මහින්ද මෛත්‍රී ස්වර්ණමය යුගය ලබන අගෝස්තු 18 වැනිදායින් පසු දැකගත හැකිවන බවත් එක්සත් ජාතික පක්ෂයද බැඳුම්කර සුදා, නිධන් සුදා, කරුංකා සුදා, තඹ සුදා, කප්පම් සුදා වැනි ලොකු වැරදි කළ අයට නාම යෝජනා නොදේනම් සුළු වැරදි කළ අපේ අයටත් නාම යෝජනා නොදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (8) කොළඹදී පැවසීය.
ඔහු සමග මේ සාකච්ඡාවට වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන හා මනූෂ නානායක්කාර එක්ව සිටියහ. බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගටද නාම යෝජනා හිමවූ බවද වීරවංශ මහතා එහිදී පැවසීය.
නාම යෝජනා දෙන නොදෙන අය ගැන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට කෙලින් උත්තර නොදුන් වීරවංශ මහතා 13 වැනිදා නාමයෝජනා දීමෙන් පසු ඒ විස්තර දැනගත හැකියැයි කීවේය.
ඡන්දය දිනීමට එක්සත් ජාතික පක්ෂය බොරු බේගල් ඇද බාන බවටද ඔහු චෝදනා කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ඉඳිමු. තව මාලිගා දෙකක්, හෝටල් 3ක් හදා ගන්න පුළුවන්. (ස)
ඔබලා දවල් සිහින සාගරයක ගිලී ඇති බව පෙනේ (ම)
ශාන්ත ඔබ කියනව අපි දවල් හීන දකින බව මහින්ද ආවොත් දවල් හීනත් සුන්දර වේවි රනිල් ආවොත් ඔබට පමනක් නොව සිංහල ජාතියටම දකින්න වෙන්නේ දවල් තරු බව අමතක කරන්න එපා ගෙවුන මාස 6ට ඔබ කොහෙද හිටියෙ අපේ හමුදාවෙ කොල්ලො ජීවිත පූජා කරල බේරගත්ත රටට මොකක්ද වෙන්නෙ එ් රට බේරගත්ත විරුවන්ට අද උරුම පොරකය නේද සොයුර පක්ශයක් වෙනුවෙන් අන්ධ වෙන්න එපා මේ ලියන මට පක්ෂ පාට නෑ ඒත් මම රටට ආදරෙයි මම මහින්දටත් ආදරෙයි මොකද රටට සැබෑ ලෙසම ඔහුද ආදරේ කරන නිසා (බ)
රස්සාව බේරාගන්න දඟලන දැඟලිල්ලක් කොහොම සැපක්ද ගන්නවා ඇත්තේ? (ම)
අපි ඕවට නෑ.අපිට ඔව්වා බෑ.(මං කිව්වෙ පෙර යුගයට යන්න) (ම)
මේ එසැන පුවත් තීරුවේ අඩල දොඩලා වැඩක් නැහැ. කදුළු පිහදාගෙන තව අවුරුදු ගානක් විපක්ෂයේ ඉන්න දැන් හිත හදා ගන්න. (ර)
දැන් කතාව වෙනස්වෙලා නේද? (නි)
මේක ස්වර්ණමය කරගත්තොත් ඔය ගොල්ල නම් ගොඩ. එහෙම නේද?(ම)
මේ අර ජනාධිපතිවරණ කාලයේදී අය්යෝ සිරිසේන කියපු විමල්මද????? (ම)
තුම්මුල්ලේ විමලේ පිලිගන්නවා එහෙනම් වැරදි කරපු කට්ටිය ඉන්නවා කියලා. (ර)
උප්පැන්න 2 ,නම් 2 ,පාස්පෝට් 2, අප රටේ මිනිසුන්ගේ මනස දියුණු නම් මේ වගේ මෝඩ පුද්ගලයන්ට තවත් ජ්න්ද දෙයිද.(අ)
අය්යෝ විමල් !!!!! චාටර්. (ස)
වින්සන්,දේශපාලකයාට දිව දෙකක් තිබෙනවා කියා කියනවනේ.නමුත් සමහර අයට දෙකට වඩා තිබෙනවා.අද ඔවුන් දේශපාලන වශයෙන් පමණක් නොව සදාචාරාත්මකවත් බංකොලොත්බාවයට පත්වෙලා (නි)
එදා "අයියෝ සිරිසේන"! අද "මෛත්‍රී සුවර්ණමය යුගය.දේශපාලකයන් අඳින ඇඳුම ඇඳීමට අපි ලැජ්ජාවිය යුතුය.අඬන්නට දොඩන්නට නොව හඬා වැළපෙන්නට තරම් නොසිතෙන්නේ කාටද? (නි)
කීර්ති,මෙයා මෙහෙම කතා කරන්නේ මෙයා හිතනවා ඇති රටේ අනෙක් අයටත් තිබෙන්නේ මෙයාට සමාන බුද්ධියක් කියලා. ඒක නිසා මොහු කියන දේවල් හිස් මුදුනින් පිළිගන්නවා ඇති කියලයි.මෙහෙම කතාකරන එකත් හොඳයි. එතකොට සමාජය මේ අයගේ කතා තේරුම්ගන්නවා (නි)
එකපාරටම භාෂා ශෛලියත් වෙනස්වෙලා.මේ අය කතා කරන්නේ කටින්ද කියලා හිතෙනවා අපිට (නි)
පක්ෂ භේද නොබලා දැන්වත් ඇස් අරිමු. (නි)
මෙයා දැන් කොහොමද මෙහෙම කතා කරන්නේ. (නි)