ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව මැයි 6 වැනිදා පැවැත්වීමට දෙපසින්ම එකඟතාවය පළ වූ බව ශ්‍රීලනිප කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කියයි.වත්මන් ජනපති හා හිටපු ජනපතිගේ නියෝජිත පිරිසක් ද සහභාගීවන මෙම හමුව කථානායක නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත හමුවෙන්න අදහසක් පහළවුණේ ඇයි? (නි)
රෝහණ,හීන දකින්න එපා (නි)
හමුවුණාම දෙන්නා මොනවා කතාකරයිද මන්දා? (නි)
අපෝ වෙන තැනක් තිබුනේම නැද්ද? ඔතන බිත්තියක්වත් විශ්වාස කරන්න එපා මැතිතුමනි.ඔබේ හොඳටයි අපි මේ කියන්නේ. (නි)
ජයවේවා! (නි)
ප්‍රසන්න ,හීන නොවෙයි. මේ දෙන්නා එකතුවෙනවා කියන්නේ නිදහස් පක්ෂය තවත් දුර්වලවෙනවා. යූඑන්පීය තවත් ශක්තිමත් වෙනවා (නි)
ආරක්ෂාව ගැන සොයා බලලා ඇති නේද? එක එක්කෙනාගේ ආරක්ෂකයන් යැයි කියාගන්න කට්ටිය ගැන සත පහක විශ්වාසයක් තියන්න බැහැ. මෛත්‍රී මැතිතුමා තමන්ගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙනවා මදි කියලා අපිට නම් හිතෙන්නේ. (නි)
වසන්ත පුතේ චානක -ලොස් ඇන්ජලිස් පුතේ, මම කිව්වේ රෙදිත් ඇඳගෙන මහින්ද මහත්තයට කොරන්න පුළුවන් කාරියක්ද කියලයි ?(නදී)
ඔන්න පොටක් පෑදෙන්නයි යන්නේ (නි)
සුසන්තගේ කතාව හැබෑම තමයි. (නි).
දූෂණ චෝදනා එල්ල වූ මැති ඇමැතීන්ගේ පරීක්ෂණ අවසන් ඉදිරි සතියේ නීතිමය පියවර පසුගිය රජය සමයේ දූෂණ, වංචා පිළිබඳ චෝදනා එල්ල වූ මැති ඇමැතිවරුන් රැසක් පිළිබඳ රහස් පොලිසිය සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ පරීක්ෂණ මේ වන විට අවසන් වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම වංචා, දූෂණ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පසුගිය කාලය පුරා ඒ ඒ චෝදනාවන්ට ලක්වූ මැති ඇමැතිවරුන් හා ඊට අදාළ රජයේ නිලධාරින් කැඳවා දිගින් දිගටම ප්‍රශ්න කරන ලදී. මෙම විමර්ශනවලදී සිදු කළේ යැයි චෝදනා නැඟුණු මූල්‍ය අපරාධ ගණනාවක තොරතුරු සනාථ කර ගැනීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සමත් වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ ආකාරයෙන් විමර්ශන කටයුතු අවසන් කළ ලිපිගොනු සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බවද එම ආරංචි මාර්ග කියා සිටියි. සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක සිදුවිණැයි කියන දූෂණ, අක්‍රමිකතා සම්බන්ධ විමර්ශන කටයුතු සහ විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ චෝගම් බස් රථ ගෙන්වීම සම්බන්ධයෙන් සිදුවූවේ යැයි කියන මූල්‍ය අපරාධ පරීක්ෂණ මේ වනවිට නිමාවට පත්ව ඇතැයි පෙන්වා දෙන එම ආරංචි මාර්ග, ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නීතිමය උපදෙස් ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි ද කියයි. (බ)
ඒක තමයි වසන්ත පුතේ, චානක -ලොස් ඇන්ජලිස් පුතේ, මේක කරන්න පුළුවන් කාර්යක්ද හැබෑට? (නි)
මෛත්‍රී මැතිතුමාගේ සහයත් අපටයි,එජාපය මෙවර 70% ගන්නවා (බ)
වේදිකාවේ කියපුව අපිටත් හොඳට මතකයි. (බ)
ජය වේවා.(හේ)
දෙදෙනාම සමගියෙන් නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදමු (නි)
මොකක්ද මේ සැබෑ වෙනස? (නි)
ඉතා හොඳ වැඩක් (නි)
රාජ්‍ය නායකයන්ට මැදුම් පිළිවෙත බුදුදහමින් කියා දී ඇත. පිදිය යුත්තන් පිදිය යුතුමය. අවබෝධය නම් දහමය. බලය සදාතනික නොවේ. ධර්මාසනය ඉහළය. සිංහාසනය එයට පහළය. දැන් ඉතින් හොඳම අවස්ථාවය. මේ වෙසඟේ රටට පිං පමුණුවා තමන්ටත් ඒ පිනේ කොටස්කාරයෙක් වෙන්න අතහරිමු වෛරී සිතිවිලි, සුරකිමු ශ්‍රී ලංකා මාතා. (නි)
62;171;62. ඡන්ද වලට මේ ක්‍රමය හොඳද ..(බ)
ඡන්ද 62.171.62. අපරාදේ .(හේ)
මොකට හමුවෙනවාද? අපිට නම් ලැජ්ජයි මහත්වරුනේ (නි)
මිලියන 6.2 ක් ඡන්ද නොමග යවන්න එපා ...(හේ)
රන්ජිත් වැරදි .(හේ)
රට වෙනුවෙන් නම්- හමුව උතුම් (නි)
මගේ දෙයියෝ, අතට අත නම් දෙන්න එපා (නි)
ඕනෑ දෙයක් සාකච්ඡා කරගන්න, නමුත් ආප්ප කන්නේ නැතුව. (නි)
රටට හොඳක් වෙන්න ඕනෑ. (නි)
මෛත්‍රී මහින්දගෙන් අහපු ප්‍රශ්නය මම දැන් මෛත්‍රී ජනපතිගෙන් අහන්න කැමතියි ..ඔබ රෙදි ඇඳගෙනද ඔය සාකච්ඡාවට යන්නේ ? (බ)
සාකච්ඡාවට යන්න පෙර දෙවරක් කල්පනා කරන්න. (නි)
අජිත් කළුආරච්චි, ජයවේවා රටටත් ජනතාවටත්! ඔබේ අදහස අගය කරමි. (නි)
එහෙනම් හමුවෙලාම බලමුකෝ ප්‍රතිඵලය කොහොමද කියලා (නි)
මෛත්‍රී මහතාණෙනි, ඔබට ජය! (නි)
හමුවෙලා කියන්න තියෙන දේ නොවේ සැකක්... (නි)
මොනවද දන්නෙ නැහැ නේද කතාකරන්නේ? (නි)
කවුරු මොනවා කිවුවත් මෙවර මැතිවරණයෙන් එජාපය 65% ප්‍රතිශතයකින් දිනනවා. (නි)
හමුවන්න ආයේ රිදවන්න එපා .... රිදවන්න ආයේ හමුවන්න එපා .... (නි)
රෝහණ, හීන දකින්න එපා (නි)
දෙදෙනාටම සුබ පැතුම්! (නි)
අජිත් කළුආරච්චිගේ අදහස අගය කරමි.වියයුත්තේද එයයි (නි)