2009 දී යුද්ධයේ අවසන් අදියරේදී සිදු වීයැයි කියන මානව හිමිකම් කඩවීම් දෑ පිළිබඳ පරීක්ෂා කිරීමට හිටපු ජනාධිපතිවරයා මාස හතක කාලයක් සඳහා ලබා ගත් ජගත් විශේෂඥ සහාය හා එම කාර්යයේ නිරතවූ පුද්ගලයින් වෙනුවෙන් රුපියල් මිලියන 135 කට අධික මුදලක් වියදම් කර ඇති බව හෙළිවී ඇතැයිද විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටී.
එමෙන්ම එක් අයෙක් හෝ දෙදෙනෙක් සඳහා අදාල සේවා සැපයීම වෙනුවෙන් පවුම් 55000 කට වැඩි මුදලක් ගෙවා ඇති බවටද අනාවරණය වී ඇති බව අමාත්‍ය සමරවීර මහතා පෙන්වා දී ඇතැයි විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එම නිවේදනයෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටින්නේ ඉකුත් රාජපක්ෂ රෙජීමය සමයේ මහ බැංකුව සහ අනෙකුත් රාජ්‍ය ආයතන තම කීර්තිනාමය වර්ධනය කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මහජන සබඳතා ආයතන සඳහා රුපියල් කෝටි 200ක මුදලක් වැය කොට ඇති බවය.
එලෙස මුදල් වියදම් කරනු ලැබ ඇත්තේ තොම්සන් ඇඩ්වයිසරි ගෘප්, ඛෙල්ට් වේ ගවර්න්මන්ට් ස්ට්‍රැටජීස් හා ලිබර්ටීස් ඉන්ටර්නැෂනල් ගෘප් යන ජාත්‍යන්තර මහජන සබඳතා ආයතන සඳහා යැයිද හෙතෙම කියා සිටී.
ඒ අනුව ඉකුත් රාජපක්ෂ රජය රටේ මහජනතාවගේ බදු මුදල් වියදම් කරමින් ජාත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගත්තා මිස මිතුරු රාජ්‍යයන් හොඳහිත මත ලබාදීමට කැමති වූ සේවා ලබා ගැනීමට කටයුතු නොකළ බව විදේශ අමාත්‍යවරයා කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක් ඩුබායි කීවට ඉන්නේ ලංකාවේ වගේ දිනක වැටුප රුපියල් 1600යි (නදී)
ලෝකයේ ධනවතුන් අත්තර් ඉදිරියෙන්ම බැබළෙන මහින්දව නිකම්ම ගෙදර යවල බැහැ.කරලා තිබෙන අපරාධ වල හැටියට බරපතල වැඩ ඇතුවයි යවන්න ඕනෑ. (නි)
කෝටි 13ක් කියන්නේ සුළුපටු ගණනක්ද? (නි)
මම නිකන්ද කියන්නේ රාජපක්ෂලාට මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි කියන්නේ "කජු ඇට" "කොස් ඇට" වගේ කියලා.මට දුක තවමත් අපේ රටේ "බත් කන හරක්" ඉන්න එක ගැනයි. (නි)
පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය සහ පුද්ගලික බැංකු වලින් විතරක් රුපියල් කෝටි ලක්ෂ 2 ක් අරගෙන තවමත් ගෙවලා නැහැ කියලා පුවත්පතක විස්තර සහිතවම පෙන්වල දීලා තිබුනා. (නි)
අර ඊලාම් ඩයස්පෝරා කාරයෝ ටික ගෙන්වලා රටෙන් කොටසක් වෙන් කරලා දුන්නා නම් කොටි 13 ක් නොවෙයි 130 ක් සාක්කුවට දමා ගත හැකියි. එතකොට පාඩුවක් වෙන්නේ නැහැනේ. (නදී)
ඉන්දියානු අදිරදයෝ කවමදාවත් මහින්දට සමාවක් දෙන්නේ නැත. ඔවුන්ට ඕනෑ කරන්නේ ඉන්දියානු අදිරදයට ගැතිකම් කරන රජයකි. (නදී)
තවත් ඡන්ද ප්‍රතිපලයක් (නදී)
තවත් ඉතින් දෙමුකො අගමැතිකමකුත් (නි)
ඕව කියා කියා ඉන්නවා ..මාස 6ක් ඔහෙලා පොල් ගෑවද විදේශ ඇමති තුමෝ. (නදී)
හා එහෙමද? එහෙනම් මහ බැංකු ගැහිල්ල වගේ එකක් නෙමෙයි. සේවයක් ලබා ගැනීම සඳහා වියදම් කරලා. (නදී)
කෝටි 13 කින් බේරෙන්න බැරි බව ජනවාරි 8 පැවති ජනපතිවරණයේදී රටේ ජනතාව ඔප්පු කළා. (නි)
ඉතින් මොකද? එයාගේ ගෙදරින් ගෙනාපු සල්ලි මිසක් අපේ රටේ සල්ලි යෑ(නදී)
දැන් ඔය මොනවා කීවත් වැඩක් නැහැ. එතුමා අගමැති වෙන එක නවත්වන්න බෑ (නදී)
ඔය කීවෙනි බොරුවද? හැම දේශපාලකයම බොරු කියනව තමයි. (නදී)
කෝටි 13ක් නෙවෙයි 1300ක් ගෙවුවත් මොකද?. එතුමා රටේ යුද්ධය ඉවර කලා. සේවය අනුස්මරණියයි.(නදී)
ආයිත් අවොත් ජනතාවට වැලේ වැල් නැති වෙනවා (නදී)
තව කන්න අායිත් එනවා. (නදී)
2009 යුද්ධය ඉවර කරලා බේරුනේ මහින්ද විතරද ?. අනේ මෙහෙමත් ගුණමකු මිනිසුන්. (නදී)
දැන් මෙහෙම ගිහින් යුද්දේ දිනපු එකත් පාඩුයි කියයි. ඒ කාලේ ලංකාවේ ජනතාව තීරණය කරලා තිබුනේ සල්ලි වලට වඩා රට, ජාතිය, ජීවිත, ජාතික අබිමානය වටිනවා කියලා. ඇත්තටම ඇයි මේ අයට බැරි සංවර්දන වැඩ පිළිවෙලක් හදල රට සංවර්දනය කරන්න. (නදී)
බලනකොට කවුරුත් එකයි. (නි)
හිටපු එකාට අවලාද නඟනවා මිසක් කළ දෙයක් හෝ කරන දෙයක් ගැන කතා නැහැ.අඩුම වශයෙන් හිත සැනසෙන්නවත් දෙයක් කියන්නකො.මොකද අපි අඳ,ගොළු,බිහිරෝ කියලා හිතුවද? (නි)
කියව, කියව ඉන්නවා විතරයි. කරන බම්බුවක් නැහැ. කතා කරපල්ලකෝ රටට කරන සංවර්ධන වැඩ පිළිවෙලවල් ගැන..(නදී)
මෙයා කතන්දර කියනවා ඉවරයක් නැහැ. ඕකමනේ කලින් සැරෙත් කලේ (නදී)
ඹීට වඩා ගෙවල හරි බේරගන්න ඕනේ. යුද්ධය දිගටම තිබ්බා නම් කොහොමද. ජීවිත හානි සහ මුදල් හානි. සමහර අයට අතීතය අමතක වෙලා. (නදී)
අාපු දින සීයට රටවල් වල සංචාර ගියානේ. ලංකාවට ගෙනාවේ මොනවද ? අර ඩයස්පෝරා කාරයෝ ටික ගෙන්වලා මිටින් තියන්න නේද සුදානම. (නදී)
ඔය කියන පුද්ගලයා ඇතුළු නඩයේ අය ලංකා රජයට කල අභූත චෝදනා වලින් මිදෙන්ට තමා ඔවැනි මුදලක් වියදම් කරන්ට වුනේ. මේවා ඉතින් කාට කියන්ටද. දැන් ඉතින් නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගෙනේ. සමහරු කොමෙන්ට් දාන්නේ අකාලේ ලංකාවේ හිටියේ නෑ වගේනේ. හිටියේ ඇදන් යටද. (නදී)
ඕවා කියලා තවත් අපිව අන්දන්නට බැහැ...කෝ කුඩු හොරු.. කෝ මහා බැංකු හොරු (නදී)
පිවිතුරු යහපාල, මහින්ද දිනනවා කියලා ඔච්චර විශ්වාස නම් රෑ එළිවෙනතුරු මෙතන මහින්දට කඩේ යන්නේ ඇයි? නිදහසේ නිදාගන්නකො. (නි)
ඉතින් ඔය ප්‍රශ්නයම ඇතිනේ එයාට විරුද්ධව චෝදනා ගෙනල්ලා ක්‍රියාමාර්ගයක් ගන්න (නි)
දැන් මාස පහකට වැඩිය තිබුනා ඔය කියන දේවල් අල්ලන්න. එ්ත් කිසි දෙයක් කෙරුවේ නැහැ. දැන් තව බොරු කියනවා මේ දවස් වල බොරු කීම වැඩි වෙලා.(නදී)
මේවා අපි කාට කියන්නද? (නි)
අනේ ඇත්තට,මේවා අපේම සල්ලි නේද? (නි)
එතුමාට ගහන්න ගහන්න ඡන්ද වැඩිවෙනවා.දිගටම කරගෙන යන්න. (නි)
මට නම් විශ්වාස නැහැ විදේශ ඇමති ඇත්තමද කියන්නේ කියලා. (නදී)
නැහැ නැහැ බටුගෙදර, ඔයාගේ සල්ලි ටික තවම තිබෙනවා. අපේ සල්ලි අපි දුන්නේ. (නි)
දැන්ද මේවා කියන්නේ? (නි)
කවදත් අපි මහින්දට.(හේ)
අපි කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
මෙය විශේශ සේවයක් ලබාගැනිම වෙනුවෙන් දරණ ලද පිරිවැයක්. මහින්ද ජනාධිපතිතුමන් තම පුද්ගලීක අරමුණක් සාක්ෂාත්කර ගැනිමට ගොස් සිදුවු සිද්ධියක් නිසා උපදෙස් ලබා ගැනිමක් නොව දහස් ගණන් මරණ ප්‍රකෝටි ගණන් ධනය දේපල විනාශ කරන යුද්ධයක් නැවතිම වෙනුවෙන් ඔහුට සහ යුද විරුවන්ට එරෙහිවන දේශීය හා විදේශිය බලවෙිග වලට මුහුණදිම සදහා සුදානමිවිමක්.(හේ)
විදුලි පුටුවට වුණත් නඟින්න සූදානම් කියලා එදා කිවුවේ විහිලුවට වෙන්න ඇති.... (නි)
මට පේන විදිහට මෙතුමා කියන දූෂණ සංඛ්‍යා එකතු කරානම් රුපියල් අසංඛ්‍යත් ඉක්මවලා? මුළු ලෝකෙම ප්‍රාග්ධනය එකතු කරත් ඉන් දශමයක්වත් නැද්ද කොහේද? (නදී)