ඉකුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය පැවැති සමයේ දී රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වැය කරමින් සිදු කළ නාස්තිකාර වැඩසටහන් ගැන පරීක්ෂණ පවත්වා විස්තර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කියයි.
හම්බන්තොට පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පැවැත්වීමට අනුමැතිය ගැනීමට ශාන්ත කීට්ස් හා තේවීස් දූපත්හි පැවැති ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳැවීමකට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රුපියල් දසලක්ෂ 846 ක මුදලක් වැය කිරීම ගැන මුදල් අමාත්‍යංශය විශේෂ පරීක්ෂණයක් පවත්වන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගැන දන්නෝ දනිති. (නි)
අප්පච්චියේ! කරලා තිබෙන අපරාධ? ජනතාවගේ බත්පතට බදු ගහලා එකතු කරන සල්ලි කාපු අයට මෙලොවදීම නිසි දඬුවම් ලැබෙන්න ඕනෑ. (නි)
අපරාදේ මෙවර දිනුවානම් හම්බන්තොට ඔලිම්පික් තියන්න තිබුණා නේද (දිල්)
රවී කරුණානායක කියනකෙනා ගැන කවුරුත් කියන්නේ නෑනේ (දිල්)
කිය කිය ඉන්නේ නැතුව පරීක්ෂණ වාර්තාව එලි දක්වන්නකො. (ර)
කිය කියා ඉන්නේ නැතුව පරීක්ෂණ වාර්තාව එළිදක්වන්නකො (නි)
ඔන්න මහින්දගේ ඡන්ද 27 ලක්ෂයක් අඩුවුණා. මෙහෙම ගියොත් ලබන සැරේ ඇපත් නැහැ (නදී)
මේ ඉතින් අපේම සල්ලිනේ! (නි)
අපේ මුදල් ආපසු ගන්න. ඔවුන්ගේ බැංකු ගිනුම් පරීක්ෂා කරගන්න. ඇති මිලියන ගනන් (නදී)
දුප්පතුන්ගේ රීරි මන්සේ උරා බීපු මේ වසලයන්ට නම් හොඳක් සිද්ද වෙන්න එපා. (නදී)