මහින්ද රාජපක්ෂ මහතා හෝ ශ්‍රීලනිපය එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ශ්‍රීලනිපයේ දැනට බෙදී සිටින කණ්ඩායම් දෙකම එක්ව තරග කළොත් එය එජාපයට පහසුවක් මිස අභියෝගයක් නොවන බවත් එසේ වුවද ශ්‍රීලනිපයේ දැනට බෙදී සිටි කණ්ඩායම් දෙක තෙල් හා ජලය මෙන් කිසිදින ඒකරාශී කළ නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු යහපාල මහත්තයෝ, අපි ඔය කියන කටවල් වලට මාරුවෙන් මාරුවට ස්ථිර කරමින් දාපු පිනට කෑම වේල් තුන දෙකට බැස්සා. දෙක එකට බැහැලා යම්තම් පන නළ රැකගන්න ජනතාව රටේ දිනෙන් දින වැඩිවෙනවා. ඒ කෑම වේලටත් පරම්පරා කීයක් ලෝකෙට ණයද? කාටද අපි මේ වන්දනාමාන කරන්නේ? බත්පැකට් එකටද? සිල්රෙද්දටද? නොදකින සුරංගනා ලෝකයටද? ඔබගේ නැවත ප්‍රතිචාරය අචාරශිලිව ලැබෙන්නේනම් ඉතා මැනවි. (නදී)
අජිත් කරුණාරත්න උපුල් ජෝශප් මහත්තයාගේ ලිපි ගැනද ඔයා කතා කරන්නේ . අනේ මම දන්නේ නෑ මේවට කොයි පැත්තෙන් උත්තර දෙන්නද කියල. ඉස්සල්ල හොයා ගන්න උපුල් ජෝශප් මහත්තය කියන්නේ කාටදකියල. (බ)
එරාන් වික්‍රමරත්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක් වෙනවට කොතරම් බයද කියලා ඔහුගෙ කථාවෙන්ම තේරෙනවා. මේ අයට රටට ඉදිරිපත් කරන්න දැක්මක් නැහැ. දින 100 ම මහින්දට බැන්නා. ඒ මදිවෙලා තව දින 20කුත් මහින්දට බැන්නා. නැවත ඡන්දය තියන තුරු මහින්දට බනිනවා. මේකෙ රහස මොකක්ද? මහින්ද නැවත එයි කියන බය. ආවොත් කට්ටියට අබ සරණයි. (නදී)
සුමී, කොහොමත් රනිලුයි, අනුර කුමාරයි කියන්නෙ දැන් දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්. ඔයාලගෙ පැතුමත් ඒකනෙ. (නදී)
මුළු පව්ල පිටින් එකතු වෙලා මහජනතාවගේ සල්ලි මංකොල්ල කෑවා නේද? ඡන්දෙට එවලා බලන්නකෝ (නදී)
අම්මප කැනඩා දිසෝ..අපි දන්නේ නැහැනේ ඔබ තුමා කියනකම්..මෙතුමටවත් පවුලටවත් එහෙම දෙයක් කරන්න කාලයක් තිබුනද දිසෝ මේ මාස තුනේ ඇමති කමෙන්...තව කොහෙද අවුරුදු පහ හයක් හිටියනම්..(අ)
මහින්ද හෝ ශ්‍රීලනිපය අභියෝගයක් නොවේ‘ ඒකනේ විසි වතාවක් විතර පරාද වනේ.අභියෝගය මහන්ද නොවේ රනිල්. කියන්න පුඵවන් ඔක්කොම බොරු කියලා, තියෙන ඔක්කොම තුරුම්පු ගහලා, යම්තම් ලක්ෂ හතරකින් විතර දිනුවා කියන්න. මේ සැරේ බලා ගන්න පුලුවන්.(අ)
සිරිකොත බයිලා.(නදී)
ඊලග පරාදය බලාගන්න පුළුවන් අපිට (නදී)
ඇයි? ඔගොල්ලන් හොරු නෙමෙයිද? (නදී)
එක්සත් ජාතික පක්ෂයයේ විජයග්‍රාහී 30 වැනි පරාජයට උණුසුම් සුබ පැතුම්..30 වැනි බොඳ සිහිනය..(බ)
දින 100 කෙරුවාවෙන් ඔප්පු උනා ඔයාලගේ හැකියාව. මහ බැංකුවේ ගැහිලි, කරුංක ගැහිලි හොරු අල්ලනවා කියල කාලය කාපු හැටි 19 සන්සෝදනයේ තිබු විස දාල වීර කම් කියල හිතලද ඔය කියවන්නේ.(නදී)
බය උනහම කෑ ගහනවා (නදී)
වහල්ලුන්ට හොරු ටික තවම ඕනෙවෙලා. (නදී)
අරය නායකත්වය දරපු එකම මැතිවරණයක්වත් තවම දිනපු නැති බව මෙයාට මතක නැද්ද මන්ද.(නදී)
අවුරුදු 10 ම ඔප්පුනොකල චෝදනා - දින 100 මහා බැංකු මංකොල්ලේ ගෙනදේවි වේදනා (නදී)
අනේ අවාසනාවකට කට්ටියට වැටහෙන්නේ නැහැ මෙතුමා කියන සත්‍ය .වහල් කමක මහත බලන්න (බ)
මේ ලක්ෂ 50 කල්ලිය , කියනවා ජනවාරි 8 වැනිදා පැරදුනු මහින්ද විලි ලැජ්ජාවක් නැතිව ආයේ ඡන්දෙ ඉල්ලන්න එනවා කියලා , මොනතරම් බොළඳ පදනම් විරෝධී , ද්වේශ සහගත අභූත චෝදනාවක්ද ? අැයි මෙතරම් මිනිසුන් පහළට වැටෙන්නේ ? ඕනේ කෙනෙකුට ඕනේ දෙයක් මෙතන ලියන්න අවසර තියෙනවා , නමුත් අපි සදාචාර විය යුතුයි වැදගත් විය යුතුයි , මොකද මෙතන ඉන්නේ අනිවාර්යෙන්ම හොද බුද්ධිමත් ජනතාවක් , මහින්ද පැරදුනේ පැහැදිලිවම බෙදුම්වාදී ඡන්ද වලින් කියලා ප්‍රතිපල බැලුවම පේනවා , එ්ක කමක් නැහැ , මහින්දට ලක්ෂ 58 යි , එජාපෙට ලක්ෂ 50 යි , ඉතිරිය ඩයස්පෝරාව විසින් මෙහෙයවන හා බල කරන අපේ අහිංසක උතුරු නැගෙනහිර ජනතාවයි .මේ දේවල් බලන්න , බලලා කතා කරන්න , එයාලත් අපේ රටේ තමා , නමුත් එයාලව මෙහෙයවන කට්ටිය වැඩ කරන්නේ එයාලා වෙනම රටක කොටසක හැටියට . එ්ත් කමක් නැහැ කියමු . මහින්ද 58 , මෛත්‍රී 62 කියමු , මහින්ද පැරදුනා කියමු , නමුත් එ්ක ඉවරයි , නමුත් රනිල් මැතිවරණ 28 ක් එක දිගට පැරදිලා ලෝක වාර්තාවක් තිබ්බේ නායකයෙක් . ජේ ආර් මාමා ගේ පක්ෂ වියවස්තාවට මුවා වෙලා , පක්ෂ නායක කම රැකගත්තා නේද ? මතකද ටී වී එකේ කිව්වා නිවුස් කියන්න කලින් හා පස්සේ 28 වතාවක් පැරදුනු විලි ලැජ්ජාවක් නැති නායක කොහොමද තවත් පක්ෂ නායක කමේ ඉන්නේ කියලා , ඉතින් ඕකයි තත්වය . මහින්ද එකපාරයි රනිල් 28 පාරයි , එ්ක නිසා මේ දෙකම අදාළ නැහැ , නායකයෝ දිනනවා පරදිනවා , ඉතින් මේ වගේ අයි කතා අැයි මේ උගත් මිනිස්සු උගත් සංවාද වල කියන්නේ ? (බ)
ජනපති වෙලා ඉදල නැවත පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න හදන්නේ බල තණ්හාව මිසක් වෙන මොකටද? (බ)
අතට ගත්ත දේ මෙදා පාරත් කටට දා ගන්න පින නැහැ ..තමන් අගමැතිව පිහිටවූ රජය ප්‍රජාතන්ත්‍රවාදයේ සම්මුතීන්ට සදාචාරයට විරුද්ධ බව දැනගෙන ඉවසීමෙන් පලි ගැනීම් අවලාද මඩ ගැසීම් වලින් තොරව බහුතරයේ විශ්වාසයත් දිනා ගනිමින් ගෙනිච්චනම් ස්ථිරව අතට ගත් දේ කටට දා ගන්න තිබුන එන මැතිවරණයේදී..දැන්නම් එ්ක මහින්ද මහත්තයගේ කටට තමයි ස්ථිරව වැටෙන්නේ.(අ)
ඇමතිතුමාට පිටු පසින් ඉන්න පින්තුර වල ඉන්නේ සැබෑවටම රටට සේවයක් කර තමන්ගේ පුද්ගලික වස්තුන්ද රටට කැප කල ජනපතිවරුන්ය .ජයවේවා! එජාපයට (අ)
රත්නසිරි, දින 100 සාර්ථක නොවීමට හේතුව බලලෝබී,වහල් ගැති ශ්‍රීලනිපය කකුලෙන් ඇදීමයි.ලංකාවේ මීට පෙර ප්‍රයෝජනවත් සංවර්දන වැඩ(බොරු ගුවන් තොටුපළවල්,වරායවල් නෙවෙයි)බොහෝමයක් කරේ එජාපයෙන් කියල අමතක් කරන්ඩ එපා.මහවැලිය ගම්උදාව,නවනගර,කර්මාන්ත,ඇගලුම් කම්හල්,වගේ දේවල් කලේ යුද්ධ දෙකක් රටේ තියෙද්දී.(අ)
මේ ගොල්ලෝ මේ පාරත් පරදයි (අ)
මෙයාලා දැන්නම් වීරයෝ වගේ අතපය උඩදාගෙන කතාකරනවා,, ඔබ තුමන්ලා දරන ඔය ඇමැති පදවි වුනත් දරන්නේ යහපාලනයට අනුවද බලන්න.. බහුතරයක් ඉන්න පක්ෂය විපක්ෂය වෙලා සුළුතරයක් ඉන්න අය ඇමති තනතුරු භාරගත්තා.. එ්ත් කමක් නැහැ ඒවා හරියට කළානම්.. විශ්වාස භංග යෝජනාවයි.. කෝප් කමිටු වාර්තාවයි එනකන් හිටියානම් ඔබලාගේ ඇත්ත හෙළිවෙනවා.. මෛත්‍රී ජනපති තුමා නිසා ඔබ තුමන්ලා බේරුනා.. (බ)
යහපාලන දින 100 මෙතරම් විශිෂ්ට සාර්ථක යුගයක් වුයේ රනිල් මහතාගේ දුර දක්නා නුවණ නිසාය. නමුත් අද එයට අයිතිකාරයෝ බොහෝය (බ)
මෙතන බෝරුවට බයිලා ලියල වැඩක් නැහැ. ඡන්දෙන් පස්සේ මොකද වෙන්නේ කියල බලාගන්න පුළුවන්. ඡන්දෙ දෙන්නේ මෙතන ලියන තුන් හතර දෙනා විතරක් නෙමේනේ. අනික දැන් මැකෝ ටත් බලය වැඩී. හොර ඡන්ද දාන්න, දේශපාලන බලය පෙන්නන්න , නයට බස් වලින් සෙනඟ අදින්න, තමන්ට ඕන ඕන විදියට සෙල්ලන් දාන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම ඒ දේවල් නොකර සාධාරණ ඡන්දයක් තියල ප්‍රතිපලය බලමු. එතකන් තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න. (අ)
"අවිනිශ්චිත භාවයේ සතිය අවසන් : ශ්‍රීලනිපය හා සන්ධානය තවමත් නොසන්සුන්" මේ ලිපිය කියවල එවරවෙලා කමෙන්ට් දාන්න (අ)
ඔබට පිට්පසින් දිස්වෙන ශ්‍රේෂ්ඨ නායකයින්ට අවමන් වන අදහස් ප්‍රකාශ නොකරන්න. ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාගෙන් පසුව යු.එන්.පි . එක අජූතයි. කැද හැලියක්. රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් හදුනාගන්න මිනිහෙක් නැහැ. සැබැ නායකයෙක් නැහැ.හිටපු හොද නායකයෝ ටික එල් ටි ටි එකෙන් මැරුවා, දැන් මෙලවරහක් නැති රොඩු ටිකක් ඉතුරුවෙලා ඉන්නේ. “මහින්ද” යනු අර පිටුපසින් දිස්වන නායකින්වත් අභිබවා රටට සෙතක් කළ සැබැ මනුෂ්‍යයයෙක් , සැබැ නායකයෙක්. (බ)
යහපාලන බොරු කාරයන් දැන් බයවෙලා ඉන්නේ.කොහොම වූණත් යහපාලන හොරු මෙගමන ගෙදරයන්න සුදානම් විය යතයි.මේ හොරු කොහොමද රට කරන්නේ දෙන100ය වත් හරියට කරන්න බැරව(අ)
මහින්ද මහත්තයාගේ කාලේ දෙමල ඩයස් පෝරාවත් එක්ක දාපු ඩීල් ගැන හොඳ ලිපියක් ඉරිදා පුවත්පතක උපුල් ජෝශප් මහත්තය ලියල තිබුනා. අන්න ඒකවත් කියවල බලල වේදිකාවට නැග්ගොත් ඔබතුමාලට වාසි වෙන්න පුළුවන්. නැතුව දුබල බොළඳ කතා කියල ජනතාවගේ අදහස් දිනා ගන්න අමාරුයි. මොකද විපක්ෂයේ ඉන්නේ ගල් පැලෙන බොරු කියන්න ජනතාව මුලා කරන්න දක්ෂ කණ්ඩායමක් බව අමතක කරන්න එපා.(නදී)
". පරාජය දැක දැක වහසිබස් නොකියනු - සටනකට මුහණ දී ප්‍රතිපලය දැක ගන්න " (ම)
රනිල් මහතාට ජය. එජාපෙට ජය.(බ)
පිවිතුරු යහපාල මහත්තයෝ. ඔයාට ඩුබායි මරිඔට් හෝටලයේ කොටස් ටිකක් වත් හබ්වෙලාද මෙච්චර රාජපක්ෂ මහත්තයට කඩේ යන්නේ ? (නදී)
රණසිංහ, උපුල් ජෂප් කියන්නේ කවුද කියල හොයන්න මට උවමනාවක් නැහැ. එම ලිපියෙහි අඩංගු කරුණු තර්කානුකුලව ඔප්පු කරලා තියෙනවා. ඒක වැරදිය කියල කිසි කෙනෙක් නිවැරදි කරලා නැහැ. මට දේශපාලනය කවුරු කලත් එකයි. නමුත් අපේ රටේ බොරුව උඩ එනවා. සත්‍යය යට යනවා. ජනතාව මේවට පහසුවෙන් රැවටෙනවා. අන්න එකයි මම මගේ අදහස් එහෙම සටහන් කලේ. (අ)
ඔබතුමාලාට හොදම පාඩම මේ රටේ සිංහලයෝ දෙනවා ...තව 5 කෙරුවොත් රට කපෝතියි ...මේ රටේ යුද්දයක් ඇති කෙරුවේ ඔබතුමාලා (බ)
තනිකඩව ජීවත්වෙන ,මහලුවියට පත්ව සිටින අයට මහින්ද . ඕන එක සාධාරණයි දරුවෝ ඉන්න අපිට දරුවන් යහමගට ගන්න තරුණ අදහස් පිළිගන්න රනිල් ,අනුර කුමාර වැනි නායකයින් අපිට හොඳ වංචාව ,දුෂණය හෙළා දකින රටක් ඉදිරියට (බ)
කට පොඩ්ඩක් වහ ගත්තොත් හොඳයි නේද? (නදී)
සිංහල නම් අරගෙන රනිල්ට පක්ෂව ලියන කට්ටියව අපි දන්නවා (නදී)
භාතිය 29 පාරක් රනිල් පැරදුනාට මේ පාර යු එන් පි එක දින්නවන්නේ රනිල් නෙවේ මහින්ද මහත්තය , මහින්ද මහත්තය ශ්‍රී ලං කා එක දෙකඩ කරහම යු එන් පි එක නිකම්ම දිනයි එහෙම නැත්නම් ශ්‍රී ල නි පෙ මෛත්‍රී පාර්ශවය සමග හවුල් ආණ්ඩුවක් හදාවි,(බ)