ආචාර්ය රාජා ධර්මපාල විසින් රචිත ‘මහා වීර වංශය‘ කෘතිය එළි දැක්වීම අද(31) නාරාහේන්පිට අභයාරාමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම අවස්ථාවට අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද, පුරාවිද්‍ය චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද, කඹුරුගමුවේ වජිර යන හිමිවරුද පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිළ ඇතුළු පිරිසක්ද එක්වූහ.

එහිදී මාධ්‍යවේදියකු හිටපු ජනපතිට එරෙහිව අද දිනයේ අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමක් සම්බන්ධයෙන් විමසූවිට අධිකරණයේ එක්තරා දුරකට ස්වාධීනත්වයක් ඇති බවත් ව්‍යවස්ථාවේ විධායක ජනපතිවරයකු කරනදේ වලංගු නෑ යනුවෙන්ද මහින්ද රාජපක්ෂ පැවසීය.

ප්‍රශ්නය - බැසිල් රාජපක්ෂ ලංකාවට එනවා කියලා තියෙනවා. ඒගැන මොකද කියන්නේ?

මහින්ද - ප්‍රශ්නයක් නෑ එනවා කියලා තියෙනවානම් ඒවි.

ප්‍රශ්නය - විමල් වීරවංශ කියලා තියෙනවා බැසිල් තමයි ඔබතුමාගේ පරාජයට හේතුව කියලා?

මහින්ද - සාමාන්‍යයෙන් මත තියෙනවා. මතවලට අපි ගරු කරනවා. අපේ වැරදි අපි හදාගන්නවා.

ප්‍රශ්නය - තවම දේශපාලනයට පැමිණීමට තීරණයක් නැද්ද?

මහින්ද - තවම මම විවේක ගන්නවා.

DSC_5478 DSC_5498 DSC_5508 DSC_5516 DSC_5540 DSC_5563

 

ඡායරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක