මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර විශේෂ සාකච්ඡාව බදාදා (06) පස්වරු එකට පාර්ලිමේන්තුවේ ජනාධිපති නිල කාමරයේ දී පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ඩලස් අලහප්පෙරුම සහ කුමාර වෙල්ගම මහත්වරුන් ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපුන්, රනිල් මහත්තයා කළ වරද මොකද්ද ? හොරු අල්ලපු එකද ? බඩු මිල අඩුකළ එකද ? රනිල් මැතිතුමා තව අවුරුදු 6 ක් හිටියොත් ලංකාව සිංගප්පූරුවක් වේවි (නි)
හමුවීම අවශ්‍ය නැතැයි මම සිතමි. මොකද දෙදෙනාම දෙදෙනා ගැන හොඳින් දනිති (නි)
අපේ මනාපයට කුමක් සිදුවේද? (නි)
මොනවාහරි රටට යහපත් දෙයක් වුණොත් හොඳයි. (නි)
හෙළිවන මුල්‍ය වංචා අනුව මෙවන් එකඟත්වයක් අනුමත කළනොහැකියි.වැරදි කර ඇත්නම් දඬුවම් ලබාදිය යුතුයි. නීතිය සැමට පොදුවිය යුතුයි.අපිට අවශ්‍ය පිරිසිදු වංචා වලින් තොර දේශපාලනයක්. (නි)
රනිල් ඒවත් කරන්නේ එතුමා හොරකම් කරන්නේ නැති නිසාද? (බ)
මහින්ද නැතිව බෑ කියන එක දැන් හැමෝටම තේරිලා වගේ.(බ)
ප්‍රියාන් සහ සුපුන්ගේ කතාව හරි. අද වෙනකොට මහජනතාව කියන්නේත් ඔයදේම තමයි (නි)
ආප්ප කාලා කෝපි බොයිද දන්නෙ නැහැ නේද? (නි)
නැතුව බැහැ කියලා නෙමෙයි, නැතිනොකර බැහැ කියලා නම් හිතන්න එපා. (නි)
එහෙනම් අපේ ඡන්දේ යුඑන්පී එකටයි. (නි)
එතකොට ගොඩක් මහන්සිවුණ ටී.බී. ඒකනායකලා යන්නේ නැද්ද? (නි)
හිටපු ජනපතිතුමාට මෛත්‍රී මැතිතුමා ඡන්ද කාලෙදිත් එක වේදිකාවක කථාකරන්න ආරාධනා කළා.ඊටපස්සෙත් කළ ආරාධනාවන් වලට ආවේ නැහැ.දැන් හමුවෙන්න හදන්නේ රටේ අභිවෘද්ධිය ගැන සාකච්ඡා කරන්නද? (නි)
ශ්රී ලංකා නිදහස් පක්ෂය යනු කිසිවෙකුගේ බූදලයක් නොවේ. (නි)
දැන් මොන සාකච්ඡාද මහත්තයෝ? (නි)
මගෙ අදහස නම් මහින්ද මහත්තයා නැති අඩුව දැන් මිනිසුන්ට තේරිලා තියෙනවා (නි)
සමහර අයට ඉතින් කොහොමත් මහින්ද නැතුව බැහැ තමයි. (නි)
ජනපතිතුමනි, සියළුම ගැටළුකාරී තැන් සාකච්ඡා කර දැනගන්න (නි)
මේක කවදාවත් වෙන දෙයක්ද? ඡන්දෙට කලින් කී දේවල් ඡන්දෙ දුන් අපිට මතකයි. ලංකාවේ දේශපාලකයෝ බලය හමුවේ ඕනෑම දෙයක් කරන්න සූදානම්ද? නමුත් අපේ ඡන්දෙ ගැන තීරණය අපේ අතේනෙ. (නි)
, සිංහලයෝ මේ විදිහට පක්ෂ දෙකකට බෙදිලා කුලල් කා ගන්නවා වගේ , අනෙක් ජාතිනුත් කරනවද ? අපි රැ එලි වෙනකන් අපේ පක්ෂ වෙනුවෙන් ලියනවා . ඒ උදවිය උදේ ඉදන් රැ වෙනකන් රැ ඉදන් එලි වෙන කල් එකම අරමුණක් කරා නොසැලී ගමන් කරනවා , අන්න ඒකයි මේ ජාති දෙක අතර තියෙන වෙනස . මහින්දා මහතා , මෛත්‍රී මහතා හා සන්ධාන ගතවී සිංහල ජනතාව ප්‍රතික්ෂේප කළහොත් අපි ඒ බව සතුටින් භාර ගත යුතුයි . එහෙම නැතිව මැතිවරණය කැටේ තියා ගෙන් බොරුවට හෝ ඇත්තට දේශපාලකයින් දඩයම් කර , නැති හෝ ඇති වැරදි උලුප්පගෙන හිරේ විලංගුවේ දාල ලබන ජය මොකටද ? ඒ වගේම බෙදුවාදය , ජාතිවාදය හා ආගම වාදය හරහා අපේ මේ රට පාවා නොදී , ශ්‍රී ලනිපය , එජාපය නොවේ , ජවිපෙ හෝ ද්‍රවිඩ සංවිධානය ජයග්‍රහණය කළත් එය අපි සතුටින් භාර ගත යුතුයි . නමුත් මේ සියල්ලම සිදුවිය යුත්තේ නොබෙදුණු රටක , එක ධජයක් හා ජාතික ගීයක් යටතේ යන්නයි මගේ අහිංසක පැතුම (බ)
මහින්ද තනියම එනවා නම් තම හොඳ කියලයි මට හිතෙන්නේ..එතකොට නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොතනද කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා..(හේ)
චමිල එහෙම උනොත් කොහොමද ඔය දෙන්න එකතු වෙන්නේ. (බ)
මහින්ද මහත්තයා සහ මෛත්‍රී මහත්තයා එකතු කිරීමට වඩා වැදගත් වන්නේ රනිල් ඉවත් කිරීම. (බ)
ඉතාමත් වැදගත් පුවතකි රටේ අනාගතය හා ආරක්‍ෂාව පැත්තෙන්. මහින්ද මහතා පෙර වැරදි හදාගෙන මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රට ඉදිරියට ගෙනයන්න සැළසුම් කළොත් එය මේ රටේ ,මතු උපදින දරුවන්ගේ වාසනාවයි.මෙය අනිවාර්යෙන්ම දැන් පාට කණ්ණාඩි ගෙන විවේචනය කරාවි. මම අහන්න කැමතියි ඒ බුද්ධිමත් ජනතාවගෙන් , අපි මෙහෙම දෙකට තුනට බෙදීගෙන කුළල් කනකොට එහි වාසිය යන්නේ කාටද? (නි)
සුපුන්, නැඟපු ඉනිමඟට පයින් ගහන්න තරම් ජනපති අකාරුණික නැහැ. මුදාගත් රට නැවත හෙළට ඇද දමන්න දෙන්නේ නැහැ. (නි)
කුමක් සිදුවේද කියා මට නම් ඇත්තේ ලොකු කුතුහලයක් (නි)
ඔබ දෙපල එකතුවෙලා මොන ආණ්ඩු හැදුවත් කමක් නැහැ.නමුත් ඔය ආණ්ඩුවට කිසිම මුදල් වංචා, දුෂණ, මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ තිබෙන කිසිකෙනෙක් ගන්න එපා. (නි)
සමහරුන්ගේ බල ලෝභය, තණ්හාව කවදා කොහොම අවසන් වේවිද කියා දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණි. (නි)
ජනපතිතුමනි, ප්‍රවේශම්වීම නුවණටහුරුය (නි)
සුපුන්, නුසුදුස්සන් නිකම්ම විසිවෙනවා නොපෙනෙන දුරකට ඡන්දෙන් පස්සේ. (නි)
කිසිම කෙනෙකුගේ හඬට සවන් නොදුන් හිතවතුන් ,සොහොයුරන් සමඟ රටේ මුදල් , දේපල කොල්ලකෑ අය සමඟ කවර කතාද? (නි)
ප්‍රියාන්,මම නම් කියන්නේ මේ රටට විනකළ අය නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් කරලා ඒක පිරිසිදු කරගත්තොත් දුර ගමනක් යන්න පුලුවන් කියලයි (නි)