (නි)
අධිආරක්ෂක කලාප ඉවත් කරනවා කියපු අය ඉඩම් ඔප්පුත් හදල නේද ? (ස)
මේවා ඔය දෙන්නගේ පෞද්ගලික දේළ නෙමේයිනේ . කවුරු බෙදුවම මොකද .(හේ)
ඔය කව්රු බෙදන්නෙත් ඒ මිනිසුන්ගේම ඉඩම් අපේ දේශපලකයෝ එ්කෙනුත් ලකුණු දා ගන්න හදනවා. එදා ඉංග්‍රීසිකාරයෝ ( සුද්දෝ) අපේ රට පාලනය කරන වෙලෙත් උන්ට ගොට්ට අල්ලපු කල දැන් ඔය අපි රටේ වැදගත් මිනිස්සු වෙන්න හදන අයගේ මුතුන් මිත්තෝ කල දේවල් ඉතිහාසය දන්නා අය දන්නවා බොරු පච වලව් කාරයෝ. (බ)
මහින්දගේ ඔප්පු කියන්නේ එයාගේ පරම්පරාවෙන් පැවත එන ඉඩම්වල ඔප්පුද මේ බෙදන්නේ?(හේ)
දියුණු රටක සදාචාරාත්මක දේශපාලනයේ අප නොදත් එක් පණිවිඩයක් මෙම ලිපියේ අන්තර්ගත වේ. පක්ෂ ගැත්තන් වී සිටින අප නිසා රොබට් නොක්ස් දුටු සුන්දර දිවයින අදද නොදියුණු රටක් බවට පත් වී තිබේ.(හේ)
එවා පරම්පරාවෙන් පැවත එන ඉඩම්ලු. (ත)
කිසිම දැක්මක් නැහැ. (ත)
"මගේම කලිසම ගජේට ඇඳගෙන උගේ වගේ යනවා!". මහත්තයෝ. ඔය කතාව ඇත්ත කියල කියමුකෝ. ප්‍රශ්නේ තියෙන්නේ එකේ අයිති එක්කෙනා කියනවා අනිත් එකාගේ කලිසමේ ලොකු හිලක් කියල. එයා ඇන්දනම් එ්කේ හිල ගැන කියන්න කවුරුත් නෑ. (ස)
මෛත්‍රී දුන්නොත් එ්ක කොටි , මහින්ද දුන්නොත් හොඳ වැඩ. අනේ මෙහෙම! (ස)
බලයේ ඉන්න කෙනා ඇරෙන්න වෙන කවුරු මේවා කරන්නද?(දිල්)
රනිල් මතත්තයට නිකන් ඉබ්බා දියට දැම්මම ඇන්නෑවේ කිව්වා වගේ (නදී)
ජාතික සංහිදිය කොමිසම කිව්වා ඕක මුලදීම. (ස)
මේ දේවල් කවුරු බෙදුවත් මොකද?(හේ)
මට සිංදුවක පදයක් මතක්වුණා. "මගේම කලිසම ගජේට ඇඳගෙන උගේ වගේ යනවා!" (නි)
පේනවනේ කව්ද වැඩ කරලා තියෙන්නේ කියල මේ රටට? දින 100 ය නමට විතරයි. (ස)
දෙමළ මිනිස්සුන්ට ජීවත් වෙන්නත් බිම් කැබැල්ලක් අවශ්‍යයි.(ත)
කවුරු බෙදුවත් බෙදලා තියෙන්නේ මුල් අයිතිකාරයන්ගේ ඔප්පු නේද?ඒ ඔප්පු වලටත් දේශපාලඥයන්ගේ පින්තූර ගැහුවම පෙන්නේ ඒ අය තමන්ගේ බූදලයෙන් කොටසක් දන්දුන්නා වගෙයිනේ (නි)
මේවා මහින්දගේ බූදල් නොවෙයි. මේවා අපේ රටේ සම්පත්. මේවා කාගෙවත් දේපල නොවන බව අවධාරණය කරගන්න. (ස)
අයිතිකාරයෙක් හොයා ගන්නම බැරි නම් ඉඩම් ඕන අයට බෙදල දෙන එකේ වරදක් නැහැ නේ . කාගේවත් පෞද්ගලික ඉඩම් නෙමේ නේ. මේවා මෙහෙම බෙදල දෙන්න අපේ හමුදාව මොනතරම් කැප කිරීම් කළාද කියල මතක තිය ගන්න එකයි වෙන්න ඕන. (ස)
මොනවා වුනත් ඉරල දාල අලුතින් ලියන්න තීරණය නොකරපු එකට අපේ ප්‍රණාමය. (ස)
පරම්පරා ඉඩම් නම් ඕවා අයිති කාටද කියලා අපි දන්නවා (නි)
මේවා දේශපාලකයන්ගේ භූදල නොවෙයි. (ත)
දේශපාලකයෝ රටේ අභිමානය කෙළෙසනවා. (ත)
බලාගෙන ගියහම මහින්දත් යාපනේ ඉඩම් දෙන්න කැමැත්තෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් දැන් මෛත්‍රී මහතා දෙන එක ගැන විවේචනය කරන්න නම් බැහැ නේද? (නි)
අන්න ඒක තමයි වටින්නේ. බලන්න එතුමාගේ විශිෂ්ටත්වය (නි)
කවුරු කළාම මොකද වැඩේ වෙනවා නම් (නි)
අදහස් දමන සමහරු කන්නෙ බොන්නෙත් දේශපාලනය වගෙයි (නි)
ඉතුරු අවරුදු දෙක ඉඳලා ඕවා ඔක්කොම බෙදලා නම්බු පිටින් ගියානම් කොච්චර හොඳද - තණ්හාව නිසා ශෝකය හටගනී (ම)
කොහොමත් යහපාලනය කියලා තවම කරන්නේ මහින්දගේ වැඩනේ.අලුතින් මොනවද කළේ? මහින්දෝදය ගොඩනැගිලි , කොළඹ ආර්ථික මධ්‍යස්ථානය එහෙමත් විවෘත කළේ ....! (නි)