එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් පාලන ආයතන නියෝජිතයෝ අද (18) පස්වරුවේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිටදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරිපත් කිරීම සඳහා යෝජනා තුනක් සම්මත කළහ.
කඩිනමින් පළාත් පාලන මැතිවරණය පවැත්වීම, ආණ්ඩුවේ අමාත්‍ය ධූර දරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් එම ධූරවලින් ඉල්ලා අස්වීම, හා අගමැතිට විශ්වාසභංගයක් සම්මත කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පත් කිරීම එම යෝජනා තුනයි.
ඉදිරි මැතිවරණයේදී සන්ධාන අගමැති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ මහතා නම්කරන ලෙසත් යෝජනා කෙරේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! අපිත් කැමතියි (නි)
මේ ගොල්ලන්ට දැන් පාඩු ඇති. හිතටත් හරිම අමාරු ඇති. අපි දන්නවනේ ප්‍රාදේශීය දේශපාලුවෝ කරන දේවල්. (නි)
අවුරුදු ගාණක් ජනතාවගේ මුදල් මංකොල්ලකාලා දැන් සමහරු පිස්සුවෙන් වගේ කෑ ගහනවා (නි)
රට කොතරම් පහතට අැදවැටිලාද කියා මෙයට අදහස් දක්වන කාටවත් තේරෙන්නේ නැහැ. (නි)
ඔබ කළ නරකම දෙය අවුරුදු 30 තිබුණු කුරිරු යුද්ධය නිමකිරීමයි. රටට සාමය ගෙනා එකයි. අපේ සිංහල වර්ගයාටම සියල්ල දැන් මතකයක් නැත (නි)
මෙයාලා මේ මෙච්චර දඟලන්නේ මෙයාලට මහජනතාවට සේවය කරන්න නැතිවුණා කියලද? නැත. (නි)
මේ රටේ අද තත්වය ගැන හරි හැටි අවබෝධයක් නෑ එ්ක නිසා මහින්ද මහත්තයට අගෞරව කරන්න එපා එතුමා නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ එක දැන දැනම ඉඹින්න බැරි අත හපාකනවා වගේ වැඩක් තමයි අද හුග දෙනෙක් කරන්නේ, අගමැති නෙවෙයි එතුමා දිවි තියනතුරු මේ රටේ නායකයා වුනාට කමක් නැ ...හොරු හොරු කියල කිව්වට ඔය අදහස් දක්වන කාටවත් පුලුවන්ද එ්ක ඔප්පු කරන්න . කරුණාකරලා තමන්ගේ හිතට එකගව කතා කරන්න (බ)
කොමසාරිස්ගේ පාලනයට ගියාම ඔයාලගේ ඔක්කොම වරප්‍රසාද නැතිවෙනවනේ එකට ගොඩක් අකමැති වගේ.... (බ)
බහුතරයක් නැති එකේ 9 දෙනෙක්ගෙන් ගොඩයන්න පුළුවන්නේ නේද (කේ)
මොනවා උනත් දැන් රට යන විදිය කලින්ට වඩා හොදයි. පුද්ගලික වාසි නැති එක තමා හැමෝටම තියෙන අවුල.(කේ)
රටට ආදරයටද මේ ? (කේ)
බැරි උනාම බළලුන් ලව්වා කොස් ඇට බාවනවා , (කේ)
අජිත් කළු ආරච්චි බලා ඉන්න ඔබට සුදුසු තැන ලැබෙනතුරු. රාජපක්ෂ පවුලෙන්ද ඔයා සාධාරණයක් ඉල්ලන්නේ? ඔබතුමා උගත් නම් , බුද්ධිමත් නම් , දක්ෂ නම් මෙච්චර කලක් නිරුපද්‍රිතව හිටි එක ගැන සතුටු වෙන්න. (නි)
ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමෙනි,ඔබතුමාගේ තින්දු තීරණ ලක්ෂ 62ක ජනතාවගේ කැමැත්ත හා රටේ අභිවෘධිය පිනිස වියයුතුයි. (කේ)
දැම්මම කට්ටිය බයවෙලා කියල පේනවා ....(කේ)
ප්‍රසන්න හරි. මේගොල්ලන්ගේ ගැහිලි නවතිනවනේ (කේ)
ජනවාරි 8 වේනිදා ජනතාව ප්‍රතික්ෂේප කලේ මදිද MR එතුමාව නැතිකරේ ඔය මැති ඇමතිවරු තමා ආයිත් ඔය ලනු කන්නැතුව විෂ්රාම ගියොත් ඔදයි නැත්තන් දිවිනසාගන්ඩ තමා වෙන්නේ (කේ)
සමහර ප්‍රතිචාර පලකරන අය ගුණ මකුවෝ බව අමුතුවෙන් කිව යුතු නැත.සමහරු ලොස් ඇන්ජලිස් ,කැනඩා යන රටවල් දාල ලියන්නේ තමන්ගේ තියෙන මන්ද බුද්ධික කම නිසාය. ඒ අය මහින්ද මහත්මා කල විශිෂ්ඨ කාර්ය භාරය ගැන කිසිවක් නොදන්නා ගානට තමයි ඉන්නේ. (ස)
මහින්ද විශ්‍රාම ගතයුතුයි කියන්නේ මහින්දට බය නිසා. බඩුමිල අඩුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන යන්නේ ප්‍රතිගාමී ස්වරූපයක්. 12% උගස් පොළී අනුපාතය 18% වැඩිකරලා. වේදිකා වල කියපුවා දැන් බොරු වෙලා. (නි)
යහපාලනය-නිලධාරිවාදය -ප්‍රජාතන්ත්‍රවාදය (නි)
බුද්ධිමත් ජනතාවගේ චන්ද මොවුන් කිසිවෙකුට ලබෙන්නේ නෑ.මොවුන් ජනතාව හෝ රට ගැන නොවේ සිතන්නේ මොවුන්ගේ පෑවත්මයි.(කේ)
රට කොතරම් පහතට අැදවැටිලද කියල මෙයට අදහස් දක්වන කාටවත් තේරෙන්නේ නැහැ ජනදිපතිවරණයෙන් පසුව.(කේ)
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමනි! පරාජිතයෙකුගේ දුෂ්ට චේතනාවලින් නොමග යැවු ඒ වගේම තම බඩ ගොස්තරය රැකගන්න දේශපාලනයට ආ පින්ගුත්තරයන් අතලොස්සක් කරන මේ නරි නාටක වලින් නොසැලී ඉන්ද්‍ර ඛීලයක් සේ නොසැලී සිටින්න. රට රැකගන්න ගත් ඔබගේ අයෝමය අධිෂ්ඨානය ඉදිරියේ මේ නිවටයින් සියලු දෙනා හිරු දුටු කදෝ පැනියන් ලෙස පලා යනු ඇත. ජනතාව ඔබ සමගයි. අවස්ථාවාදියෝ හොරු සමගයි. (බ)
මේ අය කියන කියන දේ කරන්න ජනතිපති තුමා ලෑස්ති නැහැ. එතුමා මුළු රටේම නායකයා. (කේ)
පුළුවන් ජනතාවට කරන්න තියෙන ලොකුම උදවුව තමයි ඔය පළාත් සබා ක්‍රමය අහෝසි කරන එක ..(කේ)
මෙතන අදහස් දක්වන හැමෝම ඔය අයටම අපේ තාත්තා, බාප්පා, නැන්දා, මාමා, අයියා, අක්කා, මිත්‍රයා කියලා ඡන්දේ දීලා දැන් බොරුවට කියවනවා. ඔය කවුරුත් ඡන්දේ ලබා දීමේදී උගතා, වැදගතා කියලා හොයලා බලලා ඡන්දේ දෙන්නේ නෑ. වෙන ලෝකෙකින් පාත්වෙලා ආව අය වගේ අදහස් දානවා. බොරුව නැතුව, වැදගත් නායකයින්ට අපහාස කරන්නේ නැතුව තම තමන්ගේ යුතුකම හරියට කළානම් හොඳයි නේද? (බ)
දවල් හීන දකිනවා (නි)
ක්‍රිෂාන්ත තුරුවිල,බය නොවී කොහොමද?මතකනේ ඔයාලගේ ලොක්කගේ කාලෙදි පරිප්පු ඇටේ ඉඳන් හැමදේටම බදුගහලා අපිට දීපු පරිප්පුව. (නි)
බහුතරය මහින්දට ආදරේට කරන අය නොවෙයි. ලබන පරාජයට බය නිසයි මෙහෙම කරන්නේ. (නි)
ඇයි මහින්දට දෙයියනේ කියලා දැන් විශ්‍රාම යන්න බැරි? තවත් දේශපාලනයට එන්නේ මොකටද? (නි)
තවමත් කරන්නේ හෙන්චයියාන් ටිකක් නටව නටවා මම මෙහෙ ඉන්නවා කියන්න හදන එක. අනේ ඇත්තට මැරෙන දවසටත් ඔය පට්ටම් ගෙනියන්න පුළුවන් කියල සමහරුන් හිතාගෙන ඉන්න හැටි. (බ)
පියන් කෙනෙක් බලන්නේ ඉහළ නිලයකට යන්නයි. ඉතින් මේ බලන්නකෝ මේ සමහරු ඉහළ තනතුරක ඉඳලා පියන් කෙනෙකුගේ තත්වයට වැටීගෙන කරන්න හදන වැඩේ .... (නි)
රට කාපු හොරු ටික සහ අපරාධකාරයන් රෑන දඬුවමින් ගලවා ගන්න දරන මහන්සියක්. ! (බ)
එහෙම වෙනවා නම් අපිත් උපරිම සහයෝගය දෙනවා (නි)
ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමනි,ඔබතුමාගේ තීන්දු තීරණ පිළිගන්න පිරිසිදූ ලාංකීය ලක්ෂ 58 ක ජනතාවගේ කැමැත්ත හා රටේ අභිවෘද්ධිය පිණිස හා සාමය සංහිඳියාව අගයන ජනතාවක් ඔඩ සමඟ බවත් ඉදිරියේදී එය ලක්ෂ 65 දක්වා ඉහළ යන බවත් කාට කාටත් දැනේවි (නදී)
මේ රටේ අද තත්වය ගැන හරි හැටි අවබෝධයක් නෑ. එ්ක නිසා මහින්ද මහත්තයට අගෞරව කරන්න එපා එතුමා නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ එ්ක දැන දැනම ඉඹින්න බැරි අත හපාකනවා වගේ වැඩක් තමයි අද හුග දෙනෙක් කරන්නේ. අගමැති නෙවෙයි එතුමා දිවි තියනතුරු මේ රටේ නායකයා වුනාට කමක් නැහැ. හොරු හොරු කියල කිව්වට ඔය අදහස් දක්වන කාටවත් පුලුවන්ද එ්ක ඔප්පු කරන්න. කරුණාකරලා තමන්ගේ හිතට එකඟව කතා කරන්න (නදී)
මහින්ද විශ්‍රාම ගත යුතුයි කියන්නේ මහින්දට බය නිසා. බඩු මිල අඩුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන යන්නේ ප්‍රතිගාමී ස්වරූපයක්. 12% උගස් පොළී අනුපාතය 18% වැඩිකරලා. වේදිකා වල කියපුවා දැන් බොරු වෙලා.(නදී)
රටේ සල්ලි කාගේවත් බූදලයක් නොවෙයි, මේ රටේ අසරණ ජනතාවගේ සල්ලි. (නි)
රටකට ගිය කලක් -නැත පෙනෙන සංවර්ධනයක් (බ)
සමහරුන්ගේ බලයට තිබෙන කෑදරකම හොඳින්ම පේනවා. (නි)
කාටද පුළුවන් වුණේ වෙල්ලමුල්ලිවෛක්කාල් වල සිදුවුණ කොටි නැඟිටීම නවත්තන්න? (නි)
එක පාරක් පැරදිලා නැවතත් බලයට එන්න දඟලන්නේ කිසිම ලැජ්ජාවක් නැතුව.පේනවා නේද බල තණ්හාව ඇති වුණාම මිනිසුන්ගේ ආත්මයත් පාවා දෙනවා. (නි)
කිසිම රැකියාවක් නොදන්නා සමහරුන්ට හොඳම තැන දේශපාලනය (නි)
කොන්ක්‍රීට් පාරවල් හදලා, ඒකෙ සිමෙන්ති කොට්ටෙනුත් ගසාකාලා සමහරු එනවා දැන් ඉල්ලීම් දිනාගන්න. (නි)
අපිට ඕනෑ මහින්ද (නි)
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමණි, මෙරටේ ජනතාවගේ ඔබතුමන්ට ඇති ගරුත්වය කිසිවතුගේ ගිණුමකට බැරකළ නොහැක. ශ්‍රි.ල.නි.ප. නැමති මධ්‍යම දේශපාලන කඳවුර කිසිවකුගේ බූදලයක් නොවන බව සදහන් කළයුතුය. එහෙත් වර්තමානයේ උගතුන්ට, වියතුන්ට, බුද්ධිමතුන්ට, දක්ෂයන්ට තවමත් වැටකඩොලු බැඳ ඇති ශ්‍රි.ල.නි.ප.යේ සැබෑම සමාජ නියමුවන්ට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමාජ සේවකයන් වන්නට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවස්ථාවක් ලබාදෙන්න. මමද එවන් අසාධාරණයට ලක් වූ කෙනෙක්. (නි)
ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමනි,ඔබතුමාගේ තීන්දු තීරණ පිළිගන්න පිරිසිදූ ලාංකීය ලක්ෂ 58 ක ජනතාවගේ කැමැත්ත හා රටේ අභිවෘද්ධිය පිණිස හා සාමය සංහිඳියාව අගයන ජනතාවක් ඔඩ සමඟ බවත් ඉදිරියේදී එය ලක්ෂ 65 දක්වා ඉහළ යන බවත් කාට කාටත් දැනේවි (නි)
අගමැති අපේක්ෂකයා වුණා කියමුකෝ. ඒත් අර ඡන්ද කොටසක් නිසා පැරදුනා කිව්වා නේද? එතකොට ඒ ඡන්ද එපාද? (නි)
බලයට ඇබ්බැහි වුණාම බලය නැතුවම බැහැ. (නි)
මේ කාටවත් අපි බැන්නා කියලා දැන් තේරුමක් නැහැ (නි)
රුවන් මහත්මයා, ඔබගේ අදහසට මාගේ ප්‍රණාමය! (නි)
ජනපතිතුමනිi කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවලා මේ අය ගෙදර යවන්න. ඊට පස්සේ රට පාලනය කරන්න.(හේ)