නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු නොකිරීම හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂය පරාජයට පත්වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
නව මැතිවරණ ක්‍රමය ඇති කරන විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අකමැති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව එහයට කැමති බව කියමින් බොරු මැජික් පෙන්වන බව ද ඔහු පැවසීය.
ඉදිරි මහ මැතිවරණයට සහ පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන්ගේ අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ලබන 25 වැනි දා තෙක් දීර්ඝ කළ බව ද, දැනට පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තම කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලේඛණයට අනුමහැතිය ලබා දිය යුතු බව ද ප්‍රියදර්ශන මහතා සඳහන් කළේය.
නව මැතිවරණ ක්‍රමයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 225ක් වීම සුළු පක්ෂවලට දැඩි අසාධාරණයක් බැවින් කැබිනට් මණ්ඩලය අනුමත කළ මැතිවරණ සංශෝධන යෝජනාවලියට සන්ධානය විරුද්ධ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය නැතුව කියන්නකෝ...හැමදාම ජනපති කමේ ඉන්න හදපු නිසා කියල. (බ)
මහින්ද මුස්ලිම් සහ දෙමල ජනතාවට කළ අසාධාරණය නිසා පැරදුනා කියන එක ඇත්ත කතාව. ගෝඨා සමඟ අලුත්ගම කළ අපරාධය සැම මුස්ලිම් කෙනෙක්ම අමතක නොකරති, පසුගිය ජුනි 15 වැනි දින අලුත්ගම නගරයේ පැවත් වූ රැස්වීම මහින්ද නැවැත්වුවා නම් අදත් ජනපති මහින්දයි, (බ)
මහින්ද පැරදුනේ හොරකම, දුෂණය, බීෂණය සහ එ්කාධිපති පාලනය නිසා. එක පිළිගන්න ඔබතුමාලට ලජ්ජද? මොනවා වුණත් එකට දඩයමේ ගිය අයනේ.අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කරන්නේ අයදුම්පත් මදි නිසාද හොද අපේක්ෂකයෝ දැන් ඔය පක්ෂයේ එන්නේ නැති නිසද? (ම)
මොන බොරුද ? මහින්ද පැරදුනේ සුමනදාසගේ සාස්තර පස්සේ ගිය නිසානේ? (ස)
අනේ මහත්තයෝ,ජනාධිපතිවරණයට ඔය මැතිවරණ ක්‍රමයේ බලපෑමක් තිබෙනවද? ඔයාලා වගේ අය හින්දා තමයි ඒ මහත්තයා පැරදුනේ.තමන්ගේ බලය අයුතු විදියට පාවිච්චි කළ එකත් හේතුවුණා. ඔයාලා ඒ මනුස්සයට ඔය තරම් ආදරයක් තිබුනා නම් ඇයි අර සුමනදාසගේ සාස්තරේ අනුව වැඩ කරන්න දුන්නේ? (නි)
මහින්ද පැරදුනේ මේ කී ඔක්කොම කාරණා නිසා කියලයි මම නම් හිතන්නේ. (නි)
මොනවද මේ කියන්නේ ?එයා නැතුව නායකත්වයක් නැද්ද? (නි)
ඔය මහත්තුරු කියන බයිලා තවදුරටත් ජනතාව විශ්වාස කරන්නේ නැහැ. එක්කෙනෙක් ප්‍රකාශයක් කරනකොට අනිත් එක්කෙනා බලාගෙන ඉන්නවා මොනවා කියාවිද කියලා බයේ. ඒ තරමටම මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරුව පැටළෙනවා. ලබන මැතිවරණය වෙනතුරු ඔහොම යමු! (නි)
කවුරු මොනවා කිවුවත් මහින්ද පැරදුනේ මෛත්‍රී මහතා දිනපු නිසානේ. (නි)
මහින්ද රාජපක්ෂ මහතා පරාජයවීමට හේතු ගණනාවක් තිබෙනවා. මෙහි අදහස් දක්වා ඇති මොහමඩ් සහ දයා දක්වා ඇත්තේ එයින් දෙකක් පමණයි. මහින්ද මහතාට ලැබුන ජනවරම භුක්ති විඳලා අවසන්වෙලා නැවතත් ජන වරමක් ලබාගෙන බලයට එනවා වෙනුවට සදාකාලිකව බලයේ ඉන්න බලාගෙන කළ උපක්‍රමය වැරදුනා. ඒ වගේම සියලු දෙනෙක් ටික කලක් රැවැට්ටුවත්, ටික දෙනෙක් සැම කල්හිම රැවැට්ටුවත් , සියලු දෙනාම සැම කල්හිම රවට්ටන්න බැරි බව තේරුම් නොගැනීම තවත් එකක්. තමා සියල්ල දන්නා බෙන්තර ගඟෙන් එහා අයෙකු බැවින් තමා හැර අනෙක් අය මෝඩයන් ලෙස සැළකීම තවත් කාරණයක්. බලය රැකගැනීමට සහ වැඩිකර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදයේ, නීතියේ ,ආගමේ සහ සදාචාරයේ සියලු මුලධර්ම උල්ලංඝනය කිරීම තවත් එකක්. දුෂණය,වංචාව, ඥාති සංග්‍රහය, නියම ශ්‍රී ලංකාකාරයින් කොට අදිද්දී අලුතෙන් පැනපු අය පෙරහරේ ගෙනයාම ඇතුළු තවත් දහසකුත් එකක් දේ මේකට හේතුවුණා (නි)
ප්‍රාදේශීය දේශපාලුවන්ගේ නොහොබිනා ක්‍රියා නිසාද, පාර්ලිමේන්තුවේ සිටි එතනෝල් සම්බන්ධ සහ විවිධ චෝදනාලත් ඇමතිවරුන් නිසාද, විහිලු සපයන ඇමති පුතුන්ගේ අමන වැඩ නිසාද, ඇතැම් සංවිධාන මර්දනය නොකළ නිසාද,නීතිය සැමට සාධාරණ නොවුණේයැයි ජනතාව අතර මතයක් තිබුණු නිසාද ජනතාව මහින්ද රාජපක්ෂ මහතාව 'වෙනස'ක් උදෙසා පරාජය කළෝය. (නි)
සෑම් ඔබ පරාජයට හේතුටික මනාව දැක්වීම ගැන ස්තුතිය්. (ම)
අනේ අපි මේ පැරදුන කෙනා ගැන කතා නොකර ඉමු.. අපිට වෙන වැඩ තියනවා නේ.. පැරදුනාට දුක් වෙන අය ගොඩක් තැන් වල ගොඩක් දේවල් කියල දවල් හීන දකිනවා..(ම)
මහින්දගේ පරාජයට හේතුව අපිත් දන්නවා. (නි)
මහින්දට දෙමළ මිනිසුන්ට සැළකුවේ නැහැ. නමුත් ඡන්දයෙන් දිනන්න කියලා ඉන්දියාවට යනවා පුද පූජා තියන්න. දෙමළ මිනිසුන්ගේ දෙවියන්ට කැමතියි. නමුත් දෙවියොත් අකමැති බව පෙන්නුවා. දැන් පන්සල් වලට යනවා (නි)
සිංහල රටේ සිංහල බහුතර ඡන්දෙන් මහින්ද දිනුම්.එදා විධායක අහෝසිකරලා අගමැති පුටුවට තරග කළා නම් උඩින්ම දිනුම්. (බ)
දැන් ඔය කට්ටියගෙම බොරු කතා ඇති. රට අපරාජිත කරන්නේ නැතුව දැන්වත් බලගතු ආණ්ඩුවක් පිහිටුවන්න. රටේ ලියන්න කියන්න පුළුවන් කට්ටිය 80% විතර වුණාට ගන්න තීරණ ගැන කතාකරලා වැඩක් නැහැ.
මහින්ද මහත්මයා පැරදුනේ යුද්දය දිනපු නිසා. රට ඉතා සිඝ්‍රව සංවධනය කරපු නිසා. 1815 ඉංග්‍රීසි කොඩිය වාරියපොළ සුමංගල හාමුදුරුවෝ බිම දැම්මට පස්සේ බටහිරයන්ට එයාල ඇතිකරපු ත්‍රස්තවාදය නැතිකරනකොට එයාලගේ නියෝජිතයෝ 2009 මැය් මාසේ මුල ඇවිත් එක නවත්වන්න කියනකොට , කොන්ද කෙලින් තියාගන "ඔහෙලා ඔහෙලගෙ වැඩක් බලාගන්න, මේක මගේ රට ඇතුලේ ප්‍රශ්නයක්, අපට අවවාද කරන්න අපි තවදුරටත් ඔහෙලගෙ යටත් විජිතයක් නෙවේ කියපු නිසා. (ම)
සමහරු මහින්ද දිනන්න තිබුන විදිය නොයෙක් ආකාරයෙන් පෙන්වනවා ,දෙවියනට ඇර වෙන කිසිවෙකුටත් මේ දේ කරන්න බැරිය ,අපි කරපු පින් පව් දන්නේ දෙවියෝ පමණයි. (ම)
පොල්ගහට නැග්ග කෙනාටත් හේතුවක් තිබුණලුනේ! (නි)
දැන් ඕවා කිවුවා කියලා වැඩක් තියෙනවද? (නි)
ඇසළ, ඔබ හරියටම හරි. (නි)
ඇතැම් ක්‍රීඩාවලට ලංකාවේ සිටින හොඳම ක්‍රීඩකයන් සිටියේ මෙම පවුලේ පමණක් වූ නිසා, ක්‍රීඩාවට ප්‍රිය බොහෝ අය ද වෙනසක් බලා පොරොත්තු විය. (ම)
පොඩි එකාගේ ආසාවනේ සිතමින් කාර් රේස් ආදී සංදර්ශන මෙන්ම බාලිකා පාසල් වල ට කඩා පැන දැරිවියන්ට නටන්න අඬ ගැසීම් වැනි අවිචාරී ක්‍රියාවන් දරු කැක්කුම ඉස්සර කරගෙන ඉවසීමත් බුද්ධිමතුන්ගේ ඡන්දය අහිමි වීමට හේතු විය. (බ)
අනේ!! අලි ඇතුන්, නැට්ටුවෝ, බෙරකාරයෝ ඇතුළුව පෙරහැර ගිහිල්ලා ඉවරයි.(හේ)
මේ පාරවත් ඡන්දදායකයිනි හිතට ගන්න මොන පක්ෂෙන් ආවත් නළු බට්ටන්ව, නිළියන්ව, රූප සුන්දරියන්ව, ක්‍රීඩකයන්ව හිටපු හමුදා නිලධාරීන්,කුඩු කාරයින්, එතනෝල්කාරයින්, තැබෑරුම්කාරයින්, අයි. ආර්. සී.කාරයන්, උසාවිවල නඩු ඇති පුද්ගලයන් ඉවත්කරන්න. උගත් දැනීමක් ඇති රටට සේවයක් කළ හැකි පුද්ගලයින් පමණක් පත්කරගන්න. (නි)
මාස පහක් තිස්සේ විශ්ලේෂණය කරමින් එක එක ප්‍රකාශ කරනවා. නමුත් ඇත්ත හේතුව කවුරු කවුරුත් දන්නවා වුණාට උගුරට හොරා බෙහෙත් කන බවයි පැහැදිලිවම පෙනෙන්නේ. (නි)
ගුණමකු මිනිස්සු නිසා තමයි එහෙම වුණේ.කුමන්ත්‍රණකාරයින්ට මිනිසුන් රැවටුනා.මුදලට පාවාදුන්නා.(නි)
දැන් ඉතින් ආපස්සට හැරෙන්න බැහැනේ! (නි)
රිස්වාන්, ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත. (නි)
සුරේන්, ඔබට කොන්දක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ.(නි)
ඇසළ, ඔබ හරියටම හරි. අපේ රටේ ඉන්න අයට ඕක තේරෙන්නේ නැති එකනේ කරුමය. (නි)
ප්‍රකාශ් අපි නම් ඔය බෙදපු මෝටර් සයිකල් විදුලි උපකරණ සිල් රෙදි ඔරලෝසු පිගන් සෙට් එකක් වත් ගත්තේ නැහැ. ඒකනේ අපි මෙතන කාටවත් කඩේයන්නේ නැතිව ඉඳලා හිටලා අදහසක් ලියලා කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ.(අ)
මහින්දගේ පරාජයට නිකන් බොරු අර්ථකතන දෙන්න එපා ..කොටින්ම කියතොත් ඔහු රට පාලනය කළේ මුළු රටම රාජපක්ෂ වරුන්ගේ පුද්ගලික බුදලයක් පරිහරණය කරනවා සේයි.ඒවා ලියලා පෙන්වන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ ......නිදසුනක් ලෙස පෙන්න දෙන්න පුළුවන් ඔය ඇප නෙතුව ඉන්න පුද්ගලයා එහි එක ප්‍රතිපලයක් විදියට .....රටේ ජනතාව ඔහුව පරාජය කිරීම ඔහු සහ ඔහුගේ සනුහරය ලද එක්තරා ජයක් කියලයි මම කියන්නේ .එනිසයි මෙහෙම හරි අද පන්සල් වලට හරි බඩගාන්න පුළුවන්කම තිබෙන්නේ ....නිකන් පරාද නොවී රට යටත් කරගෙන හිටියනම් ඔවුන්ට වෙන දෙය ඔවුන්වත් දන්නේ නැහැ (බ)