විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) උදෑසන විපක්ෂ නායක කාර්යාලයේදී සිය වැඩකටයුතු ආරම්භ කළේය.
මීට පෙර විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක කාර්යාලය බාර නොදීම හේතුවෙන් මීට පෙර විපක්ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භ කර නොතිබිණි.
නිත්‍යනූකූලව අදාළ කටයුතු සිදු වූ පසු අද මහින්ද රාජපක්ෂ මහතා උදෑසන 8.45 ට යෙදුණු සුබ නැකතින් කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී වැඩකටයුතු ආරම්භ කළේය.
(36698)





(ඡායාරූප - ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා
ඒ වගේම විපක්ෂ නායක හැටියට 20 ට විරුද්දව දැන්මම වැඩ පටන් ගන්න සිංහල අපේ සම්පූර්ණ සහයෝගය ඔබතුමාට ලැබෙනු ඇත.
මේකත් කොච්චර කාලයටද දන්න නැහැ.
ජනාධිපති කමයි, අගමැති කමයි, දෙකම නැතිවෙච්ච එකේ විපක්ෂ නායක කම හරි ලැබුණ එක හොඳයි..
මෝඩ කමට බෙහෙත් නැහැනේ
සුභ ගමන් රජතුමනි! පුනරාගමනයට ජය! ඔබ එන මග අපි බලන් ඉන්නවා ....
දැන් ඔබට සතුටුද?
ඔය ඉන්නේ වටේටම .. ජූතයෝ ටික! මදැයි, හිටපු ජනාධිපති කෙනෙකුට උසස්වීමක් ලැබුන හැටි!
අනේ හපොයි මෙහෙමත් බල කෑදරකමක්. ඊළඟට ඉව අල්ලන්නේ කොතැනටද?
නමුත් නීත්‍යනුකුල විපක්ෂ නායකයා සම්බන්ධන් නේද? බොහෝවිට මෙතුමාට මේ තනතුර දෙන්නට ඇත්තේ පසුගියදා අගමැති තනතුර අහිමිවීමෙන් ඇතිවූ අවමානය මකා ගැනීමට විය හැකියි.
අන්න එහෙමයි නියම බෞද්ධාගමිකයා පිරිත් නූලක් බඳින විට අත දිහා බලනවා. ආගන්තුක බෞද්ධාගම්කාරයා ආකාසේ දිහා බලන් ඉන්නවා.
ලොක්ක අහුවෙන්නේ නැති විදියට බැංකු මංකොල්ලකන විදිය ප්‍රායෝගිකව පෙන්නලා දුන්නා මදිද?
ක්‍රිස්තු පූර්ව 350 දීත් සංඝ රත්තනය ජාතිය රැකගැනීමට දුටුගැමුණු රජු හා එක්වුණා. ක්‍රිස්තු වර්ෂ 2018 දීත් සංඝ රත්නය ජාතිය රැකගැනීමට ඔබ හා එක්වෙනු ඇත. හැබැයි දුටුගැමුණු රජුගේ කාලයේ ලිට්රෝ ගෑස් කොමිස් කාක්කෝ හිටියා නම් දෙමළුන්ට පළමුව ඔවුන් කඩු තුඩේ ඇමිණෙනවා ඇත.
මේ කහකඩයන් දෙන්නගේ සේවය හොරුන්ට නූල් බඳින එක විතරමද?
අනුන්ගේ තනතුරු පැහැරගන්න මේවගේ දේශපාලකයෙක් ලංකා ඉතිහාසයේ සිටීයේම නැහැ.. මොන ලැජ්ජාවක්ද?
මොන තනතුරු ඩැහැ ගත්තත් ජම්පරේ ගහන්න වෙන එක වළක්වන්න ලැබෙන්නේ නැහැ ..
බොරලුගොඩ සිංහයාට හාවෙක්වත් ගොදුරකට අල්ලගන්න බැරුව නිකම්ම දිරලා යනවා.. අනේ පව්...
මෙයාව ජනතාවත් පරද්දවලා ගෙදර ඇරියා... උසාවියෙනුත් කනට ගහලා හොර අගමැතිකමෙන් එළියට ඇදලා දැම්මා... මෙහෙම දෙකේ කොලේට වැටුණු දේශපාලකයෙක් ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ..
කොහොමද සිරිසේන? අහවලාගේ ගෙදර උන්දැව ළඟ තියාගෙන අහවලාට වැඩබැරි බව කියපු හැටි. කදිමයි නේද? ගෙදර උන්දැ හිතනවා ඇති ඕක ලෝකෙම දන්නා දෙයක්නේ කියලා. නැතිනම් අපේ අයත් අද පාර්ලිමේන්තුවේනේ කියලා