ලොව ශීඝ්‍රයෙන්ම වර්ධනයවූ සංචාරක පුරවරයන් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයට අනුව අංක එක ස්ථානය කොළඹට ලැබී ඇතැයිද ඒ සම්බන්ධයෙන් තමා ආඩම්බරයට පත්වන බවද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් මගින් කියයි.
ලෝකයේ ප්‍රමුඛතම ක්‍රෙඩිට් කාඩ් සමාගමක්වන මාස්ටර්කාඩ් ආයතනය මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත. 2009 සිට ගතවූ 5 වසර තුළ 21%කට වඩා වැඩි වර්ධනය සීඑන්එන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවය ‘පුදුම එළවන සුලු ජයග්‍රහණයක්‘ ලෙස හඳුන්වාදී තිබූ බවද එම නිවේදනයේ සඳහන්ය.
ආරක්ෂාව හා නගර සංවර්ධන හිටපු ලේකම්ටත් අනෙකුත් නිලධාරීන් හා කාර්ය මණ්ඩලයටත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ටත් ස්තූති කරන රාජපක්ෂ මහතා කොළඹ නගරය තුළ කළ සංවර්ධනය ඉදිරියටත් පවත්වාගෙන යාම වත්මන් රජයේද වගකීම බව කියා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අදහස් යන්නේ කොහෙද මල්ලේ පොල්! (නි)
මියගිය වේළුපිල්ලේ ප්‍රභාකරන් හට මහත්මයා යැයි ඇමතීමට සුදුසු වන එක සිද්ධියක් ඉහත සඳහන් බොහෝ අදහස් කියවීමෙන් මගේ මතකයට නැඟේ. එය නම් ඔහු ප්‍රකාශ කළ " සිංහලයාට කළ හොඳ මතක හිටින්නේ සුමානයක් විතරයි " යන්නය. (නි)
කොළඹ නගරයේ සීඝ්‍ර සංවර්ධනයක් තිබුනා කියලා අපි හැමෝම දන්නවා.එය අගය කළයුතුයි.අප කුහක නොවිය යුතුයි.මරදානේ සිට කිරුළපන ප්‍රදේශයේ,රේල් පාරවල් අසළ අනවසර ලෙස පැල්පත් සාදාගෙන ඇතැම් ජනතාව පදිංචිවෙලා ඉන්නේ දුප්පත්කම නිසාම නොවේ. එය වෙනම කතා කළයුතු දෙයක්. අපේ රටේ මන්දපෝෂණය ගැන කියවෙනවා.ජනතාව බඩගින්නේ ඉන්න බවත් පැවසෙනවා.එහෙත්...හැමෝගෙම අතේ 'ස්මාර්ට් ෆෝන්'තිබෙන බව පෙනෙනවා. මෙය හරිම ගැටළුවක්. (නි)
අනේ අර මෝදර මරදාන කොටුව පිටකොටුවේ කුණු කඳු ටික අයින් කරන්නකෝ.ඕවත් එක්කද පළමු තැන දුන්නේ .ගඳේ බෑ.අර පාවෙන කඩ ලඟත් (බ)
ඒ කියන්නේ අපේ රට පුදුම දියුණු රටක් වෙලා තිබිලානේ අපි දන්නෙම නැතුව? (නි)
මේකේ ඉන්න සමහර අයගේ කුහක කම දාල තියෙන අදහස් වලින් පේනවා,මේ වාර්තාව දීල තියෙන්නේ ජාත්‍යන්තරව පිළිගන්න ආයතනයකින්,මහින්දගේ මාධ්‍ය ලේකම් නෙවෙයි,කුහක කම ලෝකෙටම පෙන්නනේ නැතුව හොද දේට හොදයි කියන්න පුරුදු වෙන්න (බ)
පල ඇති රුකටනේ ගල් වදින්නේ! (නි)
ඕකත් හරියට බිල්ගේට් දුන්නු සහතිකය වගේමයි,තේරුණ අය තේරුම් ගනිත්වා (බ)
'හමුදාව උතුරෙන් යායුතුයි' යන සිරස්තලය යටතේ ජුනි 8 ද 'එසැන' පුවත් වලින් මට කියවන්නට හැකි විය. එයට අදහස් 35ක් ලැබී තිබුනේය.ඊට වඩා වැඩි ප්‍රතිචාරයක් මෙම ලිපියට තිබේ. මහින්ද මහතා ගේ අදහස සම්බන්ධ මෙම ලිපිය ට දැනටම ප්‍රතිචාර 64 කි. (ස)
අනේ ඔබතුමාට තවත් ඉන්න බැරිවුණානේ අපේ අවාසනාවට! (නි)
යුද්දෙන් පස්සේ සංචාරක කර්මාන්තය දියුණු වුණා (ම)
එහෙනම් ඉතින් දැන් තවත් කාලය නාස්ති කරන්නේ නැතුව, ගෙදරට වෙලා ඉන්නකෝ! (නි)
අබේරත්න එ්කට කියන්නේ කුහක කම කියල. (ස)
මහානාම මතුගම . ඔයාටත් එක තේරුනාද දැන් එ්ක අපායක් කරලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවෙන්. (ස)
ලෝකයම එය පිළිගත්තත් අපේ සමහරු එය පිළිගන්න කැමති නැහැ. (නි)
මංගලි නම් පාවෙන කඩේ ගාවට ගිහින්ම නෑ වගේ. ඒ දවස් වල හොඳට තිබුන. දැන්නම් ගඳයි තමා. (ස)
සිංහපුත්‍ර 2000ක් ණයට අරන් මොකුත් නොකර ඉන්න එක නේද ඔයාට වටින්නේ. (ස)
ඔව් ඉතින්, සන්තෝෂ ඇති. හැබැයි ඉදිරියේදී කාපුවා වමාරන්න ගියාම තමයි සතුට දුකට පෙරළෙන්නේ. (නි)
කුහකයෝ ටික රැල්ලට බයවෙලා. ඉතින් පරසක්වල ගහන්න හදනවා. ඒකයි මට නම් පෙනෙන්නේ. (නි)
මෝඩයින්ට චුන් වෙන්න එතුමා ඔය වගේ කතා කියන්න දක්ෂයි. යුද්දේ ඉවරවෙලා එතුමා ඇතුළු කල්ලිය කරපු හරිය ඇති අපිට අපේ රටත් එපා වෙන්නම? (ස)
මේ බොරු කතා. කොළඹ අපිට නම් පෙනෙන සංවර්ධනයක් නැහැ. අපායක් වගෙයි (නි)
සම්පුර්ණ ගෞරවය ත්‍රිවිධ හමුදාවට ලැබිය යුතුයි (නි)
සහතික ඇත්ත මාගලී (නි)
ඔව් ..ඔව් ... ඒවා පසුගිය ආණ්ඩුවේ වැඩ.දැන් කොළඹ එන්න එන්නම අපිරිසිදුවේගෙන යනවා. (නි)
අපේ කට්ටිය මොනව හරි ලියන්නේ කොයි වෙලවෙත් එතුමට විරුද්ධව, යුද්දේ දිනුව එකටත් මේගොල්ලෝ කැමති නැහැ. අනේ මන්ද මේගොල්ලොන්ට කවද තේරෙයිද කියල. කරුණාකරලා හැමෝම එකතුවෙලා රට බේරගන්න. යන විදිය හොඳ නැහැ. (ස)
දැන් කොළඹට මොනවා වෙයිද? (නි)
අපරාදේ බලයේ හිට්‍යනම් රුපිල්යල් කොටි 10-15 ජනතා මුදල් කාබාසිනියා කරලා උත්සවයක් පවත්වල ජය සමරන්න තිබුන , හැමෝම බොරුවට සුමනදසට බැන්නට එ් මනුස්සය බොරු අනාවැකි කියල රටට කරපු සේවය සුළුපටු නැත , මම හැමදාම රුපියල් 117 ට බසිකලේට පැට්‍රොල් ලීටරයක් ගහනකොට එතුමා ගැන සිහිපත් කරනවා , (ස)
ඔව් ඔව්... කොළඹ 21% සංවර්ධනය කරා කියන අය එයාලා කොපමණ "සංවර්ධනය" කරගෙන තියෙනවද කියලා කිව්වොත්?? (නි)
මහින්ද බොහොම හොද මනුස්සයා කියල කොමන්ට් දාන අයගෙන් මම අහන්න ආසයි. රටේ ජනාධිපති ඡන්දෙ දමන්න ඡන්ද පොලට යනවිට මෛත්‍රී වගේ ඩමියක් එක්කගෙන ගියේ ඇයි? (නදී)
මෙතන කුහක කමින් මහින්දට බැනල අදහස් දාන කට්ටිය මතු දිනක ප්‍රභාකරන්ට මහත්මය කියල කියන දවස වැඩි අෑතක නැහැ .මොකද සිංහලයට හැමදේම මතක සතියයි කියල කිව්වෙත් ප්‍රභාකරන්ම නිසා කවුරු කොහොම කිව්වත් පිටරටක ඉදල එන අපිටනම් පේනවා කොළඹ මොනතරම් දියුණු කරලද කියල කොළඹ මුඩුක්කු කවදාවත් නැති කරන්න බැහැ එ්ක එ් මිනිසුන්ගේ සංස්කෘතියට බද්ධ වෙලා තියෙන්නේ මම ඉන්නේ ඉතාලියේ කොලබට අන්ත මුඩුක්කු තියනවා ඉතාලියේ මේකයි පැහැදිලි සත්‍යය අඩුපාඩු කොපමණ තුබුණත් හොද දේට හොදයි කියන්න පුරුදු වෙන්න (ස)
මේගොල්ලෝ මේක වැරදියට තේරුම් අරගෙන. ඒකේ කියන්නේ වේගයෙන්ම සංවර්ධනය වෙන නගරය කියලා නෙමෙයි. සංචාරකයන්ගෙන් 21% එක් දිනක් ගතකරන බව. ඒකේ කිසිම තැනක සංවර්ධනයක් ගැන කියලා නැහැ. සංචාරක වර්ධනයට හේතුව ලෙස දක්වා තිබෙන්නේ යුද්ධයේ අවසන්වීම ලෙසයි. ඒකේ උදම් වෙන්න හේතුවන කාරණයකට වඩා වැදගත් වෙන්නේ නිවැරදි තේරුම් ගැනීමයි. අනික් කාරණය වෙන්නේ එකම භාවිත කරන ගුවන්තොටුපල කටුනායක නිසා කොළඹ ලෙස ගැනෙන්නේ ලංකාව මිස කොළඹ නෙමෙයි. මෙහෙම දෙයක්වත් තේරුම්කරලා දෙන්න පුළුවන් ගැළපෙන පුද්ගලයෝ /උපදේශකයෝ දැන් නැද්ද? (නි)
මිනිසුන් බඩගින්නේ තියලා, අසරණ. දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවා. තමන්ගේ දරුවන් වෙනුවෙන් රටේ සියලුම දරුවන්ගේ මුදල් වියදම් කළා. ඒ ගැන දුක්වෙන්න. කොළඹ කුණු කන්ද ඉවත් කරන්න කියලා තවමත් පෙළපාලි යනවා. නැහැ. ඒ කොලොම්බියාවේ වෙන්න ඇති. (නි)
සමහර අය නම් කියන්නේ අපොන්සු, මහින්ද රටටම නය ගැතියි කියලයි. (ම)
එයා හිතනවා ඇති එයා නිසයි අංක එක ස්ථානය කොළඹට ලැබුනේ කියලා. හැමදේම එයා කළ නිසා හරිගියා කියලා හිතාගෙන ආඩම්බර වෙන කෙනෙක්නේ! (නි)
යහපාලනයෙන් ඒවා ගාණට කරාවි. (නි)
මෙයාටත් වෙන්නේ අර කාටද වෙච්ච දේ තමයි මෙහෙම ගියොත් නම්... (නි)
මෙතුමා දිගටම හිටියා නම්.... (නි)
හැබැයි ඉතින් කොළඹ නම් ලස්සන වුණ බව ඇත්ත (නි)
"ලොව ශීඝ්‍රයෙන්ම වර්ධනයවූ සංචාරක පුරවරයන් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයට අනුව අංක එක" - යුද්ධය නැවතුනාම සංචාරකයන් වැඩිවෙන බව පුදුමයක් නෙමෙයිනේ. මෙතන කතා කරන්නේ සංචාරකයන්ගේ වර්ධනය ගැන. (නි)
අපිව උගස් තියලා ගත් සල්ලි වලින්, මිනිසුන්ව බලහත්කාරයෙන් එළවා ගෙවල් කඩලා, සුදු වෑන් වල යවලා, ලොකු කුට්ටි කොමිස් ගහලා ලබපු ජයක්ද?? (නි)
චානක,මමත් ඔය ප්‍රශ්නයම සිය දහස් වරක් හිතුවා.එක් කෙනෙක් ඉන්නවාද හරි උත්තරයක් දෙන්න (නි)
හොඳ දේවල් ඔක්කොම එයයි කළේ. ඔක්කොම නරක දේවල් වලට දැනට සිටින ආණ්ඩුව වගකිව යුතුයි (නි)
ද සිල්වා, රුපියල් 117 ට පැට්‍රොල් ගහල නිදහසේ පාරේ යන්න පුළුවන් උන එක ගැනත් ඔබ තුමා සතුටු වෙන්න ඔනෑ. රුපියල් 60 ට පැට්‍රොල් ගහපු කාලේ ඔබතුමාට පාරක නිදහසේ යන්න පුළුවන් කම තිබුනද? (ස)
පහුගිය ආණ්ඩුව සල්ලි ගසා කාලා හෝ රටට ලොකු සංවර්ධනයක් කලා. මේ ආණ්ඩුව සල්ලි නොගසා අවංකව රටට මොන තරම් සංවර්ධනයක් කරනවද කියල අපි බලාගෙන ඉමු තව අවරුදු කිහිපයක්. (ස)
2000 ක් ණයට අරගෙන 500 ක් වියදම් කරලා ලබාගත් ජයකින් අපිට නම් වැඩක් නැහැ (නි)
කොළඹ තිබෙන කුණුවලින් කොළොන්නාවේ ලොව අංක එකේ කුණු කන්දක් ඇතිකළාටත් තුති පුදකරමු. (නි)
බලනකොට පුදුමාකාර දියුණු රටකනේ අපි ඉඳලා තියෙන්නේ... (නි)
අපි දන්නෙත් නැහැනේ මෙච්චර දෙයක් වෙලා තිබුණා කියලා (නි)
චින්, ලංකාවේ අංක එකේ ගුවන් තොටුපළ කටුනායකද? (නි)
මිනිසුනි කුහක සිත් අතහැර මෙතුමා කළ සේවාව අගය කරන්න.(ම)
වාර්තාවේ තියෙන්නේ වෙනම එකක් වෙන්න ඇති. ඕනෑම එකක් මම කළේ කියලා කියන කෙනානේ. (නි)
ලංකාවේ තියෙන ගොලුබෙලි නීතිය නිසා ජයක් වගේ පේනවා ඇති හොරුන්ට. අහිංසකයෙක් බඩගින්නට සුළු හොරකමක් කලාම හිරේ දාන ලංකාවේ නීතිය ලොකු හොරු අල්ලන්න උනන්දු නැහැ වගේ. පෙනෙන්නේ නැද්ද කුඩු මල්ලිලා හුලස් මල්ලිලා එහාට මෙහාට පැන පැන ඉන්න හැටි. නීතිපති දෙපාර්තමෙන්තුවේ පස්ස පැත්තට භූමි තෙල් ටිකක් ගහලවත් කඩිනම් කරගන්න වෙනවා. අවුරුදු ගනන් ගන්නවා පරීක්ෂණ කරන්න. නීතිය ආරක්ෂා කරන්න ඉන්න අය හොරුන්ව රකින කොට ලංකාවට අනාගතයක් තියෙයිද ? (නදී)
කෙලෙහි ගුණ නොදන්නා අය මහින්ද මහත්මාට නිගා දෙන ලෙස කතා කිරීම තමන් ද්‍රෝහීන් බවත් ගුණ මකුවන් බවත් කියාපායි.කුරිරු කොටි ත්‍රස්තවාදයෙන් රට නිදහස් කලේ අනෙකුත් පාලකයින් මෙන් නොවේ.එය නොබියව ,විරුද්ධව බාහිර මෙන්ම අභ්‍යන්තරව තිබු බලවේග සාර්ථකව කළමනාකරණය කළා.කොළඹ නගරය ඡන්ද ගැන නොසිතාම සංවර්ධනය කළා.එ් නිසා එතුමා මේ මුළු මහත් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා කටයුතු කළා.ඇත්තටම මහින්ද මහත්මාට මෙහි ගරුත්වය හිමි විය යුතුයි.එනිසා කුහක ඇසින් නොබලා වෛරය දුරු කර හොඳින් මෙය තේරුම් ගෙන මහින්ද මහත්මාට ආශිර්වාද කිරීම කාගේත් යුතු කමෙකි.(හේ)
ඒක තමා අපි එයාව පැන්නුවේ. රටේ තිබෙන ඔක්කොම සම්පත් පාවිච්චිකර පරාජයවුණු කෙනෙකුට ආපසු දිනන්න පුලුවන්ද?ණයට ගත් සල්ලිවල පොළිය කීයද? ඒවායෙන් මොකද කළේ? (නි)
කොළඹ 21% සංවර්ධනයට ඉතිරි 79% පවුලේ සංවර්ධනයට .(හේ)
වින්, ඔයා මේ කරුණ ගැන තේරුම්ගත්තා. ස්තුතියි! (නි)
අනේ මොකටද මගේ කට! (නි)
නාස්ති කළ ඒවත් මේවට යොදවලා තිබුණා නම් අද මේ රට කොහොමට හිටීවිද? (නි)
දියුණුව වැඩිකමට තමයි අසරණ දෙමාපියන් දරුවන්ට කන්න අඳින්න දෙන්න මුදල් නැතුව ගඟට,මුහුදට පැනලා ජීවිත විනාශ කරගත්තේ. (නි)
අනේ යන්න මහත්තයෝ යන්න අපිට ඔය බොරු දාන්න එන්නේ නැතුව. ඕකත් හරියට අර ඒ දවස්වල ඔබතුමා කිරිපිටි වලට බදු ගහලා දියර කිරිවල ගුණ කිව්වා වගේ කතාවක්. (නි)
දියුණුව වැඩිකමට තමයි රාජ්‍ය සහ පුද්ගලික බැංකු ටිකත් විනාශම වුණේ (නි)
දියුණුවේ තරම අපිට පේනවා හොඳට (නි)
මේවට මට හරි හිනා....(බ)
ගසා හෝ නොගසා වෙන කිසිම ආණ්ඩුවකින් කරපු නැති සංවර්ධනයක් පහුගිය ආණ්ඩුවෙන් රටට කෙරුණා. ඉතිහාසය අරගෙන බලන්න වෙන ආණ්ඩු මොනවද කළේ කියලා. කව්රුන් හෝ ගසා කෑවනම් ඔව්න්ටද දඬුවම් ලැබිය යුතුය. (බ)
පසුගිය කාලේ කොළඹ සංවර්ධනය අන්ධ වෙලා හිටිය කුහක දේශපානිකව හිතන කාලකණ්නින්ට නොපෙනුනාට අපිට නම් පෙනුනා. (බ)
ඉස්සර පිටකොටුවේ යනකොට පදික වෙළෙන්දෝ අැගේ හැපෙන ඒ කඩ මැදින් ගියේ අපි, මතක නැතිද තව කුණුගොඩවල්,කුණු කාණු පටු පාරවල්, වැහිකලේට කුණු ගංගාවල්, ජනයට විවේකිව ඉන උද්‍යාන කියක් ඇති කරල තියෙනවද ඒ ලිපියේ මොනවා තිබුනත් එ්ක පිලිගන්න පුරුදුවෙන්න මේකේ ලියන සමහර අය කුහක කමින් ලියන බව පේනවා. ඔය ලිය වචන වලින්ම කුහක බව ඉස්මතු වෙනවා ඒ කියනේ තමුන් හෙලුවෙන් කියල අනිත් අයට පෙනන එක , වෛර නොකර කවුරු කළත් හොද නරක ඇති ලෙස පිළිගන්න කැමති වෙන හොද පුරවැසියෙක් විදියට ලියන්න (බ)
මේ මිනිස්සු පුදුම වෛරයක්නේ මහින්ද එක්ක තියෙන්නේ?මේක මහින්ද නැතුව වෙන කෙනෙක් කළා කිවුවා නම් හැමෝටම සතුටුයි නේද?අපි අද මෙහෙම ඉන්නේ මහින්ද ගත් නිවැරදි දේශපාලන තීන්දුව නිසා කියන එක පිළිගන්න නුඹලාට බැරිද? (නි)
අවංකවම සතුටු විය හැකියි. යමක් කරනකොට වැරදි වැඩියෙන් පෙනිය හැකියි. නමුත් එහි ප්‍රතිඵල දකිනවිට සතුටුවිය හැකියි. අලුත් රජය බයිලා නොගසා වැඩ කරන්න. (නි)
මරදානේ සිට අඩුම ගණනේ කිරුළපන දක්වා දුම්රියෙන් ගමන් කරන කෙනෙකුට දුම්රිය මාර්ගේ දෙපැත්තේ මුඩුක්කු වල අසරණ මිනිස්සුන් විඳින දුක දැක්කම මෙයාලට තවත් කියන්න පුලුවන්ද එයාලගේ කෙරුවාවල් කොළඹ ලෝකයේ ලොකුම දියුණු නගරය බවට පත්කළා කියලා? මේ මිනිස්සුත් ජීවත්වෙන්නේ කොළඹ නොවේද? (නි)
ඉස්සර පිටකොටුවේ යනකොට පදික වෙළෙන්දෝ ඇඟේ හැපෙනවා. ඒ කඩ මැදින් ගියේ අපි.මතක නැද්ද? තව කුණු ගොඩවල්,කුණු කාණු, පටු පාරවල්, වැහි කාලේට කුණු ගංගාවල්.... ජනයාට විවේකිව ඉන්න උද්‍යාන කීයක් ඇතිකරලා තියෙනවද මෑත කාලෙ? ඒ ලිපියේ මොනවා තිබුනත් ඇත්ත පිළිගන්න පුරුදුවෙන්න. මේකේ ලියන සමහර අය කුහකකමින් ලියන බව පෙනෙනවා. ඔය ලියන වචන වලින්ම කුහකබව ඉස්මතු වෙනවා. වෛර නොකර කවුරු කළත් හොඳ නරක ඇති ලෙසම පිළිගන්න කැමතිවෙන හොඳ පුරවැසියෙක් විදියට ලියන්න (නි)
ඇයි මෙතුමා මේ වගේ දේවල් මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ? තවමත් බලාපොරොත්තු තියාගෙන ඉන්න බවකුයි පෙනෙන්නේ. (නි)
ලියන්න මටත් අදහස් තිබුනත් මේ ලියා තිබෙන අදහස් හැම කෙනෙක්ම හොඳට හිතලා ලියලා තියෙනවා. නමුත් මේ මොහු මේ ටික තේරුම් ගන්නේ නැහැනේ? (නි)
කොළඹ ලස්සන වුණ බව නම් කවුරුත් පිළිගන්න වෙනවා. මෙතන ඉන්න අය කාට කාඩ් යනවද මම නම් දන්නේ නැහැ. එ්ත් කොළඹ තිබුනට වැඩිය ලස්සනයි කියන්න පුළුවන් අවංකවම. කවුරු කළත් ඒ් අයට ස්තූතියි. (නි)
කාශ්‍යප රජු සීගිරිය අග නගරය ඉදිකරන කාලේ කකුලෙන් අදින දේශපාලන කේවට්ටයන් සිටියා නම් එය නූතනයේ ලෝක උරුමයක් නොවන්නට තිබුණි. මහින්දට කොළඹ නාගරික සංවර්ධනය නිවැරදිව කරගන්නට තව දුරටත් අවස්ථාව දුන්නා නම් එයද ඉතිහාසයේ ලෝක උරුමයක් වනවා නොඅනුමානයි. ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් වුවද දමිළ ජනතාව පිළිම ඉදිකරමින් වන්දනාමාන කරති. එහෙත් සිංහල ජනතාව සැමරීම වෙනුවට පාවාදීම ඉතිහාසය පුරාම ලියවී ඇති අතර මහින්ද නම් රට එක්සේසත් කළ, දේශයට සංවර්ධනයේ අරුණලු උදාකළ ඒ මහා යුග පුරුෂයාද මිහිමත පාවා දී ඇත. බුද්ධිමතුන් ගරුකළයුත්තන්ට ගරු කරති,පිදියයුත්තන් පුදති, දහම නමදිති, තම ඉතිහාසය සමරති. දිවි තිබෙන තුරාවට පාවාදීමකට හවුල් නොවෙති. වියතුනේ, සිතමුකො බිඳක්... ඉන් වේ රටට හොඳක්. (නි)
ඔබතුමාට පුළුවන් නම් අර තියාගෙන ඉන්නවා කියපු ෆයිල් එළියට දාන්න. ඒගොල්ලන්ව අල්ලලා ඒ මුදල් අයකර ගන්නට කටයුතු කළොත් යම් මට්ටමකට හරි රටේ ණය බර අඩුකරන්න පුළුවන් වේවි. (නි)
සමහරුන්ට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති පෙනෙන්න බැහැ. මොනවා කිවුවත් වැරදියි. යහපාලනය කියන්නේ මේකද? ඔහෙලා වගේ කුහක මිනිස්සු ඉන්නකම් රට පිරිහෙන එකමයි වෙන්නේ. මහින්ද යනු ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට නොබියව තීරණය කළ සහ ජයග්‍රහණයක එකම නායකයාමය. ඔහු එසේ නොකළේ නම් මෙතන අදහස් දාන සමහර උදවිය අප අතර ජීවත්නොවනු ඇත. අපි හැමෝගෙන්ම වැරදි වෙන්න පුළුවන්, අතපසුවීම් සිදුවෙනවා. එමෙන්ම වැරදි තිබුනානම් නිවැරදි කරගන්නවා මිස ,එකිනෙකාට ඇඟිලි දිගුකර කුලල් කාගැනීම යහපත් මිනිසුන්ගේ ලක්ෂණයක් නොවේ. ඔබ ආගම්,ජාති, කුල බේදයකින් තොරව නියම ශ්‍රී ලාංකිකයෙක් වෙන්න. ශ්‍රී ලාංකික ලෙස හිතන්න.මුස්ලිම් ,දෙමල, සිංහල ආදී ලෙස නොසිතන්න. පක්ෂ දේශපාලනය අමතක කරන්න. එවිට අපි නිසැකයෙන්ම සංවර්ධනය වනු ඇත. (නි)
මෙතුමාගේ කාලෙ හොරකම් කරලා හරි වැඩක් කළා. දැන් සල්ලි වලට වෙන දෙයක් නැහැ. අපේ කට්ටිය හිතාගෙන ඉන්නේ වැඩක් කරනකොට හොරකම් කරනවා, වැඩ නොකර ඉන්නකොට හොරකම් කරන්නේ නැහැ කියලා. මේ වගේ හිතන උදවියට නම් මේ ආණ්ඩුව හොඳ තමා (නි)
ආඩම්බරකාර තාත්තා ආඩම්බර වෙනවා. අහිංසක මිනිස්සුන්ගේ ගෙවල් කඩල එලවල දමල කොළඹ ලස්සන කළා. එමිනිස්සු තවමත් හුල්ලනවා. (ම)
ශ්රී ලාංකික අපි හැමෝම මහින්ද කියන නමටත් ණයගැතියි (නි)
වෙන රටවල් පත්තර වලත් මේ ප්‍රවෘත්තිය තිබුණ ලංකාවට ආඩම්බරයක් (ම)
දින 150ත් පැන්නා. කෙරෙන වැඩකුත් නැහැ. බයිලා කියන එක නවත්තලා වැඩ කරන ආණ්ඩුවක් හදමුද? (ම)
මෙතන ගොඩක් අය මේක දිහා බලන්නේ පක්ෂ පාට කන්නාඩි දාල.අනික ලංකාවේ අයගේ හොදට හොදයි කියන ගතිය නැහැ . ඒක නිසා මේක ගැන හරියට දැන ගන්නනම් ලංකාවට ගිය විදේශිකයන්ගෙන් අහන්න ලංකාව ගැන . එයාල හරියට කියයි යුද්දෙට පෙර සහ යුද්දෙට පසු ලංකාවේ කොළඹ නගර වල තියන සැබෑ වෙනස . (ස)
අනේ අපේ ඩුබායි තිලක්ටත් කවුරුහරි වැසිකිළියක් හදලා දෙන්න. (නි)
ඔබයි සැමදා අපේ ගැළවුම්කාරයා! (නි)
පිවිතුරු යහපාල 2015-06-12 03:56:28 මමනම් නෙමෙයි.බන්දුල පෙරේරලා දෙන්නෙක් ඉන්න පුළුවන්..එ්ත් පිවිතුරු යහපාලල දෙන්නෙක්? (බ)
අගය කළයුත්ත අගය කරන්න අකමැති කුහක ප්‍රකාශ ඉහතින් නිරූපනය වේ. එදා නහයක් ඇරගෙන යන්නට නොහැකි බේරේ ඇළ අද ප්‍රතිසංස්කණය වී ඉතාම සුන්දර විනොදාශ්වාදය සපයන ස්ථානයක්වී ඇත. එදා මාලු පිළී දුර්ඝන්ධයෙන් පිිරිගිය මාලු කඩ අද ආර්ථක මධ්‍යස්ථාන වී ඇත. පයින්වත් යන්න බැරි කොටුව පදික වේදිකාවෙි සිටි අනවසර වෙළඳුන්ට ස්ථිර වෙළඳ කුටී ලබාදී එහි නිදහසේ ගමන් කළහැකි තත්වයක් ඇත. තැන තැන විසිර තිබු අනවසර අවිධිමත් පැල්පත් මුඩුක්කු සංස්කෘතියට සමුදී ඔවුන්ට අද ස්ථිර නිවාස ලැබී ඇත. කවුරු කෙසේ කිවුවත් අද කොළඹ සුන්දර ස්ථානයක් වී ඇත. ඒ සුන්දත්වය හරහා විදෙස් සංචාකයන්ගේ ආකර්ෂණය දිනාගැනිම මත අදාළ වර්ගීකරණයේ ඉදිරියට පැමිණ ඇත. නමුත් අවසානාවක මහත! අද වන විට එහි සුන්දත්වය නැතිවෙමන් කොළඹ පැරණි තිබු තත්ත්වයට පා නගමින් සැම තැනම කුණු කසළ පිරී ඇත.කරුණාකර යමක් විවේචනයට පෙර එහි සමබරතාවය ගැන සිතන්න. සාධාරණ විවේචනය රටට දියුණුවට පාදකවනු ඇත කුහක විවේචනය රට ආපස්සට ඇදීමට හේතුවනු ඇත (නි)
මාගලී ෆොන්සේකා ,2009 ට පෙර කොළඹ නගරයට ආවෙම නැතුව ඇති. අපිට නම් 2009 ට පෙර සහ පසු සිදුවී තිබෙන වෙනස හොඳට පෙනෙනවා. සියයට සියයක් සුවදවත් කළ නගරයක් ලෝකයේ කිසිම තැනක නැත. (නි)