‘‘මහින්ද රාජපක්ෂ රජයේ යුව රජ කෙනෙක් සිටිනවා. ඔහු බලන්නේ සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් නොවේ. බහුජාතික සමාගම් පැත්තෙන්‘‘
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ ගොවි සමළුවක් අමතමින් අද (13) ප්‍රකාශ කළේය.
‘‘පොළොන්නරු ගොවියන්ගේ නිරන්තර ඉල්ලීම ජලයයි. වාගවට ජලයයි. එය ඔවුන්ගේ කඳුලු කතාවයි. මොරගහකන්ද හා කලුගඟ යොජනා ක්‍රම ආරම්භ කළත් ඒ සඳහා රජය මුලින් මුදල් වෙන් කළේ නැහැ. ඒ සඳහා ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 9000 යි. ඒ සල්ලි 2010 වසරේදී මා මහවැලි අමාත්‍යංශයෙන් ඉවත් වන තුරු මට ලැබුනේ නැහැ.
එම සල්ලි ලැබුනේ මා මහවැලි අමාත්‍යංශයෙන් වෙනත් අමාත්‍යංශයකට මාරු කළ පසුවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රී මහත්මයා අනිවාර්යයෙන් දිනන්නම ඕනෑ. (නි)
ඔව් අමල් මාත් මේ බැලුවෙ එකම විදිහේ කමෙන්ට්ස් ඇවිල්ල තියෙන්නෙ කොහොමද කියල. අනිවාර්‍යයෙන්ම සංවිධානය වෙලා කරන වැඩක්. ඒ තියෙන කමෙන්ට්ස් වල ගොඩාක් කියල තියෙන දෙයක් තමා ඇයි ඕවා දැන් කියන්නෙ කියලා. ඉතින් ඒක තමා මේ මනුස්සය කියන්නෙ රජය ඇතුලෙ ඉදිද්දී ඒ කරන්න සහ කියන්න ඉඩ දුන්නෙ නෑ කියලා. (නදී)
අනේ! අපිට මෛත්‍රී මහත්මයාගෙන් තොර අනාගතයක් නැහැ (නි)
ඔය කවුරු මොනවා කිව්වත් දිනන්නේ මෛත්‍රී මහත්මයා. (නි)
ජයවීර බණ්ඩා මහත්තයෝ, මොනවද මේ කියන කතා.? (ර)
වර්තමාන ස්ථාවරය පැහැදිලි කරන්න පුළුවන්ද? ස්ථාවරය අපි තේරුම් අරගෙන ඉන්නේ මෛත්‍රී මහතාට කොපමණ උවමනා වුනත් රජයේ සමහරුන් ගේ සහයෝගය මත මාෆියාව බලවත් වෙලා. (බ)
විශ්වාසය අද වනවිට දියවෙලා. මෙයා කොහොමද එ්ක දන්නේ මොකද මෙයා සමීක්ෂණයක් කළාද? තමන් දියවෙලා ඇති. (බ)
ඊර්සියාව යනු බන්දුල පෙරේරාගේ ඇගෙන්ම එන දෙයකි. (බ)
රුවන්ත මල්ලිගේ කතාවනම් සහතික ඇත්ත. (ර)
ආනන්ද, දුකට කවි කියයි. (ර)
වැඩිය පුරසාරම් එපා මහත්තයා, 09 වෙනිදාට බස් එක පාරට දාගත්තොතින් රියදුරු අසුනේ වාඩිවෙන්නේ, කවුද කියලා අපි දන්නවා. (නි)
යුව රජු කවුද දන්නෙ නැහැ (නි)
ඕවා එතකොට කිවුවේ නැත්තේ ඇයි? (නි)
ඔබතුමා මහවැලි ඇමැතිවෙලා ගොඩක් කල්නේ. ඇයි මෙච්චර කල් කටවහගෙන හිටියේ? දැන් බල බලා ඉන්නේ නැතුව තිබුන වැරදි සියල්ල හෙළිකරන්න. (නි)
අටවෙනිදා වෙනකන් මොනවාහරි ටිකක් කියන්නත් එපායැ (නි)
ඒවා පේන්නේ ගියාට පස්සෙනේ ඉතින්! (නි)
ඔබතුමා කියන්නෙ පරාක්‍රම සමුද්‍රයේ පිටාර මට්ටමට එන්න කලින් සොරොව්ව ඇරියෙ කාගේ නියෝග අනුව කියලද? (නි)
මෝරා මහත්මයා, මෙය කාටත් කමෙන්ට් කරන්න පුළුවන් තැනක් නේද? (ර)
අනේ ඇත්තද මෛත්‍රීතුමනි! (නි)
කියන්න බොහො දේ තිබෙන බවයි පෙනෙන්නේ. තව ඒ හැටි කාලයක් නැහැ. කියල පහදලා දීලා ජයග්‍රහණය ලබන්න. ඔබතුමා සමඟ එනවා කිව්ව යුව රජවරු ගැනත් පැහැදිලි කළොත් හොඳයි නේද? (නි)
ඊට අමතරව තවත් නාඩගම් තියනවා. (නි)
ජනතා අවශ්‍යතා වලට වඩා සමහරුන් ඉටුකරන්නේ බහුජාතික සමාගම්වල උවමනා නොවේද? (නි)
ඔබතුමාත් දැන් දැන් කලින් අනෙක් අය වගේ වේගෙන එනවා. අපි ඔබතුමා ගැන ඉහළින් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ විධායක බලය අහෝසි කරයි කියලා. ඒක නිසා ආයේ දේශපාලකයෝ කියන සාම්ප්‍රදායික කතා කියලා නාගන්න එපා. (නි)
ඒක නුදුන්න එක කොච්චර හොඳද? නැත්නම් ඒ මුදලුත් අද ඔය පැත්තෙනේ (නි)
කව්රු මොනවා කිව්වත් ඔබ තුමා අවංකයි. ජය නිතතයි (නදී)
මහජනතාව ඔයාලට වඩා බුද්ධිමත් මහත්තයෝ. ඔයාලා හැරෙනකොට මිනිසුන්ට තේරෙනවා. ඔබ මහවැලියෙන් යනතුරු සල්ලි පාස්වුණේ නැත්නම් පක්ෂයේ මහා ලේකම් හැටියටත් පළාතේ මන්ත්‍රී හැටියටත් බලකිරීමක් කරලා හරි අරගෙන දෙන්න තිබුණා නේද? ඔබට අවනත නොවන නිලධාරින් සිටින බව ඔබ දෙතුන් වරක්ම කියා තිබුණා. මමත් පොළොන්නරුවේම නිසා මේ කියන්නේ. ඔබතුමා අපට කළ එක දෙයක් කියන්න. ඔබතුමාට රටක් භාරදෙන්නේ කොහොමද අපිට නම් සැකයි. (නි)
දැන්ද ඕවා කියන්නේ? (නි)
මේක තමයි මට පෙන්නන්න බැරි වැඩේ. හැම කෙනාම නම කෙළින් කියන්නේ නැතිව අවලාද කියනවා. නම කියන්න.එතකොට අපිත් දන්නවා ඊළඟ මැතිවරණයේදී කරන්න ඕනෑ ටික. නම් කියන්න බැරිවෙන්නේ තමන් හරියට නොදැන කතා කරන නිසා හෝ එහෙම නැත්නම් බොරු මඩ ගැහිල්ලක් නිසා නඩු වැටිලා ලැජ්ජාවෙයි කියලද? බය නිසා නම් වෙන්න බැහැනේ. දිවි පරදුවට තියලානේ එළියට ආවා කිව්වේ... (නි)
මම කියන්නේ අරයා. ඔහු තමයි ආර්ථික අමත්‍යංශයේ මුදල් ගිලින්නේ (නදී)
මෙතුමා හිතාගෙන ඇත්තේ පොළොන්නරුවේ මිනිස්සු මැරිලා ඉපදුනා කියලා වෙන්න ඇති (නි)
නොකියා කියන්නේ කවුරු ගැනද කියලා හිතාගන්න පුලුවන් (නි)
අනෙක් පැත්තේ ඉන්න යුවරැජිණිය ගැනත් අපි නම් දන්නවා (නි)
ඉස්සර එක්කෙනෙක් එක එක සතුන්ගේ නම් වේදිකා වල කියන්න පටන්ගත්තෙත් ඔන්න ඔය යුවරජෙක් ගැන කියලයි. අයියෝ! මොකද මේ වෙන්නේ? (නි)
සහතික ඇත්ත කතාව. අවංකවම ලැජ්ජා වෙනවා ඔය පුද්ගලයා ගැන. (නි)
කවුද මේ යුවරජා? අපි කැමතියි දැනගන්න. (නි)
විපක්ෂයේ ප්‍රධාන චෝදනාව තමයි විසිපන්දාහක් යන තැනට ලක්ෂයක් වියදම් කරලා මිනිසුන් ණයකාරයෝ කළා කියන එක. හැබැයි මේ ඇතැම් බහු ජාතික සමාගම් කලින් එතරම් සාර්ථක වූ ඒවා නොවෙයි. නමුත් මේ සා විශාල අමතර ආදායමක් මේ බහුජාතික සමාගම් වලට ලැබීමෙන් මේ සමාගම් අතිශයින්ම සාර්ථක සමාගම් බවට පත්වෙනවා. මේ ව්‍යාපාරිකයන් සාර්ථක වෙනවා. ඒවායේ රැකියා කරන අයට විශාල බෝනස් ආදියත් ලැබෙනවා.අපි විදේශීය සමාගම් වුණත් දියුණු වෙනකොට සතුටුවිය යුතුයි. ඊර්ෂ්‍යා නොකළ යුතුයි . (නි)
කලකදී රස කලකදී වස වෙනවාලු කලකදී මිතුරු කලකදී සතුරු වෙනවාලු..(හේ)
ඔබ ගැන ඒ කාලයේ පටන්ම විශ්වාසයක් තිබිලා නැහැ වගෙයි. ඔබගේම කතාවෙන් එය පෙනෙනවා (නි)
බහුජාතික සමාගම් වල රැකියා කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ රැකියා අවස්ථා නම් නැතිකරන්න එපා (නි)
අපි දන්නවා කවුද කියලා. කතාව ඇත්ත (නි)
අට වෙනිදාට අපි බලමුකෝ (නි)
ඉතින් ඇයි රණ්ඩුවෙලා හරි ගත්තේ නැත්තේ? රටට ආදරේ නම් එහෙමනේ කරන්න ඕනෑ? (නි)
ඔබට මාත් එකඟ වෙනවා (නි)
අනේ අපේ රටේ දේශපාලනය! (නි)
බහුජාතික සමාගම් වලට ආවඩන බන්දුල පෙරේරා, පිටරට ගිහින් තුට්ටු දෙකක් හම්බ කරගන්න ලාංකිකයන්ට කියන්නේ කළු සුද්දෝ කියලා. හැබැයි කඩේ යන තැනම කළු සුද්දෝ වැහි වහලා. මෙතන ලියන්නේ හරියට එතන හැමෝම හෙළ ඇඳුමින් සැරසිලා ඉන්න ගානට. (නි)
මෙතන කට්ටියක් බබාලා වෙන්න හදනවා. ඔය යුවරජ ගැන කවුද නොදන්නේ? (නි)
ආණ්ඩුවේ බහුජාතික යුවරජවරු එක්කෙනයි. ඔබතුමාගේ සිහින රාජ්‍යයේ බහුජාතික රජෙක් ,බහුජාතික රැජිණක් , බහුජාතික යුවරජුන් රොත්තක්ම සිටිනවා. ඔබේ සිහින රජයම බහුජාතික කුමන්ත්‍රණයක් නොවන්නේද එවිට? (නි)
අපි නම් දන්නවා කවුද කියලා (නි)
සිරිසේන මහතාණෙනි. ඔබතුමා වෙනදා මැතිවරණ වේදිකාවල කතා කළ විදිහට මහජනයා ඉදිරියේ පදනමක් නැති කතා කරන්නට එපා. දේශපාලකයින්ට වඩා ගැමි මහජනතාව පවා අද පුළුල් විදිහට සිතනවා. ඔබතුමා මේ කියන කතාව ගැන මහජනයා නඟන ප්‍රශ්න නම් " විෂයභාර ඇමති මෙන්ම පක්ෂයේ මහා ලේකම් වූ ඔබතුමාට ඒ අනුමත කළ මුදල් ලබා ගැනීමට ශක්තියක් නොතිබුණේ ඇයි? එහෙම නම් ඔබතුමාට රටක නායකයෙකු වීමට හැකිද? ඔබතුමා දෙවැනි පෙළ නායකයෙකු නොවන්නේද? " මේවා ගැන සිතා බලන්න. (නි)
අපිව ණයකාරයෝ කරලා බහුජාතික සමාගම් පොහොසත්වීම ගැන සතුටු වෙන්න ඕනෑලු . එහෙම සතුටුවන කොටසක් තමයි මෙරට ඉන්නේ. බහුජාතික සමාගම් විතරක් නොවෙයි ඒගොල්ලොත් පොහොසත් වෙනවා. ඒවා බලා ඉඳලා සමහරු සතුටුවෙනවා. (නි)
මේ රටේ අප්‍රමාණ රෝගීන් ගසාකන ඖෂධ මාෆියාව ගැන ඔබතුමාගේ වර්තමාන ස්ථාවරය පැහැදිලි කරන්න පුළුවන්ද? (නි)
මෛත්‍රී මැතිතුමා කියන එක හරියටම හරි. (නි)
මේ රටේ බහුජාතික සමාගම් වලට පන්දම් අල්ලන සියලු දෙනාගෙන්ම ඔබතුමා ප්‍රවේසම් වෙන්න. (නදී)
මුලින් තියෙන කොමෙන්ට් ටික නම් සමාගමෙන් වගේ (නදී)
අපි කොහොම කිවත් ශ්‍රී ලංකාවේ මෝඩයන් පිරිසක් සිටි. ලංකාව නය තව අවුරුදු සිය දස ගණනකටවත් ගෙවන්ඩ බෑ. එ්ක මෝඩ මිනිසුන්ට පේන්නේ නෑ. (නදී)
සිරිමල් , දන්නෝ දනිති කියල හරියන්නේ නැහැනේ. නම කියන්න ඕනා. (නදී)
ඔබතුමාට යුවරාජ කෙනෙක් නැද්ද? (නි)
ඔබත් ඔය වෙච්ච පොරොන්දු ඇඳුම වෙනස් කලා වගේ වෙනස් කරනවද? (නදී)
අනේ මන්දා මේ කතා! (නි)
මෛත්‍රීපාල සිරිසේන කියන්නේ බොහෝම ඉවසිලිවන්තව කටයුතු කරන පුද්ගලයෙක්. මෙතුමට හුගක් අකටයුතුකම් සිදුඋනා මේ රජයෙන්. ඒ සෑම අවශ්ථාවකදිම මෙතුමා ඉවසිලිවන්තව, බුද්ධිමත්ව ක්‍රියාකල බව අප දන්නවා. ඔබතුමාගේ ජය නියතයි. (නදී)
කණගාටුයි. ඔබතුමා කියන දේවල් වල කිසි සම්බන්ධයක් නැහැ. මහජනයා ඔබතුමා කෙරෙහි පටන්ගන්නකොට තැබූ විශ්වාසය අද වනවිට දියවෙලා. (නි)
ඉතාලියේ රෝමයේ සිට මිලානෝ දක්වා කිලෝ මීටරයක දුර ප්‍රමානයක් අධිවේගී මාර්ගයක් තැනීමට යන වියදම ලංකාවේ කටුනායක සිට කොළඹ දක්වා කිලෝමිටර් 28 ක් සඳහා වැය වෙනවා. මේක නම් පුදුම සංවර්දනයක්. සංවර්ධනය උනේ කව්ද කියන එකයි ප්‍රශ්නය. මේ නය ගෙවන්නේ දුප්පත් අපි නේද ? (නදී)
විෂය භාර ඇමති මෙන්ම පක්ෂයේ මහා ලේකම් වූ ඔබතුමාට ඒ අනුමත කළ මුදල් ලබා ගැනීමට ශක්තියක් නොතිබුණේ ඇයි? එහෙම නම් ඔබතුමාට රටක නායකයෙකු වීමට හැකිද? අනේ අපේ රටේ දේශපාලනය (නදී)
ඇයි ඔබ තුමාට ඉරිසියද? (නදී)
කෙලින් කතා කරන්න බැරි මොකද (නදී)
ඉන්ධන මිල, කිරිපිටි මිල ,ගෑස් මිල 50%ටත් වඩා අඩුවී තිබෙනවා. එම වාසියෙන් පරිභෝගිකයාට ලැබී ඇත්තේ සොස්ච්චමක්. විශේෂයෙන්ම කිරිපිටි ගෑස් ගෙන්වනු ලබන්නේ බහු ජාතික සමාගම්. එම සමාගම් වලටද මේ මිල අඩුවීමේ සම්පුර්ණ වාසිය ලැබෙන්නේ නෑ. රුපියල් කෝටි ප්‍රකෝටි ගාණක ධනස්කන්ධය යන්නේ එක්තරා තැනකට. එම පුද්ගලයන්ට මේ අතිවිශාල ධනයෙන් මුළු ලංකාවම උනත් මුදලට ගැනීමේ හැකියාව තියෙනවා. එස් මහින්ද හිමියෝ කියල තියෙනවා ඇස්ගෙඩි වලට හෙන ගහලද සිහලුනේ කියල මටත් කීමට ඇත්තේ එ්කමයි. (නදී)
ඔක්කෝම එකයි. පොඩි පොඩි වෙනස්කම් විතරයි.(නදී)
මුන්නැහෙ කියන කතා අපිට නම් තේරෙන්නේ නැහැ. ආණ්ඩුවේ ඉන්නකන් වගකීම මගහැරපු මොහු දැන් මේ කියන්නේ මොනවාද.? සන්ධානයේ හිටපු පාටලී සන්ධානය තුළම සටන් කළා. වීරවංස සටන් කළා. (බ)
සියලු අදහස් විරුද්ධ අදහස්. කට්ටිය ජයටම වැඩ පටන් අරන් වගේ.අවශ්‍ය නැති මැතිවරණ නම් කරලා ,හිතපු නැති පොදු අපේක්ෂකයෙක් අාවහම මිනිස්සුන්ගේ සල්ලි වලින් ,රජයේ සම්පත් යොදා ගෙන මර්දනය .(බ)
ගොඩක් අය බොරු කොමෙන්ට්ස් දාල වගේ කියවනකොට පෙන්නේ..(බ)
ඔබතුමාට එක අමාත්‍යාංශයක් කරගන්න බැරුව කොහොමද රටක් පාලනය කරන්නේ ? රටේ මිනිස්සු අමාරුවේ දමන්නේ නැතුව තව අත්දැකීම් එකතුකරගෙන මේ තනතුරට සුදුස්සෙක් විදියට පසුව ඉදිරිපත් වෙන්න. ඔබ වටා සිටින අයව පාලනය කිරීම ඔබට කල නොහැක. එබැවින් දිනුවත් මේ රට ව්‍යසනයකට පත්වීම වැලැක්විය නොහැක. (නදී)
ඔබ හරි තව කොච්චර ඉන්නවද ආණ්ඩුවේ වැරදි දැක දැක කටවහගෙන ඉන්න (නදී)
මඩ ගහන්න ගිහින් නාගන්න එපා. මම හිතුවේ හොඳ සටනක් දේවි කියලා. යුවරජ කෙරෙහි සතුටක් නැහැ. (නදී)
මට පේන්නේ සමහරු වෙන කතා හදාගන්න බලනවා වගේ. කරන දෙයක තේරුමක් දන්නේ නැතුව මේ වගේ දේශපාලන වැදගත් සංවාද ගොඩනගා ගත හැකි ස්ථානයක වල්පල් කතා කරනවා වගේ. අනුන්ගේ ප්‍රකාශ කියව කියව එයාලගෙන් විස්තර අහන්න ඕනේ නම් එයාලට කතා කරලා තමන්ගේ ප්‍රශ්නේ විසඳ ගන්නේ නැතුව විෂයට අදාළව තමන්ගේ අදහස් එකතු කිරීමයි වැදගත්. ඒ නැතුව 18, 20 කෙල්ලෝ කොල්ලෝ වගේ ලව් කතා මෙතන කරන එක තමන්ගේ වයසටත් ගැලපෙන්නේ නැහැ. (නදී)
බන්දුල පෙරේරා දිගට හරහට විවිද නම් වලින් අදහස් දාල. ඇත්තටම කකුල් අත පය හොදට තියෙනවා නම් රැකියාවක් කරලා හම්බ කරන කන්නකෝ. (නදී)
බන්දුල පෙරේරාගේ රැකියාව මොකක්ද දන්නවද? (නදී)
සබීතා, ඔයා කියන විදියේ දියවීමක් අපට පේන්නේ නෑ. තවත් මිනිස්සු මෛත්‍රී මැති තුමාගේ සහයට එනව කියල පේන්න තියෙනවා. (නදී)
9 වෙනිදට අපේ යුව රජු ඔබයි (නදී)
ඔබ තුමා පටන්ගත්තේ නහි වේරේන වේරානි කිසලා ජනතාවට අලුත් බලාපොරෝත්තු දීලා. ජතපතිව විදුලි පුටුවට යවන්නේ නැහැ කියලා. ජනපතිට හා මැති ඇමතිලාට ඔබ තුමා ගේ ආණ්ඩුවට ආරාධනා කලා. මෛත්‍රී පාලනයක් ඇති කරන බවට ජනතාව තුල වීශාල බලාපොරෝ්තුවක් ඇති කලා. ඒත් දැන් ඔබ තුමා කියනවා 8 වෙනිදාට කටුනායක වහලා ඔක්කොම අත් අඩංගුවට ගන්නවා කියලා. මේක නීනීය අතට ගෑනීමක් නේද? වෛරීය චෙිතනාවක් නේද? ඔබ තුමා ගැන තැබු විශ්වාශය සම්පුර්ණයෙන්ම පලදු කලා. ඔබට නුවණ පහල වෙිවා. මෛර්‍ත්‍ර චෙිතනා ජනිත වෙිවා. ඔබ තුමාට බුදු සරණයි. (නදී)
මහින්ද රජයේ රජු,යුව රජු කවුද කියල පැහැදිලියි. ඔබ තුමා බලා පොරොත්තු වෙන රජයේ රජු,රැජිනි,යුව රජු ගැනත් අපිට තේරෙන්නේ නැහැ (නදී)
95% අදහස් තියෙන්නේ සිරිසේන මහතාට විරුද්දව, ඒ කියන්නේ මේ සැරේ මහින්ද මහත්තයා 90% ක් ඡන්ද ගනියිද? (නදී)
වටෙන් වටෙන් යන්නේ නැතුව කෙලින්ම කියන්නකෝ එයාගේ නම. (ර)
මෙතන පසුගිය දවස් වල කුලියට ලියපු අය දැන් පෝස්ටර් අලවන්න ගිහින්ද? මායිම් ගම්මානයෙන් ආපු පරිගණක විශාරද නෝනා එහෙම දැන් පේන්න නැහැ. (නදී)
2010 සිට ඔබතුමා රජය හැර යන තෙක් වසර 4ක් ගතවී ඇත. 2010 දී උන ගැටලුව 2010 දීම විසදා ගත්තේ නැත්තේ ඇයි? ඔබ තුමා කෙරෙහි මහජන විශ්වාසය දියවෙන ආකාරයේ කතා කියලා ඔබතුමාට පක්ෂපාතී ජනතාව අපහසු තාවයට පත්කරන්න එපා. (නදී)
මේ කොමෙන්ට් දාන මෙහෙයුම කෙරෙන්නේ එකම තැනකින් බව පේනවා. ලංකාදීප වහාම අයිපී ලිපින පරික්ෂා කරන්න. (නදී)
සිරිසේන මහතා ඔබව අපට විස්වාසයි. (නදී)
බන්දුල මහත්තයෝ, එදා පොන්සේකා තරඟයට ආ වෙලාවේ අපිත් ඒක අනුමත කළේවත් ඡන්ද දුන්නේවත් නැහැ. දැන් තියෙන්නේ අලුත් තත්වයක්. ඒක හංගන්න දැන් බැහැ. යුවරජතුමා කවුද කියලා කවුරුත් දන්නවා. (නි)
බන්දුල පෙරේරා ඔහොම අදහස් දන්නේ නැහැ රුවන්ත මහත්තයෝ,,එසැණ පුවත් වල මාධ්‍ය නිදහස අනුව ඕන කෙනෙකුට ඕන කෙනෙක්ගේ නමින් අදහස් දාන්න පුළුවන්..මට එ්කට විරුද්ධ වෙන්න බැහැ. කොහොම උනත් මේ අදහස් වල හැටියට මේ ලෝකල් මෝදිව කට්ටිය නියමාකාරයෙන් හදුනාගෙන තියෙන බව නම් පැහැදිලියි ..පොන්සේකා මහත්තයට මුළු රටේම යම් ගෞරවයක් ආදරයක් තිබියදී ඔහු අද පත්වෙලා ඉන්න තත්වය බැලුවම එහෙම පදනමක් නැති ප්‍රසාදයක් ගෞරවයක් නැති ඔබ තුමාට 9න් පස්සේ අත්වෙන ඉරණම ගැන හිතුවම ගොඩක් දුකයි මෛත්‍රී මහත්තයෝ..අඩුම ගානේ පොලොන්නරුව දිස්ත්‍රික්කය නෙමෙයි ආසනයවත් දිනලා පෙන්නන්න..(බ)
මේකට දැන් කට්ටියක් එකතුවෙලා ඉන්නවා මෛත්‍රීට විරුද්ධව ප්‍රතිචාර දාන. එයාලා ගැන අවධානයෙන් ඉන්න. සංවිධානාත්මකව මේ වැඩේ කරන්න කට්ටියක් ඉන්නවා (නදී)
ඒ වුනාට ලාල් එතුමා මෑතක ඉඳල කතාකරන්නේ අාවේගයෙන් . ඒක එතුමාට අවාසියක්. එතුමා දේශපාලනයේ කෘතහස්තයෙක් වුනත් මේ අවස්ථාවේදී ප්‍රතිවාදියාගෙන් යමක් ඉගෙන ගත යුතුව ඇත. (බ)
ඔබතුමාලට අයිති සුදු අරළිය හෝටලය තියෙන්නේ පරාක්‍රම සමුද්‍රයේ වැව් තාවුල්ලේ. එය වැව පිරෙනවිට යටවෙනවා. මෙතෙක් කාලයක්ම කල්තබාම සොරොව් ඇරියේ එය බේරගැනීමටයි. (නදී)
අද ඉඳල එක තැනකින් පොදු අපේක්ෂකයාට විරුද්ධව අදහස් එයි. ඒවා අව්‍යාජ ඒවා නෙවෙයි. (බ)
ඒරියන් ද මෙල්, තත්ත්වය ඔබට තේරුනා. (නි)