ප්‍රංශයේ දිනපතා පළවෙන පැරිස් කලාපයේ පමණක් ලක්ෂ තුනක් පමණ පාඨකයන් කියවන පුවත් පතකි ඩිරෙක්ට් මැතෑන් . හිමිදිරිය, උදය ,උදේ වරුව යන්න ප්‍රංශ බසේ මැතෑන් යන්න අරුත් ගන්වයි. පැරීසිය වෙලා ගෙන ඇති උමං දුම්රිය පොල, බස් නැවතුම , දුම්රිය , බසය , කාර්යාලය, වැඩපොළ යන හැම තැනකම හැම කෙනෙකු අත ඉහත කුඩා පුවත් පත දැකීම උදේ වරුවේ සුලභ දසුනකි.
නොමිලේ ලැඛෙන මෙම පුවත් පතේ දෙවන පිටුව ජෝන් මරී කොළෙම්ඹනී නම් ප්‍රංශයේ සුප්‍රසිද්ධ මාධ්‍යවේදියා සදහා වෙන්වී ඇත්තේය. දිනපතා ලෝකයේ සිදුවන සුවිශේෂි දේශපාලන, ආර්ථීකය, විද්‍යාව, නව තාක්ශණය ආදි කරුණු ගැන විශ්ලේෂණාත්මක විග්‍රහයක් ඇතුලත් වන මෙම පිටුවේ කොටසක් › ලංකාවට ද ජනවාරි 15 වෙනිදා උදේ වෙන් කර තිබුණේය. කේන්ද්‍ර පලා පල විශ්වාස කිරීම හේතුවෙන් ›ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තම ධූර කාලයට ප්‍රථම ජනාධිපතිවරනය පවත්වා පරාජයට පත්වු බව සදහන් පුවතක් එහි පළවී තිබිණි.
දශක තුනකට ආසන්න ඇසුරක් ඇති දෛවඥයෙකු ඔහු ඇසුරු කළ බවත් ඔහුගේ නක්ශස්ත්‍ර වේලාවන්ට අනුව ජනාධිපති දැඩි විශ්වායකින් කටයුතු කිරීමට පුරුදුවී සිටි බවත් සදහන් කර ඇති අතරම මෙවර මහින්ද රාජපක්ෂ ජනාධිපති පරාජය වන බව ඔහු දැනගෙන සිටියත් එය ජනාධිපතිට වසන් කල බවද සටහනට එකතුවේ. එසේ කිරීමට හේතුව මින් පෙර 2009දි එලෙස අසුභ පෙර නිමිති පළකල දෛවඥයෙකු සිරගත කළ හෙයින් ¦ තමාටද එම ඉරණම අත්වේ යැයි බියෙන් නොපැවසූ බව ප්‍රංශ පුවත් සේවයට කළ ප්‍රකාශයක්ද මෙම සටහනේ විශේෂයෙන් සදහන් කර ඇත.
යුරෝපයේ බොහෝ රටවල මෙන් ප්‍රංශයේද කේන්ද්‍ර පලාපල අනුව තත්පර, මිනිත්තු, පැය කාල සටහනකට යටත්ව දේශපාලන හෝ රාජ්‍ය කටයුතු සිදු කිරීමක් සිදුවන්නේම නැත. ප්‍රංශ ජාතිකයෝ වැඩි ප්‍රතිශතකයක් එම මිථ්‍යා විශ්වාස කෙරෙහි සැලකිල්ලක් නොදක්වති. ලෝ සුපතල විශ්ම කර්ම නිර්මාණයක්වූ ප්‍රංශ එංගලන්තය යා කරන මුහුදු උමං මග, දකුණු දිග ප්‍රංශයේ කඳු දෙකක් යා කොට ඉදිකළ ලෝකයේ උසම පාළම ආදිය විවෘත කිරීමේදි මල් පුජා, පහන් පුජා, සජ් ගායනා, කිරි පුජා, පැන් පුජා, යාඥා, ගීතිකා කිසිම දෙයක් නොවීය. ප්‍රංශයේ කිසිම රාජ්‍ය, දේශපාලන හෝ වෙනත් සුවිශේෂි කටයුතු ග්‍රහ පලාපල හැසිරීම ප්‍රධාන කොට කටයුතු කිරීම ප්‍රංශයේ ක්‍රමය නොවේ. එසේ නොවුයේ නම් ප්‍රංශ ජනාධිපතිට ඇති රාජ්‍ය තීන්දු තීරණ ප්‍රමාණය හැටියට ¦ ඔහුට හැමÞම බලි තොවිල් පුද පූජා හැර වෙන කිසිදු කටයුත්තක් කිරීමට කාලය නොලැඛෙනු ඇත. ප්‍රංශ ජනාධිපති අද ලෝකයේ දරුණුම තස්ත්‍රවාදි තර්ජනයට මුහුණදී සිටියි. එසේ නමුදු ඔහුගේ දෛනික රාජකාරි ගමනා ගමනයට එක් වන්නේ වාහන තුනකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක වෙන්න ඇත්තේ මොනවගේ විවාහ තිබෙන රටක ද කියලා අපිට හිතාගන්න පුලුවන් පහන් (නි)
මිත්‍යා දෘෂ්ඨිකයෝ
තමාගේ අනාගතය තමාම බාරගන්න. දැන්වත් හැදෙන්න (බ)
මේවා බලලා හැදෙන උදවිය නෙවයි අපේ කට්ටිය. තවමත් අනිත් පැත්තට ඡන්දෙ දුන්න මිනිස්සු කලගුණ සැලකුවේ නැහැ කියලා බැන බැන ඉන්නවා. තමන්ට වැරදුනේ කොතනද කියලා සොයන්නේ නැහැ. (නදී)
සාස්තර පලාපල සත්‍ය නම් ලෝකයේ දියුණුම රටවල් වෙන්නේ ලංකාව සහ ඉන්දියාවයි (නදී)
මහින්ද පැරදුණේ සාස්තරකාරයෝ නිසා නොවෙයි. හොර, බොරු, වංචාකාරයෝ නිසා. (නදී)
නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරන්න එපා (දිල්)
මේ සාත්තර විශ්වාස කරන මිනිස්සු තාමත් ඉන්නවනේ (දිල්)
එහෙනම් අද දාලා තියෙන්නේ පොළොන්නරුවේ හිමි නමක් මෛත්‍රී පොඩි කාලේ ඉඳල එයාගෙන් වෙලාව බලවගෙන හැමදාම වැඩකලේ කියලා. එක්කෙනකුට හරියන්නත් තව කෙනකුට වරදින්නෙත් කොහොමද? දන්නා කෙනෙක් කියන්න “(දිල්)
ලැජ්ජාවේ බෑ මෙහෙම වෙද්දී (දිල්)
අපිට අවශ්‍ය මිත්‍යා මත විස්වාස නොකරන කෙනෙක් (නදී)
අත්තෝ අත්තස්ස ණක්කත්ථන් කීංකාරිසන්ති == බුදුන් වහන්සේ == නක්කත්ට් ජාතකය. 550 ජාතකයේ 49 කතාව
මම නම් කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. අපිට අනාවැකි කාරයෝ කියපු බොරු ටික විශ්වාස කරන්න ගියා නම් ලෝක අමාරුවේ. (දිල්)
සාත්තරකාරයෝ මොනවා කියලා කරන්නද ඉතින්? (නි)
ග්‍රාහ පලා පල පස්සේ නොයන් මිතුරේ (ර)
මහේෂ් කියන්නේ ගෝඨාබයට අංකල් කියා කියා පැරීසියේ ඇවිදිමින් ලංකාවේ කඩ කාමර ගත්ත කෙනෙක් නේද ? (නදී)
අනේ අනුලාවතී, දැන්වත් ඔලු වෙනස් කරගන්න කාලය හරි, පාරම්පරික දේශපාලනය නොවෙයි දැන් ඕන, බුද්ධිමත් මිනිසුන් ඇති නව පරපුරක්. ඔය හැම බලවේගයකටම වඩා මහජන බලවේගය ලොකුයි. (ර)
අනුලාවතී, තමන්ගේ වෙලාව, හඳහන බලාගත්තට කමක් නෑ. ඒවායේ එල්බ ගෙන ඒ පස්සෙම යන එකයි වැරදි. (ර)
අපේ සමහර කට්ටිය මේවා කරනවා. බ්ලැක් මැජික්. අපේ ආගමේත් මේවා ගැන කියවෙනවා. ඇත්තක් තියෙනවා . (නදී)
අපි දවසක් පිරිමි දෙන්නෙක්ගේ වෙලාවල් දෙකක් ගෙනිහින් දුන්න පොරොන්දම් බලන්න හොදට ගැලපෙනවා හොදට කැපෙනවා කියලා කිව්වා. (ර)
තමන්ගේ ග්‍රහ තාරකාව තමන්ගේ කර්මයයි. කල් හොඳ නොහොඳ පසු පස එලවයි. (ර)
කේන්දර බලනවාටත් වැඩිය භයානකයි ඔය බලි තොවිල් හදි හූනියම්. ඊළඟ ආත්මයටවත් සැනසීමක් නැහැ. (ර)
ඔය අනාවැකිකරුවන් මිනිස්සුන්ගේ විශ්වාසය ප්‍රයෝජනයට අරගෙන කොහොම හරි තමන්ගේ මඩිය තර කර ගන්නවා. පරදිනවා කියල කියන්න බැරි නම් අඩු ගානේ මේ කාලය හොඳ නැහැ කියල හරි අනතුරු අඟවන්න තිබුනානේ. බයට කියන කතාව මට නම් විශ්වාස නැහැ. (නදී)
ගොඩාක් මිත්‍යා මත විශ්වාස වල එල්ලීගෙන ඉන්නේ ආසියාතික මිනිසුන්. අනිකුත් දියුණු කිසිම රටක මේ වගේ බහු බූත නැහැ. වසර 15ක් මගේ විදේශයන්හි අත්දැකීමේ කොහෙවත්ම දැකල නැහැ. දියුණු වූ රටවල මිනිසුන්ගේ මනස පිරිසිදුයි. අපේ රටේ මිනිසුන්ගේ වගේ කුරුවල් වූ ඔළුගෙඩි ඒ මිනිසුන් ලඟ නැහැ. දිනෙන් දින අලුත් ලෝකේ නව නිර්මාණ සමගින් අලුත් සොයාගැනීම් සමගින් හිරු උදාවෙනවාසේ දියුණුවට ඔවුන් ගමන් කරනවා. ඒත් කරුමෙක මහත අපේ රට වල උදේ පාන්දර පත්තරයක් ගත්තොත් එ්කේ තියෙන්නෙම පව්ල පිටින් මරල, කපල , දූ ෂණය කරලා , ගිනිතියල, ඇසිඩ් ගහල , තවකෙකුගෙන් පලි අරන් සියුම් සතුටක් ලබන අන්ත පාදඩ මිනිසුන් කොටසක්. සාස්තර පස්සේ , බිලි පුජා පස්සේ දුවල මනස අවුල් වූ ගෝත්‍රිකයින් බවට පත්වෙලා. සිංහලේ තිබුණු උතුම් යැයි කියාගත් මිනිසුනේ ලැජ්ජා වෙයල්ලා (නදී)
එතකොට චන්ද මදි උන නිසා නෙමේද පැරදුනේ? (නදී)
බැඳලා මාස තුනක් වත් කසාදය පවතින්නේ නැහැ කියල නැකත් ගුරා ලා කියපු මගේ ඥාති අක්කා කෙනෙක් තනි තීරණෙන් බැඳලා දැන් අවුරුදු 20 ක් තිස්සේ සතුටින් පවුල් ජීවිතය ගෙවනවා. (නදී)
කේන්ද්‍රය බොරු නෙමෙයි. නමුත් දැන් ඉන්න බොහෝ දෙනෙක් ඒක බලලා හරියට කියන්න දන්නේ නැහැ. අන්න එකයි මේ සේරටම මුල. එත් අපි ඒ කේන්දරේ හරි උනත් වැරදි උනත් ඒක ඔලුව උඩ තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ.(දිල්)
හොඳම අනාවැකි කිව්වේ අපේ බන්දුල පෙරේරා හෙවත් පිවිතුරු යහපාල. මතකද කිව්වා ජනවාරි 9 වැනිදා එයා නව සඳ බලනව කියල. (දිල්)
තව අවුරුදු දෙකක් ඉන්න තිබුණ එකනේ ඔය නැතිකර ගත්තෙ.... (නි)
විමල් , එස් බි ගේ බෙලෙක් කටවල් දෙක සෙනසුරුයි රාහුයි වෙන්ට ඇත්තේ (අ)
තව අවුරුදු දෙකක් ඉන්න තිබුනා.අපිට එතුමාව නැති වුණේ මේ වැරදි තීරණය නිසයි. දින100 කෙසේවෙතත් දින 14 යන්න කලින් ගන්න තීරණ නිසා හෙට ගැන විශ්වාස නැහැ. (නි)
සර්වජන ඡන්ද බලය ඔය හැම බලයකටම යටයි කියල, හැම නායකයෙක්ම තේරුම් ගත්තොත් හොදයි.(දිල්)
මහින්ද මහතා පැරදුනේ රටේ උහුලන්න බැරි බදු බර හේතුවෙන් ඉහළ ගිය බඩු මිල නිසා සහ හැමෝටම සාධාරණ නීතියක් නොතිබුන නිසා. (දිල්)
තමන් කරන දේ තමයි තමන්ගේ පසු පස එන්නේ. මේකට තමයි දිවිය කියන්නේ. එ්ක කාටවත් වෙනස් කරන්න බැහැ කවදාකවත්ම. තමන් වපුරපු ඒවා කවද හරි නෙලන්න සිද්ද වෙනවා. මේවා දැන් ඉන්න අයටත් හොඳ පාඩම් (නදී)
මේ මිනිස්සු මාධ්‍යයෙන් බොරු කියලා අහුවුනහම කියපුදේ කණපිට ගහල දිගටම මාධ්‍ය වලින් කතා කරන හැටි මිනිස්සුන්ට නොතේරීම පුදුමයි (දිල්)
ඔය සාස්තර කාරයොයි, විශ්ව විද්‍යාල සමීක්ෂන කාරයොයි තමයි මහින්ද මහත්තයව ඔය තත්ත්වයට පත් කළේ. පෙර රජවරු රාත්‍රී සංචාරය කරලා රටේ තොරතුරු සොයා බලා ඊට පිළියම් යෙදුවලු. වර්තමානයේ වගේ සුදුවෑන් ඒ කාලේ තිබිල නෑ (නදී)
වීරයින්ට නිසි තැන දෙන්න තිබුණා .නීතීය හරියට ක්‍රියාත්මක කරලා නිසි විදිහට රට පාලනය කළා නම් මෙවැනි පරාජයක් අත් වෙන්නෙ නෑ (දිල්)
ඔහුගේ පරාජයට ප්‍රධාන හේතුව උතුර නැගෙනහිර බෙදුම්වාදී ඡන්ද මේක සාමාන්‍ය කෙනෙකුට උනත් තේරෙනවා.(දිල්)
කේන්ද්‍ර කියන්නේ පට්ට පල බොරු බුදු හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළ එක දෙයක් (අ)
හිටපු ජනාදිපතිගේ කේන්දරේ බලන වෙලාවේ රටේ මිනිස්සුන්ගේ ග්‍රහචාරය බැලුවා නම් සමීක්ෂන ආචාර්යවරු,මහාචාර්යවරු සාමාන්‍ය මිනිස්සුන්ගේ එදාවේල, ජීවන තොරතුරු හොයලා ඒ විස්තරේ ජනාදිපතිට දුන්නා නම් මෛත්‍රී මහත්තයාට නිතරඟයෙන් දිනන්ඩ ඉඩදේවි. එහෙම උනානං ඔය කෝටි ගානක සල්ලි මහින්ද මහත්තයා ලඟ ඉතුරුවෙනවා. අයියෝ සල්ලි. (නදී)
මෙන්න මේකයි ඇත්ත තත්වය. එදා 2010 ජනාධිපති මැතිවරනයේ දී සරත් ෆොන්සේකා ජයග්‍රහණය කළා. එම ප්‍රතිඵලය වෙනස් කළේ එදා අරලිය ගහ මන්දිරයේ පවත්වාගෙන ගිය මැතිවරණ කාර්යාලයෙනි. ඒ නිසා තමයි 2010 මැතිවරණයෙන් පසු හිටපු ජනාධිපති ජනතාව ගැන තැකීමකින් තොරව ඔහුගේ සුභ සිද්ධිය පමණක් කල්පනා කළේ. ජනතාව ගැන කල්පනා කළා නම් පසුගිය කාලයේ ආර්ථිකය මෙසේ කඩා වැටෙන්නේ නෑ. (නදී)
රුකී මහත්තයෝ, ඔය බන්දුල පෙරේරා පේන කිව්වට වැඩිය මෙතන ලිව්ව පුහු කතා වලට මහින්ද මහතාගේ ඡන්ද කියක් නැති වුණාද කියල දන්නවද? මෛත්‍රීපාල මහත්මය වෙනුවෙන් තප්පුලන්න ඔය වගේ අම්බරුවන් නොසිටීමත් එතුමාගේ ජයග්‍රහණයට එක හේතුවක් වුණා. දැන්වත් තමන්ට ගැලපෙන වැඩක් (රැකියාවක්) කරන්න බලන්න පාල මහත්තයෝ. මෝඩයාට උගත්කම, ප්‍රඥාව, ටිකක් බර වැඩියි පාල ගොයියෝ!!! (අ)
බන්දුල.. බන්දුල.. කෝ මේ බන්දුල.. (බ)
මහේෂ් පිරිස් ඡන්ද විශ්ලේෂ්කයෙක්ද ? එතකොට අනෙක් ප්‍රදේශ වල ඡන්ද වලට මොකද්ද ඔයා දෙන නම ? රටේ නීතිය අවනීතිය කරලා මිනිස්සුන්ට උහුලගන්න බැරි තරමට ජීවන වියදම් නග්ගලා, රටේ සම්පත් නාස්ති කරලා කරගත්ත වින්නහියට දැන් අනෙක් කෙනාට ලැබුන ඡන්දෙ වැරැද්ද කියනවා. (බ)
මහේෂ්, නිකන් අත තිබුන පළියට විකාර ලියන්න එපා. බලය අපහරණය කරලා , රටේ සම්පත් ගසාකාලා ජනතාවගේ විශ්වාසය නැති කරගත්තා. අපේ මොළය නම් සාමාන්‍යයෙන් ඔලු කට්ට ඇතුළේ තියෙන්නේ. කකුල් දෙකේ නෙමෙයි. (නි)
ඒ විතරක් නෙමෙයි මේ රටවල මාගල්වගේ දිග මුල්ගල්, පුවරු ඇත්තේ නැහැ. විවෘත කිරීම් ඇත්තේ නැහැ (නදී)
ඔහුගේ පරාජයට ප්‍රධාන හේතුව උතුරු නැගෙනහිර බෙදුම්වාදී ඡන්ද කියලයි මම නම් හිතන්නේ (නි)
එතකොට ප්‍රංස පත්තරේ කිව්වනම් ඔක්කොම ඇත්ත මහින්ද මහත්තයා සම්ප්‍රදායිකව සුබ කටයුත්තකට නැකතක් බලනවා මිසක් ඕාව කරේ තියාගෙන විශ්වාස කරන්න තරම් මෝඩයෙක් නම් ජනාධිපතිකමේ දස අවුරුද්දක් සමග මේ දේශාපාලන ජීවිතයේ ආ ගමන් මග එන්න පුළුවන් කියල කට්ටිය හිතනවද? අට ලෝදහම කැරකෙනවා. අද සුබ අනාගතයට..හෙට පිවිතුරු යහපාලනේට. පරිස්සමින් තාම දින100 ගියෙත් නැහැ. (නදී)
මේක ඉල්ලගෙන කෑමක් (නදී)
මම දන්නෙ නැහැ මම මේ මහන්සි වෙල ලියල එවන දේ එසැනෙ අය පලකරයි ද නැද්ද කියලා. මම කියන්නේ මහින්ද මහත්තයා විසින් පත්කරගෙන හිටපු ලේකම්වරු සහ උපදේශක වරු ගණන මහ විශාලයි. ඒ අය අතර තමයි ඔය සාත්තර කාරයොත් ඉන්නේ. (නදී)
ලංකාවේ මේ මත තියෙන්නේ ඉන්දියාව ළඟ නිසයි. ඉන්දියාවත් කවදාවත් දියුණු කරන්න බැහැ.ඇත්තටම බන්දුල පෙරේරා කෝ? (නි)
ලංකාවේ මිනිස්සු නැකත් බලල, බලි තොවිල් නටලා, සුබ නිමිති වලින් වැඩ පටන් ගන්න හැටියට ලෝකේ දියුණුම රට ලංකාව වෙන්න ඕන නේද?(දිල්)
නෑ හොදම අනාවැකිය කිව්වේ දි. මු. ජයරත්න හිටපු අගමැති තුමා . එතුමා තමයි කිව්වෙ පාප් වහන්සේ ලංකාවට එනකොට ලංකාවෙ ඉන්නෙ අලුත් ජනාධිපති වරයෙක් කියලා ..(දිල්)
මහේෂ් පිරිස් ඔය කියපු කතාවට අපිට කියන්න තියෙන්නේ නටන්න බැරි මිනිහාට පොලව ඇදයි කියල තමයි. (අ)
ඡන්ද බෙදුම්වාදීයි. ඒත් ඡන්දෙ දුන්නේ සිංහලෙකුට, බෙදුම්වාදී ඡන්දෙන් ප්‍රතිපල සියලුම ලංකික සාමාන්‍ය ජනයාටයි. ඒක හැමෝම තේරුම් ගත්තොත් හොඳයි (නදී)
මේ සියලු දේ පිටුපස නොකියන මහා බලවේගයක් ඇති බව දැනේ. කොහොම උනත් අපේ රටේ තිබෙන පක්ෂ දෙක කලින් කලට වෙනස් වෙලා බලයට පත් කරන්නේ රටේ ජනතාවම තමා. වෙනසක් දැකීමට නම් අලුත් නායකයෙක් මේ පක්ෂ දෙකටම අයත් නොවන පත්කර ගන්න අවශ්‍ය බව වැඩිකල් නොගොස් තේරේවි. කොහොම උනත් හිටපු ජනපති පැරදුනේ නැත්නම් අලුත් ජනපති එන්නේ කොහොමද ? එනිසා අලුත් ජනපති ඇතළුව එම රජයට හිතැති අය සුමනදාස මහතාට ස්තුති කරන්න (නදී)
ඇයි අර කට හොඳ නැති ඇමති දෙපල ! ඒ දෙන්න වේදිකාවේ එක පාරක් කට ඇරිය ගමන් ඡන්ද දාහක් අඩු වෙනවා. ඔන්න අඩු වුණ විදිය. ! නිකන් උතුරු නැගෙනහිර මිනිස්සුන්ට නොහොබිනා කතා කියන්න එපා . ඡන්දය ඒ මිනිස්සුන්ගේත් අයිතියක්. (අ)
අර දෙන්නගෙන් එක්කෙනෙක් තවමත් බෙරිහන් දෙනවා. අනික් එක්කෙනා තවම අඳින්න වස්ත්‍රයක් සොයනවා. කට හොඳ නැති ඇමතිගොල්ලන් නිසා තමන්ට උන් හිටි තැන නැති වෙනවා කියලා ඔය සාත්තරේට කියවුනේ නැද්ද ? (නදී)
රට රටවල එක එක ඇදහීම් තියෙනවා. ඒවා හරි හෝ වැරදි එම මිනිසුන් කරනවා. අපි ඉන්නේ ආසියාවේ. ලෝක විනාශයක් ගැන අනාවැකි කිවුවේ ආසියානුවන් නොවේ (නි)
බහුතර සිංහල ජනතාව බළලුන් ලවා කොස් ඇට බාවනවට කැමති නැහැ. නමුත් දුෂණය පිටු දකිනවා දුප්පත්කම දරිද්‍රත්වයට වඩා සමහර විට රට ගැන හිතනවා. ද්‍රවිඩ මුස්ලිම් ජනතාව තම ජාතිය ගැන තීන්දු ගන්නවා. ප්‍රතිපලය එය අනුව සිදු උනා (නදී)
මහේෂ් මහත්තයෝ ඔයාල ඒ දිනවල දේශ හිතයිසියෝ. ඔයාල පෙනි හිටපු කට්ටිය දැන් හොරු බවට හෙළි වෙමින් පවතිනවා. ඔයාල දැන් කවුද ? දේශ හිතයිසියෝද ? දේශ ද්‍රෝහියෝද? කබර තලගොයි නියායෙන් නැතුව පැහැදිලි කලොත් ගොඩක් හොඳයි. කෝ දැන් ඔයාලගේ පැරිසියේ තිබුණු මහා ලොකු ශ්‍රී ලාංකික ගල් තොප්පි ජාතිවාදී සංවිධානය ? (නදී)
තමා විශ්වාසයක් නැති අය තමයි සාස්තර කාරයන් පසු පස යන්නේ (අ)
ලෝක වාසීන්ට වඩා හොඳට ලංකාවාසීන මේ බව දන්නවා. නක්ෂත්‍ර වේදියන්ට වඩා හොඳට නැකත හදල දෙන්න පුළුවන් තමා ලගින්ම ඉන්න අයට. හිටපු ජනාදිපති තුමා ලඟට කිට්ටු කරගත්තේ ලෝක හොරු, දුෂකයෝ, කප්පම් කාරයෝ, කුඩු මාෆියා කාරයෝ, එනතොල් කාරයෝ, චන්ඩි හා මිනීමරුවෝ. ආරම්බය එල්ලාවල සිද්දිය, අවසානය ක්‍රිස් නෝනිස් සිද්දිය, රාහු ගෙට ගත්තා. චන්ද්‍රයව පන්නා දැම්මා. පොඩි උදාහරණයක් :- ලේකම් ගියා ලේකම්ව ගත්තා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රවීනයන්ට පල නොකිය පලා බෙදුවා. කළකම් පලදෙන කාලය. වපුරපු හැටියට පලදාව නෙලන කාලය (නදී)