සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර දුරකතන සංවාදයක් බව කියන හඬපටයක් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙයි.
ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කැරුණේ 2009 ජනවාරි අට වැනි දා ය. ඔහුගේ මරණයෙන් අවුරුදු 8කට පමණ පසු මෙවැනි හඬපටයක් නිකුත්වූයේ කෙසේදැයි බොහෝ දෙනකු ප්‍රශ්න කරති.
තමා මීට සතියකට පෙර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ගිය බව මහින්ද රාජපක්ෂ කියන බව මෙම හඬපටයේ දැක්වෙයි. රාජපක්ෂ මහතා ඔක්ෆර්ඩ් ගියේ 2008 මැයි මාසයේ දී ය. ඔහු දේශනය කළේ 2008 මැයි 14 වැනි දා හෝ ඊට ආසන්න දිකදී ය. මෙම හඬපටය සත්‍ය නම් එය 2008 වසරේ මැයි මාසයේ කතාබහක් බව සමහරු කියති. බොරතෙල් බැරලයක මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑම ගැන ද එම හඬපටයේ ඇති අතර 2008 වසරේ මැයි, ජුනි, ජූලි සහ අගෝස්තු මාසවල ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගියේය. මීළඟට ඇත්තේ උතුරු මැද පළාත් සභා මැතිවරණය දැයි ලසන්ත වික්‍රමතුංග මහතා විමසන අතර උතුරු මැද පළාත් සභා මැතිවරණය පැවැතියේ 2008 අගෝස්තු මාසයේ දී ය.
එම සංවාදය පටිගත කළේ කවුදැයි හරියට නොදන්නා නමුත් මෙය පටිගත කළ පුද්ගලයා එය සංස්කරණය කර ඇති බව පෙනේ. ඇතැම් නම් කියැවෙන ස්ථානවලදී වෙනත් ශබ්ද ඇසීම ඊට හේතුවයි.
ජංගම දුරකතන ඇතුළු සියලුම දුරකතන පණිවිඩවලට හොරෙන් සවන්දීමේ හා පටිගත කිරීමේ උපකරණ විදේශයන්ගෙන් ගෙන්වා තිබුණු බවට ඡන්ද සමයේ පැවැති ආණ්ඩුවට චෝදනා එල්ල විය.
එසේම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ජංගම දුරකතනය ටැප් කරන ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානියා නියෝග කළ බව දැක්වෙන ලිපියක් ද පසුගිය කාලයේ මාධ්‍යයට නිකුත් කැරුණු අතර එහි සත්‍ය අසත්‍යතාවයද මේ වන තෙක් හෙළිදරව් වී නැත.
දෙදෙනාගේ කතා බහේදී රජයේ දූෂණ ගැන සඳහන් වෙයි. හඬ පටයේ නම අපහැදිලි පුද්ගලයකු ගැන කතා බහ යන අතර එම සංවාදයට වසරකට පමණ පෙර ලියූ ලිපියක් ගැන ද සඳහන් වෙයි. එම හඬපටය අනුව ලසන්ත වික්‍රමතුංග කියනුයේ ෆොන්සේකා මහතා වැරදි ප්‍රචාරයක් ගෙන යන බවට සහ ඊට අසු නොවන ලෙස නම අපහැදැලි පුද්ගලයා පණිවිඩ එවා තිබූ බවයි. එමාට තොරතුරු දුන්නේ යුද හමුදාවෙන් නොවන බව වික්‍රමතුංග මහතා කියයි. මේ කතා කරන්නේ මිග් ගනුදෙනුව ගැන බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කරයි. මිග් ගනුදෙනුව ගැන සන්ඩේ ලීඩර් පුවත්පත 2007 අගෝස්තු මාසයේ ලිපියක් පළ කර තිබිණි. ලසන්ත වික්‍රමතුංග මහතා වසරකට පෙර පළ කළායැයි එම හඬ පටයේ සඳහන් ලිපිය 2007 අගෝස්තුවේ පළ කැරුණු මිග් ගනුදෙනුව ගැන පුවත විය හැකි යැයි සමහරු කියති.
ලසන්ත ඝාතනයෙන් අවුරුදු හතකට පසු මෙම සංවාදය මාධ්‍යයට නිකුත් කිරීමෙන් බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු දීමට ඝාතන පරීක්ෂකයන්ටත් මහින්ද රාජපක්ෂ මහතාටත් සිදුවෙතියි විශ්ලේෂකයෝ කියති.
මේ ගැන කළ විමසීමකදී හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය නිලධාරී රොහාන් වැලිවිට මහතා කීවේ මෙම හඬපටය සත්‍ය එකක්දැයි සොයා බැලිය යුතු බවයි.
‘අද තාක්ෂණය දියුනුයි. හඬපටය සකස් කළ එකක් විය හැකියි. එසේ නැතිනම් පැයක පමණ දීර්ඝ වේලාවක සාකච්ඡාවකින් කපා සංස්කරණය කළ එකක් විය හැකියි. මෙය කවුරුන් විසින් පටිගත කළාද, සංස්කරණය කළාද කියා බැලිය යුතුයි. ‘ යැයි ද වැලිවිට මහතා කීවේය.
(හඬපටය ශ්‍රීලංකා මිරර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
මහින්ද මහතා හට අපගේ ඇති ආදරය තවත් වැඩිවනවා මිස මේවායින් වන වෙන දෙයක් නැත. (නි)
නිපුන්, තුන් වේලටම තණකොළද කන්නේ? ඉඳලා හිටලා පුන්නක්කු ටිකකුත් බොන්න (නි)
මේක කවුරුහරි කරපු බොරුවක්ද කොහෙද (නි)
නිපුන් කියල තියෙන්නේ එයාගේ අදහස. එරින් මොකද කලබල වෙලා. රනිල්ට ආදරය වැඩි වෙනවා කිවුවා නම් හරිද එරින්? එතකොට කන්න ඕනෑ මොනවද? (නි)
ඒ දෙන්නට කතාකරන්න තහනමක් තිබුනේ නැහැනේ. ඉතින් මේ ඒ කාලේ කළ කතාවක් වෙන්න ඇති (නි)
මේක මම හිතන්නේ පරණ එකක් වෙන්නම ඕනෑ (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු (නි)
ඔව් ප්‍රියාන්,මොකද එරින් නිකන් කලබල වෙලා. මේක කොහොම හදපු එකක්ද කියන එක හරියටම කියන්න බැහැ. ඒත් මහින්ද මහත්මයා ලොකු සේවයක් කළා. අඩුපාඩු තිබුණමුත් අවමන් නොකළ යුතුයි (නි)
අනේ මන්දා මොනවද මේ දේවල් කියලා හිතාගන්න බැහැ (නි)
දේශපාලනය කරන හැමෝම එක වගේ. කාව විශ්වාස කරන්නද? අපි අදහන දෙවියන්ට කියමු මේ හැමදේම බාරගන්න කියලා. (නි)
මහින්ද මැතිතුමා කොපමණ හොඳ පුද්ගලයෙක්ද යන වග තවත් ඔප්පුවෙනවා (නි)
ලසන්තගේ හඬ පැහැදිලි නිසා ඔහු පටිගත කළ බව පෙනේ (බ)
අනේ මම නම් හරිම කැමති ලසන්ත මහතා හා මහින්ද මහතා අද හෙට හමුවී මුහුණට මුහුණ බලාගෙන කරන කතාබහකට අවස්ථාව ලැබෙනවා නම් , රටේ වැඩි දෙනෙක්ගේත් කැමැත්ත ඒක තමා (බ)
ලසන්ත ඉබේ මැරුණා නොවේ මැරුවා. නියම වෙලාවට ස්වභාව ධර්මය ක්‍රියාත්මක වේවි. කව්රුත් කලබල වෙන්න ඕන නැහැ. (බ)
"දූෂණය" දේශපාලනය සඳහා තවත් නමක්? (බ)
මම ලසන්තගේ කටහඬ කිසිදාක අහලා නැහැ. නමුත් මහින්දගේ කටහඬ දශක ගානක් තිස්සේ මා දන්නවා. මහින්දගේ කට හඬ ඇත්ත හඬක්. ඒ අනුව දෙවන කටහඬ පසුව තාක්ෂණය යොදාගෙන කළා යැයි යමෙක් කිව්වොත් එය මුලාවක්. (නි)
මට නම් හිතෙන්නේ ලසන්ත වික්‍රමතුංග මහතා කළ පටිගත කීරීමක් කියායි. නමුත් මොන අරමුණකටද? (නි)
එන්රි කන දේ ගැන මම කියන්න කැමැති නැහැ. ගුණමකුකම! (නි)
මම නම් හිතන්නේ හඬකවපු මඩක් (නි)
ලසන්තව මරපු එක මොන තරම් අපරාධයක් ද කියලා හඬ පටය ඇහුවහම තේරෙනවා. (හේ)
මොනව නැතත් පළාත් පාලන ඡන්දෙනං නං ළඟයි වගේ (බ)