මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සීනිගම දෙවොල් දේවාලයේ පූජාවකට අද සහභාගී විය.
ප්‍රාදේශීය සභා, පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද ඔහු සමග වූහ.
භික්ෂූහු පිරිසක් ඔහුට පිරිත් කියා සෙත් පැතූහ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සීනිගම දෙවොල් දේවාලයේ පූජාවකට අද සහභාගී විය.
ප්‍රාදේශීය සභා, පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද ඔහු සමග වූහ.
භික්ෂූහු පිරිසක් ඔහුට පිරිත් කියා සෙත් පැතූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වැඩේ කියන්නේ, මෙය යන යන තැන මිනිස්සුත් ඉන්නවා, පත්තර/ටී වී අයත් ඉන්නවා....දිවැස් තියෙනවද මන්ද ?(නදී)
චන්ද්‍රා, හැමෝම දන්නවා උනාට ඔයා දන්නේ නැහැ වගේ පෙනෙන්නේ..පොඩ්ඩක් හොයලා බලන්න උඩ බලාගෙන කෙලගහන්නේ නැතුව...(නදී)
මේ ඡන්දෙන් අගමැති වෙන්න බැරි උනොත් පළාත් මහා ඇමති වෙන්නවත් උත්සහ කරන්න. පව් මෙයා බලය නැතුව හරි අමාරුවෙන් ඉන්න පාට මුණෙන් පේනවා (නදී)
දේව සාපයක් කරපු පව් මෙනෙහි කරලා බලන්න (නදී)
බල්ලෝ උඩු බිරුවට කන්දක් පත් වෙන්නේ නෑ.(හේ)
පිනක් දහමක් කර ගන්න දැන් කාලය පැමිණ තිබේ.(හේ)
හිටපු ජනපති තුමනි සියලු දෙවිවරුන්ගේ ආශීර්වාදය ඔබ තුමාට ලැබෙනවා නිසැකයි .මව්බිම නිදහස් කර දුන් පිනම ඇති.ඔබට අපේ ප්‍රණාමය ...ජයවේවා .(හේ)
දැන් ඉතින් පන්සල් ගානෙයි,කෝවිල් ගානෙයි..මොනවා හරි කරලා බලය ලබාගන්න හදන්නේ.(හේ)
කවුද දහම් කුමන්ත්‍රණ කළේ? මේ රටේ ඡන්දෙ අයිතිය තියන ජනතාවද ? ඔයගොල්ලන්ට ඕන මේ රටේ රජ පරපුරක් බිහි කරගන්නද? ඔව් ඉතින් එතකොට බැරිය සළු වඩන නිලමේලාට හැමදාම ගොඩ එන්න . (අ)
වජිර මේවා ඔක්කොම දේශපාලන වැඩ තමයි. හොඳට සංවිධානය කරලා මාධ්‍යවලටත් දන්වල අයෙමත් බලයගන්න මිනිස්සුන්ගේ ඉදිරියේ ඡන්ද නමස්කාර කරනවා. ලංකා ඉතිහාසයේ බලය වෙනුවෙන් මෙවගේනම් දෙයක් දකින පළමු වතාව. (අ)
මහින්ද ගෙදරින් එලියට බහිනකොට මිනිස්සු පිරෙන්නේ කුරහන්. සුවදට. එයාගේ ගෝලයෙක් කුරුණෑගලදී කිව්වා. පොඩි ළමයින්ට ආදර්ශයක් වෙන විදියට පොලිසියට බාරවෙන්න රට කරන්න ඔබව උවමන නැහැ. ඒ බොරුවට දුක් වෙන්න එපා (අ)
මුළු ලෝකෙටම විහිළුවක් නොවුනොත් ඇති. වෙන රටවල නායකයන් සේවයෙන් නික්ම ගිහින් මෙහෙම මිනිස්සු හතරවටේ බිම වාඩි කරවාගෙන තමන් කැපී පේන්න පුටුවකට බර වෙනවද..(අ)
මෙතුමාට තියෙන්න සාරවිට වෙළදාමක් කරන්න. පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල ගානේ කරන්න පුළුවන් ඒකනේ.(හේ)
වටේට ඉන්න අය දැන් පන්සල් දේවාල වල පිහිට පතනවා. ලැජ්ජයි... (නි)
මේ ඉන්නේ ඉතිහාසයේ රන් අකුරින් නම ලියවෙන ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්. (හේ)
මෙතුමා දෙවියන් දකින්න දේවාල කෝවිල්වලට යනවා .සමහරු ටිකට් විකුනලා දෙවියන් සංදර්ශන සඳහා නගරවල නුත්‍යශාලාවලට ගෙනාවා.(හේ)
මහින්ද මහත්තයාට අන්තිමට ඉතිරි දෙවියන් විතරයි.(හේ)
සුමුදු හේවා ඔබ හරි. (හේ)
මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊළඟ අගමැති තුමා.(හේ)
තන්හාව නමැති ගඟ නොනවත්වාම ගලනවාලු. ජනාධිපති කෙනෙක් පහල තනතුරකින් අායිමත් බලය ඉල්ලන්න දඟලනවා. බුදු අම්මෝ මේ වගේ තණ්හාවක් (නදී)
රවී මහතාණෙනි, කුමන්ත්‍රණ කළේ කවුද කියලා කිව්වේ අපි නොවේ. අවශ්‍ය නම් ඉන්දියානු ප්‍රවෘත්ති බලන්න. (නි)
ඇත්තටම මහින්ද හෝ ශ්‍රීලනිප ආණ්ඩුවක් අපිට අවශ්‍ය නැහැ. හරියට රට පාලනය කරනවා නම්, දින 100 පුස්සක්. කිසිම දෙයක් කළේ නැහැ. 19 සම්මත වුණ එක විතරයි වුණේ. ඒකත් රටට වැඩදායී ලෙස වෙනස් වුණේ ස්වාධීන කොමිෂන් සභා විතරයි. (නි)
කෝ සුමනදාස උන්නැහේ නැතැයි මොකද (ම)
සීනිගම දෙවොලට යන්න ඕන වැරදි නැති කට්ටිය නැත්නම් වස් වදිනවා ! (ම)
පිටබැද්දර ජයා පුතේ, ඔයා නම් කොයි වෙලාවකවත් සීනිගම දේවාලෙට නම් යන්න එපා. රටක ගින්දර නිවපු මෙතුමාට ඔයා කරන නිග්‍රහ වල හැටියට ඔයාට වස් විතරක් නෙමෙයි වැහි නැති හෙණත් වැදෙන්න ඉඩතිබෙනවා (නි)
සුමුදු හේවා මහත්තයා නම් රටට ගින්දර දුන් වගක් අපි කවදාවත් අහලා නැහැ. හැබෑටම මොකෝ චතුරි නගෝ ඒ මහත්තයාත් එක්ක ඔයාගේ මේ ආරෝව? (නි)
අනේ මෙහෙම තණ්හාවක්,අනේ මෙහෙම අසාවක්, මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්? (බ)
සඳුන් මහතාණෙනි, අද සාරවිට වෙළදාමක් කරන්නවත් පන්සල් කෝවිල යන්න ඉඩ සළසාදුන්නෙත් මෙතුමා තමා. මෙතුමා නැත්නම් මේ වෙනකොට තව කී දෙනෙක් මැරිලාද? අබ්බගාත වෙලාද? 2012 පැවතුනු රජය තිබුණා නම් , අද අපි බොහොම නිදහසේ දියුණු ජාතියක් හැටියට ශ්‍රී ලංකාවේ ජීවත්වෙනවා. (නි)
සඳුන් පුතේ, මහින්ද මහත්තයා යන යන තැන සූ ගාලා සෙනඟ එක්රැස්වෙන නිසා පුතාට සාරවිට වෙළඳාමක්වත් කළොත් හොඳ ගානක් හොයන්න පුලුවන්. මහින්ද මහත්තයා වගේ කෙනෙකුට අපහාස කරලා පව් පුරෝගන්නවට වඩා ඒක පුතාට කොහොමටත් හොඳ වෙයි. (නි)
ඔබ තුමාට තෙරුවන් සරණයි (බ)
ඔබ තුමාට දැන් ඉතින් දෙවියන්ගේම පිහිට තමයි.(හේ)
දැන් ඉතින් දෙවියන්ගේම පිහිටයි.(හේ)
අගමැතිකම ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න තිබ්බේ.(හේ)
සරත් ඉන්නේ ඔලුවෙන් හිටගෙන ද? (අ)
අනුකම්පාව ගන්න කරන මෝඩ නිෂ්පල වැඩ, (අ)
දයා අළහකෝන් පුතේ, මහින්ද මහත්තයාට මේ වෙලාවේ කරන්න පුළුවන් ලොකුම පිංකම දේශපාලනේට ඇවිල්ලා රට ජාතිය බේරාගැනීමයි. (නි)
අන්න හරි සර් අඹරන්න මිරිස්, වේලාසනින් ජනපතිවරණය පවත්වන්න උපදෙස් දුන්න එවුන් මකබෑවිලා යන්න. (නදී)
ජයෙන් ජය වේවා. සියලු දෙවියෝ පිහිට වෙත්වා (නදී)
ඔබ තුමාට දලඳා සමිදුන්ගේ පිහිට හා ආශීර්වාදය ලැබේවා!!!(හේ)
සුමුදු, රටට දුන් ගින්දර හොඳටම ඇති (නි)
සරත්, ඔය මිනිස්සුන්ටත් එයාගෙම සරණ තමයි. ජනතාව විසින් ප්‍රතික්ෂේප කළානම් ගෙදරට වෙලා ඉන්න ඕනේ. (හේ)
හිතට එකගව ජනතාව ඉදිරියේ පෙනී සිටින්නට හැකි නම් ප්‍රශ්ණයක් නැහැ (නදී)
මහින්ද මහත්තයා ඔබතුමා විමල් වාසු දිනේෂ් කණ්ඩායමත් එක්ක තිරුපති ගියානම් හොඳයි නේද ? වැරදි කර නැති නම් බයවෙන්නේ කුමටද ? (නදී)
මහින්දට ඒ විදියටම තවමත් ජනතා ප්‍රතිචාරය තිබෙන බව පැහැදිලියි.(හේ)
මහින්ද මහත්තයා මේ රටේ ඊළඟ අගමැති තුමාය.(හේ)
ජයවේවා මහින්ද මැතිතුමාට.(හේ)
මෝඩ මිනිස්සු කුලප්පුවෙලා වගේ කෑ ගහනවා. එතුමාට කතාකරන්නවත් දෙන්නේ නැහැ. රජතුමා සිංහාසනයේ යටත් වැසියෝ බිම?(හේ)
මෝඩ මිනිස්සු කුලප්පුවෙලා වගේ කෑ ගහනවා. එතුමාට කතාකරන්නවත් දෙන්නේ නැහැ. රජතුමා සිංහාසනයේ නිවට යටත් වැසියෝ බිම? නුගත් කමින් පිරිච්ච නොදියුණු සමාජයක්? (නදී)
නායකයා යනු ශාන්තුවරයෙක් වියයුතු නොවේ (නි)
අප රටේ පැවැති අවුරුදු තිහක මනුශ්‍ය බිය නැති කලාට ඔබතුමාට ජය නියතයි දෙවියෝ ආශිර්වාද කරාවී (නදී)
අපට කියන්න තියෙන්නේ අබසරණයි කියලා (නදී)
උඩ ඉන්න දෙවියෝ බළලා තමයි ගෙදර ඇරියේ. අර ලසන්ත වික්‍රමතුංග,ප්‍රදීප් එක්නැලිගොඩ, මරපු මිනීමරුවා කව්ද කියා හැමෝම දන්නවා. කෝ බොරුවට පන්සල් ගානේ, දේවාල ගානේ යනවා මිනිස්සු රවටන්න. දෙවියෝ තවත් කෝපවෙනවා. (නදී)
ඔබට දීර්ඝායුෂ ලැබේවා. නැවතත් ජනපති වීමට වරම් ලැබේවා (බ)
ඔබතුමා නැතුව දැනටමත් ලංකාව බංකොලොත් බව ආරංචී. තව මාස හයක් යනකොට හිතාගන්නවත් බැරිවේවි. (බ)
චන්ද්‍රා, හැමෝම දන්නවනම් උසාවියකදී ඔප්පු කරලා දඬුවම් දෙන්නකෝ. ඔය වගේ කතා ගොඩක් අයගෙන් ඇහෙනවා හරියට ඒගොල්ලන් දැක්ක වගේ. ඒත් කවුරුත් නීතිය මගින් ඔප්පු කරන්න ලැස්ති නැහැ. ඔයාටවත් බැරිද මහින්දව ඔයාගේ සාක්කියෙන් වැරදිකරුවෙකු හැටියට ඔප්පු කරලා දඬුවම් දෙන්න (බ)
මහින්ද පැරැද්දුවේ කුමන්ත්‍රණයකින් බව දැන් පොඩි ළමයෙක් පවා දන්නවා. හකීම් ඉල්ලපුවා ටී එන් ඒ එක ඉල්ලපුවා රට ගැන හිතන්නේ නැතිව ඔබ තුමාගේ ජය ගැන විතරක් හිතල දෙන්න පොරොන්දු වුණා නම් අදත් ජනාධිපති ඔබ තුමා. දැන් රටම විනාශ වේ ගෙන යන හැටි නොපෙනෙන්නේ කාටද? (බ)
අර රනිල් මහත්තය එක සැරයක් පැරදුනේ දිනු එක්කෙනාට වඩා ඡන්ද එක් ලක්ෂ ගණනකින්.එත් කෝ මෙහෙම විකාරයක් තිබුනද? (බ)
නිදහසේ ගෙදරටවෙලා ඉන්න එක තරම් අති විශාල ජයග්‍රහණයක් තවත් නැහැ. ඒ ජයග්‍රහණය ඔබතුමා දැනටමත් ලබල තියෙන්නේ. (බ)