ලුතිනන් යෝජිත රාජපක්ෂ සමග නීතිඥ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීද කොළඹ අපරාධ කොට්ඨාසයට අද (4) උදේ 8.40 ට පමණ පැමිණියේය.

දෙදෙනාම පෙරවරු 10.40 ට  එම කාර්යාලයෙන් එළියට ආහ.

‘යෝෂිතගේ නිර්දෝශ භාවය ඔප්පු කිරීමට අවශ්‍ය සියලු දේ අප කරනවා. අප වරදක් කර නැහැ. පොලිසියෙන් දැනුම්දුන් විගසම ආවා‘ යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් සමග කීවේය.

මාධ්‍යවේදියකු එහිදී ප්‍රශ්න කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේද යන්නයි. ‘ඒක තාත්තගෙන් අහන්න‘යැයි නාමල් රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය.

ලොහාන් රත්වත්තේ, උදිත් ලොකුබණ්ඩාර හා රොෂාන් රණසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද එහි පැමිණ සිටියහ.

DSC_1950 DSC_1952 DSC_1981 DSC_2000 DSC_2009

 

වීඩියෝ - ශාන්ත රත්නායක