හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට විශ්‍රාම ගිය කමාන්ඩෝ භටයන් 50ක් පමණ බඳවා ගැනීමට සූදානම් බවත් ඒ සඳහා බොහෝ පිරිසක් කැමැත්ත පළ කර ඇති බවත් පැවිදි හඬ සංවිධානයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අද නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.
දැනට ඒ සඳහා සම්මුඛ පරීක්ෂණද ආරම්භ කර ඇති බවත් සිව්දෙනකු මේ වනවිට බඳවාගෙන ඇති බවත් ඒ හිමියෝ කීහ.
තමාට මහින්ද ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළින් ඉවත් වන්නැයි බල කරමින් නිර්නාමික දුරකථන ඇමැතුම්ද ලිපිද ලැබුණු බවත් මර්ණ තර්ජන ද එල්ලවී ඇති බවත් ආනන්ද හිමියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂාව ලබා දීම නම් හොඳ වැඩක්. නමුත් මේක කළහැකි දෙයක්ද.? (ර)
නියම බුද්ධ ශ්‍රාවකයෝ හදුනන් බැරි අයනේ මෙතන අදහස් දන්නේ කළගුණ සැලකීම බෞද්ධ ගතියක්. (ර)
මං දන්නා හැටියට නම් අපේ රටේ කිසි කෙනෙකුට පෞද්ගලික හමුදා තබා ගැනීම තහනම්. (ර)
අනේ මන්ද සාසනේට ගිය කලක්. මෙයාලට වෙන වැඩක් ඇත්තෙම නැත්ද. මෙයාල සාසනේට වැඩක් කරන්න මහන්සි වෙන්නේ නැතිව දේශපාලනේ කර කර පාලකයන්ගේ පස්සෙන් යන්නේ. අනේ හාමුදුරුවනේ දේශපාලකයෝ දේශපාලනේ කරයි. ඔබ වහන්සේලා සාසනේ වෙනුවෙන් වැඩ කරන්න. ගිහියන්ට පාගන්න ඔය බුද්ධ චිවරය පාවඩයක් කරන්න එපා හාමුදුරුවනේ. (බ)
ආරක්ෂක ලේකම් තුමනි අවදානයෙන් ඉන්න, මේ එන්නේ මොකටද කියලා අපි දන්නවා. (බ)
තමන්ම ආරක්ෂාව ලබාගෙන තමන්ම චුන් වෙන්නනේ යන්නේ අනේ අපිට කමක් නෑ.(බ)
ඔබ වහන්සේලාට කොතරම් අවලාද කළත් ඔබ වහන්සේලා කරන දෙය රටක් වෙනුවෙන් කරන මහගු යුතුකමක් ලෙස සළකා නමස්කාර කරමි (බ)
රටක හිටපු නායකයන් ගැන ඔවුන්ගේ ආරක්ෂාව ගැන ආණ්ඩුව වගකියන්න ඕනේ නේද? මෙහෙම එතුමන්ලාගේ ආරක්ෂාව පිළිබඳව තිරණ ගන්න පුළුවන්ද? (ර)
මේ කටයුත්තට සියලුම දෙනා දායක වෙමු. (ර)
හැමදුරුවනේ අප ඔබ සමගින් නිබදව. (ර)
අපි කාගෙත් ජීවිත රැකදුන් සියල්ලන් ආරකෂා කළ යුතුයි. (ර)
නිල නොවන හමුදාව තියා ගන්න පුලුවන්ද.? (ර)
මහින්ද කල සේවය මතක නැතුව ඇති කාටවත්. (ර)
මව්බිම මරණ බිය ලේ ගැලිම නැති කල, මහින්ද මහතාට කෙලෙහිගුණ සලකමු. (ර)
එතකොට අවසර, ආයුධ එහෙමත් දෙනවා ඇති නේද? (නි)
රට බේරාගත් වීරයාටවත් ආරක්ෂාවක් නොදෙන මේ ආණ්ඩුව ඇමරිකාවට අවශ්‍ය විදියටම මේවා කර අවසානයේ මුළු රට හා ජාතියම බිලිදෙන්නද හදන්නේ? (නි)
රටේ මොනතරම් ප්‍රශ්න තිබෙනවද? ඒවාට විසඳුම් සොයන්න එකමුතුවෙලා වැඩකළොත් නරකද? (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
අර යුද්ධ ප්‍රධානි බෙංගමුවේ නාලක හිමි ප්‍රධානියා හැටියට ගත්තානම් හොඳයි නේද ? (බ)
හාමුදුරුවනේ අපි ඔබ සමගයි (බ)
උගන්ඩාවෙන් ගෙන්නා ගන්න බැරිද දන්නෑ (බ)
දැන් එතකොට රජය ආරක්ෂාව සැපයීමේ වගකීමෙන් ඉවත්වෙනවාද? මොකද හවුලේ ආරක්ෂාව සපයන්න ගිහිල්ල අවුල් වුණොත් කවුද වගකියන්නේ? (නි)
මේ මොන ලැජ්ජා නැති වැඩක්ද. ඇත්තටම මේවා තමා දේශපාලන පළිගැනීම්. එතුමාට ආරක්ෂාව දෙන්න ඕනෑ. ලෝකයම බලා ඉන්නේ මේවා. (නි)
දැන් ඔච්චර ආරක්ෂාවෙන්න ඕනෑ රටේ මිනිසුන්ගෙන්ද? බයවෙන්න දෙයක් නැහැ. (නි)
මොකක්ද මේ ගැන මෙච්චර ප්‍රශ්නයක් මේ අයට? (නි)
මේ අය ආයුධ අතැතිව සිටීම අපේ ආරක්ෂාවට තර්ජනයක්. මේ වගේ වැඩ නවත්වන්න ඕනෑ. දන්නවනේ පහුගිය කාලේ වුණ වැඩ (නි)
එතකොට මහානායක හිමිවරුන් සරත් ෆොන්සේකා මහතාව හිරෙන් නිදහස් කරන්න කියලා සංඝ ආඥාවක් ගේන්න හදපු වෙලාවේ එතුමන් වහන්සේලාට බාධා කරන්න ඇත්තෙ කවුරු වෙන්න ඇද්ද? (නි)
මමත් කැමතියි රට බේරාදුන්නට කළගුණ සැළකීමක් දක්වන්න (නි)
ඔබතුමාට ලක්ෂ 58ක ආරක්ෂාව තියෙනවා (නි)
ගණන් ගන්න එපා අනිල්. ඒ අපේ සිහල ජාතියේ හැටි. වැඩිකල් යන්න කලින් අනේ මහින්ද කෝ කියලා අහයි. (නි)
බුද්ධ ධර්මයට තිබෙන ගරුත්වය නැති කරන්නේ නැතුව දෙකින් එකක් තෝරගත්තා නම් අපේ කිසි ප්‍රශ්නයක් නැහැ. (නි)
දේශයේ රන් අසිපත මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂයි (නි)
රට ඇතුළේ තවත් අනවසර හමුදාවක් හදන්න පුලුවන්ද? පාඩුවේ ඉන්න අපේ හාමුදුරුවනේ .... (නි)
තිලක් -ඩුබායි නම් සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි වගේ (නි)
අපේ ගෞරවය හාමුදුරුවනේ. කෝටි දෙකක ජනයාගේ ජීවිත සුරක්ෂිත කරපු අපේ මහින්ද වීරයා දිවිහිමියෙන් රැකීමට අපි සුදානම්. (නි)
දැන් රටේ තියන ජාතික ප්‍රශ්නය හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවද? මෙහෙමත් රටක්! (නි)
අනේ මන්දා, එයාලා කියනවා. අපි අහගෙන ඉන්නවා (නි)
අපි අහලා තියෙනවා බල්ලාගේ වැඩේ බුරුවා කරන්න හදනකොට මහා විනාශයක් වෙනවා කියලා. මහින්ද මහත්තයට සුදුසුකම්ලත් එස්ටීඑෆ් නිලධාරීන් 150 ට වැඩිය දැන් ඉන්නවා කියලා ආණ්ඩුව කියනවා. මේ 50 ත් එක්ක 205 යි. අර කහ සිවුරු හමුදාවත් එක්ක 305යි. තව ඕනෑද? (නි)
මෝඩ ජනතාව ඉන්නතුරු කට්ටියට රජ සැප තමයි නේද? මහින්ද මහත්මයා කළ සේවයට එතුමාව නම් දෙවියෝ හෝ ආරක්ෂා කරාවි. එ්කේ සැකයක් නැහැ. (නි)
අපේ හාමුදුරුවරුන්ට දැන් පිස්සු හැදිලා වගේ. සිවුරේ ගරුත්වය රකින්න අපේ හාමුදුරුවනේ (නි)
මොනවද මේ ස්වාමීන් වහන්සේලා කරන විකාර. මොකක්ද මේ හාමුදුරුවරු මේ කරන්නේ?මම නම් ජීවිතේට අහලා නැහැ ඔය කියන ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනයක්. මෙය රටේ නීතිය අභිබවායෑමක් නොවේද? රටක රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව හමුදාවක් නිර්මාණය කළහැකිද? මේ බලලෝභිත්වය සහ ඒ පුද්ගලයාව බලයට ගෙනවිත් තමන්ගේ පහනේ ආලෝකය දල්වා ගැනීමේ අරමුණ කවදා නිමවෙයිද? (නි)
අද කාලේ හාමුදුරුවන්ගේ කාර්යය බුද්ධාගම පැත්තක තියලා ගිහියන්ගේ දේවල් ආරක්ෂා කරන එකද? "වඩිනු මැන නිදුකාණෙනී" (නි)
හාමුදුරුවරුනුත් සසරින් එතෙරවීම පසෙකින් තබා ඒ ගමන හමුදාපති ධූරයේ වැඩ බලන්නවත්ද ? (නි)
ඉතින් දෙයියනේ රටටම සාමය ගෙනවා නම් කාගෙන් ගැළවෙන්නද මේ ආරක්ෂාව? එක්කෝ පුරුද්දට කට්ටිය නැතුව බැහැ. එක්කෝ අපිට කොලේ වැහුවට තවම වැඩේ ඉවර නැහැ (නි)
මේ කට්ටියට වෙන වැඩක් ඇත්තෙම නැද්ද? (නි)
ලෝකයේ කොහේවත් මේ වගේ දේවල් සිද්ධවෙන්නේ නැහැ (නි)
අනේ මන්දා මේ හාමුදුරුවරු ඇයි මේවා ගැන මෙච්චර වදවෙන්නේ? (නි)
මේ රට බේරගන්න එඩිතරව ඉදිරිපත් වන්නේ අපේ හාමුදුරුවරු තමයි. එය රජකාලේ පටන් තිබෙන දෙයක්. මරණ තර්ජන ගැන මීට වැඩිය සෙවිය යුතුයි (නි)
අපි හැමෝම කැමැත්තෙන් ඉන්නේ සහභාගිවීමට (නි)
කවුද දන්නෙ නැහැ සම්මුඛ පරීක්ෂණය කරන්නේ? අර අපේ හාමුදුරුවොද? (නි)
කොහොමද අර අපේ හාමුදුරු හමුදාව ආරක්ෂාව දෙනකොට? (නි)
දැන් ඔය බලකායට ආරක්ෂාව දෙන්නේ පොලීසියෙන්ද? (නි)
එතුමාගේ ආරක්ෂාව තර කල යුතුය. (ර)
මව්බිම වෙනුවෙන් සේවයක් කරපු කෙනෙක්ට කෙලෙහිගුණ සලකමු. (ර)
රටම කොටි ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර දුන්නු අපේ ජාතික වීරයා වන ජෙනරල් සරත් ෆොන්සේකාව ජනාධිපතිවරණයට මුහුණ දුන්න වැරැද්දට බල්ලෙක් වගේ කුදලාගෙන ගිහින් අවුරුදු 2 කකට වැඩ වැඩි කාලයක් ජම්පරයක් අන්දවල,පිළුණු වුන බත් බෙලෙක් පිගානේ කන්න සලස්වනකොට මේ හාමුදුරුවෝ කොහෙද හිටියේ? (බ)
අපිටත් මාස්පතා මුදල්මය ආධාරයක් කරන්න පුළුවන් අපේ හමුදුරුවනේ. ඔබ වහන්සේ පින් (බ)
ඔය බළකායට පොරෝ දුනු ඊතල එහෙම අවශ්‍ය නම් මහියංගනේ පැත්තේ යන්න වෙනවා නේද ? (බ)
ඔය අභයාරාමය කියන පන්සලට මහින්ද ගිය දවසක පුවත්පතක පළ වුන ෆොටෝ ටික දැක්කම මම පුදුම වුණා.ස්ප්ලිට් වර්ගයේ වායු සමිකරණම කාමරයකට එක ගානේ තට්ටු දෙකේ මන්දිරයේ කාමර 8-10 කම සවි කරලා තිබුණා. හරියට සැප පහසු හෝටලයක් වගේ.(බ)
භටයෝ පැන්ෂන් ගිය කොමාන්ඩෝ නිසා නමටම හතුරන් බයවී එ්රොප්පයටම පලා ගිය සේක (බ)
හාමුදුරුවනේ නරකද ආරක්ෂක අමාත්‍යංශය බාරගත්තොත්.(බ)
මේ බුද්ධ ශ්‍රාවකයෝද ? (බ)
හේමන්ත කියන කතාව ඇත්ත. රාජපක්ෂලා යුද්ධයට නැති රන් අසිපත වෙද්දී සැබෑ වීරයෙක් වානේ වලින් කරන ලද හොඳ මුවහත් කඩුවකින් සතුරන් කපාහෙලුවා. ඒ වීරයා සිරගෙයි දමා හිංසා කළත් ජාතියේ ආශිර්වාදය ඔහුට ලැබුන නිසා අද ඔහු හිටියාට වඩා සිය ගුණයකින් ශක්තිමත් වෙලා අපරාජිත ලෙස නැඟී සිටිනවා. දෛවයේ සරදම් කියන්නේ ඕවට. (නි)
බයවෙන්න එපා අපේ හාමුදුරුවෝ නස්ලව සංගමේට බදවා ගන්නවා වගේ මේ අයවත් තෝරගනී.(බ)
ඕකට ශාසනය ගාවාගන්නේ නැතුවම මහින්ද රකින්න පෙරමුණ ගත්තා නම් ඉවරයිනේ. අනේ රටකට ගිය කල! (නි)
මහින්ද මහතාට ආරක්ෂාව ලබාදීම යුතුකමකි. (ර)
මහින්ද මහතා රැක ගැනීම අපගේ යුතුකමකි. (ර)
මෙයට අපිත් සහය දක්වමු. (ර)