IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘මහින්ද නැතුව ආවොත් මිනිස්සු අපේ පස්සට ගහාවි‘

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික නියෝජිතයෝ අද (20) අනුරාධපුර මහ නගර සභා සංචාරක නිවහනට රැස්වී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ පමණක් ලබන ඡන්දයට ඉදිරිපත්වන බව කියා සිටියහ.

ඔහු නොමැතිව තරග කළහොත් මිනිසුන් අපේ පස්ස පැත්තට ගසා පන්නා දමනු ඇතැයි අනුරාධපුර නගරාධිපති එච්.පී.සෝමදාස මහතා කීවේය.

‘මහින්ද රාජපක්ෂ මහතා නැතිව තරග කළොත් අපි පරාද වෙනවා. ඔහු නැතිව තරගයට ආවොත් දිනන්න බෑ‘

DSC02466 DSC02470DSC02464

 



අදහස් (0)

‘මහින්ද නැතුව ආවොත් මිනිස්සු අපේ පස්සට ගහාවි‘

බෙන්තර මහේෂ් Wednesday, 20 January 2016 06:45 AM

පවු කියල තමයි කියන්නේ තියෙන්නේ (බ)

:       0       0

සිල්වා Wednesday, 20 January 2016 06:47 AM

මොන විකාර කතාවක්ද ? මෛත්‍රී මහත්තය දිනුවේ මහින්දගේ උපකාර ඇතුවද ? පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔය ගොල්ල පැරදුනේ මහින්ද නැති නිසාද ? හැමදාම පරණ නායකයන්ගේ සාටක වල එල්ලිලා ඉන්න එපා , අලුත් නායකයෝ හදාගෙන ඉදිරියට යන්න (බ)

:       0       0

කුමාර Wednesday, 20 January 2016 06:49 AM

ඒක නම් හරියටම හරි. (නි)

:       0       0

ඉන්දික Wednesday, 20 January 2016 06:57 AM

ඔව් ඉතින්, ඉඳලාත් පැරදුන එකේ නැතුව පරදින එක අහන්නත් දෙයක්ද? (නි)

:       0       0

ද සිල්වා Wednesday, 20 January 2016 06:56 AM

තමන්ගේ ධුර කාලයේදී හොර බොරු වංචා නැතුව නගරයේ ජනතාවට සේවය කලානම් කගේ උදවු නැති වුණත් මිනිස්සු ජන්දය දෙවි , එහෙම නොකළ නම් තමා බය වෙන්න ඕනේ . (ම)

:       0       0

ගයාන් Wednesday, 20 January 2016 07:03 AM

ප්‍රේමදාස මහත්තයා ආවේ ජේ.ආර්. එක්කද? අනික වැටිච්ච කට්ටිය ඒ කටින්ම ගොඩ එන්න එපායැ. පව් (නි)

:       0       0

රංජන Wednesday, 20 January 2016 07:04 AM

කොහොමත් මහින්ද ඉඳලත් දිනුවද ගිය අගෝස්තු වලදී? (නි)

:       0       0

සරත් Wednesday, 20 January 2016 07:05 AM

බොරු කියලා ගත් බලය කවුරුත් පිළිකුල් කරනවා. මහින්ද මහත්තයාගේ අගය දැන් කාටත් දැනෙනවා (නි)

:       0       0

සිල්වා බර්ලින් Wednesday, 20 January 2016 12:33 PM

මහින්දට දැන් නගර සභා ඡන්දෙටත් ඉදිරිපත් වෙන්න කියලද මේගොල්ල කියන්නේ ? (බ)

:       0       0

නාරද Wednesday, 20 January 2016 07:05 AM

සරත් හරි, ගොඩක් අයට වහ කන්න හිතිලා තියෙන්නේ. නමුත් ලැජ්ජාවට බොරු කියනවා. යහපාලනය හත්පොළේ නෙමෙයි දහඅට පොළේ ගාගෙන ඉන්නේ (නි)

:       0       0

ශානක Wednesday, 20 January 2016 07:14 AM

මහින්ද එක්ක නෙමෙයි කවුරු එක්ක ආවත් පස්සසට ගහන්න ඕනෑ කෙනාට ගහන්න අපේ කොන්ද පණ තියෙනවා. (නි)

:       0       0

නිරාන් Wednesday, 20 January 2016 07:14 AM

මේ වගේ අය නැති තරමට රටට යහපත් (නි)

:       0       0

මොහාන් Wednesday, 20 January 2016 07:34 AM

මහින්ද මහත්තයා ආවොත් තමා මේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු ගොඩක් දෙනෙකුට නාමයෝජනා ලැබෙන්නේ. මොකද මෛත්‍රී මහත්තයා මේ හිටපු දූෂකයන්ට ඉල්ලන්න දෙන්නේ නැහැ. මේ කට්ටිය කෑ ගහන්නේ තමන්ගේ තනතුර රැකගන්න. (නි)

:       0       0

අසාද් Wednesday, 20 January 2016 07:36 AM

දැන් තිබෙන තත්වයේ හැටියට මහින්ද එක්ක ගියත් පස්සට ගහයි. (නි)

:       0       0

අනුර Wednesday, 20 January 2016 07:30 AM

සරත්, නාරද මහත්වරුනි, යහපාලනයක් උදෙසා ඡන්දය දුන් කිසිවෙක් පසුතැවෙන්නේ නැත. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට ලක්ෂ 62 ක් ඡන්දය දුන්නා මිස, තමන්ගේ බඩ ගැන සිතා දුන්නේ නැත. (නි)

:       0       0

චන්න බුවනෙක Wednesday, 20 January 2016 08:02 AM

ඔබතුමාලා මහින්ද බලයේ සිටි කාලේ හොඳට වැඩ කළා නම් ඔය වගේ දේවල් කියන්න ඕනෑ නැහැ. තමුන්ගේ වැඩේ හරියට කරන්න. ඔක්කොම හරියයි එතකොට. (නි)

:       0       0

ශලිනි Wednesday, 20 January 2016 08:06 AM

අනුර, එයද ප්‍රජාතන්ත්‍රවාදය? යහපාලනයෙන් ඔබට ලැබී ඇත්තේ මොනවද? (නි)

:       0       0

රංග Wednesday, 20 January 2016 08:03 AM

සරත්, නාරද මහත්වරුනි, සිහින වලින් අවදිවන්න දැන්වත්! (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 20 January 2016 08:38 AM

බලෙන් උස්සලා ගෙනාපු නායකයෝ හරියට සුපර් ස්ටාර් ලා වගේ කියලා දැන් තේරෙනවනේ. ජන පදනමක් නැහැ (බ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 20 January 2016 08:44 AM

යහපාලානේ වැරැද්ද නිසා තමයි ඔය හොරු ටික ඔහොම නටන්නේ. මහින්ද එක්ක නොවෙයි කවුරු එක්ක ආවත් හොර තක්කඩින්ගේ පස්සට ගහන්න රටේ ජනතාව මැලි වෙන්නේ නැහැ. (බ)

:       0       0

ප්‍රදීප් Wednesday, 20 January 2016 08:39 AM

තාම කල් මදි යහපාලනය ගැන කතා කරන්න. මොකද දැන් රටේ බෝම්බ පුපුරන්නේ නැහැ නේ .....තව අවුරුදු 3 විතර බලල හොද නැෝනම් මාරු කරමු (බ)

:       0       0

සරත් සෞදි Wednesday, 20 January 2016 09:26 AM

රංග මහත්තයෝ මටත් කියන්න තියෙන්නේ දැන්වත් අවදි වෙන්න ඇති නිදා ගත්ත (බ)

:       0       0

දහම් Wednesday, 20 January 2016 09:43 AM

මහත්වරුනි, ඇත්ත දකින්න. සෝබිත හාමුදුරුවොත් අන්තිමට කිව්වේ, 'අපිට වැරදුනා මහත්තයෝ' කියල. දැන් මුළු රටන්ම අවුල්. එක යූ ඇන් පී එක ඇතුලෙත්, එස්. එල්. එෆ්. පී. එක ඇතුලෙත් කතා වෙන දෙයක්. මහින්දට යන යන තැන ජනතාව පිරිලා. ඒ මේ රට පාවා නුදුන් රට බේරා ගත් වීරයා නිසා. ඕකයි ඇත්ත. (බ)

:       0       0

බණ්ඩා Wednesday, 20 January 2016 09:52 AM

යහපාලනය නිසා තමා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව අකුලා ගත්තේ ...පරණ පාලනේ තිබුනානම් යෝජනාව 3 වෙනි වතාවත් පරද වෙලා ලංකාවට ආර්ථික සම්බාධක දානවා (බ)

:       0       0

බණ්ඩා Wednesday, 20 January 2016 09:53 AM

පහුගිය දේක මහින්ද නැති නිසාද පරාද වුණේ ? (බ)

:       0       0

බුද්ධික Wednesday, 20 January 2016 10:33 AM

සිංහල බෞද්ධයා හැමදාමත් පරාදයි. මොකද ඉන්න 75% හතරවටේට බෙදිලා. එක් වෙයව්. අපේ රට අපේ ආගම බේරා ගැනීමට පක්ෂ පාට පුද්ගලයා නැතුව එක් වෙයව්. නැතිනම් තව අවුරුදු 10කින් අපි හැමෝටම කතා කරන්න රටක් නැති වෙයි (බ)

:       0       0

සෙනරත් Wednesday, 20 January 2016 10:28 AM

මේ චන්දෙ මෛත්‍රී මහත්තය නායකත්වය අරගෙන කරනවා කියල පසුගිය දවසේදී කිඋවනේ. කරලා පෙන්නන්න කියන්න. අගෝස්තු ඡන්දෙදි ආසන 96 ගත්තෙත් මහින්ද මහත්තය නිසා තමයි. කකුලෙන් ඇද්දේ නැත්නම් දිනන්න තිබුනා. ටික දිනකින් පෙනේවි බඩ ගැන නොහිත ඡන්දෙ දුන්නද කියල ? (බ)

:       0       0

ඉන්දික Wednesday, 20 January 2016 10:49 AM

යහපාලනය දැන් හත් පලේ නෙමෙයි දහ පලක විතර ගාගෙන තියෙන්නේ . ප්‍රශ්නේ තියෙන්නේ දැන් අන්තිමට ජන්දේ දීපු එකෙක්ව හොයා ගන්න බැහැ. දැන් වැරදිලා කියල දැනගත්තහම කියනවා ''අනේ අපිනම් මුන්ට ජන්දේ දුන්නේ නෑ'' කියලා. (බ)

:       0       0

තිලාන් Wednesday, 20 January 2016 10:48 AM

රංග තවමත් සිහින දකිනව වගේ... ඔහොම්ම නිදාගෙන ඉන්න එතකොට හරි යයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site