මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සිකුරාදා සවස ගාල්ල කච්චිවත්තේ පුරාණ විහාරයේ පැවති උත්සවයකට ගිය නමුත් ඔහුගේ රාජකීය දෛවඥයා වු සුමනදාස අබේගුණවර්ධන හමු නොවීය.
සුමනදාස අබේගුණවර්ධනගේ ජාත්‍යන්තර ජෝතිර්වේදී මධ්‍යස්ථානය පිහිටියේ එම පන්සලට යන පාරේය.
පස් මහල් ගොඩනැගිල්ලක් වු එම මන්දිරයේ ඔහුගේ නිවසද පිහිටියේය.
ගාල්ලේ මාධ්‍යවේදීන් පවසනුයේ සිකුරාදා සවස ඔහු නිවසේ සිටි බවයි.
මහින්ද රාජපක්ෂ පන්සලට ගොස් පැය භාගයක් එහි ගත කළේය.
රැස්වීම අවසානයේ ඔහුගේ රථය කොග්ගල දෙසට ගමන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහානාම - කඳාන, මේ වගේ දෙයක් වෙනුවෙන් පිටු ගනන් ලියන්න මහන්සි වීමෙන්ම පේනවා එයා සිතන විධිය. රටට වැඩක් ඇති දෙයක් ගැන ලිව්වා නම් තව කමක් නැහැ. (ස)
මටනම් හිතෙන්නේ රට ගලවාගත් වීරයා ජනාධිපතිතුමා නමෙයි මේ සුමනදාස කියලයි. (ස)
අනේ සඳුන්, කාටද ආඩම්බර මේ ලෝකල් අපිට විරුද්ධව ලොකු ලොකු ලෝකයෝ කුමන්ත්‍රණ කරන කොට නේද අනේ..? කව්දෝ ලෝක බවලතෙක් අත් මේස් ගලවලා අත දුන්න වගේද? දන්නෝ දනිති මේ කෝලං (බ)
අනේ අම්මාපල්ලා මෙහෙමත් මිනිස්සු! (ස)
පහත දැක්වෙන අදහස මගේ නමින් මෙම පුවතේ සංස්කාරක විසින් පල කර ඇතත් එය මගේ අදහසක් නොවන බව දැනුම් දෙමි. .සුමුදු හේවා 2015-04-25 06:46:37සුමනදාස මැතිඳුනි, නිසි ලෙස මග පෙන්වන්න. මහින්ද මහත්තය ජය ටැඹ කරා ගෙන යාම ඔබට බාරයි මැතිදුනි. සුමුදු හේවා 2015-04-25 06:48:21 ආණ්ඩුව වෙනස් වූ පමණින් සුමනදාස මැතිදුන් රාජකීය දෛවඥයා යන තනතුරෙන් ඉවත් නොකළ යුතුයි. මේ කිසිවක් මගේ අදහස් නොවන බව යළිදු පවසමි. (බ)
සුමනදාසට හපන් සුමුදු හේවා. මේ සුමුදු හේවා ඉස්සර ලිව්වේ බන්දුල පෙරේරා කියල. ඉස්සරත් මොනවා හරි කියල ඇන ගත්තහම මගේ නෙමේ . මගේ නමින් වෙන කව්රුහරි දාල කියනවා. ලැජ්ජාවක් කියල නාමයක් නැහැ. බන්දුල උන්නැහේ ඉස්සර කියා කියා හිටියේ මහින්ද පැරදුනොත් අයෙත් මෙතන ලියන්නේ නැහැ කියල. මහින්ද ,සුමනදාස ,සුමුදු හේවා සේරම එක බෝට්ටුවේ (බ)
අපේ රට දිනෙන් දින අගාධයකට ඇදී යනු පෙනෙන මොහොතක ජනතාවගේ අවධානය යොමු විය යුතු ඉතා වැදගත් සිදුවීම් කොතෙකුත් ඇති මොහොතක මෙබඳු නොවැදගත් සිදුවීමකට මෙලෙස ප්‍රමුඛත්වය දිය යුතු යැයි නොසිතමි. (බ)
ඇසළ කිව්වට මම හිතන්නේ නැහැ මහින්ද ,සුමනදාසව අගමැති අපේක්ෂකයා විදිහට ගෙන්න හදනවා කියල. මහින්දට ඕනේ එයාට එන්න. (බ)
මේ කර ගත්ත පිනෙන් සුමනදාස මතු බුදු වෙනවා. (බ)
ජෙහාන්, සමන්ත, උමේෂ් මෙම පුවතට අදාළ මගේ නමින් පළ කරන ලද මගේ නොවන අදහස් දෙකක් (2015-04-25 06:46:37 සහ 2015-04-25 06:48:21) මගේ යයි සිතා ඔබ විසින් ප්‍රතිචාර දක්වා ඇතත් එකී අදහස් මගේ නොවන හෙයින් ඒ අරබයා ඔබ දක්වන ප්‍රතිචාර ද මා විසින් භාර නොගනිමි (බ)
ජෙහාන්, සමන්ත, උමේෂ් , ලංකාදීප පත්‍රයේ මෙම පුවතට අදාළ මගේ නොවන අදහස් දෙකක් (2015-04-25 06:46:37 සහ 2015-04-25 06:48:21) මගේ යයි සිතා ඔබ විසින් ප්‍රතිචාර දක්වා ඇතත් එකී අදහස් මගේ නොවන හෙයින් ඒ අරබයා ඔබ දක්වන ප්‍රතිචාර ද මා විසින් භාර නොගන්නා බව ඉතා කාරුණිකව දැනුම් දෙමි. ස්තුතියි. (ස)
සියලු ජාතින් ඔබගේ වටිනා කාලය මෙම අදහස් වෙනුවෙන් නාස්ති නොකරන්න. මෙහි ඇති දෙයින් ඔබගේ වටිනා දැනුම මෝඩයින් අයුතු ප්‍රයෝජන ගනී. මෙයට යොදන කාලය ඔබගේ දරුවකුට දැනුම දෙන්න. යහපාලනය නමැති ගහේ දල්ල කන්න යන්නේ. දුප්පත් මිනිසකුට වචනයකින්වත් උදව්වක් නැහැ. නමුත් දේශන දෙනවා. පරණ පුස්කොල පොත් බලාගෙන. (ස)
කරුණාදාස මහතාණෙනි , මේ අදහස දාන මට පිටු ගණන් ගියෙත් නෑ, පැය ගණන් ගියෙත් නෑ . මට අවශ්‍ය වුනේ රටේ ජනතාව එලඹගෙන සිටින වැරදි මතය නිවැරදි කිරීම පමණි , එය පිලි ගැනීම හෝ නොගැනීම පාඨකයාගේ කාර්යකි . ඔබ තුමාට මෙය නොවැදගත් වුවාට ඇත්තෙන්ම මෙය වැදගත් , මොකද රටේ දේශපාලනය හෝ ආනාගතය තීරණය කරන්න නක්ෂත්‍ර කරුවන්ට බැරි බව ජනතාව තේරුම් ගත යුතුයි, මන්ද මේ 21 වෙනි සියවසේ රටේ දේශපාලන ධාරාව නොවේ, අපගේ ජිවිත වල ද කිසිම දෙයක් නක්ෂත්‍ර කරුවන්ට අනාවැකි කීම හෝ තීරණ කල නොහැක . ඉතින් කරුණාදාස මහතාණෙනි මේ ගැන ලිවිම වරදක්ද ? (ස)
දිනෙන් දින , වෙනත් අයගේ නම් වලින් අදහස් දැක්වීම වැඩිවෙමින් පවතින අතර , මේ සංවාදයේ වැදගත් බාවය රැක ගැනීමට ලේකඛයාගේ අනන්යතාවය පිළිබද සලකා බලන්න සිදුවෙන දවස වැඩි ඇතක නොවේ . ප්‍රශ්නය ඇයි මිනිසුන් මෙතරම් පහතට වැටෙන්නේ ? (ස)
එහෙනං මේ මහා ලොකුවට ජෙහානුයි , සමන්තයි , උමේෂුයි ඔලොක්කුවට කතා කරලා තියෙන්නේ ඩුප්ලිකේට් සුමුදු කෙනෙකුගේ කතාවක් ගැනයි. හූ හූ රැවටිච්චි පොල්කිච්චි. කැන්ද ගහේ එල්ලිච්චී. (ස)
ඇයි නාවෙ මා සොයලා... (නි)
මමත් පිවිතුරු යහපාල කියන දේ එක සිතින්ම අනුමත කරනවා. අපි සුමනදාස මහත්තයාට එදා වගේම අදත් ආදරය කරනවා. රාජපක්ෂ පාලනයෙන් රට මුදා ගත් තැනැත්තා හැටියට. (ස)
සුමනදාස වැනි අයකුගේ අනාවැකි පිළිගන්න තරම් රටේ ජනාධිපතිව සිටි මහින්ද ජනදිපති තුමා පහල වැටීම ලොකු ප්‍රශ්නයක්. (ස)
සුමුදු හේවා ඔබ හරි. (ස)
මේ ඔක්කොම ජාත්‍යන්තර බොරුකාරයෝ කියලයි මම නම් කියන්නේ (නි)
අනේ අපරාදෙනේ! (නි)
දීපු ලණුවේ හැටියට සහ කාපු ලණුවේ හැටියට කොහොම යන්නද එයාගේ ගෙදර. (නි)
සුමනදාස මැතිඳුනි,නිවසට නොපැමිණියද මහින්ද මහතාගේද , ජාතියේද මහා රාජකීය දෛවඥයා ඔබයි.අපි සැමදා ඔබ සමඟයි. (නි)
"මෙවර ප්‍රහාරයට පැමිණි යහපාලන කල්ලියේ කුලී මැරයන්" සුමුදුගෙ දැනුම දෙකොනින් බේරෙනවා. මැරයන් මේවගේ ලිය ලිය ඉන්නවද (ස)
අද ඇතැම් මාධ්‍යවේදීන් සුමනදාස මහත්තයත් මහින්ද මහත්තයත් අතර බිඳීමක් ඇති කිරීමට උත්සාහ කරනවා. මේ දෙදෙනාට වෙනත් කටයුතු යෙදීම නිසා මේ සඳහා අවස්තාවක් නොලැබුණා වෙන්නට පුළුවන්. කෙසේ නමුත් මහින්ද මහත්තයාගේ අනාගත සියලු දේශපාලන කටයුතු සුමනදාස මහත්මයාගේ උපදෙස් අනුව ජෝතිශයට අනුව සිදුවිය යුතුයි. (ස)
දැන් ඉතින් ඕව කියල වැඩක් නැහැ කොහොමත් හොර ගුරුන්නාන්සෙල ඇසුරු කරන මෝඩයන්ට ඕව හොඳ පාඩම්. (ස)
සුමනදාස මැතිදුනි. අපි ඔබට එදා වගේම තවමත් ආදරෙයි. මහින්ද මහත්තයට දිගටම මග පෙන්වන්න. සුළු පසුබෑම් වලින් පසුබට නොවන්න. (ස)
සුමුදුහේවාට විරුද්ධව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වගේ(දිල්)
මෙතන ඇත්තේ හදා ගත් මවා ගත් , හැදු හෝ මැවූ ප්‍රබන්ධයකි . සුමනදාස මහතා හෝ වෙන යම් කෙනෙක් කීව නිසා ජනාධිපතිවරණ තිබ්බේ නෑ, දිනෙන් දිනම සන්ධානයේ ජනප්‍රියත්වය පිරිහුණා , බස්නාහිර , දකුණ පළාත් සබා යාන්තම් දිනූවද , සැබෑපසු බෑමක් පෙනුනා . නමුත් සන්ධානය එය එතරම ප්‍රබලව ගණන් ගත්තේ නෑ, ඊළඟට උෟව පළාත් සභාවේදී මෙය හොඳින්ම තහවුරු උනා , නමුත් මේ වනවිටත් සන්ධානයේ ජනප්‍රියත්වය අඩු වෙමින් පැවතුනද , මහින්ද මහතා ගේ පුද්ගලික ජනප්‍රියත්වය පැවතුනා . නමුත් එන්න එන්නම් සමස්තයක් වශයෙන් සන්ධානය දුර්වල් වූ නිසාත් , මාර්තු වල ජිනීවා මානව හිමිකම් සමුළුව ට කලින් ජය ලබා ගන්න ඕනේ නිසා තමයි ඡන්දෙ පෙබරවාරි 8 තිබ්බේ. පාප් වහන්සේ එන කට ළඟ. එහෙම නැතිව මේ සුමනාදාස මහතා කිව්ව පලියට ඡන්දෙ තිබ්බේ නෑ , හැබැයි එතුමා මහින්ද මහතා දිනනවා කිව්වා. එ්ක මහින්ද මහතා තදින්ම විශ්වාස කළා. ජ්‍යොතීෂයන්ට ඡන්ද ප්‍රතිපල ගැන කියන්න පුළුවන් නම් ඉතින් මොනවා කරන්න බැරිද ? එයා ලා කියනවා , දිනනවා හෝ පරදිනවා , සම වෙන්නේ නෑ නේ , ඉතින් 50% 50% කතාවක් තියෙන්නේ .පවතින දේශපාලන වතාවරනය අනුව තමා දේපාලන මතය අනුව අනාවැකිය කියනව. හරි ගියොත් ගොඩ , පැරදුනොත් සද්ද ඕෆ් කර ටික කාලයක් ඉන්නවා . (ස)
සුමනදාස මහතා ඔහුගේ රැකියවටත් රටටත් නිගරු කරපු මිනිසෙකි. (ස)
ජෝතිස්ශය ගොඩක් අය වැරදි විදිහට අවබෝධ කරගෙන තියෙන්නේ. බෞද්ධයෙක්නම් තමන් කරන පවු පින් මතයි ඔහුගේ අනාගතය තීරණය වෙන්නේ, මිනිස්සු ගොඩක් මේ බොරුකාරයන්ට රැවටෙනවා ..තමන් පෙර කල කුසල කර්ම හා තමා දැන් කරන කුසල කර්ම අනුව තමයි තමන්ගේ ඉදිරිය තීරණය වෙන්නේ.තමන් යහපත් දේ කරනවානම් යහපත් සිතුවිලි සමග දිවි ගෙවනවා නම් ජීවිතය අනිත්‍ය බව දන්නවනම් තවත් මොකටද සුමනදාසල. (ස)
මොහු සහභාගි වූ සත්‍යාගාරය වැඩසටහන බැලු කෙනෙක් ජෝතිෂ ශාස්ත්‍රය කිසිදා විශ්වාස නොකරනු ඇත.මෙනයින් බලන කල හිටපු ජනාධිපතිතුමා බොහෝ පාඩම් ඉගෙනගත් බවක් පෙනේ. (නි)
සුමනදාස රට බේරාගත් වීරයෙකි (නි)
සුමනදාස අතිගරු මැතිඳුනි, ඔබතුමා කළ මෙහෙය ඉතා අගනේය. වන්චනිකයන්ගෙන් හොරුන්ගෙන් රටබේරා ගැනීමට මග සැලසූ අයගෙන් කෙනෙකි ඔබතුමා, උත්තරීතර පාර්ලිමේන්තුවේ පාපිස්සකට මැක්කන් හලා දැමීමම ඔබතුමන් අතින් සිදුවීමත් ගෞරවයට හේතුවක්. "පිවිතුරු යහපාල" ද වටහා ගැනීම ලොකු දෙයක්. (ස)
රාජපක්ෂ සමයේ පල් හොරු රාජපක්ෂව අන්දලා රටේ සල්ලි වලින් තට්ටු පහ දහය ගහගත්තා. (ස)
2009 වන විට මම ජීවත්වුණේ රජයේ නිවාසයක කුළියට. 2014 වන විට මම නිවසක් සාදා එහි පදිංචිවුණා. මෝටර් රථයක් මිළදී ගත්තා. මේ සියල්ලම කළේ මට මාසිකව ලද වැටුපෙන්. මම හොරකම් කළේ නැහැ. ඒත් 2009 රු 5090/- ක් වූ මගේ වැටුප 2014 රු. 20300/-යි. ඒ විතරක් නොවෙයි. අපට බැංකු ණය ගැනීමට අවශ්‍ය ඇප කොන්දේසි ලිහිල්කර තිබුණා. මිනිස්සු ගෙවල් හැදුවේ හොරකම් කරලා නම් මට කවදාවත් ගෙයක් හදාගන්න ලැබෙන්නෙත් නැහැ. වාහනයක් මිළදී ගන්නත් බැහැ. සත්‍ය කිසිදිනක වසන්කළ නොහැකි සේම අසත්‍ය සැමදා පවතින්නෙත් නැත. (නි)
සුමනදාස මැතිඳුනි, නිසි ලෙස මග පෙන්වන්න. මහින්ද මහත්තය ජය ටැඹ කරා ගෙන යාම ඔබට බාරයි මැතිදුනි. (ස)
ආණ්ඩුව වෙනස් වූ පමණින් සුමනදාස මැතිදුන් රාජකීය දෛවඥයා යන තනතුරෙන් ඉවත් නොකළ යුතුයි. (ස)
සුමනදාස මහත්තය මහින්ද මහත්තයාගේ පැත්තෙන් අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් විය යුතුයි. (ස)
මේ බොරු සමයන් විශ්වාස කරන පිවිතුරු යහපාලල වගේ මිනිස්සු තමා මහින්ද වටේ ඉන්නේ. මෙලෝ දෙයක් ගැන කිසි තේරුමක් නැහැ. (ස)
සඳුන් නොදන්නවාට පෑනෙනුත් (හෝ පරිගණක යතුරු පුවරුවෙනුත්) කළ හැකි මැරකම් අපමණකි. (නි)
ඔහු ජ්‍යොතිෂය නමැති කඩුවෙන් මෙතුමාගේ ප්‍රතිරූපය මොටකර දැම්මා (නි)
මම හිතනවා සුමනදාස කලේ රටට සේවයක් කියල. (ස)
රටකට පාලකයෝ ඕන රටේ මිනිසුන්ගේ යහපතට. ජෝතිර්වේදය හරි ආගම් හරි ජනතාවගේ යහපතට යොදවන්න මිසක් තම බලය රැකගන්න නෙමෙයි. දැන් රටේ වෙන සමහර ජවනිකා හාස්‍ය මවන දේවල් විතරයි . (ස)
සුමනදාස වගේම මහින්ද ත් යන එන තැන් අපිට වැඩක් නෑනේ, මහින්ද පැරදුන මිනිහෙක් විතරයි. අපි බලයේ ඉන්න අය කරන වැඩ ගැන කතා කරමු. (ස)
සුමනදාස දෙවි කෙනෙක්ද ? (බ)
ඔබ ජාතිය බේරාගත් වීරයෙකි, සුමනදාස මැතිදුනි. (බ)
මහින්ද මැතිදුන්ගේ සෑම අසීරු වෙලාවකම සුමදාස මහත්තයා ලඟින්ම හිටිය. මහින්ද මහත්තය ලඟ හිටිය ඕනම කෙනෙක් එ්ක දන්නවා.මේවෙලාවෙ ජනාදිපතිවරනයකට ගියේ සුමනදාස මහත්තය කිව්ව නිසා කියල ටොයියො කියන කොට ඒක විස්වස කරල එතුමට බනින මෝඩයොත් ඉනනවා.මහින්ද මහත්තයා ඡන්දෙකට ගියෙ සුමනදාස මහත්තයා කියපුනිසා නම් මහින්ද තරම් මෝඩයෙක් තවත් ඉන්නවද..දසක තුනක ඉදන් මහින්ද රාජපක්ශ මැතිතුමට තිබුන ප්‍රබල ශක්තියක් අද ටොයියො එකතු වෙලා ලස්සනට බිදල දැම්මා. (ස)
අනේද කියන්නේ නිමල්. යහපාලමයා මෙලෝ රහක් නෑ. ලංකාවේ ඉන්න මිනිස්සු තමා දන්නේ කතන්දරේ. මෙයා ඉතින් වඳුරට දැලිපිහිය අහුඋනා වගේ අදහස් දානවා හැම මගුලකටම. වැඩක් නැත්තම් පහුගිය මාස තුනට සුරා බදු ආදායම සීයට 125 කින් වැඩි උනේ කොහොමද කියල බලලා අපටත් කියන්නකෝ යහපාල මහත්තයෝ. (ස)
මහින්දට අත් විඳින්න සිද්ද උනේ දිට්ඨධම්ම වේදනීය කර්මය. මොකද පසුගිය වසර 10 තුල ජනතාවගේ මුදල් ගසාකෑම සංවර්දනය කියමින් මිනිසුන් මුලා කර ජාතික ධනය එක පවුලක් විසින් අත්තතොනෝමතික ලෙස පාලනය කිරීම, ඒ තුළින් රට විශාල අගාදයකට ගෙනයෑම සෑම අංශයකින්ම රට දුර්වල කර පටු දේශපාල වාසි ලබා ගැනීම උදෙසා රට ජාත්තරය ඉදිරියේ උගස්කර ජාතිවාද අවුස්සා එ්කාධිපති වියරුව තර කරගනීමට උත්සා කිරීම ඔහුගේ පරාජයට හේතු විය. (ස)
තමන්ට රජකම අහිමි කරවපු මනුස්සය බැහැ දකින්න යන්න මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. (ස)
සුමනදාසට මල්තියලා වඳින්න වටිනවා (නි)
මමනම් කියන්නේ පිවිතුරු යහපාල මහත්තයෝ පහුගිය ජනාදිපතිවරණයේ තරඟයේ විරයා සුමනදාස මහත්තයයි, එතුමා නොහිටින්න රටට මොනවයින් මොනවා වෙලාද කියන්න බැහැ. (ස)
මේ රට මොකක් කියලද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ? (නි)
සුමනදාස මොකෙක්ද ? එයාගාවට යන්න මහින්දට පිස්සුද (බ)
ඔය යනගමන් ගිහිල්ල අල්ලස් කොමිසුමට කට උත්තරයක් දෙන්න එතකොට මේ කරගෙන යන වැඩ ටිකට පහසුයි විශාල පිරිසක් දැන් නීති විරෝධී වැඩ කරලා අද නීතියට වැලි ගැසීමට උස්සහ කරනවා ඔබතුමාගේ කාලේ නිතිය වල් වැදුණු බව ඇත්ත නමුත් වර්තමාන රජය රටේ යහපාලනයක් ගොඩ නැගීමට උත්සහ කරනවා අපි කාගේත් වගකීම අවංකව ඒ දේට සහ යෝගය ලබා දීමයි! (බ)
පක්ෂේ ඇතුලෙත් නායකකම ඡන්දෙන් පැරදිලා තමන්ගේ නායකයන්ගේ අකාල මරණ වලින් ලුලා නැති වලේ කනයා පණ්ඩිතයා ලෙස නායකයා වුන 29පාරක් මහජන ජන්දයෙන් පැරදුන තමන්ගේ ආසනෙත් පැරදිලා අනුන්ගේ පානෙන් එලිය බලන පින් අගමැති කව්ද? (බ)
පක්ෂේ ඇතුලෙත් නායකකම චන්දෙන් පැරදිලා තමන්ගේ නායකයන්ගේ අකාල මරණ වලින් ලුලා නැති වලේ කනයා පණ්ඩිතයා ලෙස නායකයා වුණ 29පාරක් මහජන ජන්දයෙන් පැරදුන තමන්ගේ ආසනෙත් පැරදිලා අනුන්ගේ පානෙන් එලිය බලන පිනා අගමැති කව්ද? (අ)
සුමනදාස නම්වූ රටට ආදරය කරන මිනිසා මේ රටේ නැතිවෙමින් තිබූ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකල බව මගේ හැඟීමයි. (ස)
බලන් යනකොට මහින්ද මහතාට කේන්දර බලන්න සුමනදාසව රෙකමදාරු කරලා , එතුමාව අමාරුවේ දාල තියෙන්නේ සුමුදු හේවාද කොහෙද ? (ස)
මමත් පිවිතුරු යහපාල කියන දේ එක සිතින්ම අනුමත කරනවා. අපි සුමනදාස මහත්තයාට එදා වගේම අදත් ආදරය කරනවා. රාජපක්ෂ පාලනයෙන් රට මුදා ගත් තැනැත්තා හැටියට. (ස)
අනේ ඇත්තට සුමුදු හේවාට ලැජ්ජාවක් නැති හැටි. සුමනදාසටත් වැඳගෙන කඩේ යනවා . මහින්ද මහතාට කඩේ යාම නම් අපිට තේරුම් ගන්න පුළුවන්. (ස)
සුමනදාසලා වැනි අය කියන පදයට නටන අය රට කරවීම මහත් භයානකි දෙයකි. එහි ප්‍රතිඵල ඒ අයට මේ වනවිටත් ලැබි ඇත. (නි)
සුමුදු හේවා ඔයා සුමනදාසටත් කඩේ යනවානේ. ඔයාගේ කේන්දරේ බලන්නෙත් එයාද ? (ස)
සුමුදු හේවා බලන් යනකොට කඩේ යන්නේ නැති කෙනෙක් නැහැනේ. මහින්දගේ කෝකියාටත් කඩේ යනවාද මන්දා . (අ)
සුමනදාසලා තට්ටු ගණන් බිල්ඩින් ගැහුවා. අධ්‍යක්ෂකවරු වුණා. ලක්ෂ ගණන් පඩි ගත්තා. සැප වාහන වල ගියා. ළමයි පිටරට වල උගන්වන්න යැව්වා. මේවට දන්දුන්නේ අපේ සල්ලි. ඒකයි හිතට දුක. (නි)
අපොයි අපොයි ලජ්ජා නැතිව කේන්දර කාරයන්ටත් කඩේ යන කට්ටිය මෙතන ඉන්නවා නේ.. (අ)
කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කිව්වලු. (නි)
සුමනදාස දැන් ගතකරන්නේ සැඳෑ සමය. එයා කරගන්න ඕනෑ සියල්ල කරගෙන ඉවරයි, අපේ සල්ලි වලින්. උපදෙස් ගත් පාර්ශ්වයත් එසේමයි. අපි තමයි රැවටුණේ. අපේ සල්ලි තමයි පිල්ලි ගියේ. අපේ සල්ලි තමයි දන් දුන්නේ. (නි)
ලෝකයේ උසම ගොඩනැගිල්ල හැදුවේ, ඔබාමා ජනාධිපතිවරණයට ඉල්ලුවේ, කේන්දරය, සුබ නැකැත් බලලාද දන්නේ නැහැ නේද? (නි)
සුමනදාසට මේ කළ පිනම ඇති (නි)
එතනින් කේන්දර අහන්න බය ඇති . එකටත් එක්ක මේ පාඨක පිටුවේ ඔය ඉන්නේ හොඳ හොඳ අනාවැකි කාරයෝ දෙතුන් දෙනෙක්. ගියපාර මැතිවරණයට කලින් කිරි ගහට ඇන්න වගේ කිව්වේ. නවසඳ බලනවා කියල එක්කෙනෙක් කිව්වා අපි මේ තාම අහස බලනවා. (අ)
සුමනදාස නෙවෙයිද එතකොට ගිය වතාවේ මහින්දව ජය ටැඹ කරා ගෙදරම අරන් ගියේ එතකොට (අ)
ඇයි ඇසළ ඒ විතරක්ද ? කේවට්ටයාගේ තනතුරට සුමුදු හේවා ඉන්නවනේ. (බ)
"නැකුත් බලා කරපු මඟුල් කැඩිලා යන්නෙ ඇයි? හිතුමතේට බැඳපු එවුන් ජොලියෙ ඉන්නේ ඇයි?" (නි)
සුමනදාස වෙන කේන්දර බලන්න කලින් වෙන කාටහරි දීලා හරි තමන්ගෙ කේන්දරය හරියට බලාගත්තා නම් මේ සන්තෑසිය වෙන්නෙ නැහැ නොවැ. (නි)
මෝහෙන් මුලාවෙලා... මානෙන් උදම්වෙලා... තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ..... මිනිසා කොහේද මේ..... රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ.... මිනිස් ගුණේ සැමදා බැබළේ... (නි)
අපරාදෙනේ තේ එකක් බීලා යන්නනේ තිබුණේ (නි)
සිරිබිරිස් මහතාගේ ප්‍රශ්නයට උත්තරය මොකක්ද දන්නවද? ඔය නැකැත් කේන්දර ඔක්කොම බොරු. තමන් කළ හා කරමින් සිටින පව් පින් හා තමන්ගේ ප්‍රඥාවත් වීර්යයත් තමයි හැමදේටම මුල්වෙන්නෙ (නි)
අනේ මන්ද සුමුදු හේවා ළඟදීම මහින්දගේ ගෙදර කෝකි අප්පුටත් කඩේ යාවි මේ යන කඩේ යාමේ විදියට ! සුමනදාසට මෙතන පසඟ පිහිටුවා වැන්දාද කොහෙද ! (බ)
සුමනදාසට මේ කළ පිනම ඇති ලබන ආත්මෙත් රාජකීය දෛවඥයා වෙන්න. (නි)
සිංහ හම් පොරවාගෙන හැමදාම ඉන්න බැහැ. බොරුව සදාකාලික නැහැ. (නි)
කියන්නා කෙසේ කිවුවත් අසන්න සිහිබුද්ධියෙන් ඇසියයුතුයි. ඕනෑම විද්‍යාවක් වැරදි විදියට භාවිතා කිරීම පාපයක්. (නි)
රකිත් කියන කෙනා තරමක මොළය සෙමෙන් වැඩෙන කෙනෙක් බව ලියා තිබෙන දෙයින් වැටහෙනවා. (නි)
කොහොමත් යහපාලනය කියන්නේ ම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නිසා යහපාලන මාධ්‍ය මාෆියාවටත් ජාත්‍යන්තර සහය ලැබෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ සඳුන්. මතකනේ අපේ ෆේස්බුක් බේබිලා ලන්ඩන් ඉඳලා අන්තර්ජාලයෙන් කොටි ගිල්ලපු ලණු යාළුවන් අතරේ බෙදා හදා ගෙන අනුභව කරපු හැටි. (බ)
රකිත් සහ සුමුදු හේවා කියන්නේ එක්කෙනෙක්ද කොහෙද? නැත්නම් මොකටද මේ සුමුදුට ලැබුන ප්‍රතිචාර ගැන රකිත් ඔච්චර කෙකරගාන්නේ? (නි)
කඳානේ මහානාම මහතාණෙනි, දිනෙන් දින , වෙනත් අයගේ නම් වලින් අදහස් දැක්වීම වැඩිවීම මේ සංවාදයේ වැදගත් භාවය සේ ම මෙම පත්‍රයේ විශ්වසනීය භාවය ද රැක ගැනීමට බාධාවකි. ලේඛකයාගේ අනන්‍යතාවය උදෙසා අපි අපගේ ඊ මේල් ලිපිනය හෝ ෆේස් බුක් ගිණුම හෝ පිලිබඳ තොරතුරු ලබා දෙන හෙයින් මෙයට පිලියමක් යෙදීමට පත්‍රයට හැකි විය යුතු යයි සිතමි. (බ)
සුමණදාස සූරින් ජාතියේ පිනෙන් පහල වු පඬිරුවනක්,එතුමා දල්වන ආලෝකයෙන් හිටපු ජනාධිපතිතුමත්,එතුමාගේ පුත්‍ර රත්‍රණයත් යන ගමන් මග සැමදා එකලු කරනු ඇත,එළඹි ඇති රුදුරු ග්‍රහ තත්වය සිර ගෙවල්,අල්ලස් කොමිෂන් තුළ ගත කලත් , සූරින් තෙපලන ඊලඟ වදනින් සෑම දෝෂයන්ම දූරින්භූත වනු ඇත. (ස)
ජෝතිර්වේදය විස්වාස කලා නම් එයා තමයි මෝඩය. සුමනදාස නෙමේ. (ස)
විරුද්ධ අදහස් දරන්නන්ට වටකර පහරදීමේ ක්‍රමෝපාය ක්‍රියාත්මක කරනවෝ... මෙවර ප්‍රහාරයට පැමිණි යහපාලන කල්ලියේ කුලී මැරයන් අතරින් පාලිත, පණ්ඩුක, සෙනරත් සහ සඳුන් මේ වන විට හඳුනා ගෙන ඇත. (බ)
මම නම් කියන්නේ හිටපු ජනපති තුමා මේ දේවල් විශ්වාස නොකළ යුතුයි. තව අවුරුදු 2ක් කල් තියෙද්දී එතුමාට දිනනවා කියලා බොරු ප්‍රකාශ කළා. එතුමා පරදින බව දන්නව නම් කලින් කියන්න තිබුනා. මේවා ඇත්ත දේවල් කියලා පිළිගන්න බැහැ. (ස)
සත්‍යය අනාවැකිය කිව්වේ හිටපු එක්කෙනාගේ අාන්ඩුඩේ හිටපු අගමැති.එයා හුගක් වයසක කෙනානේ.එයා සුමනදාස අබේගුණවර්ධනට වඩා දක්ෂයි සත්‍යය අනාවැකි කියන්න. (බ)
සුමනදාස මහත්තයා මීට අවුරුදු 20කට පෙර නම් හිටියේ තට්ටු නිවාසයක නොවේ (දිල්)
සුමුදු හේවා මතාතාණෙනි ඔබ ගේ අදහසට මම එකගයි. කතා කරන අය තමා කියන දේ ගැන වග කිව යුතුයි . වගකිමක ඇති ලංකා දීප පුවත් පත මේ ගැන අනාගතයේ අවශ්‍ය පියවර ගනු ඇතයි සිතමි . මේ සිදුවන් දේවල් තේරුම් ගන්න බැරි අපේ අය දේශපාලය විද්‍යාවක් සහ ආගමක් ලෙස සිතා එයට වන්දනා මාන කරන නිසා , දේශපාලනය යනු තත්පරයෙන් තත්පරය , තැනින් තැනට , පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන කලාවකි . කලාවට මූලධර්ම නැත (බ)
මේ එකක්වත් නෙවෙයි ඇත්ත , යුද ජයග්‍රහණයෙන් පස්සේ මහින්ද මහත්තය හිතුව එතුමා මොනවා කලත් ශ්‍රී ලාංකිකයෝ එතුමාව අතහරින්නේ නැහැ කියල , එතන ඉඳන් එතුමා වැඩ කලේ එ් විශ්වාසයෙන් අත්තනෝමතිකව බලයෙන් උදම් වෙලා. තමන්ට වඩා කෙනෙක් ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ කියල, නිකමට හරි පරාබව සූත්‍රය එතුමා කියවල තිබුනා නම් එතුමාට මේ වගෙන් ගැලවෙන්න තිබුන , කරුමෙට ළඟ හිටපු හාමුදුරුවන් වහන්සේලවත් මේ වටින සූත්‍ර දේසනාව ගැන අවබෝදයක් ලබා නොදීමෙන් තමන්ගේ වල තමන්ම කපා ගත්ත , ඇත්ත කතාව මේකයි , සුමනදාස කියන්නේ ජෝතිර්වෙදියෙකුට වඩා දක්ස කට්ටඬියෙක්, කට්ට ආඬි = කපටි හිඟන්නා කියන තේරුමයි. දැන් තේරෙනවා නේද පිවිතුරු යහපාලගේ මොලේ තරම. (ස)