ගාල්ල මහින්ද විද්‍යාලයේ තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීම නිසි වේලාවට ආරම්භ නොකළ බවත් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ඊයේ (23) සවස සහ අද (24) විදුහලට පැමිණෙන ලෙස විදුහල්පති ගුරුවරුන්ට දැනුම් දීමෙන් ඡන්ද අයිතිය උල්ලංඝනය කළ බවත් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව උදේ 8 සිට සවස 4.15 දක්වා නියම කැර ඇත. එහෙත් මහින්ද විදුහලේ ගුරුවරුන්ට දන්වා ඇත්තේ පස්වරු 2 – 4.15 වේලාවේ ඡන්දය දැමිය හැකි බවයි.
ස්ටාලින් මහතා පවසන්නේ තැපැල් ඡුන්දය ප‍්‍රකාශ කිරීම ස`දහා 23 හා 24 දිනයන්හි නිශ්චිත කාල සීමාවක් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලබා දී තිබිය දී මෙලෙස එම අවස්ථාව පැහැර හැරීම බරපතල වරදක් බවයි. එවැනි තීරණ ගැනීමට කිසිදු ආයතන ප‍්‍රධානියකුට හැකියාවක් නැතැයි ද ස්ටාලින් මහතා පවසයි.
මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා මෙසේ කීවේය.
‘‘ අද අත්‍යාවශ්‍ය රාජකාරී කටයුත්තක් යෙදී තිබූ නිසා මා ඒ ගැන ගාල්ල දිස්ති‍්‍රක් සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා සමග සාකච්ඡුා කළා. එතුමාගේ අවසරය ඇතිව මේ තීරණය ගත්තේ. තැපැල් ඡුන්දය ඉල්ලූම්කර තිබූ ගුරුවරුන් 48 දෙනාට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නා. අවසරය ඇතිව නීත්‍යනුකූලව කරනු ලැබූ දෙයක්.’’
ගාල්ල දිස්ති‍්‍රක් සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා මෙසේ කීවේය.
‘‘ මහින්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා රාජකාරී කටයුත්තක් යෙදී ඇති බව දැනුම් දුන් විට මා අපගේ ප‍්‍රධාන කාර්යාලය සමග සාකච්ඡා කර එහි තැපැල් ඡන්ද ප‍්‍රකාශකරණ අයට ඒ සඳහා නිශ්චිත වේලාවක් දැනුම් දෙන ලෙස උපදෙස් දුන්නා. එහි වරදක් නැහැ. මැතිවරණ නියෝජිතයන් ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කැර තිබෙනවා. කිසිදු දූෂණයක් හෝ අක‍්‍රමිකතාවක් එතැන ඇත්තේ නැහැ. ඡුන්දය ඉල්ලූම් කර තිබෙන්නේ 48 දෙනෙක් පමණයි. ඔවුන්ට ඡුන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව දී තිබෙන්නේ නීත්‍යනුකූල ආකාරයෙන්. ’’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණු දැනගෙන කතා කරන්න ජෝසප් මහත්තයෝ. චෝදනාව ඉල්ලා අස් කරගන්න . අපේ ඉස්කෝලේ කන්න එපා. ඔයා කැමති දේශ පාලනයක් ඔයා කරන්න. බොහොම අමාරුවෙන් ඉස්කෝලේ ගොඩ ගන්න යන්නේ. පරිපාලනයේ බේද ඇතිකරන්න එපා. (නදී)
දන්නෙ නැති නිසා අහන්නේ. ඇත්තටම මහින්ද මහත්තයෝ බොහොම අමාරුවෙන් ගොඩගන්න තරම් දෙයක් පාසලට වෙලා තියෙනවද? (නි)
අවසර නැතිව කළ දෙයක්නේ. මම නම් මෙහි වරදක් දකින්නේ නැහැ (නදී)
කාළගුණේ වරදක්ද ? (නදී)
කමක් නැහැ. අවසර අරගෙනනේ... (නි)
අපේ පාසලට ඔහොම කියන්න එපා (නි)
ඕවා ඔහොම තමයි (නි)