IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මහින්ද පත්තර පාඩමක් කියාදෙයි

අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ දේහය ගම්පහ පල්ලියපාරේ නිවසේ තැන්පත් කර තිබියදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ එන්. කේ. ඉලංගකෝන් පොලිස්පති ඇතුළු විශාල පිරිසක් අද (20) අවසන් ගෞරව දැක්වීමට ආහ.

අවසන් ගෞරව දක්වා පිටව යන හිටපු ජනපතිගෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයක දී මළ ගෙදර හා මගුල් ගෙදර හඳුනා ගන්නැයි රාජපක්ෂ මහතා ඔහුට කීවේය. මළ ගෙදරදී දේශපාලන ප්‍රශ්න ඇසීම ගැන හිටපු ජනපති නොසතුට පළ කළේය.

මාධ්‍යවේදියා - ‘ඔබතුමාගෙන් ඉවත් වෙලා ගිය මේවගේ නායකයන්ට ඔබතුමා සමාව දෙනවද? ඔබතුමා ගාවට ආවොත් බාර ගන්නවද?‘

රාජපක්ෂ මහතා - ‘මං හිතන්නේ ඔයා කතා කරන එක වැරදිනේ. මරණෙකට ගරු කරන්න ආවම ඔයාලා දේශපාලන වශයෙන් වෙනත් ප්‍රශ්න අහන එක වැරදියි. ඔයාලා සම්පූර්ණම දේශපාලන කතාවක් ඔය කරන්නේ. ඒ හින්දා කරුණාකරලා මරණ ගෙදර කියන එක තෝරා ගන්න. මගුල් ගෙදර තෝරා ගන්න. දේශාලන වේදිකාව තෝරා ගන්න.‘



අදහස් (0)

මහින්ද පත්තර පාඩමක් කියාදෙයි

දිනේෂ් Wednesday, 20 January 2016 12:16 PM

සහතික ඇත්ත. (බ)

:       0       0

බෙන්තර මහේෂ් Wednesday, 20 January 2016 12:24 PM

ඉතින් ඔබතුමා මළගෙදර ගිය එකත් දේශපාලන වාසි වෙනුවෙන් නෙමෙයිද කළේ ? (බ)

:       0       0

ලංකාසිරි Wednesday, 20 January 2016 11:39 PM

නිම්මි, ඔහුට මුළු රටම ණයයි. ඔහුත් මුළු රටටම ණයයි. (නි)

:       0       0

කුමාර Wednesday, 20 January 2016 12:29 PM

හරියට හරි ලොක්කා (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 January 2016 12:29 PM

පහුගිය කාලේ කට හින්ද වෙච්චි දේවල් නිසා දැන් ඉතින් බොහොම පරිස්සමට තමයි කතාව ! (බ)

:       0       0

අනිල් Thursday, 21 January 2016 07:33 AM

නියමයි. ඔහොම තමයි කතා කරන්න ඕනෑ (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 20 January 2016 12:25 PM

අනුන්ට ගුරුහරුකම් දුන්නත් තමන් වරද්දා ගත්තා. (බ)

:       0       0

අනිල් බණ්ඩාර Thursday, 21 January 2016 07:35 AM

අන්න හරි හිටපු ජනාධිපතිතුමනි, එහෙම තමයි පිළිතුරු දෙන්න ඕනෑ (නි)

:       0       0

මාලනී Thursday, 21 January 2016 12:28 AM

මහින්ද මහත්තයා කතාකරන්නේ හදවතිනුයි (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 20 January 2016 12:28 PM

මහින්ද මහත්තයට අපි ස්තුති කරන්න ඕන මේ වගේ ප්‍රකාශයක් මළ ගෙදරකදී කිරීම ගැන. මේ ටිකත් ඒකට එක් කළානම් ඊටත් වඩා හොඳ වෙන්න තිබුණා : ‘මරණ ගෙදර කියන එක තෝරා ගන්න. මගුල් ගෙදර තෝරා ගන්න. දේශාලන වේදිකාව තෝරා ගන්න..... "පන්සල ගෙදර තෝරා ගන්න"....දේශපාලන කතාවක් ඔය කරන්නේ ! (බ)

:       0       0

රාජසිංහ Thursday, 21 January 2016 12:46 AM

ලංකාසිරි, මුළු රටත් ඔහු නිසා ලෝකෙටම ණයයි. (නි)

:       0       0

ශිරන්ති Wednesday, 20 January 2016 12:41 PM

සාමාන්‍යයෙන් මෙතුමාගෙන් යටින් ගාණ කපන කට්ටියක් ඉන්නවා .දෙගොල්ලොම සෙට් වෙලා කලින් කතා කරගෙන තමයි ඕවා අහන්නේ .හැමදාම ඕවගේ කලින් සෙට් වෙලා නාගන්නේ එකම ආයතනවල අය බව අපි කටහඩින්ම අදුරනව (බ)

:       0       0

ජයරත්න Wednesday, 20 January 2016 12:52 PM

හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ශ්‍රේෂ්ඨයි. නන්දලාල් නිකන් හෝද හෝදා මඩේ දාන්න හදන්න එපා. අපේ රටේ අවුරුදු සිය දහස් ගණනක ඉඳලා පන්සල් වල දේශපාලනය කතා කළා. ඔබතුමන්ලා වගේ අයට ඒකට අමාරු වුණාට කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

නජීව Thursday, 21 January 2016 07:54 AM

ඉතිහාසය දන්නා අය දන්නවා අපේ රටත් ජාතියත් ආරක්ෂා කරන්න දේශපාලනික වශයෙන් පන්සලත් සඟරුවනත් කොයිතරම් මෙහෙයක් කළාද කියලා. (නි)

:       0       0

ඇල්ප්‍රඩ් Wednesday, 20 January 2016 12:53 PM

මහින්ද හරියටම හරි. (නි)

:       0       0

ලොකුලියන Thursday, 21 January 2016 01:04 AM

පන්සල් ගියාමත් දේශපාලනය කතා කළයුතු නැත. (නි)

:       0       0

ඉන්දික Wednesday, 20 January 2016 12:54 PM

නමුත් ඔබතුමා තවමත් පන්සල කියන්නේ මොකක්ද කියලා තේරුම්ගත්ත නැති එක ගැන බෞද්ධ අපි කණගාටු වෙනවා. (නි)

:       0       0

රමණි Thursday, 21 January 2016 01:06 AM

ඒ කොහොමද රාජසිංහ අපේ රට මහින්ද ජනපතිතුමා නිසා ලෝකෙට ණය වෙන්නේ? ප්‍රභාකරන්ව නැතිකරපු එකට ගොඩක් අමාරු ඇති නේද? (නි)

:       0       0

සහන Wednesday, 20 January 2016 12:50 PM

හොඳ වැඩේ තමයි ඒකත් බලනකොට (නි)

:       0       0

විකී Thursday, 21 January 2016 01:11 AM

බෙන්තර මහේෂ්, මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

චන්දා Thursday, 21 January 2016 08:06 AM

කුමක්දෝ කරුමයකට බොහෝ ලක්වැසියන්ගේ මෂ්තිස්කය පිස්සුවැටී ඇති සැටි? ගුණමකු අදහස් ගණනාවක් මොනවාට පෙනේ. දැනටමත් රටක් ජාතියක් වශයෙන් බියකරු පසුබෑමකට ගොදුරු වී ඇති සැටි ගැනවත් හැඟීමක් දැනීමක් නැති ගානයි. වපුරපු දේ වැඩි වැඩියෙන් නෙළාගන්න ලැබේවි අඩු නැතුවම නුදුරේදීම. (නි)

:       0       0

ඉමේෂ් Thursday, 21 January 2016 01:51 AM

ඒකනේ. ඕක අහන්න තිබුණේ අභයාරාමයේදී (නි)

:       0       0

ඇන්ටන් Wednesday, 20 January 2016 01:11 PM

ඇත්තනේ බලාගෙන යනකොට (නි)

:       0       0

විදුරංග විතානගේ Wednesday, 20 January 2016 01:22 PM

එතකොට පන්සල? (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 20 January 2016 01:29 PM

පන්සල් වලට ගියාමත් මෙහෙම හිතනවා නම් හොඳයි (නි)

:       0       0

සොපි Thursday, 21 January 2016 02:07 AM

පන්සල අතීතයේ සිටම දේශපාලන බල පෙරළි වලට දායක වුණා. පන්සල නොතිබෙන්න රටකුත් නැහැ. (නි)

:       0       0

සුජීව Wednesday, 20 January 2016 01:35 PM

වැරදුනේ රටට මිස මහින්ද මැතිඳුන්ට නොවෙයි (නි)

:       0       0

මොරවක Wednesday, 20 January 2016 01:37 PM

ඇත්තනේ එතුමා කියන්නේ (නි)

:       0       0

රොක්සි Thursday, 21 January 2016 02:20 AM

රමනි, දන්නේ නැති දේවල් ගැන මෙතන ප්‍රශ්න කළයුතු නැහැ. ඔය වටපිට කවුරුහරි විචාර බුද්ධියක් තියන මධ්‍යස්ථ පුද්ගලයකුගෙන් අහන්න. (නි)

:       0       0

නාරද Wednesday, 20 January 2016 01:40 PM

ෆ්‍රෙන්ච් නන්දලාල්, කියන්ඩකෝ බලන්ඩ එහෙම ඉන්නන එක පොලිටිකල් ලීඩර් කෙනෙක් ගේ නමක්, ආසයි දැනගන්ඩ (බ)

:       0       0

සංජය Wednesday, 20 January 2016 01:47 PM

පන්සලේ සහ පාසල් උත්සව වලත් එහෙම වෙන්න ඕනේ (බ)

:       0       0

සුමිත්‍ර බස්නායක Wednesday, 20 January 2016 01:50 PM

සමහර අයට කොහොම කතා කරත් රිදෙනවා.එතුමා කතා කරන්නේ හරි දේ ,හරි තැනදී. (බ)

:       0       0

නුවන් Thursday, 21 January 2016 02:58 AM

නන්දලාල් - ප්‍රංශය මහත්තයො, පන්සල් වල සිට තමයි අපේ රට ජාතිය බේරගන්න අතීතයෙ ඉඳලම දේශපාලය පටන්ගත්තෙ. සටන්වලට නායකත්වය දුන්නෙ. නොදන්නවා වගේ ලියන්න එපා (නි)

:       0       0

ගයාන් Thursday, 21 January 2016 02:57 AM

2009 න් පස්සේ මහින්ද මැතිතුමා කළ හරි දෙයක්... (නි)

:       0       0

චමින්ද Thursday, 21 January 2016 03:04 AM

තිලක් - ඩුබායි, හරිම බැති සිතින් පන්සල් යන්න ඇති කලින්. දැන් මහින්ද යන නිසා ඒකත් එපාවෙලාලු . කුහකයෝ කියන්නේ මොවුන්ට තමයි (නි)

:       0       0

බණ්ඩාර Friday, 22 January 2016 05:39 AM

මිනිසුන් අහනවා පන්සලේ දේශපාලනය හොඳද කියලා. එතුමා ලංකාවේ ජනාධිපති නොවුණා නම් ඒ සමහරුන්ට පන්සල් තියා නිදහසේ වැසිකිළියකටවත් යන්න ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

ප්‍රියංකර Thursday, 21 January 2016 03:01 AM

රජ කාලේ ඉඳලා පන්සලේ දේශපාලනේ කළා. ඒ සුද්දට විරුද්ධව. ඒ වගේම දුටුැමුණු රජ කාලෙත් පන්සල මුල්වුණ දේශපාලන පසුබිමක් තිබුණා (නි)

:       0       0

බණ්ඩාර Thursday, 21 January 2016 03:13 AM

එතුමා හැමදාම කළේ නිවැරදි දේ. කතාකළේ හරි දේ. නිවැරදි දේ රටට ජාතියට ආගමට කළේ. අපිට නිදහසේ අඩුමතරමින් මළ ගෙදරකවත් යන්න බැරිවුණා. එතුමා ඒ නිදහස අපිට ලබාදුන්නා. මම එදත් අදත් හෙටත් එතුමාට ගරුකරනවා (නි)

:       0       0

ඇන්ටන් Thursday, 21 January 2016 03:32 AM

මහින්ද කරපු ලොකුම වරද තමා කෙළෙහිගුණ නොදන්නා ජාතියකගේ ප්‍රශ්න (යුද්ධය) විසඳීම. මහින්දගේ වැරදි තියෙනවා. ඒ වුණාට මේකේ අදහස් දැක්කහම දුක හිතෙනවා අපේ මිනිස්සු ගැන. (නි)

:       0       0

වෙලගෙර Thursday, 21 January 2016 03:35 AM

නියමයි! (නි)

:       0       0

මහින්ද සෞදි Wednesday, 20 January 2016 02:26 PM

පිටිගල,වරද්ද ගත්ත අය කව්ද කියල ළඟදීම තේරෙයි. (බ)

:       0       0

මහින්ද සෞදි Wednesday, 20 January 2016 02:30 PM

පිටබැද්දර ජයා ඉදිරියේදී ඔබටත් ඔය ටිකම වෙනවා.(බ)

:       0       0

අසෝක Thursday, 21 January 2016 04:05 AM

මේ මිනිස්සු ලියා තිබෙන දේවල් බැලුවහම මට නම් පුදුම ලැජ්ජාවක් ඇතිවෙන්නේ සිංහලයෙක් වීම ගැන. කෙළෙහිගුණ නොදන්නා ජාතියක් අපි. (නි)

:       0       0

මොහාන් Wednesday, 20 January 2016 03:02 PM

පිටබැද්දර ජයා අපිනන් දන්නේ වෙල් විදානේගේ කට නිසා රටටම කෙල වුණා කියල..(බ)

:       0       0

රොෂාන් Thursday, 21 January 2016 04:22 AM

එත්කොට පන්සල දේශපාලනය කරන තැනක්ද? (නි)

:       0       0

ජෙරමි Wednesday, 20 January 2016 03:21 PM

සම්පූර්ණ ඇත්ත අපි හැමදාම කියන්නෙත් ඕක තමයි. පන්සල් ගියත් ඔය ටිකමයි කරන්න ඕනේ ලොක්ක. (බ)

:       0       0

නුවන් විජේවර්ධන Thursday, 21 January 2016 04:23 AM

සිංහල මිනිස්සු මරණෙකදි මඟුලකදි තරහ මරහා හිතේ තියාගෙන ඉන්නෙ නැහැ. මහින්ද මහත්තයා හිටපු කාලෙ කළ සමහර දේවල් මමත් අනුමත කරන්නෙ නැහැ. නමුත් මෙතනදි එතුමා කියපු කතාව හරි. (නි)

:       0       0

නිම්මි Wednesday, 20 January 2016 03:26 PM

මේවට කොමේන්ට්ස් දාන්නේ මැරිලා ඉපදුන අය වගේ. මේ මනුස්සයට මුළු රටම ණයයි (බ)

:       0       0

දහම් Wednesday, 20 January 2016 03:36 PM

පන්සල්වල විශේෂ පූජා පවත්වන්නේ මහින්ද වෙනුවෙන් එතැනදී දේශපාලන කතා කිරීම, වැරැද්දක් වෙන්නේ කොහොමද (බ)

:       0       0

සරත් Thursday, 21 January 2016 04:42 AM

දැන් එතුමාට කතාකරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. දුකින් ඉන්න පාටයි (නි)

:       0       0

අරැණ Wednesday, 20 January 2016 03:51 PM

මරණ ගෙදරදී එපා. හත් දවසේ දානේ දවසේ දේශපාලනය කතා කරමු. එක්කෝ පන්සලේදී වුණත් අවුලක් නැහැ.(අ)

:       0       0

සුමිත් Thursday, 21 January 2016 04:52 AM

ඒකනේ ඔයාලට තේරෙන්නේ නැද්ද, ඕක අභයාරාමවාදී ප්‍රශ්නයක්නේ (නි)

:       0       0

සහන් Thursday, 21 January 2016 04:54 AM

ඉස්සර ඔහොම අහන්න තියා හිතන්නත් මිනිස්සු බයවෙනවා (නි)

:       0       0

කේ පෙරේරා Wednesday, 20 January 2016 04:00 PM

සිකුර ඩේලිමිරරි පත්‍රයේ පළවුණු කාටුනය එක මතක් වුණා(අ)

:       0       0

චතුර Thursday, 21 January 2016 04:58 AM

නියමයි මහත්තයෝ! (නි)

:       0       0

දසුන් Wednesday, 20 January 2016 04:24 PM

මගේ මවුරටේ මට හිස කෙළින්කොට අභිමානයෙන් ඉන්නට රට බේරාදුන් මහින්ද දෙවියෝ, ඔබ සදා කල් සැරදේවා..! (නි)

:       0       0

පද්මිණී Thursday, 21 January 2016 05:03 AM

දසුන් වහල් මානසිකත්වයෙන් මිදෙන්න බලන්න. රටේ ජනාධිපති කෙනෙකුගේ වගකීමක් තමයි රට ආරක්ෂා කිරීම. රණවිරුවෝත් දිවිපිදුවා. යහපාලනයට පින් සිදුවෙන්න අද එතුමා රට වටේ යනවා. (නි)

:       0       0

රුවන්ත Thursday, 21 January 2016 05:22 AM

මේකේ කොමෙන්ට්ස් කරලා තියන ගොඩක් අයට යුද්ධයක් කියලා දෙයක් තිබුණේ නෑ වගේ කතා කරන්නේ. අපේ රටේ මිනිස්සු ඊයේ රෑ මොනවාද කෑවේ කියලා මතක නැති ජාාතියක්නේ.....(බ)

:       0       0

තිලංක ප්‍රනාන්දු Thursday, 21 January 2016 05:33 AM

ජනතාවාදී ජනනායකයකුගේ අව්‍යාජ ප්‍රකාශක් (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 20 January 2016 04:52 PM

පන්සල් ගිහින් දේශපාලනය කතාකරලා අපිට පන්සල් යාමත් එපා කරනවා. (නි)

:       0       0

ඉරන්ත Wednesday, 20 January 2016 05:37 PM

මහින්ද කියන්නේ ඇත්ත (නි)

:       0       0

රූපසිංහ Thursday, 21 January 2016 06:12 AM

ගැමුණු රජතුමාත් පන්සලේදී තමයි පරසතුරන්ගෙන් රට බේරා ගැනීම ආරම්භ කලේ. තෙරපුත්තාබය, සුරනිමල වගේ යෝධයෝ රජුගේ හමුදාවට එකතුවුනේ පන්සලෙන්. ඉතින් රට බේරා ගෙන මේ වගේ නිදහසේ ඉන්න අපිට බිමක් සාදා දුන් මහින්ද මහත්තයට නිගරු කරන ඉතිහාසය වත් නොදන්න අයට ඉදිරියේදී සත්‍ය වැටහේවා . . (හේ)

:       0       0

සෙනරත් Wednesday, 20 January 2016 05:46 PM

තව ටිකකලක් ඔහොම යමු. අද බය නැතුව බස් එකේ කෝච්චියේ යන්නේ මහින්ද මහත්තයා, ගෝඨා සහ රණවිරුවෝ නිසා. ළඟදීම ආයෙත් මහින්ද මහත්තයා ඕනෑවෙන්න පුළුවන් ඔය කෙළෙහිගුණ නොදන්නා මිනිසුන්ට (නි)

:       0       0

ජගත් Wednesday, 20 January 2016 06:04 PM

අද ඊයේ ඉපදුනු අය මොනවා කිව්වත් සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම මෙතුමාට ණයයි. (නි)

:       0       0

කරුණාපාල Wednesday, 20 January 2016 07:08 PM

"ඔවා දෙනු පරහට.. තමා සම්මතෙහි පිහිටා සිට...“ (නි)

:       0       0

මහින්ද සෞදි Thursday, 21 January 2016 06:23 AM

ඇත්ත කියන්නයි, බිම ඉඳගන්නයි සුදුසු තැනේදී පුළුවන්. 2%ක් වගේ පිටබැද්දරලා හිටියත් අවුලක් නැහැ. (නි)

:       0       0

වසන්ත Wednesday, 20 January 2016 08:23 PM

පන්සල් දේශපාලනය ගැන මොකද කියන්නේ? ඒවා දැන් දේශපාලන වේදිකාවල් (නි)

:       0       0

චන්දන Thursday, 21 January 2016 06:32 AM

ජයරත්න, කොයි පන්සලේද දේශපාලනය කළේ? බොරුව වපුරන්න එපා. කල් ගිහිල්ලා හරි මහින්ද මහත්තයාට තේරීම ගොඩක් හොඳයි (නි)

:       0       0

අබය Wednesday, 20 January 2016 09:10 PM

මළ ගෙදරක ගියත් වැරදියි... නොගියත් වැරදියි.... අනේ අපේ සිංහලයන්ගේ මානසිකත්වය. (නි)

:       0       0

වසන්ත Thursday, 21 January 2016 06:45 AM

හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ශ්‍රේෂ්ඨයි. (හේ)

:       0       0

ජනරංජන Wednesday, 20 January 2016 10:07 PM

මොහාන්, උවමනාවෙන් බදාගෙන ඔතනම ඉන්නේ නැතුව ඉදිරියට යන්න බලන්න, තමන්ට දරුවන් ඉන්නවා නම් ඔවුන් වෙනුවෙන්වත් (නි)

:       0       0

ජනහිත Wednesday, 20 January 2016 11:10 PM

මොන ප්‍රශ්න තිබුණත් එතුමා මනුස්සකම දන්න කෙනෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site