IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහින්ද විකල්පයකුත් හදයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමේ දී යම් ගැටළුවක් ඇති වුවහොත් වෙනම පක්ෂයකින් තරඟ වැදීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සදහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දක්වන පිරිස විජේරාම පාරේ කාර්යාලයයක් විවෘත කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.

අවශ්‍ය වුවහොත් වෙනම තරග කිරීමට නාමයෝජනා ලැයිස්තු සකස් කරමින් පවතින බව ද එම ආරංචි සඳහන් කරයි.



අදහස් (0)

මහින්ද විකල්පයකුත් හදයි

පෙරේරා Sunday, 05 July 2015 02:32 PM

මහජනතාව සූදානම් ඔබ කොහෙන් කොහොම ආවත් (නි)

:       0       0

චිත්‍රානි Monday, 06 July 2015 04:38 AM

පි..පි..පිවිතුරු ය..ය..යහපාල ...මො..මො..මොකද්ද කිව්වේ ? (නදී)

:       0       0

ජයන්ත Monday, 06 July 2015 04:40 AM

ආරක්ෂාවට හොඳම දේ තමයි ඒක (නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 05 July 2015 03:19 PM

මිනිසෙකුට තන්හාවෙත් සීමාවක් තිබෙනවා. මොහුගේ නම් තන්හාව අංශු මාත්‍රයක්වත් ක්ෂය වෙලා නැහැ (නදී)

:       0       0

දුමින්ද Monday, 06 July 2015 05:34 AM

එකම ඉල්ලකයක් -දෙමගක් (ම)

:       0       0

අර්ජුන රණවන Monday, 06 July 2015 06:13 AM

විකල්පය නොවේ කල්පයක් හැදුවත් වැඩක් නැහැ. (ර)

:       0       0

ශ්‍රීනාත් Sunday, 05 July 2015 05:48 PM

මහින්ද මහත්මයා රටට උවමනාම පුද්ගලයායි. ඒකේ විවාදයක් නැහැ (නි)

:       0       0

නුවන් Monday, 06 July 2015 06:46 AM

තරුණ තරුණිහන් අමු අමුවෙම පාරවල් වල ටයර් සෑයවල්වලට දාල රටම මිනී කනත්තක් කළ අය පැරදි පැරදි ඉල්ලනව විතරක් නෙවෙයි තමන්ගෙම මේ අතීතය අමතක කරපු අය ඒ අය නැවත බලයට ගේනව නම්. මහින් ද වගේ කෙනෙක් ආයෙම ඉල්ලන ඵකේ ඇති වරද කුමක්ද? (නදී)

:       0       0

එච්. ජගත්දේව Sunday, 05 July 2015 06:14 PM

අද කියන දේ හෙට වෙනස්කරන මිනිසුන් සිටින රටක තවත් සැළසුමක් සුදානම්කොට තිබීම ඉතා වැදගත්ය. (නි)

:       0       0

රොහාන් Sunday, 05 July 2015 06:30 PM

එහෙම තමයි වෙන්න ඕනෑ. ඔය පරදින ලකුණු. (නි)

:       0       0

සරත් Monday, 06 July 2015 06:56 AM

කොහොම කලත් මහින්දට ජය. ඒ බව විරුද්ධ වාදීන්ද පිළිගෙන. (ර)

:       0       0

නුවන් Monday, 06 July 2015 07:03 AM

තමන්ගෙම අතීතය අමතක කරපු අය ඒ අය නැවත බලයට ගේනවා නම්. මහින්ද වගේ කෙනෙක් ආයෙම ඉල්ලන ඵකේ ඇති වරද කුමක්ද? (ර)

:       0       0

අරුණ Monday, 06 July 2015 07:05 AM

මොලේ ඇති වැඩක් කුමන්ත්‍රණ බොහොමයි ජයවේවා.! (ර)

:       0       0

අශාන් Monday, 06 July 2015 07:11 AM

ඒ අයට නාමයෝජනා ලැබුණේ නැතොත් කියලා බය ඇති.. (ර)

:       0       0

කුමාර් වාස් Sunday, 05 July 2015 07:16 PM

මොකෙන් ආවත් කූජිතයි (නදී)

:       0       0

කල්හාරි Sunday, 05 July 2015 09:31 PM

ඒ කියන්නේ මහින්දට විශ්වාසයක් නැහැ කියන එකද? (නි)

:       0       0

සිල්වා Sunday, 05 July 2015 11:43 PM

කෝකටත් ප්‍රවේශමෙන් වැඩකරන එක හොඳයි.ජයවේවා!

:       0       0

තිලකසිරි Monday, 06 July 2015 12:43 AM

සුදානම්‍වීම ඉතා හොඳයි (නි)

:       0       0

දසනායක Monday, 06 July 2015 12:53 AM

මට නම් මහින්ද දැනටම පරාදයි (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 06 July 2015 01:49 AM

මීට කලින් කළ යුතුව තිබුන දෙයක්. (නදී)

:       0       0

සත්‍යයා Sunday, 05 July 2015 12:17 PM

එහෙනම් ඉවෙන් වගේ තේරිලා සන්ධානයෙන් නාම යෝජනා ලැබෙනවා කියන එක මුලාවක් කියලා. මොන විධියකින් හෝ බලයට එන්න උත්සහ කරන්නේ ඇයිද කියන එකට එක් පැහැදිලි පිළිතුරක් මහින්දගේ කණ්ඩායමේම කෙනෙක් මෑතකදී ප්‍රකාශ කරලා තිබුනා. එනම් මොන විධියෙන් හරි පාර්ලිමේන්තුවට ආවොත් ඉතිරි හරිය කරගන්න අපි දන්නවා කියන එක. ජනතාව මේ වෙලාවේ ඉතාම සුපරීක්ෂාකාරීව ඉන්න ඕනේ ඔය කියන "ඉතිරි හරිය" මොකක්ද කියල අවබෝධ කරගන්න. (නදී)

:       0       0

රවී Monday, 06 July 2015 02:07 AM

එතකොට සමහරු 29 වතාවක් පැරදිලා තව එන්නේ මොකටද? මහින්ද එන්නේ ජනතා ආශීර්වාදයෙන්. (නි)

:       0       0

සඳා Monday, 06 July 2015 02:40 AM

රෑ අප්ප කාල පහුවෙනිදා පැන්න එකේ ඕක විශ්වාස ක‍රන්න පුලුවන්ද ? කෝකටත් ඔය වැඩේ හොඳයි (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 06 July 2015 02:46 AM

ඒක හොඳයි. මේගොල්ලන්ට වෙන්නේ ඔය කියන විකල්පයට යන්න තමයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 06 July 2015 02:48 AM

රවී හිතාගෙන ඉන්නේ අනිත් පක්ෂවල ඉන්නේ ජනතාව නොවෙයි කියලද?රනිල් එන්නෙත් ෆොන්සේකා එන්නෙත් අනිත් හැමෝම එන්නෙත් එම පක්ෂවල ජනතාවගේ ආශිර්වාදයෙන් තමයි. (නි)

:       0       0

ප්‍රියා ප්‍රංශය Sunday, 05 July 2015 12:51 PM

මහින්දව මෛත්‍රී දෙවන වරටත් ගොනාට අන්දයිද? (නදී)

:       0       0

මහින්ද Sunday, 05 July 2015 01:09 PM

පිවිතුරු යහපාල, පිවිතුරු යහපාල කෝ මේ පිවිතුරු යහපාල. මොකද බන් අයියේ මේ අපිට වෙන්නේ? (නදී)

:       0       0

කමල් විමලවීර Monday, 06 July 2015 03:10 AM

ඊනියා දේශපාලන පක්ෂයක් සාර්ථකවෙන්න නම් නායකයා කපටි වෙන්න ඕනේ. පාක්ෂිකයෝ මෝඩ වෙන්න ඕනේ. ශ්‍රීලනිප මහින්ද පිලට මේ දෙකම තියනවා. (නදී)

:       0       0

අශෝක ‍ Sunday, 05 July 2015 01:25 PM

කොහොම කළත් බැහැම තමයි (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 06 July 2015 03:28 AM

මෙදා සැරේ එක්සත් ජාතික පක්ෂයට ජන්දේ දුන්න නං හොඳයි වගේ කියලා මට දැන් හිතෙනවා.ලංකාවේ මෙතුවක් කාලෙට ආර්ථිකයේ දියුණුවක් ඇති වුණේ එක්සත් ජාතික පක්ෂ රජයක් කාලයේදී පමණයි කියල මටත් දැන් තේරෙනවා.(ම)

:       0       0

පියලාල් Sunday, 05 July 2015 01:39 PM

ඒක හොඳයි. එහෙම සූදානමින් ඉන්න ඕනෑ. මෙවර ජනමතයට පයින් ගැසුවොත් නැවත ජනතාව මහින්ද ගැන බලාපොරොත්තු තියන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 05 July 2015 02:27 PM

හොඳ අදහස (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site