හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මැතිවරණයේදී නාමයෝජනා දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (3) තීරණය කළ බව එහි ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හා එක්සත් ජනතා නිදහස් සන්ධාන නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බවද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්මන් ජනාධිපති තුමා ජනතාව විසින් තෝරාගනු ලැබුවේ, රට වෙනුවෙන් නිවැරදි තීරණ ගන්නා කෙනෙක් ලෙස තීරණය කරලා නේද? එසේ නම් එතුමා ගත් මෙම තීරණයට ඇතැම් යහපාලන කට්ටියක් හඬමින් වැලපෙමින් දඟලන්නේ මොකද? (ර)
ජවිපෙ පමණි විශ්වාස කල හැකි පක්ෂය. (ර)
ඔබට ජය නියතයි මහින්ද මහරජාණනි.! (ර)
වින්සන්ට් මහත්තයෝ,62 කැඳ හැළියක්.නමුත් 58 එහෙම නෙමෙයි. ඒක තනි මතයක තනි අරමුණක තනි පුද්ගලයකු වටා ගොනුවූ කළගුණ දත් ජනතාවගේ කැමැත්තක්. ඒකයි 62 ට වඩා 58 වටින්නේ.අපි කියලා ඉතින් මොනවා කරන්නද මහත්තයෝ.අටලෝ දහම කැරකෙනවා.දැන් ඉතින් 17 වෙනිදාට අපි යහපාලනයට සුදු කොඩි දානකොට ඔයත් එන්න අපිත් එක්ක ඔය ගිය දේ අමතක කරලා එක කොඩියක් හරි දාන්න. (නි)
ජයවේවා! (නි)
ජය වේවා....... සන්ධානයට නියත ජය (ම)
කලින් කිව්වා නේද සන්ධානෙන් එන්න දෙන්නේ නෑ කියලා.(හේ)
ජය වේවා.(හේ)
මේක කරනද අපි ඡන්දෙ දුන්නේ (අ)
ජය වේවා! ජය වේවා! ජය වේවා !(හේ)
දැන්නම් කවුරුත් විශ්වාස කරන්න බෑ.(හේ)
මිනිසුන් රැටවුණු කාලය ගියා (නි)
ඒ කියන්නේ මහින්ද මහත්තයාගේ ජය නියතයි කියන එකනේ.(හේ)
ඔබට අපේ සුභ පැතුම්! (නි)
ජයවේවා අප්පච්චී! (නි)
මොනවා වුණත් ජනතාව මේවට උත්තර දෙයි. (නි)
මහින්ද, අපි ඔබ සමඟයි. සැවොම එක්වී යථාර්ථය තේරුම්ගෙන රට ඉදිරියට ගෙනයන්න. අපේ උණුසුම් සුහ පැතුම්! (නි)
රුමේනියන් කියමනක් තිබෙනවා " ඔබ කවුද කියො මට කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබේ යහළුවන් කවුද කියා කියූ විට ඔබ කවුදැයි මට අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනෑ නැහැ " මහින්ද කවුද කියලා ඔහු වටේ හිටපු අයගෙන් දැනගත් හින්දා තමයි ජනතාව එයාව ගෙදර ඇරියේ. ආයෙත් පාර්ලිමේන්තුවට එන්න හැදුවට ඒකට වන්දි ගෙවන්න ජනතාව සුදානම් නැහැනේ. (නි)
ලක්ෂ 62 ක් ඡන්දදායකයන්ට උවමනා වුණේ දුෂිතයන්ව හිරගෙවල් වලට යැවීමය. අද සිදුවන්නේ ඔවුන්ට යළි නැඟීසිටීමට මඟ පෙන්වීමක් නොවේද? නැවතත් ඔවුන්ට හිටපු තැනට යාමට ඉඩනොදීම ජනතාවගේ වගකීමය. (නි)
කවුරු මොකෙන් ආවත් මොකෝ. තීරණය මහජනතාවගේනේ. මන් නම් කාටවත් ඡන්දෙ දෙන්නේ නෑ. (ර)
ඒ වුනාට ජනාධිපති තුමා මේ ගැන තාම ප්‍රකාශයක් නිකුත් කර නැත.(හේ)
සජිත් ඔයා දුන්නේ නැති වුනාට අනිත් කට්ටිය ඡන්දෙ දෙයි.(හේ)
දැන් ඔක්කොම අච්චාරුවක් වෙලා තියෙන්නේ.(හේ)
මෛත්‍රී මහත්තයා ඊයේ කියපු දේ අද වෙනස් කරලා වගේ.(හේ)
ආවට වැඩක් වෙන එක නෑ.දැන් ජනතාවට එපාම වෙලා.(හේ)
දැන් මොනවා වෙයිද?(හේ)
සජිත් මහතා හරි , මහජනතාව ගේ අතේ තීරණය තියෙන්නේ. (හේ)
රටට සහ අසරණ ජනතාවට දැන්නම් දෙවියන්ගේම පිහිටයි .බුදුන්ගේ සරණයි .(හේ)
මහින්දට නාම යෝජනා හම්බවෙලා දිනුවොත් සභාපතිකම ආපහු ගන්න හැටි මහින්ද මහත්තයා දන්නවා.(හේ)
ජය වේවා...! සන්ධානයට නියත ජය, ජය වේවා...! සන්ධානයට නියත ජය.! (ර)
කවුරු මොනවා කිවුවත් මහින්දට නැවත එන්න ලැබෙන්නේ නැහැ (නි)
නිදහස් සන්ධාන නායක මෛත්‍රිපාල ජනපති තුමා පක්ෂය බෙදීයන්න නොදී ගත්ත වැදගත් තීරණයක්. රටට ජයම වේවා , රටේ බේධ ඇති නොකරනු. (ර)
ජනහඳ දිනූ ජන නායකයාණෙනි අපි ඔබතුමා සමගයි ජයවේවා.! (ර)
යහපාල මලයෝ දැන් සභාපති කමත් ඕනෙලු ද? (ර)
කිසිකෙනෙක් කලකිරීම නිසා ඡන්ද නොදී ඉන්න එපා. බුද්ධිය පාවිචිකර ඔබගේ ඡන්දය අනිවාර්යෙන්ම දමන්න. (ර)
ජය නියතයි. (ර)
මහින්දයට ඡන්දෙ දෙන නොදෙන එක මහජනතාවගේ අතේ ..(අ)
සන්ධානයෙන් නියෝජනය වෙන්නේ ලක්ෂ 58 ක ජන මතය. එකට අභියෝග කරන්න ඒ ජනමතයේ කැමැත්තට පිටු පාන්න සන්ධානයේ වගකිව යුත්තන්ට බැහැ. මෛත්‍රී මහත්තය නියෝජනය කරන්නේ ලක්ෂ 62 ජන මතය.. එතුමාව ඒ පැත්තට අරන් ඒ මතය නියෝජනය කරව ගන්න. අපේ කිසි විරෝධයක් නැහැ. අනෙක ඉතින් අය මේ මොකට අඬා වැටෙනවද? ජනවාරි 8 කලා වගේ මහින්ද මහත්තයව මහා මතිවරනෙනුත් පරද්දල පෙන්නනකො ලෝකෙට මහින්ද මහත්තයට ආයේ ශ්‍රී ලංකා දේශපාලනේ ඉඩක් නැහැ කියල.(අ)
කවුරු කොහොම ආවත් යුන්පී එක උඩින්ම ඡන්දය දිනනවා. (ර)
යුඑන්පී. එක පරද්දන්න නම් මහින්ද රාජපක්ෂ ඉන්න ඕනෑ. (ර) .
ජය වේවා.! (ර)
සත්‍ය මහත්තයා බයවෙලා.ඕවා ගණන් ගන්න එපා.එදා මිනිස්සු දැනුවත්ව ඒ තීරණය ගත්තා නම් අගෝස්තු 17 ත් ඒ තීරණය ගනීවි.මේ මාස කීපයට ජනමතය වෙනස් වෙන්න බැහැනේ ඔය කියන තරම්. (නි)
අනේ මෙහෙම ආශාවක්, අනේ මෙහෙම තණ්හාවක්! (නි)
දැනුයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ! (නි)
ජනාධිපතිගේ අත්සන මේ නිවේදනයේ නෑ. (බ)
දැන් පෙළගැසෙන විදියට යුඑන්පී එක පැහැදිලි ජයක් ගන්නේ නුවර එළියෙන් සහ තිරිකුනමලෙන් විතරයි. කොළඹ සහ නුවරින් තියුනු ජයක් ගන්ට පුළුවන්. නමුත් අනිත් සියලු දිස්තිරික වලින් ලක්ෂ 62 ඡන්ද බෙදීම නිසා නියත පරාජයක් ලබනවා. එමගින් බෝනස් මන්ත්‍රීදුර අහිමිවීමෙන් රජයක් පිහිටවීමට ඇති ඉඩකඩ ඉතාම සීමිතය. (ර)
යහපාලනය ගැන ජනතාව තැබූ බලාපොරොත්තු... (ර)
ජනතාවට තම ඵෙතිහාසික වරද නිවැරදි කරගැනීමට අවස්තාව උදාවි ඇත. මහින්ද මහතාට ජය වේවා. (බ)
යහපාල කියන්නේ කොන්දක් තියෙන පිරිමියෙක්ද. .නැතිනම් අනුන්ගෙන් ඉල්ලන් කන දෙපැත්තටම නැති කෙනෙක්ද (නදී)
ඇයි කට්ටිය බය වෙලා ...?, ජයවේවා ජයවේවා ජයවේවා ..!!! (බ)
අපිට දුෂිතයින් වගේම එහි නායකයත් එපා, ජාතිවාදය එපා. එතනෝල් සහ කැසිනෝ එපා. එත් මම ඡන්දයේ ප්‍රතිපලය පිළිගන්නවා. (බ)
සමහර අයට 62 ට වඩා 58 අගය වැඩිය. පසු ගිය ජනාධිපතිවරණයේදී අනගිභවනීය රජකෙනෙක් ගැන කියමින් උඩ පැන්න කෙනෙක් මැතිවරණයෙන් පසු නැට්ට අකුලාගෙන නමද වෙනස් කරගෙන නැවත මෙහි පෙනිසිටිනු දකින්නට ඇත. මෙවරද උඩ පනිමින් සිටිනු දකින්නට ඇත. මෙවර අකුලා ගන්නේ කුමක්ද යන්න අපට සිතා ගැනීමට අපහසුය. (බ)
සත්‍යයා.රටේ බත් කන හරක්ට ඕව තේරෙනවද මන්ද? (නදී)
ඔය ලක්ස 62 න් 16 ක් අඩුකරන්න. (ර)
හෙලිකොප්ටර් නැතුව පාලු දැනුනද මහත්තයෝ?(නදී)