IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මහින්ද - මෛත්‍රී හමුව හෙට පාර්ලිමේන්තුවේ

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර විශේෂ සාකච්ඡාව බදාදා (06) පස්වරු එකට පාර්ලිමේන්තුවේ ජනාධිපති නිල කාමරයේ දී පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ඩලස් අලහප්පෙරුම සහ කුමාර වෙල්ගම මහත්වරුන් ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (0)

මහින්ද - මෛත්‍රී හමුව හෙට පාර්ලිමේන්තුවේ

ටෙශාන් Tuesday, 05 May 2015 02:29 PM

සුපුන්, රනිල් මහත්තයා කළ වරද මොකද්ද ? හොරු අල්ලපු එකද ? බඩු මිල අඩුකළ එකද ? රනිල් මැතිතුමා තව අවුරුදු 6 ක් හිටියොත් ලංකාව සිංගප්පූරුවක් වේවි (නි)

:       0       0

අමන්දා Tuesday, 05 May 2015 02:31 PM

හමුවීම අවශ්‍ය නැතැයි මම සිතමි. මොකද දෙදෙනාම දෙදෙනා ගැන හොඳින් දනිති (නි)

:       0       0

යටවත්ත Tuesday, 05 May 2015 02:53 PM

අපේ මනාපයට කුමක් සිදුවේද? (නි)

:       0       0

චන්න බුවනක Tuesday, 05 May 2015 02:56 PM

මොනවාහරි රටට යහපත් දෙයක් වුණොත් හොඳයි. (නි)

:       0       0

දිලිප් Tuesday, 05 May 2015 03:09 PM

හෙළිවන මුල්‍ය වංචා අනුව මෙවන් එකඟත්වයක් අනුමත කළනොහැකියි.වැරදි කර ඇත්නම් දඬුවම් ලබාදිය යුතුයි. නීතිය සැමට පොදුවිය යුතුයි.අපිට අවශ්‍ය පිරිසිදු වංචා වලින් තොර දේශපාලනයක්. (නි)

:       0       0

ශෙහාන් Tuesday, 05 May 2015 03:22 PM

රනිල් ඒවත් කරන්නේ එතුමා හොරකම් කරන්නේ නැති නිසාද? (බ)

:       0       0

දහම් Tuesday, 05 May 2015 03:26 PM

මහින්ද නැතිව බෑ කියන එක දැන් හැමෝටම තේරිලා වගේ.(බ)

:       0       0

පෙරේරා Tuesday, 05 May 2015 03:48 PM

ප්‍රියාන් සහ සුපුන්ගේ කතාව හරි. අද වෙනකොට මහජනතාව කියන්නේත් ඔයදේම තමයි (නි)

:       0       0

ඈන් Tuesday, 05 May 2015 03:53 PM

ආප්ප කාලා කෝපි බොයිද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 05 May 2015 04:08 PM

නැතුව බැහැ කියලා නෙමෙයි, නැතිනොකර බැහැ කියලා නම් හිතන්න එපා. (නි)

:       0       0

ජගත් Tuesday, 05 May 2015 04:26 PM

එහෙනම් අපේ ඡන්දේ යුඑන්පී එකටයි. (නි)

:       0       0

කැටවල Tuesday, 05 May 2015 04:30 PM

එතකොට ගොඩක් මහන්සිවුණ ටී.බී. ඒකනායකලා යන්නේ නැද්ද? (නි)

:       0       0

ලාල් Tuesday, 05 May 2015 04:39 PM

හිටපු ජනපතිතුමාට මෛත්‍රී මැතිතුමා ඡන්ද කාලෙදිත් එක වේදිකාවක කථාකරන්න ආරාධනා කළා.ඊටපස්සෙත් කළ ආරාධනාවන් වලට ආවේ නැහැ.දැන් හමුවෙන්න හදන්නේ රටේ අභිවෘද්ධිය ගැන සාකච්ඡා කරන්නද? (නි)

:       0       0

සුනිල් Tuesday, 05 May 2015 07:47 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු කිසිවෙකුගේ බූදලයක් නොවේ. (නි)

:       0       0

වජිර Tuesday, 05 May 2015 09:52 PM

දැන් මොන සාකච්ඡාද මහත්තයෝ? (නි)

:       0       0

ලසිත Tuesday, 05 May 2015 11:35 PM

මගෙ අදහස නම් මහින්ද මහත්තයා නැති අඩුව දැන් මිනිසුන්ට තේරිලා තියෙනවා (නි)

:       0       0

ගිහාන් Wednesday, 06 May 2015 12:34 AM

සමහර අයට ඉතින් කොහොමත් මහින්ද නැතුව බැහැ තමයි. (නි)

:       0       0

වසන්ත Wednesday, 06 May 2015 01:19 AM

ජනපතිතුමනි, සියළුම ගැටළුකාරී තැන් සාකච්ඡා කර දැනගන්න (නි)

:       0       0

බටගල Tuesday, 05 May 2015 11:53 AM

මේක කවදාවත් වෙන දෙයක්ද? ඡන්දෙට කලින් කී දේවල් ඡන්දෙ දුන් අපිට මතකයි. ලංකාවේ දේශපාලකයෝ බලය හමුවේ ඕනෑම දෙයක් කරන්න සූදානම්ද? නමුත් අපේ ඡන්දෙ ගැන තීරණය අපේ අතේනෙ. (නි)

:       0       0

මහානාම - කඳාන Wednesday, 06 May 2015 03:14 AM

, සිංහලයෝ මේ විදිහට පක්ෂ දෙකකට බෙදිලා කුලල් කා ගන්නවා වගේ , අනෙක් ජාතිනුත් කරනවද ? අපි රැ එලි වෙනකන් අපේ පක්ෂ වෙනුවෙන් ලියනවා . ඒ උදවිය උදේ ඉදන් රැ වෙනකන් රැ ඉදන් එලි වෙන කල් එකම අරමුණක් කරා නොසැලී ගමන් කරනවා , අන්න ඒකයි මේ ජාති දෙක අතර තියෙන වෙනස . මහින්දා මහතා , මෛත්‍රී මහතා හා සන්ධාන ගතවී සිංහල ජනතාව ප්‍රතික්ෂේප කළහොත් අපි ඒ බව සතුටින් භාර ගත යුතුයි . එහෙම නැතිව මැතිවරණය කැටේ තියා ගෙන් බොරුවට හෝ ඇත්තට දේශපාලකයින් දඩයම් කර , නැති හෝ ඇති වැරදි උලුප්පගෙන හිරේ විලංගුවේ දාල ලබන ජය මොකටද ? ඒ වගේම බෙදුවාදය , ජාතිවාදය හා ආගම වාදය හරහා අපේ මේ රට පාවා නොදී , ශ්‍රී ලනිපය , එජාපය නොවේ , ජවිපෙ හෝ ද්‍රවිඩ සංවිධානය ජයග්‍රහණය කළත් එය අපි සතුටින් භාර ගත යුතුයි . නමුත් මේ සියල්ලම සිදුවිය යුත්තේ නොබෙදුණු රටක , එක ධජයක් හා ජාතික ගීයක් යටතේ යන්නයි මගේ අහිංසක පැතුම (බ)

:       0       0

ප්‍රියාන් Tuesday, 05 May 2015 12:12 PM

මහින්ද තනියම එනවා නම් තම හොඳ කියලයි මට හිතෙන්නේ..එතකොට නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොතනද කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා..(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 06 May 2015 03:27 AM

චමිල එහෙම උනොත් කොහොමද ඔය දෙන්න එකතු වෙන්නේ. (බ)

:       0       0

සුපුන් Tuesday, 05 May 2015 12:32 PM

මහින්ද මහත්තයා සහ මෛත්‍රී මහත්තයා එකතු කිරීමට වඩා වැදගත් වන්නේ රනිල් ඉවත් කිරීම. (බ)

:       0       0

මහනාම - කඳාන Tuesday, 05 May 2015 01:06 PM

ඉතාමත් වැදගත් පුවතකි රටේ අනාගතය හා ආරක්‍ෂාව පැත්තෙන්. මහින්ද මහතා පෙර වැරදි හදාගෙන මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රට ඉදිරියට ගෙනයන්න සැළසුම් කළොත් එය මේ රටේ ,මතු උපදින දරුවන්ගේ වාසනාවයි.මෙය අනිවාර්යෙන්ම දැන් පාට කණ්ණාඩි ගෙන විවේචනය කරාවි. මම අහන්න කැමතියි ඒ බුද්ධිමත් ජනතාවගෙන් , අපි මෙහෙම දෙකට තුනට බෙදීගෙන කුළල් කනකොට එහි වාසිය යන්නේ කාටද? (නි)

:       0       0

පද්මිණී Tuesday, 05 May 2015 01:16 PM

සුපුන්, නැඟපු ඉනිමඟට පයින් ගහන්න තරම් ජනපති අකාරුණික නැහැ. මුදාගත් රට නැවත හෙළට ඇද දමන්න දෙන්නේ නැහැ. (නි)

:       0       0

විමුක්ති Tuesday, 05 May 2015 01:19 PM

කුමක් සිදුවේද කියා මට නම් ඇත්තේ ලොකු කුතුහලයක් (නි)

:       0       0

චමිලා Tuesday, 05 May 2015 01:20 PM

ඔබ දෙපල එකතුවෙලා මොන ආණ්ඩු හැදුවත් කමක් නැහැ.නමුත් ඔය ආණ්ඩුවට කිසිම මුදල් වංචා, දුෂණ, මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ තිබෙන කිසිකෙනෙක් ගන්න එපා. (නි)

:       0       0

චන්න Tuesday, 05 May 2015 01:34 PM

සමහරුන්ගේ බල ලෝභය, තණ්හාව කවදා කොහොම අවසන් වේවිද කියා දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 05 May 2015 01:35 PM

ජනපතිතුමනි, ප්‍රවේශම්වීම නුවණටහුරුය (නි)

:       0       0

ඇසළ Tuesday, 05 May 2015 01:43 PM

සුපුන්, නුසුදුස්සන් නිකම්ම විසිවෙනවා නොපෙනෙන දුරකට ඡන්දෙන් පස්සේ. (නි)

:       0       0

ඉසුරු Tuesday, 05 May 2015 01:45 PM

කිසිම කෙනෙකුගේ හඬට සවන් නොදුන් හිතවතුන් ,සොහොයුරන් සමඟ රටේ මුදල් , දේපල කොල්ලකෑ අය සමඟ කවර කතාද? (නි)

:       0       0

ලීල් Tuesday, 05 May 2015 02:00 PM

ප්‍රියාන්,මම නම් කියන්නේ මේ රටට විනකළ අය නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් කරලා ඒක පිරිසිදු කරගත්තොත් දුර ගමනක් යන්න පුලුවන් කියලයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 734 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site