මහා මැතිවරණය වෙනුවන් රට පුරා ප්‍රධාන රැස්වීම් සීයක් හා ජන හමු දාහක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 

‘දේශයේ හෘදසාක්ෂිය‘ යන තේමා පාඨය යටතේ ජාතික මට්ටමේ මැතිවරණ ප්‍රචාරක යාන්ත්‍රණය මේ වනවිට මුළුමනින්ම සකසා අවසන් යැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය. 

යල්පැන ගිය කල් ඉකුත් වූ රාජපක්ෂ පාලනය පරදවා ජනවරම පාවා දුන් සිරිසේන පාලනය රටට හෙළිකර ජනවරම රකනින්ට වෑයම් නොකළ එජාප පාලනයත් ප්‍රතික්ෂේප කරවා ජනතාවට ජයග්‍රහණය අත්කරදීම අනිවාර්ය බව ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.

පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි.