මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නැවත දේශපාලනයට එන්නේ පුනරුත්තාපනය නොවූ පුද්ගලයකු ලෙස බැවින් ඉදිරි මහ මැතිවරණයේ දී ඔහු පරාජය කරන්නට අවශ්‍ය සියලු දේ කරන බව ආචාර්ය දඹර අමිල හිමියෝ අද (02) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.
‘මහින්ද බලයට ආවොත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිට පමණක් නොව මහින්ද පරාජය කිරීමට ඡන්දය දුන් ලක්ෂ හැට තුනටම වතුර බෝතලයේ (පිස්තෝලය) සරණයි.‘ යි ද ඒ හිමියෝ කීහ.
‘ජනවරම පාදා නොදෙනු-මහින්දට යළි ඉඩ නොදෙමු‘ මැයෙන් වෘත්තීය සමිති එකමුතුව , සිවිල් සංවිධාන එකමුතුව, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ කලාකරුවන් පිරිසක් එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.
ගාමිණී වියන්ගොඩ -
‘2004 සුනාමි ව්‍යසනය අවස්ථාවේ ලැබුණු ආධාර තමන්ගේ පෞද්ගලික ගිනුමකට බැර කර ගත් බවට චෝදනා ලැබ සිටි මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නා ලෙස තීන්දුවක් දී, ඔහුට එරෙහිව පැමිණිලි කළ පුද්ගලයාට දඩ ගැසූ සරත් නන්ද සිල්වා ළඟ තියාගෙන හිටපු ජනපති කියනවා අපි නීතියේ අධිපත්‍ය රැක්කා කියා. ඔය සරත් නන්ද සිල්වම තමයි ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණයට පෙර රාජපක්ෂ විරෝධී වේදිකාවට නැඟලා කිව්වේ මහින්දට අත්අඩංගුවට නොගන්නා ලෙසට එදා තමන් දුන් තීන්දුව ගැන කණගාටු වන බව හා ජාතියෙන් සමාව ගන්නා බව. මහින්ද වටා එකතු වෙලා ඉන්නේ එකම ජාතියේ පිරිසක්. මහින්දගේ මැදමුලන කතාව ඇහුවාම මට මතක් වුණේ ග්‍රීක දේව කතාවල එන හංස ගීතය.
හංසයා මැරෙන්න ලං වුණාමයි හංස ගීතය කියන්නේ. මං මේ හංස ගීතයක්ද කියා ළං වෙලා බැලුවාම හංසයෙක් නෙමේ මැදමුලනෙදි මේක කිව්වේ පාත්තයෙක්. ඒ පාත්තයා දිහා හොදට බලං ඉන්දි තේරුණේ මෙය ගීතයක් නොවෙයි, අඳෝනාවක් බව.‘
සමන් රත්නප්‍රිය, සුදර්ශන ගුණවර්ධන, සෝමරත්න දිසානායක, දඹර අමිල හිමි, සරත් විජේසූරිය, නිර්මාල් රංජිත් දේවසිරි, ජෝසප් ස්ටාලින්, ගැමුණු විජේරත්න, නීතීඥ ලාල් විජේනායක, ධර්මසිරි බණ්ඩාරනායක, චන්ද්‍රගුප්ත තේනුවර, රාජා උස්වැටකෙයියාව, ගිමිණී වියන්ගොඩ, ජයතිලක බණ්ඩාරනායක, සීතා රංජනී, දීපානි සිල්වා, සෞම්‍ය ලියනගේ, ඩබ්ලිව් ජයසිරි සහ ජයතිලක කම්මැල්ලවීර ඇතුළු පිරිසක් ඊට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය කාලේ පෙනෙන්නවත් නොසිටි කාඩ් බෝඩ් වීරයෝ එළියට ඇවිල්ලා වගේ. (බ)
ඉමල්කා: නිකන් බොරුවට වචන දිගහරින්න එපා. ඔය කියල තියන කාරණා කීයක් ඇත්තටම අදාළ ඒවා ද කියල කල්පනා කරන්න. දඬුවම් දුන්නේ වරඳක් කළ හමුදාවේ අයෙකුට. කළ වරඳ නම් අවුරුදු 5, 13 දරුවන් ඇතුළු 8 දෙනෙක් ගේ බෙල්ල කපා මැරීම. මතක තියාගන්න ඈත ඉඳල වෙඩි තියල නෙමේ, ළඟට ගිහින් අල්ලලා බෙල්ල කපල. එ්ත් ඔබවගේ අය හඟවන්නේ මේක දිගුදුර මෙහෙයුමකදී කළ සටනකදී වුන දෙයක් වගේ. 2000 දී මේක අල්ලගත්තෙත් හමුදා පොලිසිය. නැතුව මේ රජය නොවේ. අනිත් එක සමලිංගික කතාව. මේක අදාළ වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයින්ගේ සහකරු එම සේවකයාගේ ලිංගිකත්වයේ නම් එවැනි අයට ලබාදෙන පහසුකම් ගැන. නැතුව ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කිරීමක් නොවේ. (බ)
අරන්තලාවේ ඝාතනයට ලක් වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ටික අයිති වෙලා හිටියේ ඔබ වහන්සේගේ නිකායට නොවෙයි නිසා යුද්ධය අවසන් කළ රාජපක්ෂ ජනාධිපති තුමාගෙන් ඔබ වහන්සේට වැඩක් නෑ වගේද පෙනෙන්නේ? ඔය කරන කතාව සිවුරට අගරු කිරීමක් ලෙස තමා අපට නම් වැටහෙන්නේ. (බ)
මහින්ද මහත්තයට මෙහෙම කියන්න එපා (නි)
මුළු රටම කතා කරන්නේ මහින්ද ගැන පමණි .(අ)
කාලය කා දමන වැඩක්.(හේ)
මොකද මොකද මේ... මහින්දට මෙච්චර බයවෙලා, එහෙම නැත්නම් ජනමතයටද? (ර)
ඔන්න යහපාලනේ. පණ බයේ විරුද්ධ පක්ෂිකයන්ව දඩයම් කරනවා. මහා බැංකු වංචාව, විල්පත්තුවේ ඉඩම් මංකොල්ලය, හමුදා කඳවුරු ඉවත් කිරීම, සමලිංගිකත්වය නීති ගත කිරීම, රණවිරුවන්ට මරණ දඬුවම් දීම, ඒවා ඔක්කොම හොඳයි. මට දැන් නම් හිතෙනවා මහින්ද මහත්තය මේ රට බෙර ගත්තේ නැත්නම් යුද්දේ තවම තිබුනානම් කියලා. මොකද මේ ඔක්කොම ප්‍රශ්න දෙමළ ඩයස්පෝරාවෙන්, බටහිර රටාව වලින්, ඉන්දියාවෙන්, අපේම තවත් මිනිස්සු මහින්ද මහත්තයට බොරු කියා කියා චරිතේ ඝාතනය කරන්නේ යුද්දේ ඉවර කරපු නිසානේ. (බ)
බුරන සද්දෙට කඳු පාත් නොවේ (ම)
මෙයාලා රට සේවයක් කරලා තියෙනවද? (ම)
මේ කතා විලාශයට මමත් කැමති නැහැ (නි)
කොටි අහිංසක මිනිස්සු මරණ කාලේ මේ ගොල්ලන් කොහෙද දන්නේ නෑ හිටියේ,,, (ම)
අනේ මන්දා මේ කතා? මම න්ම කිසිම දෙයක් ලියන්නේ නැහැ (නි)
වමේ ඉඳලා 2 පොර තමයි රත්නප්‍රිය එයා තමයි හෙදියන්ගේ ලොක්කා. එයා කියනකොට හෙදියෝ වර්ජනය කරනවා. ඒවගේම එයා කියන්නේ දොස්තර හා හෙදියන්ගේ අධ්‍යාපනයේ වෙනසක් නැති හින්ඳා දෙගොල්ලටම එකම පඩියක් දිය යුතුයි කියල. එ්කනම් සහතික ඇත්ත! ඔබ වහන්සේලාට රට බාරයි!! ඔබ වහන්සේලා අපව කොටියා ගෙන් මුදාගත් සේක ! (බ)
මෙගොලෝ නොකිය කියන්නේ රටට මෙලෝ වැඩක් නොකරපු රනිල් අගමැති කරන්න කියල දබර අමිලත් පහුගිය දවස්වල කිවේ හසලක ගාමිණී ස්මාරකයත් අහක් කරන ඕනේ කියල, (බ)
හාමුදුරුවනේ,මෛත්‍රී කරන්න. කිසිවෙකුට වෛර නොකරන්න (නි)
පාත්තය නොහිටින්න අද ඔය හාමුදුරුවන්ට කතා කරන්න රටක් නැහැ හාමුදුරුවනේ..(බ)
ආයේ මහින්ද මහත්තයාට ඉඩක් නෑ.(හේ)
එ් කියන්නේ මෙයාලත් මැදමුලනේ කතාවට අහුන්කන් දිලා තියෙනවා, (හේ)
හැම කෙනෙකුගේම කතා කාලය කා දමන කතා පමණි ,රටේ සටන් පාට කියපු ඒවා පමණි නේද ? රටට ජාතියට සේවයක් කළ, කොටි බිය නැති කළ සෑමදෙනා සමඟ එක්වී ජයගෙන ඉදිරියට යමු .රට අඝාදයට ඇද නොදමනු ! එකමුතුවී ශ්‍රී ලංකාව රැකගන්න .(හේ)
මහින්දව එදා බලයට පත්කළේ කුමන බලවේගද කියලා අපිට නම් හොඳට මතකයි (නි)
යුද්ධය කාලේ පෙනෙන්නවත් නොසිටි වීරයෝ එළියට ඇවිල්ලා වගේ (නි)
මේ හාමුදුරුවෝ රටට ලොකු සේවයක් කළා කියලා අපි දන්නවා (නි)
මගේ නම් හිතටත් මොකක්ද වුණා මේ කතාව අහලා (නි)
එතුමා අපිට නම් රජ හංසයෙක්! (නි)
මට කියන්න කිසිම දෙයක් නැහැ. (නි)
අනේ හාමුදුරුවනේ,ඇයි මෙහෙම කතා කරන්නේ? මට නම් හරිම දුකයි (නි)
අනේ මෙහෙමත් මිනිසුන්! දෙවියනේ! (නි)
ජනවාරි 8 වෙනිදා මහින්ද පැරදුනෙත් ජනතාවගෙන් ඒ වගේම ඔහු නැවත එන්නෙත් ජනවරමින් නම්. මේ අයට මොකක්ද? (ර)
හාමුදුරුවනේ, ඕකට කියන්නේ 'මැදමුලන හොර හඬ '. තමාගේ පවුල සහ හොරු රැළ රැකගැනීමේ කෙඳිරිල්ල... (නි)
නැවත රටේ ප්‍රශ්න නම් ඇතිකරන්න එපා (නි)
සමහරුන්ට දැන් තමන් කොහෙද හිටියේ, කොහොමද හිටියේ, දැන් කොහෙද ඉන්නේ කියා මතක නැහැ (නි)
අනුන්ගේ වැරදි පෙන්නන්ඩ තමන් නිවැරදි වෙන්ඩ ඕන. (ර)
සමහරු පුන පුනා අහනවා "මහින්දට මේතරම් බය මොකද" කියලා. ඒකත් ඉතින් අහන්න දෙයක්ද? (නි)
හාමුදුරු කෙනෙක් මෙහෙම කතාකරනවට මම නම් පුද්ගලිකව කැමති නැහැ (නි)
පසුගිය කාලය ගැන හිතනකොටත් අපිට බය හිතෙනවා. (නි)