‘මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමග මෛත්‍රීපාල සිරිසේන ජනපති එකතු වී දේශපාලන වශයෙන් කිසිම විටක දීග කන්නේ නැහැ. එය මට ඉර හඳ වගේ විශ්වාසයි. ඒවගේම ජනපති සහ රනිල් වික්‍රමසිංහ අගමැති අතර බැඳීමත් කිසි දිනක කැඩෙන්නේ නැහැ.‘ යැයි ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (01) බදුල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
‘අපි දැන් මහින්ද මහත්තයාට සැහැල්ලුවෙන් ගමන් කරන්න අවස්ථාව දී තිබෙනවා. අපි වෛර කළේ නෑ. මහින්ද මහත්තයාට අපි සැප පහසුකම් දුන්නා.
අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විඳින ප්‍රශ්න එදා අපි වින්දා. මහින්ද මහත්තයාගේ රැස්වීම්වල සෙනඟ පෙන්වන්න පුළුවන්. ඒත් ඡන්දය ලැබෙන්නේ නෑ. මහින්ද කවදාවත් දිනන්නේ නෑ. මෛත්‍රීපාල ජනපති කුණු ගොඩට අසුවී කුණු බක්කිය ඔළුවේ දාගන්න නායකයෙක් නොවයි.
මහින්ද මහත්තයා කට නිසා අයෙත් නහින්න යන්නේ. දේශපාලන වශයෙන් චණ්ඩියෙක් වෙන්නයි හදන්නේ.‘
(වීඩියෝ ප්‍රසන්න පද්මසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ බදුල්ලත් උෟවත් දෙකම දිනනවා. අපි ඔබ සමගයි. (බ)
කමල් කියන්නේ ඇත්ත. රටට ජාතියට ආදරයක් ඇති කෙනෙක් මහින්ද. ජාතික හැගීමෙන් කටයුතු කරපු නිසයි අපිට අද රටක් ඉතුරු වුනේ (බ)
ජනමතයට ඉඩ දෙමු (නදී)
දැන් බය වෙලා වගේ කට්ටිය හොඳටම (නදී)
අපි ඡන්දෙ දුන්නා වගේම අපි වගේම 58 ලක්ෂයක් මිනිස්සු ඡන්දෙ දුන්නේ මහින්ද මහත්තයට.නැතුව මෛත්‍රී මහත්තයට නෙමෙයි.එයාට ඡන්දෙ දීපු ඔයාලා එයත් එක්ක ගනුදෙනු බේරාගන්න. අපි මහින්ද මහත්තයත් එක්ක ගනුදෙනු බේරාගන්නම්.අපේ ගනුදෙනු වලට මැදිහත් වෙන්න තීන්දු තීරණ ගන්න මෛත්‍රී මහත්තයට බැහැ. (නි)
මොනතරම් දුකක් විඳලද එදා අපි දිනුවේ? නැවත අපි ඒ යුගයට යන්නේ නැහැ. (නි)
මහින්ද නොහිටින්න ලංකාව ලෝක සිතියමෙන් අයින් කරලා ගොඩක් කල්. (නදී)
මේ සමහරු කට නිසා නහිනවා විතරක් නොවෙයි, යන යන තැන ගුටිත් ඇනගන්නවා. හරියට දෙකේ පන්තියෙ ළපටි ළදරුවෝ වගේ. (නි)
ලාල් ඉපදිලා තියෙන්නේ 2010 වෙන්න ඕනේ (නදී)
කාටත් වෙන්නේ ඒකම තමයි (නදී)
මහින්ද නොහිටින්න අඩි 6 ක් යට ඉන්න තිබුනා. (නදී)
සමහරුන්ට මහින්ද කියන්නේ මහ බ්‍රහ්මය කියල හිතාගෙන ඉන්නේ. ලෝකේ නැති විදුලි පුටුවට බය නැති මිනිහා ලංකාවේ අල්ලස් කොමිසමට බයයි (නදී)
රටට ජාතියට ආදරේ නොවේ , පවුලේ වැඩිම වෙනුවෙන් මහින්ද වැඩ කලේ (නදී)
ජනතාව තීරණය කරලා ඉවරයි මහින්දව මහ මැතිවරණයෙන් පස්සේ ගෙදරම තියන්න. මේ සැරේ ඔරලෝසු සාරි පෝන් බෙදන්න මහින්දට හම්බුවෙන්න නැති හින්දා ගොඩක් අයගේ ඡන්ද එයාට හම්බ වෙන්නේ නැහැ. ඇයි සිල් රෙදි. අනේ අපේ සල්ලි අපිටම බෙදුවනේ (නදී)
මහින්දට ජය වේවා (නදී)
අපි චන්දෙ දුන්නේ අපි වගේම 58 ලක්ෂයක් මිනිස්සු චන්දෙ දුන්නේ මහින්ද මහත්තයට..නැතුව මයිත්‍රී මහත්තයට නෙමෙයි..එයාට චන්දෙ දීපු ඔයාල එයත් එක්ක ගනු දෙනු බේරා ගන්න.. අපි මහින්ද මහත්තයත් එක්ක ගනු දෙනු බේරා ගන්නම්..අපේ ගනු දෙනු වලට මැදිහත් වෙන්න තීන්දු තීරණ ගන්න මයිත්‍රී මහත්තයට බැහැ. (නදී)
කට්ටිය බයවෙලා.(නදී)
හරීන් මහත්තයෝ,පරිස්සමින්! (නි)
හරින් මහා ඇමතිතුමනි, ඔය ඉන්න පුටුවත් නැතිවෙයි. වැඩිය සද්ද දාන්න එපා (නි)
ඒක ජනතාව තීරණය කරයි. ඔබ තුමන්ලා හොර ඡන්ද දාන්නේ නැතුව ඉන්නකෝ (නදී)
මහින්ද මහත්තයා නහිනවද නැද්ද කියලා ජනතාව තීරණය කරයි.(හේ)
අපේ ජනාධිපති තුමා මහින්ද මහත්තයාට නාම යෝජනා දෙන්නේ නෑ.ඒක අපිට ඉර හඳ වගේ විශ්වාසයි.(හේ)
හරීන් මහත්තයා කියන කතාව ඇත්ත.(හේ)
මහින්ද මහත්තයා දැන් විවේක ගන්න ඕනේ කාලයයි මේ.(හේ)
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශ්‍රාම ගිය ජනාධිපති වරයෙකුට දිය යුතු පහසුකම් සදහන් කර තිබෙනවා. ඒවා ලබා දිය යුතු අයට සියළු අයට දිය යුතුයි. නැතිව අනුකම්පාවට නෙවෙයි. (හේ)
රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශ්‍රාම ගිය ජනාධිපති වරයෙකුට දිය යුතු පහසුකම් සදහන් කර තිබෙනව. ඒව ලබා දිය යුතු අයට සියලු අයට දිය යුතුයි. නැතිව අනුකම්පාවට නෙවෙයි.(බ)
අවුරුදු 30 ගණනක් තිබුන සිරිසේන මහින්ද බැම්ම හදිසියේම කැඩිලා ගියානම් දවස් 160 සිරිසේන රනිල් බැම්ම ගැන මොන කතාද? හරින හොඳ හැටි බයවෙලා තියෙන බවනම් පේනවා මේ යන විදියට අූඇන්පී අායිමත් බංකොලොත් වෙන නිසා....(බ)
මට නම් මේ හඬ බස්සෙකුගේ හඬක් වගෙයි (නි)
ඔබගේ කට නිසා මොනවා වෙයිද ? (නදී)
ජයවේවා ....(නදී)
සිරිසේන මහින්ද එකතු වුනොත් දේශපාලනයෙන් අයින් වෙනවා කියල කට නිසා නහින්න යන්නේ කවුද කියල අපි දන්නවා.(නදී)
මෙතුමන්ලා භය වෙලා තියෙන තරම මූනෙන්ම පේනවා. අනේ පව්.(නදී)
විජයබාහු දැන්ද නින්දෙන් ඇහැරුනේ ? අැයි ඔයාට 2015 ජනවාරි 9 වෙනිදා ජනතාව තීරණේ කරපු එක අමතකද ? (නදී)
ජනතාව පිටින් දලා මහින්ද අායෙත් දේශපාලනයට එන්නේ රටට ආදරේට ද කියලා දැන් පේනවා හොඳට හරින් කියන කතාව හරියටම හරි (ම)
මහින්ද මහත්තයා 2005 ආවේ නැත්නම්, මෙලහකට කොටි සටන් කරන්නේ උතුරට නෙමෙයි රටේ ඉතුරු ටිකට. ඒ ගෙවුණ කාලය අමතක ඕනෑම ගුණමකුවෙකුට, ඕනෑ දෙයක් ලියන්න පුළුවන්. ඒත් රටේ ගොඩක් මිනිසුන්ට තවම මතකයි එදා සිදුවුණ ඝාතන. යූඑන්පී එක අඩුම තරමේ ඒවා හෙළා දැක්කද? හමුදාවට ගැරහුවා "කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා " කියලා. ඔය ලක්ෂ 62 ගත්තේ මොනතරම් බොරු කියලද? දවස් 200 ට කරපුවා මිනිස්සු දන්නවා. බලාගෙන ඉන්න ඡන්දෙම ලැබේවි. චන්ද්‍රිකා නෝනත් අමතක නොවෙන පාඩමක් මේ සැරේ ඉගෙනගන්නවා (නි)
මෙයා බයවෙලා තියෙන්නේ දැන් දේශපාලනයෙන් සමුගන්න වෙයි කියලා. මොකෝ මහින්ද මෛත්‍රී එකතු වුනොත් දේශපාලනයෙන් සමුගන්නවා කිව්වනේ. (නදී)
හොරු සමහ හෙළුවෙන් (නදී)
අනේ හරීන් මහත්තයා දවස් ගානක ඉඳල ඕකම කිය කියා අඬනවනෙ. පව් අප්පා.(නදී)
මහින්ද නොවේ යු.එන්.පී එක පරාදවෙන්නේ හරීන් කට නිසයි (නදී)
මහින්ද දිනනවා ෂුවර් (නදී)
හරීන් මහත්තයෝ ,කට නිසා නිසා නහින්නේ මහින්ද නෙමෙයි ඔයා .(ම)
ඔබතුමා හරි . මෙයා කුණු බක්කියට වැටුනේ ජනවාරි 8 වෙනිදා , එ්කෙන් ගොඩ එන්න හිතුවට දැන් වැටෙන්න යන්නේ නරා වලකට. මෙයාගේ ආසාවට ඉඩදීලා මෙයාව පාර්ලිමේන්තු යවමු, හැබැයි කොන්දේසි සහිතව .මෙයා කරපු හැම දේකටම නීතිය ඉදිරියට එන්න සුදානම් නම් පමණක් (බ)
මහින්ද මහත්තයාට බනින අය අමතක කරන්න එපා මහින්ද මහත්තයා ජනාධිපතිවරණයේදී අඩු වුනේ ලක්ෂ 4ක් කියන එක.(හේ)
රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කිසිම කෙනෙකුට කැක්කුමක් නෑ.(හේ)
හරීන් ප්‍රනාන්දු ගේ එක කනක් වගේම මොළයත් පොඩියි වගේ මට පෙන්නේ (බ)
2015 ජනවාරි 9 දා 58 ලක්ෂයක් ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්තිය සහ එහි නායකත්වයට. එහි අයිතිය බලෙන් අයිති කරගෙන 58 ලක්ෂයේ නායකත්වය වලදාන්ට හිතන එක විහිළුවක්. ඔය මොන මෛත්‍රී ගැට දැම්මත් සත්‍යට මුහුණ දෙන්ට වෙනවා ළඟදීම. (බ)
නොසෙල්වෙනවා යයි කියූ ගස ටිකක් හෙල්ලිලා වගේ! ජාතික ආණ්ඩු කතාව මිනිසුන්ට දැන් අරහං. දින 100 තුළ ඔයකියන හොර මගඩි වෙලා තියෙන්නේ ජාතික ආණ්ඩුවක් තුළ නම් අපට එය සුදුසු නැත. නව ප්‍රවණතාවට මුහුණ දෙන්නට සන්ධාන ගතවිය යුතුමය. (නි)
ශ්‍රීලනිප නායකත්වය බලෙන්ලු ගත්තේ. කලින් හිටපු සමහරු කියව කියවා ගියේ ශ්‍රීලනිපය ආරම්භ කළේ මැදමුලන වැඩිහිටියන් කියලා. (නි)
මහින්දගේ කෑදරකමට වන්දි ගෙවන්න වෙන්නේ සැබෑ ශ්‍රී ලංකාකාරයන්ට. යුන්පි එකේ වෙලාව හොඳයි (නි)
ප්‍රභාකරනුත් මුලින්ම කිව්වේ ඔහොම තමා. (නි)
එතුමාට අගමැති වෙන්න බෑ .අපරාදේ .මොකද ඔය වටේ ඉන්න හොර නඩෙන් බහුතරය ලබන පාර පරදිනව පාර්ලිමේන්තු යන්නෙ නෑ .ඉතින් මන්ත්‍රීලගේ බහුතර ඡන්දෙන් අගමැති තෝරන විට පැරදිලා ගෙදර ඉන්න අයට ඡන්දෙ දෙන්න බෑනේ .ඕක තමා වෙන්නෙ .නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට ඉන්න වෙනව .ඒක සහතිකයි ජාතික ආණ්ඩුවක් අවොත් සමහර විට ඇමතිකමක් දෙයි (බ)
එ්ක ජනතාවට බාර දෙන්නකෝ. බුද්ධිමත් ජනතාවනි. මහින්ද මහත්තය හැරෙන්න මෙරට ගොඩගැනීමට කවුරුවත් මේ පේනමානයේ නැත. ඔබගේ ඡන්දය බුද්ධිමත්ව කල්පනාකර දෙන්න. නැත්නම් ඊලාම් රටක් බිහිවෙන එක වලක්වන්න බැ. එවිට පරක්කු වැඩිය.දුක්වෙලා වැඩක්ද නැත. හැමදාම දෙපසටවී දේශසීමා වලට මරාගනිවී. මෙය ඉදිරිය හිතන රටට ආදරය ඇති ඔබ සැමට. (බ)
ආ මහින්ද ! දැන්නම් ආයිත් පාරක් හොම්බ රිවෙට් වෙලා යන්න. එන්නකෝ එන්නකෝ අපිත් බලාගෙන ඉන්නේ. ලක්ෂ 62 ක් මිනිස්සු මහින්දට විරුද්දව ඡන්දෙ දුන්න කියල ලැජ්ජාවක්වත් නැති හැටි !(බ)
රොහාන් ඒ තීරණේ මිනිස්සු වෙනස් කරලා දැන් ගොඩක් කල් ඔයා තාම එ්කේද ඉන්නේ .(බ)
තිස්වෙනි පරාජයට ලකලැහැස්ති වුනොත් හොඳයි වගේ (බ)
කවුරු මොනවා කීවත් මහින්ද දිනන්නෑ (බ)
මම මේක අහන්නේ උඩ කොමෙන්ට් දමා ඇති ලාල් කියන තැනැත්තාගෙන්. මහින්දව 8 වැනිදා ප්‍රතික්ෂේප වුණා නම් රනිල්ව කි පාරක් ජනතාව එපා කියල තියෙනවද? (බ)
හරින් ඔබ හරියට හරි (බ)
මඩේ හිටෝපු ඉන්න වගේ වෙන්න මෛත්‍රීට වඩා මහින්ද හොද මහින්දගේ අගය දැනේවි මුස්ලිම් අන්තවාදී කල්ලියගෙන් කරදර වෙනකොට (බ)
මෙහෙමත් බයක් (බ)
ඇයි ඔච්චර බය? (නි)
මහින්ද විශ්‍රාම ගියේ නැහැ, පැරදුනා. ඒත් ඒ සියලු පහසුකම් පවතින ආණ්ඩුව දුන්නා. විශ්‍රාමගිය ජනපති කෙනෙකුට මිසක් සිය ධූර කාලයවත් සම්පුර්ණ නොකර පැරදුන නායකයෙකුට එම පහසුකම් ලැබෙන්නේ නැහැ (නි)
නෙලූ, ඔබ හරි (නි)
අනේ අපි මහින්ද මහත්තයා ගැන බලාගන්නම් (නි)
දැනට රටේ තිබෙන වාතාවරණය අනුව සිංහලයන්ට කරන්න වෙලා තියෙන්නෙ මේ රට කෑලි කරන එක වළක්වා බුදුසසුණ රැක ගැනීමයි. ඒක කරන්න පුළුවන් සුදුසු එකම කෙනා මහින්ද විතරයි. එයාගෙ වැරදි නොතිබුනා නොවෙයි. ඒත් මේක මගේ පෞද්ගලික හැඟීම.ඔව් මහින්ද හම්බකර ගත්තාවෙ.ඒත් අපේ රටේ අනාගත පරපුරට නොබෙදුණු රටකුයි, සිංහලකමයි බෞද්ධාගමයි,මේක තාමත් බෞද්ධ රටක් බවයි බය නැතුව කියන්න ඉතුරු කරාවි.මට ඒ ඇති. (නි)
ඔයාලත් පම්පෝරි ගැහුවට කරපු දෙයක් නැහැනේ! (නි)
අනේ ඉතින් අනුන්ගේ කටවල් ගැන කතාකරන්න කලින් තමන්ගේ කට කොහොමද කියලා බලාගන්නවද? (නි)
කොහොම බැලුවත් මහින්දට බැහැ.ව්‍යවස්ථාවට අනුවත් එයා දැන් විශ්‍රාමිකයි. මේ ඔක්කොම අමතක කළත් ඡන්දදායකයෝ දෙනවා ඊළඟ පාර ඇපත් නැතිවෙන්නම (නි)
නැඟී එන තරුණ දේශපාලකයෙකු ලෙස ඔබ මහින්ද රාජපක්ෂ මහත්මා සමඟ පැටලෙන්නේ නැතුව හිටියොත් ඇඟට ගුණ වග කියන්න ඕනෑ. (නි)