මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ විවිධ අසාධාරණයන්ට ලක්වූවන් පිළිබ`ද සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටුකිරීම ස`දහා ජනතා විමුක්ති පෙරමුණ විශේෂ කමිටුවක් පත්කර තිබේ.
zzරාජපක්ෂ පාලනය විසින් අසාධාරණයට හා පළිගැනීමට ලක්වූවන්ගේ තොරතුරු සෙවීමේ කමිටුවZZ යනුවෙන් මෙම කමිටුව නම් කර ඇත. රාජපඬවරුන්ගේ තර්ජන හා බලපෑම් ආදිය නිසා තම දේපළ හා ව්‍යාපාර අහිමි වූ, රැකියා හා අධ්‍යාපන අවස්ථා අහිමි වූ මරණයට පත්වූ හා අතුරුදන්වූ ආදී සියලූ දෙනා පිළිබ`ද සොයා බලා ඔවුන්ට සාධාරණය උදාකරදීමට මේ ඇති කරන බව ජ.වි.පෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කියයි.
එවැනි අසාධාරණයන්ට ලක්වූ ව්‍යාපාරිකයින්ට, රාජ්‍ය සේවකයින්ට, වෘත්තිකයින්ට, ශිෂ්‍යයන්ට, මාධ්‍යවේදීන්ට, කලාකරුවන්ට, ක්‍රීඩකයින්ට ඇතු`ථ ඕනෑම අයෙකුට මෙම කමිටුව වෙත තම පැමි‚ලි ඒ වෙනුවෙන් 43/20, නුගගහ පෙදෙස, පිළියන්ද පාර, මහරගම ලිපිනයට එවිය හැකිය.
දුරකතන අංක - 011-2896394, 071—8106863
ඊමේල් - [email protected]
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු හොරුන්ව හොයනවා (නදී)
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
විහිලුව යනු ප්‍රේමකීර්ති වැනි මාධ්‍යවේදීන් අමු අමුවේ ඝාතනය කල ජේ.වී.පි රාජපක්ෂ ආණ්ඩුවේ ඝාතන සෙවීමයි. මුලින්ම මුන් කළ ඒවාට දඬුවම් දෙන්න යැයි අපි යහ පාලනයෙන් ඉල්ලා සිටිමු. ඒ මිනිස්සුන්ගේ පවුල් වලට උන අසාදාරනයට වග කිව යුත්තන් එල්ලමු. (නදී)
මම කැමති 88/89 කාලේදී මියගිය හා අතුරු දහන වුන මිනිස්සු ගැනත් හොයනවා නම්.(හේ)
අපි බලාගෙන ඉමු මෙයාලා කරන දේ (දිල්)
එතකොට මෙයලාගේ දේවල් හොයන්නේ කවුද ?(දිල්)
ක්‍රිස්තු පුර්ව ගනන් වල ඒවා හොයන්න බැහැ අද. ඒවා ඒ ඒ කාලවල බලයට අාපු අයයි හොයන්න තිබුනේ. දැන් හොයන්න ඕනේ පසුගිය පාලන සමයේ කළ වැරදියි. (නදී)
කෙලින්ම දේශපාලනය නොකර, ඇමතිලට පන්දම් අල්ලමින් වාහන, පිටරට සවාරි යන ඉහල පෙලේ යයි කියනා නිලධාරින් රැසක් රාජ්‍ය ආයතන වල අදටත් හොඳින් ඉන්නවා. ඔවුන් ගැන හොයන්න. දඩුවම් දිම නොව, වරප්‍රසාද නවත්වන්න කටයුතු කරන්න. (නදී)
බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
සම්පත් හරි. පළවෙනි පරාක්‍රමබාහුගේ කාලේ ඉඳලා කළ දේවල් සොයන්න නම් ඉතින් පසුගිය කාලයේ සිද්ධවුණ දේවල් සොයන්න පවරන්න වෙන්නේ දැන් සොයන අයගේ මී මුණුපුරන්ට තමයි. (නි)
අර සූරියකන්ද පාසල් දරුවන්ව මරපු අය ගැන කරුණාකර පරීක්ෂණයක් කර වැරදි කරුවන්ට දඩුවම් දෙන්න. (නදී)
89 ගැනත් හොයමු. අපිටත් ලොකු අසාදාරන කම් උනා (නදී)
සම්පත් ඔබ හරි. ඒ කාලේ පත්වුණ රජයන් බයට හරි, තමන්ගේ වාසියට හරි ඒ කාලවල ඒව හොයන්නේ නැතුව දැන් බළලුන් ලවා කොස්ඇට බාවගන්නයි හදන්නේ. මේ ආණ්ඩුව සෙවිය යුත්තේ පසුගිය රජයේ හොරකම්ය. එහෙම නැතුව ක්‍රිස්තු පුර්ව ගණන් වල ඒවා හොයන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. (නි)
ජවිපෙට නම් නියමම රාජකාරියක් තමයි ලැබිලා තියෙන්නේ (නි)
මම ජවිපෙන් ඉල්ලන්නේ හැම රාජ්‍ය ආයතනයකම ඉන්න ලොකු ලොකු හොරු වගේම හීන්නුලෙන් වැඩේ දෙන, සම්පත් පුද්ගලික පරිහරණයට ගන්න, නිලනාමයෙන් ඒ සියල්ල යටපත් කරගෙන සන්දර්ශන පවත්වන අය ගැනත් මීට වඩා හොයන්න කියලයි. (නි)
ඔබගේ වගකීම ඔබ නිසිපරිදි ඉටුකරන්න (නි)
සම්පත් කියන ජාතියේ හොරු ටික අල්ලාගන්න පහසුයි. නාස්තිය දූෂණය නවත්වන්නත් පහසුයි. එතනින් පටන් ගන්න. (නි)
සම්පත් කියන ජාතියේ හොරුන්ට දඩුවම් දෙන්න ඕනේ නැහැ. විඳින අනවශ්‍ය වරප්‍රසාද නැවැත්විම තමයි දෙන්න පුළුවන් හොඳම දඬුවම. හැබැයි එයින් වන ඉතිරිය නම් සුළුපටු නැහැ. ඕනෙ නම් ගණනය කරලම බලන්න. (නදී)
මෙයාලා නිකන් ආණ්ඩු බලය මෙයාලට ලැබුන වගේනේ උඩ පනින්නේ.ආ කට්ටියට වැඩේ කරගන්න දීලා ඔයාලා ඔයාලගේ වැඩක් බලාගන්නකො, අපේ ලේ පුච්චන්නේ නැතුව. (නි)
පළිගැනීම් ගැන නම් ඔයාලා අපි සමඟ කතාකරන්න ඕනෑ නැහැ (නි)
අපිට නම් කාගෙ කාගෙත් කෙරුම් මතකයි (නි)
සිදු වු පළි ගැනීම් ගැන සොයා බලන්න (දිල්)
ඔන්න ඔහොම තමයි ඉන්න ඕනි. ඕවා පසුගිය රජයත් අනුගමනය කළානේ (දිල්)
පලි ගන්න එකනම් හරි නෑ නේද?(හේ)
මාධ්‍ය සංදර්ශන පවත්වන එක නවතා වර්තමාන රජයෙන් සිදුවුන සිදුවෙන පළිගැනීම් සොයා බලන්න මුලින්ම.(හේ)
දේශපාලන රැකවරණය ලබමින් ඉහළ වැටුප් ඉන්ධන දීමනා වාහන ලැබූ නිලධාරීන් ගැනත් හොයන්න. (හේ)
හොඳ වැඩක්.(හේ)
රසික , තවම කවුරුවත් කුදලා ගෙන ගිහින් හිරේ දැම්මේ වත් අහේතුකව වැදගත් නිලතල වලින් පහ කළේවත් නැහැ. ඔය විදියට නම් ඉතින් බන්ධනාගාරවල හිර කරුවොත් කියාවි පැමිණිලිකාරයන් අපෙන් පළි ගත්තා කියලා. (දිල්)
අනේ මන්දා රසිකලා රාජිතලා ඉන්නේ මොන ලෝක වලද කියලා පලිගන්න හදනවා නොවෙයි මේ පසුගිය ආණ්ඩුව කාලේ පලිගැනීම් වලට හා අසාධාරණයන්ට ලක්වූ අය ගැන සොයා බලා ඔවුන්ට යම් සහනයක්,සාධාරණයක් ඉෂ්ඨ කරන්න දරන සාධාරණ උත්සහයක් මේක. මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීම තුලින් තමයි මෙය කරන්න වෙන්නේ ඒ නැතිව මේවා මාධ්‍ය සංදර්ශන නොවෙයි.(හේ)
විජේවීර මහතාගේ ඝාතනය ගැන නියම පරීක්ෂණයක් පවත්වන්න. ගතකයන් ට දඩුවම් දෙන්න.(හේ)