( රේඛා තරංගනී ෆොන්සේකා )
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා රටට නොකළේ මොනවාදැයි තමන් ප්‍රශ්න කරන බව හිටපු ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනපතිවරයා යුද්ධය ජයගත්තා පමණක් නොව වරාය,ගුවන්තොටුපල හා අධිවේගී මාර්ග හැදු බව ද ඒ මහතා කියයි.
“එදා අප රජය ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති ගැන අද එෆ්.සී.අයි.ඩීයට අපිව ගෙන්නලා ප්‍රශ්න කරනවා.ඒ ගොඩනැගිලි විවෘත කරනකොට කවුද හැදුවේ කියලා සටහනක් නෑ. එදා අපි ගොවියට පොහොර ටික දුන්නා අද පොළොන්නරුවේ ගොවියට පවා පොහොර නෑහැ. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි
‘පෙරලියක ඇරඹුමට අපිත් සූදානම්‘ යන මැයෙන් (18)මොරටුව ජනසෙත ශ්‍රවනාගාරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ රැස්වීමකදී ඒ මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වැඩිය ඔහෙලට දුන්න නේ.
අවංකව , සාධාරණව හා ප්රජාතරන්තිකව රට පාලනය නොකිරීම,
ඇත්ත ඇත්ත මොනවද නොකළේ අනේ මගේ කට
ඔහොම්මම කිව්වොත් නරකද බැසිල්, නාමල්, බදුර්දීන්, මහින්දානන්ද, විමල්, වෙල්ගම, ජෝන්ස්ටන්, දුමින්ද, ලන්සා, සජින් වාස්, මහින්ද බාලසුරිය (සම්පුර්ණ ලිස්ට් එක නොවේ ) වගේ අයත් මොනවද නොකලේ කියලා....
අනාදිමත් කාලයක් රටේ තිබුණු හැදියාව තමයි හොඳටම සංවර්ධනය කළේ.
මේ රට මෙතරම් ණය කලේ මහින්දය. ඔහු කල සංවර්ධන වැඩ අවශ්‍යතාවය අනුව කළ ඒවා නොවේ. උදාහරණ වශයෙන් ගත්තොත් දොඩන්ගොඩ සිට මාතර දක්වා ADB එකෙන් 2 lane කරපු අධිවෙගේ මහින්දගේ කාලේ ලොකු මුදලක් වියදම් කර 4 lane කළේය . එමගින් කඩවත සිට මාතර ට යාමේදී විනාඩි 15-20 ක් ඉතිරි වේ. නමුත් එසේ නොකර ඒ මුදල් වලින් කොළොඹ නුවර දඔුල්ල එක හැදුවනම්. අවරුදු 5ක් 6ක් එකේ වාහන වලින් ඉතුරු වෙන තෙල් වලින් දක්ෂිණ එක 4 ලානේ කල හැකිව තිබිණ. නමුත් දැන් ණය වාරිකය ගෙවන්න බැරුව දඹුල්ල අදිවෙගේ නවත්වල. ( ගාලු පර වගේ 4-5 ගුණයක් වාහන නුවර පාරේ හා වරකාපොල කුරුණෑගල දඔුල්ල පාරේ යන බව ඕනේ කෙනෙක් දන්නවා) මාතර කමක් නෑ කියමුකෝ. පැයකට වාහන 10-15ක් යන හම්බන්තොටට අදිවේග මොකටද?
රටට විශාල සේවයක් කළා වගේම ඔහෙලවගේ හොරු රොත්තක් බිහිකළා. අයිති කාරයෝ නැති මන්දිර මැවුව.
ඒ මනුස්සයා වැඩක් කලා රට බේරා ගත්තු එකම ඇති. හැබැයි වාසි වැඩිය ගත්තේ ඔහෙලා වගේ කට්ටිය තමයි. ඒකම තමයි යන්නත් හේතුව.
බැසිල් මහතය හරි හොරුන්ට ඉඩ දුන්න වංචාවට ඉඩ දුන්න පව්ලේ අයට හොදටම සැලකුව රටවටේම ඉඩම් ගත්ත දේපොළ සංවර්දනය කර ගත්ත
මහින්ද වැඩ කරා.ඕයා හොරකම් කරා .එනිසා තමා මහින්ද පැරදුනේ ..ඔහේ එනකොට මිනිස්සු දන්නවා හොරා කන්ට කියලා.අර ගම්පහ ඉඩම ආපහු ගන්ටද එන්නේ?කරුණාකරලා හොරුටික පැත්තකට වෙලා ඉන්නවල .මහින්ද දිනන්ටනම්.හොරුන්ගේ මුහුණු දැක්කහම මිනිස්සු ඡන්දෙ දෙන්නැහැ .එකයි ඇත්ත .යහපාලනයත් අපිට එපාවෙලා ඉන්නේ .අපි තමා ඡන්දෙ දුන්නෙත්.දැන් රට ලෝකය ඉස්සරහ නොන්ගල් වෙනවා .ජාතිය පීචන් වෙනවා ආගම බලු වෙනවා. අපිට කලකිරිලා ඉන්නේ.කරුණාකරලා ඔහෙලා දේශපාලනයෙන් අයින් වෙනවල .රටට ඕනේ අවංක බුද්ධිමත් මිනිස්සු .ඔහෙලා වගේ හොරු නෙවෙයි.
මේ වගේ තක්කඩි හදුනානොගැනීම සහ තමුන් වල පල්ලට යන බව නොදැනීම
එතුමා කල හැම හොඳ දේටම හොර හොර හොර කියල මඩ ගැහුවා ඒකාලේ. අද අවුරුදු 2ක් ගිහිල්ලත් එතුමා කල දේවලින් දස දහසකින් එකක් කරලා නේ මේ කයිවරුකාරයෝ, බොරුකාරයෝ. රටේ මෝඩ මිනිස්සු හොරු හොරු හොරු කියල රවට්ටුව එක විතරයි වුනේ, රටේ සංවර්ධනය නැවතිලා රටේ ආර්ථිකය වලපල්ලට ගිය එක විතරයි වුනේ.
හරි දැන් මහින්ද කළානම් පැරදිලා පහුවදාම රටින් පැනලා ගියේ ඇයි.... කරපුවා වහලා එන්නද නැත්තන් එහෙ කරපුවා අරන් එන්නද
ඔක්කොම දේශ පාලුවන් එකයි. ඇත්තෙන්ම හිටපු ජනපති මහින්ද මහතා ලංකාවට වැඩක් කරපු මහතෙක්. නමුත් ඔය කෑගහන මහත්තය සහ තව කීපදෙනෙක් ඒ ඔක්කොටම කෙලවල දැම්ම. අනේ පින් සිදු වෙනවා දැන්වත් පැත්තකට වෙලා ඉන්න.
ඔහු නොකළේ පවුලේ ඔබ වැනි පරපෝෂිතයන් රට උලා කනවාට එරෙහි නොවීමයි. කටින්ද කතා කරන්නේ පස්ස ? ඔහෙලා තමයි මහින්දව විනාස කෙරුවේ!
රාජපක්ෂවරු මොනවද නොකළේ?.රටේ හතර දික්බාගයේ අයිතිකරුවන් නොමැති අධි සුඛෝපබෝගී නිවාස, ධර්මස්ඨාන, භාවනා මධ්‍යස්ථාන, වටිනා ඉඩකඩම්, ලෝකයේ හතර දික්බාගයේ බැංකුවල අයිතිකරුවන් නොමැති ඩොලර් කොටි ප්‍රකෝටි ගණනින් මුදල්.....අපේ පරම්පරා සියයක් ණයකාරයෝ කලා.
මහින්ද. නොකළේ හොරු ටික හිරේ නොදාපු එක , නාමල් බෙබිව ජනපති නොකළ. එකයි. අනිත් සේරම. මෝඩ. වැඩ. කෙරුව
මේ හොරු රැස්වීම්වලට ගේන මොරටුවේ මිනිස්සුන්ට පිස්සුද?
මේ හොරු රැස්වීම්වලට ගෙන මොරටුවේ මිනිස්සුන්ට pissuda
කරපු කෙන්ගෙඩියක් නැහැ ... මුළු රටේම සම්පත් දේපොළ හොරා කෑවා මිස .. වරාය ගුවන් තොට මහා මාර්ග හැදුවට වැඩිය ඒවායෙන් කොමිස් ගහල ...
මොහු ගහලා තිබෙන ගැහිල්ලට මොහුව හඳුන්වන්නේ ම්ස්ටර් 10 පසන්ට් කියලා
එහෙම කියන්න එපා. බැසිල් රාජපක්ෂ කියන්නෙ හයිබ්‍රිඩ් ඇමති (හිටපු) කෙනෙක්. ඒකනෙ මැතිවරණෙට පහුවදා ඇමරිකාවට පැනල ගියේ
රටට කළේ මොනවදයි ජනතාව අහනවනේ ?