මහින්ද රිච්මන්ඩ් ක්‍රීඩා තරගය අවසානයේ ඇතිවූ කලබලයක් මැඩීමට පොලීස් නිලධාරීන් සිටි දෙසින් කඳුළුගෑස් එල්ලවිය. කඳුළු ගෑස් එල්ල කරන ලද්දේ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් විසිනි. පිට්ටනියෙන් කඳුළු ගෑස් එල්ල‍ වෙද්දී නිවෙස් බලා දුවන සිසුන්ට පාරේ සිටි පිරිසක් ද කඳුළු ගෑස් ගැසූහ.  මහින්ද විදුහලේ සිසුන්, ආදි සිසුන් හා මවුපියන් සිටි කූඩාරම් වලට මේ කඳුළු ගෑස් වැදුණු බව මහින්ද විදුහලේ ප්‍රකාශකයෙක් කීය. තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.