තම හිටපු නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගලින් මහා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නම් තම උපරිම සහය ඔහුට ලබා දෙන බව වයබ පළාත් හිටපු මහා ඇමති අතුල ජයසිංහ මහතා එසැණට පැවසිය.
එතුමා කුරුණෑගලින් එනවා කියන්නේ අපිට ලොකු ආඩම්බරයක්. මමත් මහමැතිවරණයට ඉදිරිපත් වෙනවා. නමුත් මගේ උපරිම සහය එතුමාට දෙනවා. දයාසිරි ජයසේකර මහා ඇමතිතුමාත් මමත් හොද සහයෝගයෙන් වැඩ කරනවා. මම හිතනවා එතුමත් එතුමාගේ සහය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙයි කියලා.
එදා සිට මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙනා හම්බන්තොට ජනතාව අමතක කර කුරුණෑගලින් මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මන්දැයි එසැණ කළ විමසුමට අතුල ජයසිංහ මහතා මෙසේ කීය.
අනේ මම නම් ඒ ගැන කියන්න දන්නේ නැහැ. ඇයි එතුමා කුරුණෑගලට ආවේ කියල එතුමාගෙන්ම තමයි අහන්න ඕනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරදී කියල බයේ වෙන්න ඇති. ඔක්කොම ඉතින් කුරුණෑගලින් තමයි කෙලවර වෙන්නේ (බ)
අපි ගම්පහ, ගාල්ල, මාතර අය ගැනනම් දන්නවනේ. මමත් කුරුණෑගල කෙනෙක්. කුරුණෑගල ජනතාවගේ බුද්ධි මට්ටමත් මේකෙන් බලාගන්න පුළුවන්. හොරකම් මැරකම් අනුමත කරනවද නැද්ද? (ස)
අපි නම් මේවා ගැන දැන් වැඩිය හිතන්නේ නැහැ (නි)
මොහු මේ විදියට එන්නේ කුමකටද කියන හේතුව අවධානයට යොමු කළයුතු දෙයක්.මට හිතාගන්න පුළුවන් මොහු පරාද වුණාම මොහුගේ මානසික කඩාවැටීම කෙබඳුව තිබෙන්න ඇද්ද කියා.අවසාන වශයෙන් අහන්න තිබෙන්නේ රටේ සම්පත් ගසාකා ඇති බවට චෝදනා පිට චෝදනා තිබියදීත් ඒවා පසෙකට වීසිකර දමා රටේ පාලන ප්‍රවාහයට ඇතුළු වන්නට එන්නේ කුමන පදනමකින්ද කියලයි (නි)
ඔහු කොහෙන් පැමිණියත් අපි හදවතින්ම ඔහු සමඟයි (නි)
ගමේ ඡන්ද කොහොමත් එතුමාට අනිවාර්යයෙන්ම ලැබෙනවා.රටේම ඡන්ද එතුමාට තියෙන්නේ.කොහෙන් ඉල්ලුවත් එතුමා දිනනවමයි.(හේ)
කොහෙන් ඉල්ලුවත් අපිට නම් එකයි (නි)
අපිටනම් ආරංචිය ඒ පැත්තෙන් ආවොත් ඇපෙත් නැති වෙයිලු. (බ)
අවුරුදු 45 දේශපාලනය කළ දකුණු පළාත දාලා යන්නේ ඇයි? (නි)
දකුණේ ඉන්න පිරිස හුඟක් බුද්ධිමත් (නි)