හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එළැඹෙන මහ මැතිවරණය සඳහා නාම යෝජනා අත්සන් කිරීම සම්බන්ධයෙන් විවිධ මතබේද ඇතිවී තිබූ අතර ඒවාට පිළිතුරු සපයමින් සුබ මොහොතින් නාම යෝජනා අත්සන් කළ බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය පවසයි. එම ඡායාරූප අද මාධ්‍යයට නිකුත් කර තිබිණි.
එම අවස්ථාවට සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ, ප්‍රසන්න රණතුංග යන දේශපාලනඥයන් පිරිසක්ද එක්ව සිටි අතර මහින්ද රාජපක්ෂ මහතාගේ සහ හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවල නාම යෝජනා අත්සන් කරන ඡායාරූප පළ කොට ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය නියතය .(අ)
ඔබට ජයවේවා! රටටම ආසිරි උදාවේවා! (නි)