මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට පොලිසියේ 105 දෙනකු සහ හමුදාවේ 108 දෙනකු ලබා දී ඇතැයි ද, එනමුත් ඔවුනට ප්‍රමාණවත් පහසුකම් ලබා දී නැතැයි ද හිටපු ජනපතිගේ මාධ්‍ය සම්බන්ධීකාරක රොහාන් වැලිවිට නිවේදනයක් නිකුත් කරමින් කියයි.
හිටපු ජනපතිගේ පාවිච්චියට හෙලිකොප්ටර ලබා දී නැතැයි ද ඔහු සඳහන් කරයි.
එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
‘‘මහින්ද රාජපකෂ මැතිතුමාගේ ගමන් පහසුකම් සඳහා හෙලිකොප්ටර් යානයක් ලබා දී ඇතැයි යන්න සත්‍යයෙන් තොර ප්‍රවෘත්තියකි. එතුමා ජනවාරි 09 වනදා කොළඹ සිට තංගල්ලට හිටපු ජනාධිපතිවරයා ලෙස නිලවශයෙන් පාවිච්චි කල හෙලිකොප්ටර් ගමන හැර අද වන තෙක් රජයේ හෙලිකොප්ටර් පහසුකම් ලබා ගෙන නැත. එසේම එදා මෙදා තුර කිසිම අවස්ථාවක එතුමා හෙලිකොප්ටර් පහසුකම් ද ඉල්ලා නැත.
පොලිස් ආරකෂාව
පොලිස් නිලධාරීන් 105 දෙනෙකු ලබාදී ඇත. ඒ අතර සහකාර පොලිස් අධිකාරීවරුන් තුන් දෙනෙකු සිටී. ඒ අයට නිල වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාහන තුනක් ලැබි ඇත. නමුත් ඔවුන්ගේ රාජකාරී කටයුතු සඳහා කාර්යාල පහසුකම් ලබාදී නොමැති අතර අවම පහසුකම් වලින් යුත් ගොඩනැගිල්ලක නේවාසික පහසුකම් ලබා දී ඇත. ඉහත වාහන තුන හැර මෙම පොලිස් නිලධාරීන් 105 දෙනාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාහන හෝ එකදු යතුරු පැදියක් හෝ ලබාදී නොමැත. ලබාදී තිබූ වාහන 17ක් හා රාජකාරී දුරකථන ද පොලිස් දෙපාර්තමේන්තුව විසින් නැවත ලබා ගෙන ඇත. මෙම නිලධාරීන් හිටපු ජනාධිපතිතුමාගේ ආරකෂක කටයුතු සඳහා භාවිතා කරන්නේ පෞද්ගලිකව ලැබුණු වාහන හා කුලී පදනම මත ලබා ගත් වාහනය.
හමුදා ආරකෂාව
හමුදා නිලධාරීන් 108 දෙනෙකු ලබාදී ඇත. ඒ අතර උසස් නිලධාරීන් දෙදෙනෙකුද ඇත. එම නිලයන් සඳහා යුද හමුදාවෙන් ලැබීමට නියමිත නිල වාහන හෝ කාර්යාල පහසුකම් අද වන තෙක් ලැබී නොමැත. එසේම මෙම හමුදා නිලධාරීන් 108 දෙනාට ප්‍රවාහන පහසුකම් සඳහා එකම වාහනයක් හෝ යතුරු පැදියක් හෝ ලැබී නොමැත. තවද දෛනික රාජකාරි කටුයතු සඳහා කාර්යාල පහසුකම් ලැබී නොමැති අතර නේවාසික පහසුකම් පමණක් ලැබී ඇත. හිටපු ජනාධිපතිතුමා ලෙස මහින්ද රාජපකෂ මැතිතුමාගේ භාවිතය සඳහා ප්‍රභූ වාහන තුනක් හා ආරකෂක රථ තුනක් පමණක් ජනාධිපති කාර්යාලයෙන් ලැබී ඇත. අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කර තිඛෙන පරිදි එතුමාගේ ගමන් පහසුකම් සඳහා හෙලිකොප්ටර් පහසුකම් ලබා දී නොමැති අතර එසේ ලබා දෙන ලෙස ඉල්ලිමක්ද කර නොමැති බව අවධාරණයෙන් දන්වා සිටිමි.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂට වාහන නැති උනාට ගෝල බාලයන්ට නම් සුකෝපභෝගී වාහන වැහි වැහැලා (නදී)
කමෙන්ට් දාන සමහර අයගේ නම් සිංහල උනාට ඒ අයගේ මුතුන් මිත්තෝ පර සුද්දන්. ඒ බව හොඳටම පැහැදිලියි(නදී).
චන්දන,ඊළඟ ආත්මෙදිවත් නුවණ පහළවේවා! (නි)
ඔහුට අඩුවෙන් සළකන එකට අපි විරුද්ධයි (නි)
ආරක්ෂාව මදි නම් මැදමුලනේ වලවුව වටකරලා බලකොටුවක් ඉදිකරලා, සැතපුම් දෙකක පමණ වර්ග ප්‍රමාණයක් අධි ආරක්ෂිත කලාපයක් කරන්න. ගමනාගමනය සඳහා බෆල් රථයකුත් ලබාදෙන්න. මොන බොරු විකාරද? මේගොල්ලන්ට වාහන වැහි වැහැලා. (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්, බල්ලෙකුට බත් කන්න දුන්නොත්, ස්වාමියා වැරදි උනත් ඌ නකුට වනනවා තමා. ඔයත් ඒකද දැන් කරන්නේ. මිනිහෙක් උනාම ඊට වඩා හිතන්න මොලයක් තියෙන්න ඕන. ලියනකොට ඔය තිත් ටික අයින් කරලා ලියන්න. එතකොට කෙටියි. (නදී)
මහින්ද කිතුල්ගොඩ සීෂෙල්ස් වල අසවල් බැංකුවේද දන්නේ නැහැ වැඩ කරන්නේ. පුදුම රෙදි අැපිල්ලිල්ලක් අපුල්ලන්නේ .(නදී)
මොණරා නටනකොට ඈතට ලස්සනට පෙනුනාට පශ්චාත් බාගය එළියේ කියලා ඌට අමතකයි (නි)
මෙච්චර ආරක්ෂාවක්.(හේ)
රටේ සියලු දේ අරගෙන තව මොනවද මේ ඉල්ලන්නේ. (නි)
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විශ්‍රාමික ජනාධිපතිනියයි. එතුමියගේ ආරක්ෂාවටත් මෙතරම්ම නිලධාරීන් පිරිසක් දීලද? එහෙම බැලුවොත් මේ පැන්ෂන් කාරයින්ටයි, පරදින අයටයි ආරක්ෂාවට නිලධාරීන් දුන්නම රටේ ආරක්ෂාවට අදාළ රාජකාරි වලට නිලධාරීන් තවත් ගන්න වෙයි.(නදී)
තිලක් -ඩුබායි , අවංකවම මම ඔයත් එක්ක එකඟ වෙනවා. (නදී)
අම්මෝ මෙච්චර ගොඩක් මොකටද අරක්ෂාවට. හුගක් වැඩියි.(නදී)
මෙයාට මෙච්චර ආරක්ෂාවක් මොකටද දීලා තියෙන්නේ? (නි)
මම නම් කියන්නේ මේ ටිකත් මදි (නි)
ඉතින් දක්ෂ පුතෙක් ඉන්නේ. ඒ හොඳටම ඇතිනේ! (නි)
ඔය ආරක්ෂාව දීල තියෙනවා හොදටම ඇති. තව ආරක්ෂාව ඕන නම් කියන්න. පොලිසියේ 105 හමුදාවේ 108 අයින් කරලා හිටපු ජනාධිපති තුමාව ජෙනරාල් හිටිය ආරක්ෂක ස්ථානයට යොමුකරන්නම්.(නදී)
ද සිල්වා බර්ලින්,ඔබ හරියටම හරි. (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්,ඔහේ ඉන්නවා කියන සී ෂෙල්ස් රටේ විදෙස් ඇමතිගෙන් අහලා දැනගන්න රාජපක්ෂවරුන් සතු ධනස්කන්දය ගැන. (නි)
අහිංසක අනාගත දරුවන් ගැන නම් කියන්නම එපා.සිමෙන්ති කොට්ට ගොඩබානවා වගේ රටට කුඩු ගෙන්නුවේ.තව පරම්පරා 7 ක් රටම චීනයට ණයකරලා. කොල්ලුපිටියේ,බම්බලපිටියේ පැත්තේ රැට නිවි නිවී පත්තුවෙන සිග්නල් විදුලි බුබුළු ටිකක් සවිකරලා, කියවා ගන්නවා ලෝකයේ දියුණුම නගරය කොළඹලු.අනේද කියන්නේ! (නි)
ගෙම්බෝ දෙන්නෙක් බක බක කොමන්ට්ස් දාල තියෙන්නේ. (බ)
එතුමා නැත්නම් මෙතන අදහස දාන කීදෙනෙක් අද ජීවතුන් අතර නැද්ද දන්නේ නැහැ. (නි)
ජනතාව ප්‍රතික්ෂේප කරලා ගෙදර යවපු ජනාධිපති කෙනකුට මේ තරම් පොලිසියේ සහ හමුදාවේ ආරක්ෂාවක් ලෝකයේ මොනම රටකවත් දීල තිබෙනවා කියල මමනම් අහල දැකල නැහැ.(බ)
රට යටත් කරගෙන හිටිය පාලකයකුට හොඳම ආරක්ෂාව තිබෙන ස්ථානය "මහගෙදර'.දැන්වත් පරීක්ෂණ ඉක්මන් කරලා ආරක්ෂාව තිබෙන "මහගෙදරටම" යවන්න. (බ)
ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමටවත් හමුදාවේ,පොලිසියේ 213 කුගේ ආරක්ෂාවක් දීල නැහැ.ලෝකයේ ජනතාව ප්‍රක්ෂේප කරපු කිසිම පාලකයෙකුට මෙවැනි ආරක්ෂාවක් දීල තිබෙනවා කියල මම නම් අහලවත් නැහැ.අනික ලෝකයේ සිටින දරුණුම ගනයේ හොරෙකුට හමුදාවේ,පොලිසියේ 213 ක් දෙන්නේ මොන අමරුවකටද?. (බ)
වැදගත් විදිහට දෙපාරක් ජනාධිපති ධූරයේ ඉදල ගෙදර ගිය චන්ද්‍රිකා නෝනටත් ඔය වගේ පොලිසියේ 105 හමුදාවේ 108 ක ආරක්ෂවක් දුන්නද?මේක ජාතික අපරාදයක්.(බ)
විශ්‍රාම යන්න ඉන්න පොලිසියේ කොස්තාපල්ලා දෙන්නෙක් දෙන්න බැටන් පොලු දෙකකුත් එක්ක.එය හොදටෝම ප්‍රමාණවත්. (බ)
"මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට පොලිසියේ 105 දෙනකු සහ හමුදාවේ 108 දෙනකු ලබා දී ඇතැයි ද"..... 213 දෙනෙකුට පඩි ගෙවන්නේ අපි කන පාන කෑල්ලෙන්,පරිප්පු ටිකෙන්,හාල් ටිකෙන්,කිරිපිටි සිනි ටිකෙන් ගහන බදු මුදල් වලින්ද? (බ)
තිලක් ඩුබායි කියන හාදයා ඩුබායි ගියේ කුමන කාලයේද? කුමන රටක සිටද? නැත්නම් ඩුබායි ගිය ලංකික ගැහැණු පිරිමි ජෝඩුවකට ලැබුණු ඩුබායි -ශ්‍රී ලංකා දරුවෙක්ද වග දැනගන්න පුලුවන්ද?(ම)
රට ගිය ලාංකිකයෝ ලංකාව ගැන හරි අවබෝධයක් ගෙන අදහස් දමන්න. ලංකාව ගැන දන්නේ ලංකාවේ ඉන්න අය බව ඉහත අදහස් වලින් පැහැදිලිවේ. (ම)
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ වරදට රටම නිදහස් කර දුන්නු ජාතික විරයව බල්ලෙක් වගේ දෙවැනි දවසෙම කුදලාගෙන ගිහින්,රජයේ නිවාඩු දිනවල නඩු අහල,රජගෙදර සිටම තෙන්දුව දීල මහගෙදර යවපු ජෙනේරල්ට කරන නිග්‍රහයක් මේක.(නදී)
"කුරහන් පාට අබුඩ ලේන්සුවක් කර දාගෙන ඉන්න" අය ගැන කියද්දී මට මම ලියමින් යන "රාජපක්ෂ රටම සුරගෙන කෑමේ පන්සීය පන්සීය පනස් ජාතක කතා වස්තුව' හෙළි කරන්න හිතෙනවා. (ම)
ආයෙමත් ඩුබායි ඔටුවා කොටි හඬ දානවා. (නදී)
රටම කකා ඉඳලා පුරුදු මිනිහෙකුට ඉතින් කොච්චර පහසුකම් දුන්නත් මදි තමා(ම)
අපේ පැත්තේ තිබෙන ගම්මාන 12ක් බලන්න මුළු පොලිසියේම ඉන්නෙත් 5 දෙනයි.(ම)
බලන්න තිබුන ජනවාරි 8 වෙනිදා රටම යටත් කරගෙන හිටිය "ඒකාධිපතිය" සහ "ඒකාධිපති පවුල" නැවත බලයට අාවනම් මොකක්ද වෙන්නේ කියලා. එහෙනම් විපක්ෂයක් අද වෙනකොට නැහැ.තව අවරුදු 20 කාටවත් විපක්ෂයක් කියල දෙයක් ඉතිරි කරන්නෙත් නැහැ.රටම යටත් කරගෙන හිටපු ඒකාධිපතියාට විරුද්දව එඩිතරව ඉදිරියට ඇවිත් නායකත්වය දුන්නු රතන,සෝභිත ,ඕමල්පේ හාමුදුරුවරු අද ජිවතුන් අතරත් නැහැ. (නදී)
"මහින්ද රාජපකෂ මැතිතුමාගේ ගමන් පහසුකම් සඳහා හෙලිකොප්ටර් යානයක් ලබා දී ඇතැයි".... බලන් ඉන්න අර මහජන මුදලින් ඉල්ලුම් කරපු ජාතියේ රුපියල් කෝටි 250 ක සුපිරි ගුවන් යානයක් ගෙනත් දෙන්නම්.(නදී)
ජාතික වීරයා රැක ගත යුතුයි (නදී)
ඔහු රටක් රැකගත් නායකයෙකි (නි)
තිලක් චන්දන, දවසක් හරි මරණින් බේර ගත්තොත්, බත් පතක් බල්ලෙක්ට දුන්නොත්. කවද හරි ඌ තැනකදී දැක්කොත් අඩුම ගන්නේ වල්ගේවත් වනල කෙලෙහිගුණ දක්වනවා. එ්ත් එ් වගේවත් කෙලෙහිගුණ නොදත් තිරිසන් ගති මතු කරන අදහස් වලින් වලකිනවා නම් ගොඩක් හොඳයි. මොකද එතුමාට තර්ජන තියෙන්නේ රාජපක්ෂ පවුල ආරක්ෂා කරන්න ගිහින් නොවේ. (නදී)
කොහොම උනත් හිටපු ජනාධිපති වශයෙන් එතුමාට වැදගත් ආකාරයට සැලකිය යුතුවේ (නදී)
"දින 100 කදී යහපාලන ඇමැති පුතා සමග 40 වතාවක් රට ගිහින් ආන්ඩුවේ වියදම කෝටියකට ආසන්නයි"........නමට විතරක්"යහපාලන" කියල වැඩක් නැහැ.ක්‍රියාවෙනුත් යහපාලන වෙන්න ඕනේ. කව්රු කලත් වැරදියි.(නදී)
යුගයක් වෙනස් කළ මිනිසුන්ට තර්ජන වැඩිය (ම)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස්. කවදාවත් කොටින්ගෙන් රාජපක්ෂවරුන්ට තර්ජන නැහැ. වගකීමෙන් කියන්නේ. කේ.පි ට ,කරුණලාට හෙලිකොප්ටෙර් දුන්නේ අපිද ?ඇමතිකම් දුන්නේ අපිද?පක්ෂයේ උප සබාපති කම දුන්නේ අපිද? (නදී)
ඔය ආරක්ෂාවට දිලා ඉන්න පොලිසියේ සහ හමුදාවේ අයට වැටුප ගෙවන්නෙත් මහාජන මුදල්වලින්. නරකද කට්ටිය මැදමූලනට ගිහිල්ලා ලොක්කට මදියි කියන ආරක්ෂාව සැපෙව්වොත් වැඩමුර ක්‍රමයකට. (නදී)
මේ ඩුබායි තිලක් මගේ නමත් කැත කරනවා. මමත් ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ මෛත්‍රීපාල මැතිතුමාට. ඒ කැසිනෝ, රේස් වගේ මෝඩ වැඩ වලට විරුද්ධව.මට මගේ ඒ තීරණය ගැන සතුටුයි. ඒ වුනාට යුද්ධය නැවැත්වූ එතුමාට අපි සදා ණය ගැති බව අමතක නොකල යුතුයි. එබඳු ආරක්ෂාවක් ලබා දීම නම් අපගේ අනිවාර්ය යුතුකමක්.(නදී)
එක මිනිසෙකු රකින්න තවත් මිනිසුන් සිය ගණනක් කුමකටද? තනිව නිදහසේ ජීවත් විය නොහෙකි වීම කාගේ පව්කාර කමක්ද (ම)
මහින්ද මැතිඳුනි , 1977 සිදුවූ මහා ඛේදවාචකයෙන් මහා ආඝධායකට වැටී විනාශයට ඉතාමත් ආසන්නව තිබු ශ්‍රී ලංකාව, කටුනායක ගුවන් තොටුපලට විදේශ ගුවන් යානා නොපැමිණ, කොළඹ වරායට විදේශ නැව් නොපැමිණ, ලොවින් කොන්වී තිබු ලක්බිම නැවතත් ජාත්‍යන්තරයේ විශ්මයට සහ බලවතුන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වන තරමට පරිවර්තනය කලේ ඔබයි . කොයි මොහොතේ බෝම්බ ප්‍රහාරයකට, වෙඩි පහරකට ලක්වෙයි බියේ ජීවත් වූ ලාංකිකයන්ට ( ආරක්ෂාව පතා විදෙස් රටවල ට පැනගිය අය හැර ) නැවත නිදහස් ජීවිතයක් ලබාදුන්නේ ඔබ තුමන්ය. ශ්‍රී ලංකාවට ලබාදුන්නේ ඔබයි . ඇස් ඉදිරියේ තිබු මේවා වසන් කර ලාංකිකයන් ගේ දුර්වලකම් ප්‍රයෝජන ගෙන කිසි කෙනෙකු දැක නොමැති සොරකම් , දුෂණ හා අපරාධ ගැන බන දෙසා ලාංකිකයින් මුලා කිරීමට දෙස් විදෙස් බලවේගයන්ට හැකිවිය. ඔබ තුමාට කාගේ ආරක්ෂාව නොලැබුනත් ශ්‍රී ලංකාව ආරක්ෂා කරන සතරවරම් දෙවියන්ගේ ආරක්ෂාව ඔබට ලැබෙනු ඇත (නදී)
කොටි ඔක්කොම නැති කෙරුවනම් මොනවටද ආරක්ෂාව. මිනිස්සු ඔයාව මරාගෙන කන බයට ආරක්ෂාව ඉල්ලන්නේ. නැත්නම් චන්ද්‍රිකාත් යුද්දේ කළානේ. වැඩියෙන්ම යුද්දේ දිනුවේ සරත් ෆොන්සේකාගේ දක්ෂකමිනේ. අපේ සල්ලි තව මෙයා වෙනුවෙන් කන්නේ නැතුව රාළහාමිලා හතරදෙනෙක් දුන්නනම් ඇති පොලු සහ කුල්ල ඇතුව. (බ)
රොහාන් වැලිවිට මහත්මයෝ ඔබට ඉස්සර "හොඳ දැක්මක් " තිබුනත් දැන් නම් ඒබවක් පෙන්න නැත්තේ මොකද? (ර)
කොටි ගොරවද්දී නකුට දෙපරන්ගේ ගහගෙන ඇදන්යට හිටපු අය අද සිංහයෝ වෙලා උඩු බුරලනවා ,(බ)
මොකටද මෙපමණ ආරක්ෂව එහෙනම් ෆොන්සේකාට 500 විතර දෙන්න ඕනේ ඔහු හන්ද තමා අපේ රට අද නිදහස් වෙලා තියෙන්නේ අනෙක මොනවා කරන්න යන්නද හෙලිකොප්ටර් මාලු බාන්න යන්නද? තියන දෙයක් කාල ගෙදර වෙලා වැඩක් බලා ගන්නේ නැතිව ලංකාව තවත් විනාශ කරන්න වලි කනවා(බ)
පුදුමේ කියන්නේ,යුද්දය දිනපු සරත් ෆොන්සේකා මහතාට සලකපු විදිහ මුළු ලංකාවම දැක්කනේ.අපරාද මහජන මුදල්,බලාගෙන යනකොට යහාපාලන කට්ටියත් ලබන මැතිවරණයේදී හොඳ පරිප්පුවක් ඉල්ලගෙන කන්නයි යන්නේ. (බ)
ග්‍රාම සේවා තුලාන 23ක ඉන්න ඔක්කොම මිනිස්සු ටිකගෙ ආරක්ෂාවට අපේ පොලිසියේ ම ඉන්නේ 55ක් ඕන් (බ)
තිලක් ඩුබායි.....රාජපක්ෂවරුන්ට ....තර්ජන නැතිනිසා වෙන්න ඇති ....ලෝකය පුරාම ....විසිරී සිටින පුල්ලි මාමල එතුමා සහ රණ විරුවෝ කොටු කරන්න ..වෙහෙසෙන්නේ...එදා ආරක්ෂාව තිබුන නිසා තමා කිට්ටුවට එන්න බැරුව හිටියේ ..එත් ගොටාබය මහතාගේ ..රථය රත්මලනේදී ඉලක්කකරේ..ආදරේටද? එදා ඇන්ටන් බාලසිංහම්ට කේපීට ..කරුණට.විතරක් නොවේ සාම මාවතට ආවනම් ප්‍රබාකරන්ටත් දැන් නම් ඇත්තටම හිතෙනවා එතුමන්ලා සහ රණ විරුවෝ මොකටද මේ රටට සාමය උදා කරන්න වෙහෙසුනේ කියල...අනික ඉතින් ...එයාල සමග ගිවිසුම් ගහපු,බෑනල, මස්සිනාලා,ගේ හිත්වලට සතුට ඇතිවෙන විදියට සිංහල ජාතියගැන අඩු තක්සේරු කරන හිටපු පාලකයෝ වගේ අයට....කාගෙන් අනතුරක් වෙනවා කියලද කාගෙන් ආරක්ශාවෙන්නද?..(බ)
පොඩි නැහැ ආරක්ෂාවට ඉන්න පිරිස.(ම)
ගුණමකු මිනිස්සු හොයාගන්න මේක හොද ආටිකල් එකක් (බ)
නජිත් ....ඔය පත්තරේම කොනක තියනවා ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් ....කොටියා ලොව පුරා සල්ලි ගරනවා...පොඩ්ඩක් කියවල බලන්න ....ලින් මැඩියෙක් වගේ ...වෙන්නේ නැතුව.....දකුණේ ගොඩක් .දෙනා ....ගොඩක් දේවල් අමතක කරලා...ඒකෙ...ප්‍රතිපල බුක්ති විඳින්න වෙන්නේ අහිංසක අනාගත දරුවන්ට ඊළඟ සැරේ පටන් ගත්තොත්නම්?....දෙවියන්ගේම පිහිටය් .......අහෝ ..දම්පල් තුමනි ...එදා ඔබගේ මුවින් පිටවූ වදන් ...එකිනෙක ...ඉටුවෙමින්.. පවතී...(බ)