හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී මේ රටේ වැට් බද්ද 20% බවට පත් කළ බවත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 2015 දී මේ රට භාරගෙන වැට බද්ද 11% දක්වා අඩු කළ බවත් ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්දන මහතා අද (17) සිරිකොත ඒ.ජා.ප මුලස්ථානයේදී කීවේය.
අවුරුද්දක ණය රුපියල් බිලියන 1303 ක් ගෙවීමට ඇතත් වැට් බද්දෙන අයකරන මුදල රුපියල් බිලියන 100ක් (8%) පමණක් බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැට් බද්ද 2014 තිබුනේ 12% නේද? එකත් සීමිත බඩු ප්‍රමාණයකට. දැන් එක 15% සහ සැම බඩුවකටම සහ සේවා විශාල ප්‍රමානයකට. (ර)
එකම කතාව කිය කියා රටවැසියන් රැවටීම මේ ආණ්ඩුවේ රාජකාරිය බව දැන් ඕනෑම පොඩි ළමයෙකුට වුණත් තේරෙනවා (නි)
ජනතාවට කරපු නිග්‍රහයක් මේක (බ)
2015 ජනවාරි වල වැට් එක 11%, 20% තිබ්බේ චන්ද්‍රිකාගේ කාලේ, තාම මෙයා පොඩිනේ ඒකාලේ මතක නැතුව ඇති (බ)
කයිවාරු විතරයි. අවුරුදු එකහමාරක් ඉවර කළා. වාහන 225 ගත්තහම ණය අඩුවෙයි. (නි)
මහත්තයෝ ඔයාලට වඩා සාමාන්‍ය ජනතාව ඕව ගැන දන්නවා . නිකන් කට තියන පලියට කතා කරන්න හදන්න එපා (බ)
රජයේ කළමනාකරණ නොහැකියාව මහින්දගේ කරේ තියෙන එක යුක්තිසහගත නැහැ නේද? අනික මහජනතාව ගැන කැක්කුමෙන් කතාකරනවා වගේ පෙන්නුවට ඔබතුමන්ලාගේ අය ලක්ෂ 6000 කට විතර වාහන ගන්න යනකොට කිසිම සද්දයක් නැහැනේ. (නි)
අනේ මන්දා මෙතුමා මොනවා කියනවද කියලා. (ර)
20% වැට් ? (ර)
අනේ මන්දා මෙතුමා මොනවා කියනවද කියලා. (ර)
බයිලා කියලා නොහැකියාව වහගන්න බැහැ. අපි මෝඩයො කියලද හිතන්නේ? (නි)
වැට් බද්ද 20% ක් කවද්ද තිබුනේ... (ර)
මහිදගෙන් තොර කතාවක් නෑ... (ර)
ඔය කියන විදියට රට හදන්න පුලුවන්නම් කලින් අයත් ඒක කරලා. (ර)
මෙයාලා දන්නවා අපේරටේ මිනිස්සු බොරු කියලා රවටන්න පුළුවන් කියලා. ඒ ක්‍රමයම ඉදිරියටත් කරගෙන යන්න බලනවා වගේ පෙනෙන්නේ. (නි)
එයා මොනවද කියන්නේ කියල දන්නේ එයා විතරයි... (ර)
හැමදාම ඔහොම කියා කියා ඉන්න. (ර)
එතකොට මහින්ද මහත්තය ණය අරගෙන ඒවා වාරික වශයෙන් ගෙව්වේ නැත්ද.? එහෙම නොගෙවන රජයකට ණය දෙන්නේ මොන මුල්‍ය ආයතනයෙන්ද. ? මේක ප්‍රහේලිකාවක් මට නම්. (ර)
ඉතින් ඔබ තුමාලා හරියට කරලා පෙන්වන්න. (ර)
දැන්වත් වැඩ කරලා පෙන්වන්න. (ර)
අනේ මන්දා! මේ ලෝකේ රහක් නැති කතා. (නි)
හිතාගෙන ඇති මේවට අපි රැවටෙයි කියලා. (ර)
අපි දන්නවා දැන් ඕවා මාධ්‍ය සංදර්ශන බව. (ර)
දැන් අපට එපා වෙලා තියෙන්නේ ඕවා අහලම. (ර)
ඔය කතා අහන්න තරම් දැන් මිනිස්සු මෝඩ නැත (නි)
ඔබ තුමාලා මෙහෙම මාධ්‍ය සංදර්ශන තිය තියා ඉන්න. (ර)
නිවැරදි තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියට පිවිස සත්‍ය වාර්තා පරීක්ශා කර බලන්න. (ර)
රාජපක්ස නම නැතුව මේ ඉන්න කිසිම කෙනෙක් එකම කතාවක් කියනවා මම අහල නැහැ. (ර)
මේ කතාව සහතික ඇත්ත. ඉතින් ඒකෙන් ගොඩඑන්න මිනිසුන් වෙනුවෙන් කැපවෙන පරිත්‍යාගශීලී මිනිසුන් ඉන්න කණ්ඩායමක් රටට නායකත්වයක් දෙන්න ඕනෑ. (නි)
නය නොගෙන සංවර්දන කරන්න පුළුවන් නම් කියන්න බලන්න. (ර)
හැමදාම එකම සින්දුවනේ ඒ පැත්තට, මේ පැත්තට හරවා හරවා කියන්නේ... (ර)
නිම්මි, ඔයාලා වගේ බුද්ධිමත් අය හිටියා නම් මේ රටේ එක තඹ දොයිතුවකවත් හොරුන්ට යටිමඩි ගහගන්න බැරිවෙනවා. එක කුඩු මිලිග්‍රෑම් 2ක් රට ඇතුළේ විකුණන්න බැරිවෙනවා. (නි)
ඉපදුනේ ඊයේ පෙරෙයිදා වගෙයිනේ කතාකරන්නේ (නි)
තවම සත්ත්‍ය නොත්රෙන බව තමයි මටනම් වැටහුනේ. (ර)
ණය නොගෙන සංවර්ධනය කරපු රටක් මේ ලෝකේ නැතුව ඇති. එකේ කිසිම වරදකුත් නැහැ. (ර)
මහින්දට බැනලා වැඩක් නැහැ. එයා එපා නිසයි ඔයගොල්ලෝ ගෙනාවේ. අවුරුදු එකහමාරක් ඉවරයි. නටපු තොවිලයක් නම් නැහැ. ණයබර වැඩිකලා විතරයි. කෝ වැඩ... (නි)
නවකයෙක් නිසා තවම අත්දැකීම් මදියි. එකයි මේ... (ර)
අවුරුදු ගණනාවක් රාජපක්ෂලා රටේ දේපල හොරකම් කරලා පවතින රජයට හොරකම් කරන්න මුදල් නැතුව අසරණ වෙලාවද්ද? කොයි රජය අාවත් හොරුන් අාරක්ෂා කරන ජනතාවයි මෝඩයෝ. (නි)
රුපියල බාල්දු වීම නිසා රුපියල් කෝටි 28500 කින් රාජ්‍ය ණය වැඩිවුණා. බන්ධනාගාර බිල්පත් පාඩුව කෝටි 14500යි. අතුරු සම්මත සඳහා ඉතිරි ටික. (නි)
මෙවැනි ලාබාලයින්ට රටේ බරපතල ප්‍රශ්න තේරුම්ගන්න පුළුවන්ද? ප්‍රතිපත්තියක් නැති රජයකට විසඳිය හැකි ප්‍රශ්නය කුමක්ද? (නි)
මෙන්න බොරු කියනවෝ ...(බ)
මේකත් එක න්‍යායක්. හොරා හොරා කියලා එක එක කටවල් වලින් කියෙව්වා එය සමාජගත කරන්න. දැන් වැට් වැඩිවීමටත් මහින්ද ඈඳන්න විවිධ කටවල් වලින් කියවනවා. අලුත් සොයාගැනීමක් වගේ වුනාට මේක පරණ එකක්. (බ)
මේගොල්ලෝ එන විට තිබුණ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 7200 යි. මේගොල්ලෝ 2015 විතරක් බිලියන 1100 ක් ණය ගත්තා. හැබැයි මේ ඔක්කොම පුනරාවර්තන වියදම්. කිසිම ආයෝජනයක් නැහැ. අර මිනිස්සු අඩුම ගානේ පාරවල් ටික හදලා නගර සංවර්ධනය කරන්න පටන් ගත්තා. (නි)
මේවා අහන මිනිස්සුත් ඉන්නවා. එ්කනේ කියන්නේ. මේ රටේ ඔක්කොම මිනිස්සු මෝඩයෝ කියලයි මෙයාලා හිතාගෙන ඉන්නේ. (නි)
මහින්ද මහත්තයා කළ කී දෑ ගැන අමතකවීම ගැන අපිට දුකයි (නි)
ඔය වගේ කතා දැන් අපි අහන්නෙත් නැතිතරම් (නි)
අනේ මොනවටද අපි මේ අයව පත්කරගත්තේ ?
මහින්ද ණයවෙලා වැඩ කෙරුවා. ඔබතුමන්ලා ණය ගන්නවා වැඩක් නැහැ. මහින්දට බනින එක තමයි වැඩේ (නි)
ඔය කතා අහලා අහලා මිනිසුන්ට එපාවෙලා තියෙන්නේ (නි)
අරයගෙ මෙයාගේ වැරදි කිය කියා ඉන්නේ නැතුව කරනවා නම් වැඩක් කරන්න. බයිලා වැඩක් නැහැ අපිට (නි)
මහින්දගේ කාලේ වැට් තිබුනේ 11%යි. එ්කත් සීමාසහිත භාණ්ඩ හා සේවා වලට පමණි. ඔයාලා කියන විදිහට මහින්ද හොරාකාලත් දවසකට මිලියන ගණන් එයාටම වියදම් කරගෙන, ණය වාරික ගෙවලානේ. චන්ද්‍රිකා ප්‍රේමදාස කාලේ ගත් ණයත් ගෙවාගෙන නොනවතින යුද්ධය අවුරුදු තුනෙන් ඉවරකරන්න මුදල් සොයාගෙනනේ. රටේ ඇස් තියෙන මිනිසෙකුට පෙනෙන සංවර්ධනයකුත් කරලනේ. ඒ මෙලෙස ජනතාව මත මෙතරම් බර පටවාගෙන නොවේ. (නි)
එතකොට ඔය මහත්තුරු කෝටි ගණන් වටිනා වාහන ඉල්ලන්නේ රටේ දුප්පත්කම නැති බව ලෝකෙට පෙන්වන්න නේද? එතකොට ඔය බිලියන ට්‍රිලියන ගණන් ඉල්ල ඉල්ලා යනකොටවත් දෙන මිනිසුන්ට එහෙම දැනෙනවා කියලා හිතෙන්නේ නැද්ද? (නි)
ලංකාවේ මිනිස්සු හැමදාම රැවටෙනවා ශානක. දැන් පරක්කු වැඩියි. (නි)
මේවට උත්තර දීලා අපේ ඇඟේ ලේ පුච්චාගන්නේ මොකටද? (නි)
60% මෝඩයින් ශ්‍රී ලංකාවේ ජීවත්වනතුරු සමහරුන්ට රජ මඟුල්. (නි)
දේශපාලුවන්ට සල්ලි තිබුනට සාමාන්‍ය ජනතාවට තියෙනවද ? (බ)
මහත්තයෝ කොයි කටින්ද ඔය කතා කරන්නේ? (බ)
සිරිකොත ඇතුළේ ඕනෑ දෙයක් කියාගත්තාට, එළියට ඇවිල්ලා කී දාට හොඳ “හූ“ පූජාවක් ලැබේවිද දන්නෙත් නැහැ (නි)
කතා කරන්නේ ධනපති පැලැන්තිය ගැන වෙන්න ඇති. (ර)
ඒ ගමන එයත් පටන් අරගෙන වගේ. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
අනේ මන්දා මේ මහත්තයා මොනවා කියනවද කියලා. (ර)
මොනවාහරි කියලා රැකෙන්න බලමු (නි)
මේ කතා කරන්නේ වෙන රටක ජනතාව ගැන වෙන්න ඇති. ලංකාවේ ජනතාවට නම් ලෙඩකට බෙහෙතක් ගන්න තරමට වත් සල්ලි නැහැ. (ර)
දැන් ජනතාව ලෙහෙසියෙන් රවට්ටන්න බැහැ. (ර)
මෙතුමාට වැරදීමක් වෙලා වැට් එක... (ර)
ඔබ තුමාලගේ රජය අපිට විස්වාසයි. (ර)
ඕනෑම දෙකට මහින්ද තමයි... (ර)