අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික නියෝජිතයෝ අද (20) අනුරාධපුර මහ නගර සභා සංචාරක නිවහනට රැස්වී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ පමණක් ලබන ඡන්දයට ඉදිරිපත්වන බව කියා සිටියහ.
ඔහු නොමැතිව තරග කළහොත් මිනිසුන් අපේ පස්ස පැත්තට ගසා පන්නා දමනු ඇතැයි අනුරාධපුර නගරාධිපති එච්.පී.සෝමදාස මහතා කීවේය.
‘මහින්ද රාජපක්ෂ මහතා නැතිව තරග කළොත් අපි පරාද වෙනවා. ඔහු නැතිව තරගයට ආවොත් දිනන්න බෑ‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු කියල තමයි කියන්නේ තියෙන්නේ (බ)
මොන විකාර කතාවක්ද ? මෛත්‍රී මහත්තය දිනුවේ මහින්දගේ උපකාර ඇතුවද ? පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔය ගොල්ල පැරදුනේ මහින්ද නැති නිසාද ? හැමදාම පරණ නායකයන්ගේ සාටක වල එල්ලිලා ඉන්න එපා , අලුත් නායකයෝ හදාගෙන ඉදිරියට යන්න (බ)
ඒක නම් හරියටම හරි. (නි)
ඔව් ඉතින්, ඉඳලාත් පැරදුන එකේ නැතුව පරදින එක අහන්නත් දෙයක්ද? (නි)
තමන්ගේ ධුර කාලයේදී හොර බොරු වංචා නැතුව නගරයේ ජනතාවට සේවය කලානම් කගේ උදවු නැති වුණත් මිනිස්සු ජන්දය දෙවි , එහෙම නොකළ නම් තමා බය වෙන්න ඕනේ . (ම)
ප්‍රේමදාස මහත්තයා ආවේ ජේ.ආර්. එක්කද? අනික වැටිච්ච කට්ටිය ඒ කටින්ම ගොඩ එන්න එපායැ. පව් (නි)
කොහොමත් මහින්ද ඉඳලත් දිනුවද ගිය අගෝස්තු වලදී? (නි)
බොරු කියලා ගත් බලය කවුරුත් පිළිකුල් කරනවා. මහින්ද මහත්තයාගේ අගය දැන් කාටත් දැනෙනවා (නි)
මහින්දට දැන් නගර සභා ඡන්දෙටත් ඉදිරිපත් වෙන්න කියලද මේගොල්ල කියන්නේ ? (බ)
සරත් හරි, ගොඩක් අයට වහ කන්න හිතිලා තියෙන්නේ. නමුත් ලැජ්ජාවට බොරු කියනවා. යහපාලනය හත්පොළේ නෙමෙයි දහඅට පොළේ ගාගෙන ඉන්නේ (නි)
මහින්ද එක්ක නෙමෙයි කවුරු එක්ක ආවත් පස්සසට ගහන්න ඕනෑ කෙනාට ගහන්න අපේ කොන්ද පණ තියෙනවා. (නි)
මේ වගේ අය නැති තරමට රටට යහපත් (නි)
මහින්ද මහත්තයා ආවොත් තමා මේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු ගොඩක් දෙනෙකුට නාමයෝජනා ලැබෙන්නේ. මොකද මෛත්‍රී මහත්තයා මේ හිටපු දූෂකයන්ට ඉල්ලන්න දෙන්නේ නැහැ. මේ කට්ටිය කෑ ගහන්නේ තමන්ගේ තනතුර රැකගන්න. (නි)
දැන් තිබෙන තත්වයේ හැටියට මහින්ද එක්ක ගියත් පස්සට ගහයි. (නි)
සරත්, නාරද මහත්වරුනි, යහපාලනයක් උදෙසා ඡන්දය දුන් කිසිවෙක් පසුතැවෙන්නේ නැත. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට ලක්ෂ 62 ක් ඡන්දය දුන්නා මිස, තමන්ගේ බඩ ගැන සිතා දුන්නේ නැත. (නි)
ඔබතුමාලා මහින්ද බලයේ සිටි කාලේ හොඳට වැඩ කළා නම් ඔය වගේ දේවල් කියන්න ඕනෑ නැහැ. තමුන්ගේ වැඩේ හරියට කරන්න. ඔක්කොම හරියයි එතකොට. (නි)
අනුර, එයද ප්‍රජාතන්ත්‍රවාදය? යහපාලනයෙන් ඔබට ලැබී ඇත්තේ මොනවද? (නි)
සරත්, නාරද මහත්වරුනි, සිහින වලින් අවදිවන්න දැන්වත්! (නි)
බලෙන් උස්සලා ගෙනාපු නායකයෝ හරියට සුපර් ස්ටාර් ලා වගේ කියලා දැන් තේරෙනවනේ. ජන පදනමක් නැහැ (බ)
යහපාලානේ වැරැද්ද නිසා තමයි ඔය හොරු ටික ඔහොම නටන්නේ. මහින්ද එක්ක නොවෙයි කවුරු එක්ක ආවත් හොර තක්කඩින්ගේ පස්සට ගහන්න රටේ ජනතාව මැලි වෙන්නේ නැහැ. (බ)
තාම කල් මදි යහපාලනය ගැන කතා කරන්න. මොකද දැන් රටේ බෝම්බ පුපුරන්නේ නැහැ නේ .....තව අවුරුදු 3 විතර බලල හොද නැෝනම් මාරු කරමු (බ)
රංග මහත්තයෝ මටත් කියන්න තියෙන්නේ දැන්වත් අවදි වෙන්න ඇති නිදා ගත්ත (බ)
මහත්වරුනි, ඇත්ත දකින්න. සෝබිත හාමුදුරුවොත් අන්තිමට කිව්වේ, 'අපිට වැරදුනා මහත්තයෝ' කියල. දැන් මුළු රටන්ම අවුල්. එක යූ ඇන් පී එක ඇතුලෙත්, එස්. එල්. එෆ්. පී. එක ඇතුලෙත් කතා වෙන දෙයක්. මහින්දට යන යන තැන ජනතාව පිරිලා. ඒ මේ රට පාවා නුදුන් රට බේරා ගත් වීරයා නිසා. ඕකයි ඇත්ත. (බ)
යහපාලනය නිසා තමා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව අකුලා ගත්තේ ...පරණ පාලනේ තිබුනානම් යෝජනාව 3 වෙනි වතාවත් පරද වෙලා ලංකාවට ආර්ථික සම්බාධක දානවා (බ)
පහුගිය දේක මහින්ද නැති නිසාද පරාද වුණේ ? (බ)
සිංහල බෞද්ධයා හැමදාමත් පරාදයි. මොකද ඉන්න 75% හතරවටේට බෙදිලා. එක් වෙයව්. අපේ රට අපේ ආගම බේරා ගැනීමට පක්ෂ පාට පුද්ගලයා නැතුව එක් වෙයව්. නැතිනම් තව අවුරුදු 10කින් අපි හැමෝටම කතා කරන්න රටක් නැති වෙයි (බ)
මේ චන්දෙ මෛත්‍රී මහත්තය නායකත්වය අරගෙන කරනවා කියල පසුගිය දවසේදී කිඋවනේ. කරලා පෙන්නන්න කියන්න. අගෝස්තු ඡන්දෙදි ආසන 96 ගත්තෙත් මහින්ද මහත්තය නිසා තමයි. කකුලෙන් ඇද්දේ නැත්නම් දිනන්න තිබුනා. ටික දිනකින් පෙනේවි බඩ ගැන නොහිත ඡන්දෙ දුන්නද කියල ? (බ)
යහපාලනය දැන් හත් පලේ නෙමෙයි දහ පලක විතර ගාගෙන තියෙන්නේ . ප්‍රශ්නේ තියෙන්නේ දැන් අන්තිමට ජන්දේ දීපු එකෙක්ව හොයා ගන්න බැහැ. දැන් වැරදිලා කියල දැනගත්තහම කියනවා ''අනේ අපිනම් මුන්ට ජන්දේ දුන්නේ නෑ'' කියලා. (බ)
රංග තවමත් සිහින දකිනව වගේ... ඔහොම්ම නිදාගෙන ඉන්න එතකොට හරි යයි (බ)