‘රැහේ උන්ට සලකන හැටි දැන් පේනවා. එක්තරා රූපවාහිනී නාලිකාවක් හම්බන්තොට සිදුවීම පෙන්වන්නේ නැතිව තවම රතුපස්වල පෙන්වනවා. කවුද මේකට වගකියන්න ඕනෑ කියමින් ඒක පෙන්වනවා. මම ඒකට වගකියන්න ඕන නිසානේ පරාජය වුණේ‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කරන්දෙණිය කොස්වතුමානානා සුදර්ශනාරාමයේ දෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයේදී පැවසීය.
‘මාධ්‍යකරුවන්ට වුණ වැඩේ කවුරුත් දන්නවා. හොඳට සලකනවා රැහේ කට්ටියට.‘ යැයි ද හිටපු ජනපති කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ගණන් කරගන්නත් බෑ මේවා අහනකොට! හම්බන්තොට කීදෙනෙක් වෙඩිකාල මළාද ඇත්තට? රතුපස්වල පොඩි ගුටියක් කෑව විතරයි නේද! (බ)
ලැජ්ජ නැතිකම ජනාධිපති කමටත් වඩා ලොකුයි (බ)
යක්දෙහිගෙදර ඕවා නම් මතක් කරන්නවත් එපා , ඒ අපරාධ වලට නම් විශ්වයම කම්පා වෙනවා (බ)
ඔහොම යනකොට කරපු අනිත් දේවලුත් පාපොච්චාරණය කරන්න පටන් ගනීවි (බ)
මහින්ද දේපොළ අවභාවිතා කරලා නැහැ, ඔහු වටේ හිටපු ගෝලයෝ ටිකයි ඒවා කළේ, වැඩිපුර කන්න ඕන වුන නිසා මහින්ද පරද්දන්න කුමන්ත්‍රණ කළා. දැන් යහපාලනයට මුවාවෙලා ඒ ගොල්ලෝ හොදට බෙදාගෙන කනවා. ඒ අතර තුර මහින්ද හොරා - හොරා කියා කියා මිනිස්සු මුලා කරනවා කොහොමද මොලේ ?.මහින්ද දුෂණ කරලා තියෙනවනම් මේවෙනකොට හිරේ දාල ..එ්කයි ඇත්ත. (බ)
ඔවු ඔවු රූපා. මහින්ද මහත්තය හොඳ වැඩ ගොඩක් කෙරුව. ඒවා ඉතින් සමහරක් නම් එතුමාටම හොඳ දේ මිස රටට එච්චරම හොඳ දේවල් කියල හිතන්න අමාරුයි. කොටි ප්‍රශ්නේ ඉවර කෙරුව නම් තවත් ඔය කියන්නේ ආයෙත් චුට්ටක් ඉතුරු වෙලා තියනවා කියල! (බ)
එහෙමනම් බටලන්දේ වදකාගාරයේදී මිනීමරපු මහත්තයත් ,කරපු දේවල් පිළිගත්තානම් හොදා නේද?මහජන මුදල් කොල්ල කාල, ටයර් වල තරුණයෝ 60000ක් මරාදාපු ,රට කොටියට විකුණපු, සුදු වාහන වල මිනිසුන් උස්සපු අතීතය සියලු දෙනාට මතක් කරමි. (බ)
මිනි මැරුවත් එකයි මරන්න නියෝග දුන්නත් එකයි වරද්ද පිළිගත්තම අර මැරුණු ළමයින් නැවත එනවද මේවට දඩුවම් නැද්ද ඔබ රට බේරපු බව ඇත්ත වුනත් මේවා ගැන නම් ලජ්ජයි හොදේ (බ)
බලේ ඇතිකොට මොලේ නැහැ මොලේ ඇතිකොට බලේ නැහැ අපි දැක්ක ජනාධිපතිවරණ සමයේ මෙයා ඔය නම නොකියන නාලිකාවල් (අපේ මුදලින් නඩත්තු කරන )හැසිරුණු විදිහ වෙන කිසිකෙනෙකුට අවස්ථාවක් දුන්නාද දැන් ඔය පල දෙන්නේ දිට්ට ධම්ම වේදනීය කර්මය කොහෙද (බ)
මගුලක් කතා කරනවා. (බ)
දැන් වයස. 70 පැනල හින්ද ටික ටික මොළේ ක්‍රියාකාරිත්වය අඩු වෙනවා එමනිසා තමා මෙහෙම කතා කරන්නේ , රතුපස්වල මිනිස්සු හැදුවේ අධිරාජ්‍යවාදීන් සමග එකතුවෙලා රටේම බලය අල්ලගන්න , ඒගොල්ල කාලතුවක්කු. යුධ ටැංකි වැනි බර අායුධ එහෙමත් ඇනවුම් කරල තිබුනේ , (බ)
වැරැදි කරන උන්ව නෙරපීම ජනතාව සතුයි.ජනතාව අවදියේන්..රාජපක්ෂ මහරජතුමාට වූ දෙය මෙයාලටත් වෙයි....පුශ්නය ඒක නෙවෙයි රතු පස්වල මිනිමැරුම් වගකීම භාරගත් කෙනා ඉනන ඕන කොතැනද කියන එකයි...(බ)
දැන් රැවටෙන්නේ නැහැ මිනිස්සු (බ)
මෙතුමාගේ රැහේ උන්ට සළකන්න, මෙතුමා ගන්න උත්සාහයත් කාටත් හොඳින් පෙනෙන්නට ඇත. අද දේශපාලන තත්ත්වයේ පවතින එකම ගැටළුවත් රැහේ උන්ට සළකන්නට වීම බව ජනතාවගේ පැත්තෙන් අපි දකින්නෙමු.(බ)
සමහරු මේ කතාවෙන් වලිගය පාගාගෙන. ඕකේ එතුමා කියන්නේ උපහාසයට. අපේ අය එ්ක ඇත්තට අරගෙන (නි)
එතකොට ඔය සිද්ධියට කිසි සේත්ම කිසිම සම්බන්ධයක් නොමැතිව මිය ජීවිත 3නේ වගකීම කවුද බාරගන්නේ. ගම්පල තරුණයාගේ කිරිකැටි දරුවාට පියෙක් පිය රැකවරනය පීතෘ ආදරය.දහස්වාරයක් වැරදි පිළිගත්තත් ඇති පලය කිම විශ්‍රාමික මහරජාණෝ (බ)
බලය තිබෙනකොට කට පියාගෙන ඉඳලා දැන් ගැලරිය පිනවනවා. (නි)
රැහේ එක වුනත් වැරදි නම් නෙරපා දමන්න ඕනේ. ඒකයි රැහේ නීතිය. (බ)
මේවට දොස් කියන්න ඕනෑ මහින්දට නොවෙයි, ඒ පරාජිතයාව කෙළින් කරන්න මුක්කු ගහන අඳුරේ අතපත ගාන අයට. බොරු කියනවා වගේම බොරු කියන්න වේදිකා හදාදෙන අයත් කරගන්නේ පාපයක්. (නි)
රෙද්දක් ඇඳගෙන අද කතා කරන්නේ ධම්මිකගේ මුදලට උන්ට ඕනේ විදහට ජීවත් වෙන්න රටේ අහිංසක ජනතාව බොන වතුර ටික විනාශවී ඒ ජනතාව එකට පිලියමක් ඉල්ලපුවම රණවිරුවන්ලවා ඒ අහිංසක ජනතාවට වෙඩි තබා ගැටලුව යට ගසා පසුව උද්ඝෝෂණ කළ හා විරුද්ධව කතා කරන අයට මරණ තර්ජන කර සියල්ල යට ගසා වැරදි කළ උන් රැක ගත්තා. (බ)
ඔහොම යනකොට කරපු අනිත් දේවලුත් පාපොච්චාරණය කරන්න පටන් ගනීවි (බ)
කතාව ඇත්ත මඤ්ඤං වෙලා ඉන්නේ (බ)
බලය නැති වුනාම හැමෝම අහිංසකයි. පව් කියලයි හිතෙන්නේ. හැබැයි මේ රට ඔබ තුමා ඛේදවාචකයකින් බේරුවා වගේම තවත් ඛේදවාචයකට රැගෙන යමින් තිබුනා. දන්නෝ දනිති. (බ)
ඇයි එතකොට අපේ අගමැති තුමා පාර්ලිමේන්තුවේදීම පිලිගත්තේ යාපනේ විශ්වවිද්‍යාලෙ ගිනිතිබ්බා කියල, ඒ ගැන මොකෝ හිතෙන්නේ, (බ)
ඕකට තමයි අපේ පරණ මිනිස්සු කිවුවේ ලජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි කියලා (බ)
රූපා, මෙතුමා යුද්ධය ඉවර කරන්න නායකත්වය දුන් එක සත්‍යයයි. එතනින් ඉතිරිවන මුදල් නොයෙක් ආකාරයෙන් දූෂණ කරපු නිසා තමයි එයා පැරදිලා දැන් ඔය කියවමින් එක එක තැන යන්නේ (නි)
මෙතුමා යුද්ධය ඉවර කරපු නායකයා කියන ගෞරවය රැකගෙන නම්බුකාර විදියට ඉන්නේ නැතිව විහිලු කතා කීමෙන් සියල්ලන්ගේම අවඥාවට ලක්වෙනවා (බ)
මහින්ද මහත්තය එක වැරැද්දක් පිළිගන්නේ හොඳ වැඩ රාශියක් කරලා. නායකයින් 6 කටත් බැරි වුණු කොටි තර්ජන නැති කළේ එතුමා. එතනින් ඉතුරු වෙන ජාතික ධනය දැන් කොහෙද යන්නේ. (බ)
මොහු රට බේරාගත්තා කියා හැම වෙලාවේම කඩේ යන පුද්ගලයන්ගෙන් මම අහන්නේ රටේ පාලකයා ලෙස පත්වෙනකොට දෙන දිවුරුම් ප්‍රකාශයෙන් කියන්නේ රටේ ජනතාවගේ ආරක්ෂාව ලබා දෙනවා කියා නොවේද? එසේනම් රටට ජනතාවට එවන් උපද්‍රවයක් ආවිට ඔහු දිව්රා පොරොන්දු වූ යුතුකම ඉටුකිරීම රටේ පාලකයාගේ රාජකාරියේ කොටසක් නොවේද? ඔබ කියන්නේ යුද්ධය හමාර කළ පළියට රටේ ඕනෑම දේපොලක් පාලකයාට කැමති විදියට අවභාවිතා කරගනිමින් කැමති කාලයක් බලයේ හිටියාට කම් නැහැ කියාද? (නි)
දැන් තේරෙනවනේ රටට වගේම ජනතාවටත් තමන්ගෙන් වැරැද්දක් වුනා කියල. නම්බුකාර විදියට ඔහොම්මම ගෙදරට වෙලා ඉන්න. පින් සිද්ධවෙයි. (බ)
මම නම් කියන්නේ ඒ අශීලාචාර දශකයේ සිදුකළ ක්‍රියාවන්ට සුදුසුම බන්ධනාගාරය කියලයි (නි)
ඔබතුමා රතුපස්වල මිනීමැරුම්වලට වගකියන්න ඕනෑ තමයි. එ්ක සේනාධිනායක වශයෙන් බාරගත යුතුයි. හමුදාවට අණදීමේ බලය තියෙන්නේ සේනාධිනායකට නිසා. හමුදාව ඔබේ අණට පිටින් ගොස් මේ දේ කෙරුවනම් ඔව්න්ට දඬුවම් දිය යුතුව තිබුනා. (බ)
යහපාලනය රැහේ උන්ට හොදට සලකනවා බඩ පුරාම (බ)
අඩියක් ගහගෙන වගේ අපේ හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා කතා කරන්නේ..හොදටම අසරණවෙලා ..පව් අනේ.. (බ)
සත්‍යය සහ යතාර්ථය දැක දැකත් සමහරු මේකට කොමෙන්ට් දාන්නේ වහ පාලනේට තියෙන තමන්ගේ ගැතිකම නිසා. මේ රට හැම අතින්ම විනාශය කරා ඇදගෙන යන හැටි පිළිගන්න කැමති නැති කෙනා අම්ම තාත්තවවත් පිළිගන්න එකක් නැහැ. (බ)
බොරදිය ධීවර අමාත්‍යාංශයක් දැම්මොත් එහි ඇමති කමට ඔබ සුදුසුයි කියා මට හිතෙනවා. (බ)
පින් සිද්ද වෙයි හිටපු ජනාධිපති තුමෝ. ඔබට බොහොම වෙහෙස පාටයි. ගෙදරට වෙලා නිදහස් සුවයෙන් ඉන්නකෝ. මොනවයින් අඩුවක්ද? (බ)
රූපා, ඔබේ අදහස් පුදුම සහගත නේ. යුද්දයට ගත්ත ණය අපි තවත් ගෙවනවා. සමහර ණය අවුරුදු 20 කට පසුත් ගෙවන්න තියෙනවා. යුද්දේ නතර වුණා කියල ඉතුරු වන සල්ලි ඉතුරුවක් වෙන්නේ තව දශක එක හමාරක්වත් ගියාම . තවම අපි ගෙවන්නේ 2005-2006 කාලේ යුද්දෙට ගත්තු ණය (බ)
හැමදාම බැලුවොත් ඉන්නේ පන්සලක. එ්ත් ධනය,බලය ,තනතුරු මේ හැම දෙයක්ම තාවකාලික බව කවදානම් මේ මිනිස්සු තේරුම් ගනීද මන්දා. පන්සලකට වෙලා භාවනා කළා නම් ජීවිතයට මීටවඩා යමක් කරගන්න පුළුවන් (නි)
ඉස්සර ජනාධිපති වෙලා ඉන්න කාලේ හැමදාම බොරුවට හරි සිල්ගන්නවා අපි දැක්කා. දැන් එහෙම දෙයක්වත් නැහැ. ඔය තණ්හාව දැන්වත් නවත්තලා තෙල් මල් අරගෙන ඇත්තටම සිල් සමාදන් වුණොත් නරකද. (නි)
රතුපස්වල ජනතාව මරුම්කෑවේ බීමට පිරිසිදු ජලය බිදක් ඉල්ලලා හම්බන්තොට වුනේ නැව් දෙකක් ඔබෙගේ කීමට ඔබේ හෙන්චයියලා බ්ලැක් මේල් කරලා රට අපකිර්තිය පත්කරලා හම්බන්තොටට නැව් එන එක නවත්වන හදපු එක දෙකේ වෙනස අපිට තේරෙනවා (බ)
අනේ පද්මිණි, ඔයාට අමු කැවිලද. අර ආප්පයයි, බම්මන්නයි දෙන්න රට කන හැටි පෙනෙන්නේ නැද්ද. උන්ව නේද ගෙදර යවන්න ඕනේ වහාම. (බ)
නෑ හැබැයි ඔබතුමා ආණ්ඩුව ඒක බාරගත්තාට ඔය දැං ආණ්ඩුව වගේ ඒකට ගිය සුළු සෙබලාව පාවා දුන්‍නේ නැ... දැන් එක්සත් ජාතික පක්ෂය කියන්නේ රටම ජාතියම පාවා දෙන පක්ෂයනේ....(බ)
මෙයා තමයි අපේ රටට මේ පුරුදු ඔක්කොම පුරුදු කළේ. (බ).