අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ දේහය ගම්පහ පල්ලියපාරේ නිවසේ තැන්පත් කර තිබියදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ එන්. කේ. ඉලංගකෝන් පොලිස්පති ඇතුළු විශාල පිරිසක් අද (20) අවසන් ගෞරව දැක්වීමට ආහ.
අවසන් ගෞරව දක්වා පිටව යන හිටපු ජනපතිගෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයක දී මළ ගෙදර හා මගුල් ගෙදර හඳුනා ගන්නැයි රාජපක්ෂ මහතා ඔහුට කීවේය. මළ ගෙදරදී දේශපාලන ප්‍රශ්න ඇසීම ගැන හිටපු ජනපති නොසතුට පළ කළේය.
මාධ්‍යවේදියා - ‘ඔබතුමාගෙන් ඉවත් වෙලා ගිය මේවගේ නායකයන්ට ඔබතුමා සමාව දෙනවද? ඔබතුමා ගාවට ආවොත් බාර ගන්නවද?‘
රාජපක්ෂ මහතා - ‘මං හිතන්නේ ඔයා කතා කරන එක වැරදිනේ. මරණෙකට ගරු කරන්න ආවම ඔයාලා දේශපාලන වශයෙන් වෙනත් ප්‍රශ්න අහන එක වැරදියි. ඔයාලා සම්පූර්ණම දේශපාලන කතාවක් ඔය කරන්නේ. ඒ හින්දා කරුණාකරලා මරණ ගෙදර කියන එක තෝරා ගන්න. මගුල් ගෙදර තෝරා ගන්න. දේශාලන වේදිකාව තෝරා ගන්න.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත. (බ)
ඉතින් ඔබතුමා මළගෙදර ගිය එකත් දේශපාලන වාසි වෙනුවෙන් නෙමෙයිද කළේ ? (බ)
නිම්මි, ඔහුට මුළු රටම ණයයි. ඔහුත් මුළු රටටම ණයයි. (නි)
හරියට හරි ලොක්කා (බ)
පහුගිය කාලේ කට හින්ද වෙච්චි දේවල් නිසා දැන් ඉතින් බොහොම පරිස්සමට තමයි කතාව ! (බ)
නියමයි. ඔහොම තමයි කතා කරන්න ඕනෑ (නි)
අනුන්ට ගුරුහරුකම් දුන්නත් තමන් වරද්දා ගත්තා. (බ)
අන්න හරි හිටපු ජනාධිපතිතුමනි, එහෙම තමයි පිළිතුරු දෙන්න ඕනෑ (නි)
මහින්ද මහත්තයා කතාකරන්නේ හදවතිනුයි (නි)
මහින්ද මහත්තයට අපි ස්තුති කරන්න ඕන මේ වගේ ප්‍රකාශයක් මළ ගෙදරකදී කිරීම ගැන. මේ ටිකත් ඒකට එක් කළානම් ඊටත් වඩා හොඳ වෙන්න තිබුණා : ‘මරණ ගෙදර කියන එක තෝරා ගන්න. මගුල් ගෙදර තෝරා ගන්න. දේශාලන වේදිකාව තෝරා ගන්න..... "පන්සල ගෙදර තෝරා ගන්න"....දේශපාලන කතාවක් ඔය කරන්නේ ! (බ)
ලංකාසිරි, මුළු රටත් ඔහු නිසා ලෝකෙටම ණයයි. (නි)
සාමාන්‍යයෙන් මෙතුමාගෙන් යටින් ගාණ කපන කට්ටියක් ඉන්නවා .දෙගොල්ලොම සෙට් වෙලා කලින් කතා කරගෙන තමයි ඕවා අහන්නේ .හැමදාම ඕවගේ කලින් සෙට් වෙලා නාගන්නේ එකම ආයතනවල අය බව අපි කටහඩින්ම අදුරනව (බ)
හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ශ්‍රේෂ්ඨයි. නන්දලාල් නිකන් හෝද හෝදා මඩේ දාන්න හදන්න එපා. අපේ රටේ අවුරුදු සිය දහස් ගණනක ඉඳලා පන්සල් වල දේශපාලනය කතා කළා. ඔබතුමන්ලා වගේ අයට ඒකට අමාරු වුණාට කරන්න දෙයක් නැහැ. (නි)
ඉතිහාසය දන්නා අය දන්නවා අපේ රටත් ජාතියත් ආරක්ෂා කරන්න දේශපාලනික වශයෙන් පන්සලත් සඟරුවනත් කොයිතරම් මෙහෙයක් කළාද කියලා. (නි)
මහින්ද හරියටම හරි. (නි)
පන්සල් ගියාමත් දේශපාලනය කතා කළයුතු නැත. (නි)
නමුත් ඔබතුමා තවමත් පන්සල කියන්නේ මොකක්ද කියලා තේරුම්ගත්ත නැති එක ගැන බෞද්ධ අපි කණගාටු වෙනවා. (නි)
ඒ කොහොමද රාජසිංහ අපේ රට මහින්ද ජනපතිතුමා නිසා ලෝකෙට ණය වෙන්නේ? ප්‍රභාකරන්ව නැතිකරපු එකට ගොඩක් අමාරු ඇති නේද? (නි)
හොඳ වැඩේ තමයි ඒකත් බලනකොට (නි)
බෙන්තර මහේෂ්, මෝඩ කතා කියන්න එපා (නි)
කුමක්දෝ කරුමයකට බොහෝ ලක්වැසියන්ගේ මෂ්තිස්කය පිස්සුවැටී ඇති සැටි? ගුණමකු අදහස් ගණනාවක් මොනවාට පෙනේ. දැනටමත් රටක් ජාතියක් වශයෙන් බියකරු පසුබෑමකට ගොදුරු වී ඇති සැටි ගැනවත් හැඟීමක් දැනීමක් නැති ගානයි. වපුරපු දේ වැඩි වැඩියෙන් නෙළාගන්න ලැබේවි අඩු නැතුවම නුදුරේදීම. (නි)
ඒකනේ. ඕක අහන්න තිබුණේ අභයාරාමයේදී (නි)
ඇත්තනේ බලාගෙන යනකොට (නි)
එතකොට පන්සල? (නි)
පන්සල් වලට ගියාමත් මෙහෙම හිතනවා නම් හොඳයි (නි)
පන්සල අතීතයේ සිටම දේශපාලන බල පෙරළි වලට දායක වුණා. පන්සල නොතිබෙන්න රටකුත් නැහැ. (නි)
වැරදුනේ රටට මිස මහින්ද මැතිඳුන්ට නොවෙයි (නි)
ඇත්තනේ එතුමා කියන්නේ (නි)
රමනි, දන්නේ නැති දේවල් ගැන මෙතන ප්‍රශ්න කළයුතු නැහැ. ඔය වටපිට කවුරුහරි විචාර බුද්ධියක් තියන මධ්‍යස්ථ පුද්ගලයකුගෙන් අහන්න. (නි)
ෆ්‍රෙන්ච් නන්දලාල්, කියන්ඩකෝ බලන්ඩ එහෙම ඉන්නන එක පොලිටිකල් ලීඩර් කෙනෙක් ගේ නමක්, ආසයි දැනගන්ඩ (බ)
පන්සලේ සහ පාසල් උත්සව වලත් එහෙම වෙන්න ඕනේ (බ)
සමහර අයට කොහොම කතා කරත් රිදෙනවා.එතුමා කතා කරන්නේ හරි දේ ,හරි තැනදී. (බ)
නන්දලාල් - ප්‍රංශය මහත්තයො, පන්සල් වල සිට තමයි අපේ රට ජාතිය බේරගන්න අතීතයෙ ඉඳලම දේශපාලය පටන්ගත්තෙ. සටන්වලට නායකත්වය දුන්නෙ. නොදන්නවා වගේ ලියන්න එපා (නි)
2009 න් පස්සේ මහින්ද මැතිතුමා කළ හරි දෙයක්... (නි)
තිලක් - ඩුබායි, හරිම බැති සිතින් පන්සල් යන්න ඇති කලින්. දැන් මහින්ද යන නිසා ඒකත් එපාවෙලාලු . කුහකයෝ කියන්නේ මොවුන්ට තමයි (නි)
මිනිසුන් අහනවා පන්සලේ දේශපාලනය හොඳද කියලා. එතුමා ලංකාවේ ජනාධිපති නොවුණා නම් ඒ සමහරුන්ට පන්සල් තියා නිදහසේ වැසිකිළියකටවත් යන්න ලැබෙන්නේ නැහැ (නි)
රජ කාලේ ඉඳලා පන්සලේ දේශපාලනේ කළා. ඒ සුද්දට විරුද්ධව. ඒ වගේම දුටුැමුණු රජ කාලෙත් පන්සල මුල්වුණ දේශපාලන පසුබිමක් තිබුණා (නි)
එතුමා හැමදාම කළේ නිවැරදි දේ. කතාකළේ හරි දේ. නිවැරදි දේ රටට ජාතියට ආගමට කළේ. අපිට නිදහසේ අඩුමතරමින් මළ ගෙදරකවත් යන්න බැරිවුණා. එතුමා ඒ නිදහස අපිට ලබාදුන්නා. මම එදත් අදත් හෙටත් එතුමාට ගරුකරනවා (නි)
මහින්ද කරපු ලොකුම වරද තමා කෙළෙහිගුණ නොදන්නා ජාතියකගේ ප්‍රශ්න (යුද්ධය) විසඳීම. මහින්දගේ වැරදි තියෙනවා. ඒ වුණාට මේකේ අදහස් දැක්කහම දුක හිතෙනවා අපේ මිනිස්සු ගැන. (නි)
නියමයි! (නි)
පිටිගල,වරද්ද ගත්ත අය කව්ද කියල ළඟදීම තේරෙයි. (බ)
පිටබැද්දර ජයා ඉදිරියේදී ඔබටත් ඔය ටිකම වෙනවා.(බ)
මේ මිනිස්සු ලියා තිබෙන දේවල් බැලුවහම මට නම් පුදුම ලැජ්ජාවක් ඇතිවෙන්නේ සිංහලයෙක් වීම ගැන. කෙළෙහිගුණ නොදන්නා ජාතියක් අපි. (නි)
පිටබැද්දර ජයා අපිනන් දන්නේ වෙල් විදානේගේ කට නිසා රටටම කෙල වුණා කියල..(බ)
එත්කොට පන්සල දේශපාලනය කරන තැනක්ද? (නි)
සම්පූර්ණ ඇත්ත අපි හැමදාම කියන්නෙත් ඕක තමයි. පන්සල් ගියත් ඔය ටිකමයි කරන්න ඕනේ ලොක්ක. (බ)
සිංහල මිනිස්සු මරණෙකදි මඟුලකදි තරහ මරහා හිතේ තියාගෙන ඉන්නෙ නැහැ. මහින්ද මහත්තයා හිටපු කාලෙ කළ සමහර දේවල් මමත් අනුමත කරන්නෙ නැහැ. නමුත් මෙතනදි එතුමා කියපු කතාව හරි. (නි)
මේවට කොමේන්ට්ස් දාන්නේ මැරිලා ඉපදුන අය වගේ. මේ මනුස්සයට මුළු රටම ණයයි (බ)
පන්සල්වල විශේෂ පූජා පවත්වන්නේ මහින්ද වෙනුවෙන් එතැනදී දේශපාලන කතා කිරීම, වැරැද්දක් වෙන්නේ කොහොමද (බ)
දැන් එතුමාට කතාකරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. දුකින් ඉන්න පාටයි (නි)
මරණ ගෙදරදී එපා. හත් දවසේ දානේ දවසේ දේශපාලනය කතා කරමු. එක්කෝ පන්සලේදී වුණත් අවුලක් නැහැ.(අ)
ඒකනේ ඔයාලට තේරෙන්නේ නැද්ද, ඕක අභයාරාමවාදී ප්‍රශ්නයක්නේ (නි)
ඉස්සර ඔහොම අහන්න තියා හිතන්නත් මිනිස්සු බයවෙනවා (නි)
සිකුර ඩේලිමිරරි පත්‍රයේ පළවුණු කාටුනය එක මතක් වුණා(අ)
නියමයි මහත්තයෝ! (නි)
මගේ මවුරටේ මට හිස කෙළින්කොට අභිමානයෙන් ඉන්නට රට බේරාදුන් මහින්ද දෙවියෝ, ඔබ සදා කල් සැරදේවා..! (නි)
දසුන් වහල් මානසිකත්වයෙන් මිදෙන්න බලන්න. රටේ ජනාධිපති කෙනෙකුගේ වගකීමක් තමයි රට ආරක්ෂා කිරීම. රණවිරුවෝත් දිවිපිදුවා. යහපාලනයට පින් සිදුවෙන්න අද එතුමා රට වටේ යනවා. (නි)
මේකේ කොමෙන්ට්ස් කරලා තියන ගොඩක් අයට යුද්ධයක් කියලා දෙයක් තිබුණේ නෑ වගේ කතා කරන්නේ. අපේ රටේ මිනිස්සු ඊයේ රෑ මොනවාද කෑවේ කියලා මතක නැති ජාාතියක්නේ.....(බ)
ජනතාවාදී ජනනායකයකුගේ අව්‍යාජ ප්‍රකාශක් (බ)
පන්සල් ගිහින් දේශපාලනය කතාකරලා අපිට පන්සල් යාමත් එපා කරනවා. (නි)
මහින්ද කියන්නේ ඇත්ත (නි)
ගැමුණු රජතුමාත් පන්සලේදී තමයි පරසතුරන්ගෙන් රට බේරා ගැනීම ආරම්භ කලේ. තෙරපුත්තාබය, සුරනිමල වගේ යෝධයෝ රජුගේ හමුදාවට එකතුවුනේ පන්සලෙන්. ඉතින් රට බේරා ගෙන මේ වගේ නිදහසේ ඉන්න අපිට බිමක් සාදා දුන් මහින්ද මහත්තයට නිගරු කරන ඉතිහාසය වත් නොදන්න අයට ඉදිරියේදී සත්‍ය වැටහේවා . . (හේ)
තව ටිකකලක් ඔහොම යමු. අද බය නැතුව බස් එකේ කෝච්චියේ යන්නේ මහින්ද මහත්තයා, ගෝඨා සහ රණවිරුවෝ නිසා. ළඟදීම ආයෙත් මහින්ද මහත්තයා ඕනෑවෙන්න පුළුවන් ඔය කෙළෙහිගුණ නොදන්නා මිනිසුන්ට (නි)
අද ඊයේ ඉපදුනු අය මොනවා කිව්වත් සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම මෙතුමාට ණයයි. (නි)
"ඔවා දෙනු පරහට.. තමා සම්මතෙහි පිහිටා සිට...“ (නි)
ඇත්ත කියන්නයි, බිම ඉඳගන්නයි සුදුසු තැනේදී පුළුවන්. 2%ක් වගේ පිටබැද්දරලා හිටියත් අවුලක් නැහැ. (නි)
පන්සල් දේශපාලනය ගැන මොකද කියන්නේ? ඒවා දැන් දේශපාලන වේදිකාවල් (නි)
ජයරත්න, කොයි පන්සලේද දේශපාලනය කළේ? බොරුව වපුරන්න එපා. කල් ගිහිල්ලා හරි මහින්ද මහත්තයාට තේරීම ගොඩක් හොඳයි (නි)
මළ ගෙදරක ගියත් වැරදියි... නොගියත් වැරදියි.... අනේ අපේ සිංහලයන්ගේ මානසිකත්වය. (නි)
හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ශ්‍රේෂ්ඨයි. (හේ)
මොහාන්, උවමනාවෙන් බදාගෙන ඔතනම ඉන්නේ නැතුව ඉදිරියට යන්න බලන්න, තමන්ට දරුවන් ඉන්නවා නම් ඔවුන් වෙනුවෙන්වත් (නි)
මොන ප්‍රශ්න තිබුණත් එතුමා මනුස්සකම දන්න කෙනෙක් (නි)